Watch Trailer

The Karate Kid (1984) with Sinhala Subtitles | උත්සහය සහ කැපවීම තුළින් ජයග්‍රහණය කරා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 7වෙනි සබ් එක. මේ වතාවේ නම් රැගෙන ආවේ හැමෝම හොඳට දන්න කියන නිර්මාණයක්. මේ කතාව සිරස ටීවී හා ස්වාධීන රෑපවාහිණී යන නාලිකා ඔස්සෙ කිහිප වතාවක්ම විකාශනය කරා. ඒ නිසා ගොඩ දෙනෙක් මේ කතාව මීට පෙර නරඹලා ඇති. බලපු අයට නම් මතක ඇති මේ කතාව කොච්චර සුපිරි කතාවක්ද කියලා. […]

The Karate Kid (1984)

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 7වෙනි සබ් එක. මේ වතාවේ නම් රැගෙන ආවේ හැමෝම හොඳට දන්න කියන නිර්මාණයක්. මේ කතාව සිරස ටීවී හා ස්වාධීන රෑපවාහිණී යන නාලිකා ඔස්සෙ කිහිප වතාවක්ම විකාශනය කරා. ඒ නිසා ගොඩ දෙනෙක් මේ කතාව මීට පෙර නරඹලා ඇති. බලපු අයට නම් මතක ඇති මේ කතාව කොච්චර සුපිරි කතාවක්ද කියලා. ඉතිං නොබලපු කට්ටයත් ඇති කියලා හිතුන නිසා තමා මට මේ වෙනුවෙන් සබ් එකක් කරන්න හිතුනෙ.

මේ චිත්‍රපටය තිරගත උනේ 1984දි. ටිකක් පරණයි තමා. ඒත් කිසිම පරණ ගතියක් නම් පේන්නෙ නෑ. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ John G.Avidsen විසින්. රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Ralph Macchio,Elisabeth Shue, Noriyuki Morita යන රංගන ශිල්පීන්. මෙය ඉහල වාණිජ සාර්ථකත්වයක් ලැබු චිත්‍රපටයක්. 1984 වර්ෂයේදි වැඩිම ආදායමක් සෙවු චිත්‍රපට අතරින් මෙයට හිමි උනේ 5වෙනි තැන. මේ චිත්‍රපටය ලැබු සාර්ථකත්වය නිසාම මේ චිත්‍රපටය ඇසුරින් තවත් චිත්‍රපට 3ක් නිර්මාණය උනා. එමෙන්ම 2010 වර්ෂයේදි නිකුත් වු  Will Smith විසින් නිෂ්පාදනය කෙරෑ The Karate Kid කියන චිත්‍රපටයට පාදක උනෙත් මේ නිර්මාණයම තමා. මේ චිත්‍රපටය හොඳ IMDB අගයකුත් ලබා තියෙනවා. එම අගය 7.2 ක්. චිත්‍රපටය ගැන කිව්වොතින් නම් මේක කිසිම කම්මැලිකමක් නැති මුල ඉදන් අගටම එකම ගැම්මෙන් නරඹන්න පුළුවන් ගොඩක් ලස්සන කතාවක්. ඒ වගේම මේක වයස් භේදයකින් තොරව ලොකු පොඩි හැමෝටම එක වගේ රස විඳින්න පුළුවන් එකක්.

දැන් මං මේකේ කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. මේ කතාව පටන් ගන්නෙ ඩැනියෙල් ලාරෑසෝ නැමැති පාසල් සිසුවෙක්නේ. ඔහු තම මවත් සමග තමා ජීවත් වෙන ප්‍රදේශය අතහැර ඉතා දුර බැහැර ප්‍රදේශයකට ජීවත් වීමට පැමිණෙනවා. මොහුට සිදුවෙනවා මේ ප්‍රදේශයේ නව පාසලකට ඇතුල් වෙන්න. මොහුට මේ පාසලේ ඉගෙනුම ලබන තවත් සිසුන් කණ්ඩායමකගෙන් නොයෙක් හිරිහැර වලට ලක්වීමට සිදුවෙනවා. මේ අභියෝගයට ඩැනියෙල් මුහුණ දෙන්නෙ කොහොමද කියලා තමා මේ කතාවෙන් නිරෑපණය වෙන්නෙ. මෙහිදි ඩැනියෙල්ට සුවිශේෂි පුද්ගලයකුගෙන් කරාටේ ඉගෙනීට අවස්ථාවක් ලැබෙනවා. ඉතිං ඩැනියෙල් ඒ අභියෝගයට මුහුන දෙන හැටි ඔයාලම චිත්‍රපටය බාන් බලන්න. කලිනුත් කිව්වා වගේ මේක නම් ආයි ආයි බලන්න හිතෙන සුපිරිම බයිස්කෝප් එකක්. ඕගොල්ලො මේක කලින් නරඹලා තිබ්බත් ආයි බලන එකේ කිසිම අවුලක් නෑ. මොකද ඒ තරමටම මේක එපා නොවන නිර්මාණයක්. කොච්චර බැලුවත් ඇති හිතෙන්නෙ නැති එකක්. ඉතිං තවත් උපසිරසක් සමගින් ලඟදිම හම්බවෙමු.

ඔබ සැමට ජයෙන් ජය පතමි!

The Karate Kid (1984) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Karate.Kid.1984.720p.BrRip.x264.BOKUTOX.YIFY

මෙම ලබා දී ඇති සිංහල උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

576 downloadsDownload The.Karate.Kid_.1984.Baiscopelk.com_.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

James DC

Subtitles

576 downloadsDownload Subtitles45 KB

19 comments

  1. Asitha

    tv eke giyath baluwe nane.
    elama thanks

  2. Lahiru Lakmal

    Thanks for sub

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ද.බ්ලැක් අයිකන් ස්ටින්ග්

    එලම මචන් සබට ස්තුතියි

  5. sanka

    Ice Age: Collision Course (2016) HD කොපි ඇවිල්ලා දැන් ගොඩක් දවස් මෙකට සබ් දෙන්නකො

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  7. praneeth madu

    බොහොම ස්තුතියි

  8. NALIN

    Thanks for Subtitle...!
    Please Subtitle for This

    Central Intelligence [2016]
    Kickboxer Vengeance [2016]
    Skiptrace [2016]
    The Secret Life of Pets [2016]
    Tooooooo............

  9. kavinda

    thank you

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Sasindu

    Thanks for sub.

  12. Sadeesh Mendis

    The.Karate.Kid.1984.720p.BrRip.x264.BOKUTOX.YIFY download kara ganna link ekak dannako macho

    1. James DC

      Yifymovies.to කියන සයිට් එකට ගිහින් ෆිල්ම් එකේ නම සර්ච් කරලා ෆිල්ම් එක බාගන්න මචං

  13. gayancgjayasinghe

    thanks bro

  14. akalankagayan

    Thnx.....

  15. damindu

    thanks

  16. Sajeewa

    Thankzzzzz

  17. Vishwa Madusanka Gunarathna

    karate kid part 3 akai next karate kid akai sub denna puluwan nan loku deyak

  18. thusal indeera

    thanks sub ekata