ඔන්න මේ පාරත් අරගෙන එන්නෙ තවත් වෙනස්ම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තටම කියනවා මේ මෙවැනි චිත්‍රපටය ඔය සුපිරි වීරයන්ගෙ එහෙම නැත්තම් ඔය ලොකු පිරිවැයක් දරා නිශ්පාදනය කරන චිත්‍රපටය වඩා තේරුමක් තියෙන ඒවා. එහෙම කරලා හදන හොඳ එව්වත් තියෙනවා හැබැයි.මං මෙහෙම කියන්නෙ මොකද කිව්වොත් කලින් චිත්‍රපටයෙ කෙනෙක් සඳහන් කරලා…

ඔන්න මේ පාරත් අරගෙන එන්නෙ තවත් වෙනස්ම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තටම කියනවා මේ මෙවැනි චිත්‍රපටය ඔය සුපිරි වීරයන්ගෙ එහෙම නැත්තම් ඔය ලොකු පිරිවැයක් දරා නිශ්පාදනය කරන චිත්‍රපටය වඩා තේරුමක් තියෙන ඒවා. එහෙම කරලා හදන හොඳ එව්වත් තියෙනවා හැබැයි.මං මෙහෙම කියන්නෙ මොකද කිව්වොත් කලින් චිත්‍රපටයෙ කෙනෙක් සඳහන් කරලා තිබ්බා ”මෙලෝ රහක් නැහැ” කියලා. කොහොමහරි ඉතිං ඒක එක එක්කෙනාගෙ රසවින්දනය. ඒ නිසා මට ඒකට කිසිවක් කියන්න බැහැ. නමුත් එහෙම පවසන්න කලින් පොඩ්ඩක් චිත්‍රපටය විඳින්න බලන්න. හරි කොහොමහරි මේක 2019 වර්ෂයේ ආපු එකක්. මේ වෙනකොටIMDb 5.9 සහ කුණු තක්කාලි අගය 70% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි අධ්‍යක්ෂණය කරන්නෙ Dan Krauss විසින්. Action l Drama l Thriller යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 27 ක දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි රංගනයෙන් Alexander Skarsgård l Nat Wolff l Jonathan Whitesell l Brian Marc l Adam Long l Rob Morrow දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාවට පැත්තට හැරෙමුකො.
ඇන්ඩි කියන්නෙ කුඩා කාලේ ඉඳලම හමුදාවට බැඳෙන්න ලොකු ආසාවකින් ඉන්න කෙනෙක්. ඒවගේම ඔහුගෙ තාත්තත් මීට පෙර සේවය කරලා තියෙන්නෙ හමුදාවට. හැබැයි ඔහු මේසෙ තමයි ඉඳල තියෙන්නෙ. නමුත් ඇන්ඩි වැටෙන්නෙ කේෂ්ත්‍රයට. කොහොමහරි ඇන්ඩි හමුදාවට බැඳෙනවා. ඔහුගෙ පළවෙනි මෙහෙයුම වෙන්නෙ ඇෆ්ගනිස්ථාන වැසියන් පිරිසක් පරික්ෂා කරන එක. ඒ මොකද කිව්වොත් බිම් බෝම්බ මේ ප්‍රදේශ වට අටවල තියෙනවා. ඉතිං ඔවුන්ගෙ මෙහෙයුම තමයි ඒවා නිර්මාණය කරන කෙනාව හොයාගන්න එක. ඉතිං මේ අවස්ථාවේදී මෙයාලගෙ ස්ටාෆ් සාජන්ට්වරයා මේ බෝම්බෙකට අහුවෙලා මැරෙනවා. පස්සෙ ටික කාලෙකින් තවත් සාජන්ට් වරයෙක් එනවා. නමුත් ඔහු ටිකක් වෙනස් කෙනෙක්. හරියට අමාරුකාරයෙක් වගේ. ඒවගේම තමයි මොවුන්ගෙ කණ්ඩායමේ කට්ටියත් එක්තරා විදියක කට්ටියක්. ඇන්ඩි හමුදාවට බැඳුනට ටිකක් බයයි. මං කිව්වේ මිණිමරන්න වගේ. හැබැයි මෙයා දවසක් දකිනවා නිරායුධ කෙනෙක් මේ කණ්ඩායම විසින් මරණවා. ඒකත් යට ගහනවා. ඉතිං මෙයා ඒකට මොකක් කරයිද? තමන්ගෙම කට්ටිය අල්ල දෙයිද? නැත්තම් අල්ලලා දෙන්න ගිහින් මේ කට්ටියට අහුවෙයිද? අවසානය වෙනකම් බලන්නකො.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
9,169 downloadsDownload The-Kill-Team-2019.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
20 comments
ප්‍රතිභා
Rohanvanderlan
thank u bro hamuda film ekak balanna asaven hitiye
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Lakshan
සබ් එක හොඳයි.
ඒත් ෆිල්ම් එක නම් මෙලෝ රහක් නෑ.
දසිත චාමික
sub ekata thanks! jaya!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
නියමයි සහෝ... ස්තුතියි සිංහල උපසිරැසියට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Baby
Swallow 2019
Don't Let Go 2019
Subtitle Plese!Lakshan
සබ් එක හොඳයි.
ඒත් ෆිල්ම් එක නම් මෙලෝ රහක් නෑ.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Anonymous
thank u
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Pramukmili
Thanx bro........
Malith
thanks bro.oyage sub nam niyami malli.
Manohari
Thank you..
Chamod
The kill plan 2021 movie eke subtitles dannakooo
nilanka1212
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
රවිඳු අයියා දෙනව නම් ඕන එකක් බලනවා මං. ඒ තරමට අයියට තියෙන්නේ එක තැනකට ගොනු වෙච්ච රසක් නෙමේ.