Watch Trailer

The Last Day of Summer (2007) Sinhala Subtitles | ප්‍රාර්ථනාව ඉටු වී නිමා නොවන දිනයක සිර වෙන කොළුගැටයා [සිංහල උපසිරසි සමඟ]

The Last Day of Summer (2007) Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න එහෙනම් අද අරන් ඇවිත් තියෙන්නේ පවුලේ හැමෝටම එකට ඉඳන් රසවිඳින්න පුළුවන් Nickelodeon ලගේ සිනමාපටයක්. දැන් කට්ටිය බයවෙයි, ”මේවා කොහොමද පොඩි ළමයින් එක්ක බලන්නේ” කියලා. බය වෙන්න එපා, මේක එහෙම අවුලක් නෑ. වර්තමාන කාලේ Nickelodeon ලගේ ඒවා තමයි ළ…

The Last Day of Summer (2007) Sinhala SubtitlesThe Last Day of Summer (2007) Sinhala Subtitles

ආයුබෝවන්, ඔන්න එහෙනම් අද අරන් ඇවිත් තියෙන්නේ පවුලේ හැමෝටම එකට ඉඳන් රසවිඳින්න පුළුවන් Nickelodeon ලගේ සිනමාපටයක්. දැන් කට්ටිය බයවෙයි, ”මේවා කොහොමද පොඩි ළමයින් එක්ක බලන්නේ” කියලා. බය වෙන්න එපා, මේක එහෙම අවුලක් නෑ. වර්තමාන කාලේ Nickelodeon ලගේ ඒවා තමයි ළමයින්ට පෙන්නන්න බයවෙන්න ඕනේ. මොකද ඒවා වල වැඩිහිටියන්ට සුදුසු දර්ශන තරමක් වැඩියි මුල් කාලේ ඒවට සාපේක්ෂව. හොඳයි… මේක ඒ මුල් කාලේ එකක්. කිසිම නරක දර්ශනයක් නෑ, බය නැතුව තමන්ගේ දරුවන් එක්කම බලන්න.

කතාව ගැන ඔන්න කෙටියෙන්,

ලූක්, 5 වසරේ ප්‍රාථමික පාසලේ ඉඳන් අලුත් පාසල් වාරෙදි 6 වසරේ ලොකු ඉස්කෝලෙට තවත් එක දවසින් යන්න ඉන්න ළමයෙක්. මෙයා හරියට වද වෙනවා මෙහෙම ප්‍රාථමික පාසලක ඉඳලා ලොකු ඉස්කෝලෙකට යන්න වුණාම මූණ පාන්න වෙන ගැටළු ගැන හිතලා. හරියට පොඩි ඉස්කෝලේ හිටිය සමහර යාළුවෝ ඒ ලොකු ඉස්කෝලේ නෑ, කලින් පරණ යාළුවෝ සේරම එකම පන්තියට නොවැටේවී කියලා වගේ මේ දේවල්. අපිටත් මේවා මේ විදියටම තිබුණා නේද අපේ පොඩි කාලෙදි? ඉතින් මේ ලූක් කල්පනා කරනවා කොහොමද හෙට දවසක් උදා නොවී තියාගෙන අද පාසල් නිවාඩුවේ අවසන් දිනයෙම එක දිගටම ඉන්න විදියක් ගැන. කොහොමහරි කොල්ලගේ මේ වැඩේ සාර්ථක වෙනවා. හැබැයි මේකෙන් මූණ පාන්න වෙන දේවල් නම් ලූක්ට එමටයි.

අපේ මේ කතාවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන ලූක් කියන මේ පොඩි කොල්ලා නම් මේ වෙනකොට ජීවතුන් අතර නෑ. 28ක් වගේ පොඩි වයසකින් එයා මේ ජීවිතයට සමුදීලා තියනවා හදවත් රෝගී තත්ත්වයක් නිසා 🙁

The Last Day of Summer (2007) Sinhala Subtitles

එහෙනම් තවත් මේ වගේම ළමා චිත්‍රපටියකින් නැවත ඉක්මනින්ම හමුවෙන පොරොන්දුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලගේ අදහස් පහළින් දක්වන්න. ඒවා ඇත්තටම ගොඩක් වටිනවා.

 

The Last Day of Summer (2007) Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

773 downloadsDownload The-Last-Day-of-Summer-2007-Sinhala-Subtitles.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Last Day of Summer (2007) Sinhala Subtitles

Subtitles by

UD Shehan

Subtitles

773 downloadsDownload Subtitles44 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ සබට

  2. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro