Raayan (2024) Sinhala Subtitles උසුරේ නී දානේ, නී දානේ… නිළලා උන් කූඩ නානේ… මගේ ජීවිතය නුඹයි, නුඹමයි… සෙවනැල්ලක් සේ නුඹ ළඟින් මමයි… මේ දිගහැරෙන්නේ රායන් පවුලේ කතාව. අම්මා තාත්තා නැති මේ පවුල රැක බලා ගත්තේ වැඩිමලා වුණ කාත්තවරායන්. කාත්තවරායන් කෙටියෙන් රායන් නමින් හඳුන්වනවා. රායන්ගේ මල්ලිලා දෙන්නා මු…

උසුරේ නී දානේ, නී දානේ…
නිළලා උන් කූඩ නානේ…
මගේ ජීවිතය නුඹයි, නුඹමයි…
සෙවනැල්ලක් සේ නුඹ ළඟින් මමයි…
මේ දිගහැරෙන්නේ රායන් පවුලේ කතාව. අම්මා තාත්තා නැති මේ පවුල රැක බලා ගත්තේ වැඩිමලා වුණ කාත්තවරායන්. කාත්තවරායන් කෙටියෙන් රායන් නමින් හඳුන්වනවා. රායන්ගේ මල්ලිලා දෙන්නා මුත්තුවේල්රායන් හා මානික්කරායන්. රායන්ගේ නංගි දුර්ගා. රායන් ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන යනවා. ඒකෙන් ලැබෙන ආදායමින් තමයි එදිනෙදා වියදම් වලට වගේම විද්‍යාලයේ යන මානික්කම්ට වියදම් කරන්නෙත්. මානික්කම් දිනපතාම විද්‍යාලයෙන් එලියට බැහැපු ගමන් කෙලින්ම අයියගේ කඩේට ඇවිත් උදවු කරනවා. මුත්තුවේල්ට රස්සාවක් නැති නිසා අයියගේ කඩේ වැඩ කරන අතරෙදිම අරක්කු බිබී රස්තියාදුවේ යමින් ඉන්නවා. දුර්ගා ඉගෙන ගන්න කැමැත්තක් නැති නිසා ගෙදරට වෙලා ගෙදර වැඩ බලා කියාගෙන ඉන්නවා. මල්ලිලාට, නංගිට ඥාති කමින් රායන් අයියා වුණත් රායන්ගේ පියෙකුගේ ස්ථානයේ ඉඳන් එයාලව බලාගන්න නිසා පියෙකුට වගේ හිතේ ලොකු ගෞරවයක් ලැදිව තිබුණා. රායන්ගේ හැසිරීම පියෙකුගේ වගේ වීමට ලොකු හේතුවක් තියෙනවා. මේ තරම් කාලයක් කොච්චර ප්‍රශ්න, දුක් කරදර තිබුණත් හැමදෙයක්ම වෙනස් වෙන්න ගත්තේ එක තැනකින්. හොඳට ව්‍යාපාරය කරගෙන යන රායන්ගේ ෆාස්ට් ෆුඩ් කඩේ මිලට ගන්න ව්‍යාපාරිකයෙක් මුත්තුවේල්ගෙන් අහනවා. කොච්චර බැහැ කිව්වත් බලපෑම් කරන්න හදපු නිසා මුත්තුවේල් ඒ ව්‍යාපාරිකයාට තුවාල වෙන්නම ගහනවා. මුත්තුවේල් ආවේගශීලී කෙනෙක්. ඉතින් රණ්ඩුවකුත් වෙලා මුත්තුවේල්ට පොලිසියේ ලගින්නත් වුණා. රායන් මල්ලිලා දෙන්නා වගේ රණ්ඩුවට යන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නයක් වලින් ඈත් වෙලා යන ඉවසිලිවන්ත කෙනෙක්. ප්‍රශ්න වලින් ඈත් වෙවී යන රායන්ට, මුත්තුවේල් ගෙනාව පුංචි ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද, මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගනිමු.
තවම චිත්‍රපටිය බැලුවෙ නැති අය මෙතනින් නතර වෙලා පහලට ගිහින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න. බලලා ඉවර වෙලා ආපහු එන්න හිතුනොත් ඒ අය වෙනුවෙන් බලන්න විස්තර ටිකක් එක්ක පත හෑල්ලක් දිග අරින්නම්.
රායන් ධනුෂ්ගේ සිනමා දිවියේ තවත් සන්ධිස්ථානයක් වන ගෝල්ඩන් ජුබිලිය හෙවත් ඔහුගේ 50 වැනි චිත්‍රපටය.(විශේෂ පෙනී සිටීම් හැර) වර්ථමානයේ දකුණු ඉන්දීය සිනමාවේදී සුපිරි තරුවකගේ සිනමා දිවියේ වැදගත්ම අවස්ථාවක් වන 25, 50, 75, 100 සැමරුම් අවස්ථා වලදි ප්‍රේක්ෂකයන්ගේ මනසේ රැඳෙන නිර්මාණ ලබා දෙන්න සමත් වුණේ නළුවන් කිහිප දෙනෙක් විතරයි. අතීතයේදී අද වගේ මේ ලක්ෂය පිළිබඳව ඒ කාලයේ නළුවන් සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ධනුෂ්ගේ 25 වැනි චිත්‍රපටය Velaiilla Pattadhari ආදායම් අතින් වගේම ප්‍රතිචාර වශයෙන්ද සාර්ථක එකක් වුණා. මේ මෑත දිනකදී විජේ සේදුපති තම 50 චිත්‍රපටය ලෙස ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු තෘප්තිමත් වන නිර්මාණයක් ලබා දෙමින් ඉ.රු. කෝටි 100 කඩයිම ඉක්මවූ ආදායමක් උපයා ගත්තා ඔබ දන්නවා ඇති. ධනුෂ්ට ලෙහෙසි ඉලක්කයක් වෙන්නෙ නැහැ මේ වතාවේ. මොකද වෙට්‍රිමාරන් නැහැ, අනිරුද් නැහැ, නිකුත් වෙන්න කලින් වැඩි කතා බහකට ලක් වුණේ නැහැ, ඒ වගේම වැඩිහිටියන්ට පමණක් නිකුත් කළ චිත්‍රපටයක්. දවස් 6 ගත වෙද්දි ඉ.රු. කෝටි 100 පහු කරලා හමාරයි. මේ වෙද්දි 2024 වසරේ ඉහළම ආදායම උපයාගත් චිත්‍රපටය වන්නේද රායන්. තිරගත වී අවසානයේදී ආදායම ඉ.රු. කෝටි 158 ඉක්මවනවා. ඒ වගේම ධනුෂ්ගේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය ද වන්නේ රායන්. සමහරවිට ධනුෂ්ගේ 50 වෙන අධ්‍යක්ෂක වරයෙකුට දුන්නා නම් ප්‍රතිඵලය මේ විදියටම ලැබෙයිද කියන එක සැකයි. කොලිවුඩයේදී ජයග්‍රාහී ලෙසින් මේ 50 වැනි සන්ධිස්ථානය සාර්ථක කරගත් නළුවන් වන අජිත් කුමාර්, විජේ සේදුපති අතරට ධනුෂ්ට ද එක් වෙන්නට මින් හැකි වෙනවා.
මේ රායන් චිත්‍රපටයේ ලේ වැගිරීම් දර්ශන අධික නිසාවෙන් Adults Only සහතිකය ලබා දුන්නා. ධනුෂ්ගේ මුල්ම චිත්‍රපටය වන Thulluvadho Ilamai (2002) සහ Vada Chennai (2018) චිත්‍රපට වලට මීට පෙරදී Adults Only ලෙස සහතිකය ලැබී තිබුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රායන් චිත්‍රපටයේ තිර පිටපත Academy of Motion Picture Arts and Science පුස්ථකාලයට එක් කරගෙන තිබෙනවා. රායන් චිත්‍රපටයේ අනුගාමී චිත්‍රපටයේ(Sequel) මූලික වැඩ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතින බවත් සඳහන් වෙනවා. ඒ චිත්‍රපටයෙන් ප්‍රකාෂ් රාජ්ගේ චරිතයට වඩා වැඩි ඉඩ හසරක් ලැබේවි කියලා හිතනවා.
රායන් නිෂ්පාදනය කරන්නේ සන් පික්චර්ස් විසින්. Thiruchitrambalam (2022) චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ සන් පික්චර්ස් දෙවන වතාවටයි ධනුෂ් සමඟින් එක් වෙන්නේ. ධනුෂ් සමඟින් සන්දීප් කිෂාන්, SJ සූර්යා, ධුෂාරා විජයන්, කාලිදාස් ජයරාම්, සෙල්වරාඝවන්, අපර්ණා බාලමුරලි, ප්‍රකාෂ් රාජ්, සරවණන්, වරලක්ෂ්මි සර්ත්කුමාර්, විද්‍යාදර්ශිනී, ඉලෛවරසු, සෙල් මුරුගන් යනාදි නළු නිළියන් මෙහි චරිත රඟ දක්වනවා.
SJ සූර්යාගේ අමුතු ස්වභාවය, දෙබස් ඉදිරිපත් කරද්දි තිබුණ හාස්‍යජනක ස්වභාවය, කලබලය මුල ඉඳන්ම හිතේ රැඳුණු ලක්ෂණයන්. ඊට පස්සෙ කාලෙක Spyder (2017), Mersal (2017), Maanaadu (2021), Don (2022) වගේ ගොඩක් චිත්‍රපටිවල දුෂ්ඨ චරිතය ඉදිරිපත් කළා. සූර්යාගේ රංගනය දකිද්දි ධනුෂ් එක්ක සූර්යාත් චිත්‍රපටයක රඟපෑවා නම් කියලා මට බොහෝ වාරයක් හිතුනා. කොහොම වුණත් අවුරුද්දකට විතර කලින් ධනුෂ්ගේ අධ්‍යක්ෂණයෙන් සූර්යා රඟපාන්න යනවා කියලා නිළ නොවන ආරංචි මාර්ග වලින් දැන ගනිද්දි කවුරු නැතත් මම ගොඩක් සතුටු වුණා. මීට කලින් ධනුෂ් තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය Pa Pandi (2017) චිත්‍රපටයෙන් පස්සෙ Thenadal Studio Limited සමඟින් දෙවන චිත්‍රපටය නිර්මාණය කිරීමට මුහුරත් පූජාවද තැබුවා. මේ චිත්‍රපටයේ නාගර්ජුනා, අදිති රාඕ, SJ සූර්යා, සරත් කුමාර්, ස්‍රීකාන්ත්(දෙමළ) රඟපෑමට නියමිතව තිබුණා. තලපති විජයිගේ Mersal (2017) චිත්‍රපටයෙන් අනපේක්ෂිත ලෙස දරුණු මූල්‍යමය පාඩුවට ලක් වීම නිසා එම චිත්‍රපටයේ කොටස් කිහිපයක් රූගත කර තිබියදීත් අතහැර දමන්නට සිද්ද වෙනවා. කොහොම හරි ඔන්න “නඩිප්පින් අරකන්(රංගනයේ යක්ෂයා)” සූර්යාට “අසුරන්” ධනුෂ් එක්ක කරට කර රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒත් මගේ ආශාව නම් තෘප්තිමත් වුණේ නැහැ. මොකද බලාපොරොත්තු වුණ තරම් ධනුෂ් හා සූරයා ඝට්ටනයක් රායන් චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නෙ නැති නිසා.
එකළ මතභේදාත්මක සිනමා අධ්‍යක්ෂක වරෙයෙක් වුණ සූර්යා දැන් කොහොම හරි දමිළ, තෙළිඟු සිනමාවන් වළට වඩා අවශ්‍ය නළුවෙක් විදියට ඉහළ තලයක රැඳී ඉන්නවා. ඉදිරියේදී නානිගේ Saripodhaa Sanivaaram, රාම් චරන්ගේ Game Changer, කමල් හාසන්ගේ Indian 3, වික්‍රම්ගේ Veera Dheera Sooran Part 2, කාර්තිගේ Sardar 2, ප්‍රදීප් රංගනාදන්ගේ[Love Today (2022)] Love Insurance Kompany චිත්‍රපට වලින් සූර්‍යාව දැක බලා ගන්න පුළුවන්. නිළ වශයෙන් තහවුරු කරලා නැතත් කවින්ගේ 6 වැනි චිත්‍රපටයට සහ විපින් දාස් අධ්‍යක්ෂණය කරන ෆහද් ෆාසිල්ගේ චිත්‍රපටයටද, සිබි චක්‍රවර්ති අධ්‍යක්ෂණය කරන ශිවකාර්තිකේයන්ගේ 24 වැනි චිත්‍රපටය “Boss” චිත්‍රපටද ඔහුව සම්බන්ධ කරගෙන තිබෙන බවට තොරතුරු පළ වෙනවා.
මෙහි සන්දීප් කිෂාන්ගේ චරිතයට ඉතා යහපත් ප්‍රතිචාර හිමි වුණා. සන්දීප් මීට පෙර Captain Miller චිත්‍රපටයේ විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරමින් ධනුෂ් සමඟ කරට කර රඟපෑවා. Captain Miller චිත්‍රපටයේ දෙවැන්නක් ආවොත් සුන්දීප්ගේ චරිතයට පලවෙනි කොටසට වඩා වැදගත් කමක් ලබා දේවි.
ධනුෂ්ගේ චරිතයට පසුව වැඩිම අගය කිරීමක් ලැබුණේ ධුෂාරා විජයන්ගේ රංගනය වෙනුවෙන්. රායන් හි ප්‍රධාන නිළි චරිතය මවන ඇය අනර්ඝ රංගනයක නියැලෙනවා. චිත්‍රපටය බලද්දි ඔයාලටම තේරේවි. ඇය මීළඟට රජිණිකාන්ත්ගේ Vettaiyan චිත්‍රපටයේ වැදගත් චරිතයක් නිරූපනය කරනවා. මේ වෙද්දි එම චිත්‍රපටයේ හඬ කැවීම් කටයුතු අවසන් වෙමින් තියෙන්නේ. වෙට්ටෛයන් මේ වසරේ ඔක්තෝබර් මාසයේදී තිරගත කිරීමට සූදානමින් ඉන්නවා.
විශ්නු විශාල් රායන්ගේ දෙවැනි මල්ලි මානික්කම්ගේ චරිතය වෙනුවෙන් නාමිකව තෝරාගෙන තිබුණත්, ඔහු වෙනත් ව්‍යාපෘති සමඟ කාර්යබහුල වීම නිසා එම අවස්ථාව කාලිදාස් ජයරාම්ට ලැබෙනවා.
ධනුෂ්ගේ අයියා සෙල්වරාඝවන් මේ චිත්‍රපටයේ ඉතාමත් වැදගත් චරිතයක් නිරූපනය කරනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ධනුෂ්ගේ Naane Varuven (2022) චිත්‍රපටයේ විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කළා. සෙල්වරාඝවන් ඉදිරියේදී ධනුෂ් සමගින් Ayirathil Oruvan 2 සහ Pudhupettai 2 නිර්මාණය කිරීමට සූදානමින් බලා ඉන්නවා. ධනුෂ් දැඩිවම කාර්යබහුල නිසා ඒවා මගහැරෙනවාද කියන්න දන්නෙ නැහැ.
ඒ වගේම සංගීතඥ දේවාගේ උතුරු චෙන්නයි භාෂා ව්‍යවහාරය නිසාවෙන් මේ චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් වෙනුවෙන් ආරාධනා කළත් ඔහු එම ඉල්ලීම ගෞවනීයව ප්‍රතික්ෂේප කළා.
ධනුෂ් රායන් විදියට රඟපෑවේ නැත්නම් රායන්ගේ චරිතය රඟපෑමට අනිවාර්යයෙන්ම රජිණිකාන්ත් තෝරාගන්නා බව ධනූෂ් සඳහන් කළා. රායන් බලලා ඉවර වෙද්දි හොඳට කල්පනා කරලා බැලුවොත් රායන් විදියට රජිණිකාන්ත් රඟපෑවා නම් කොහොමද, කතාවේ ඒ සමාන සිද්ධි දාමයක් පැහැදිලිවම පේනවා. කතාව මොන තරම් නිර්මාණාත්මක වුණත් ලඝු කරලා බැලුවොත් මේ ආකාරයේම රටාවෙන් ආව දෙමළ චිත්‍රපට පෙළක්ම නිර්මාණය වෙලා තියෙනවා දකින්න පුළුවන්.
Raanjhaana (2013), Maryan (2013) සහ Atrangi Re (2021) චිත්‍රපට වලින් පසුව රහුමාන් හා ධනුෂ් සංයෝජනය වන හතරවැනි අවස්ථාව රායන්. “Adangatha Asuran” ගීතය ඒ. ආර්. රහුමාන් සහ ධනුෂ් විසින් ගායනා කරනවා. “Water Packet” ගීතය සන්තෝෂ් නාරායන් සහ ස්වේතා මෝහන් ගායනා කරනවා. “Raayan Rumble” සහ “Odaatha Da Odaatha Da” රැප් ගීතයන් අරිවු ගයනවා.
රජිණිට, කමල්ට, විජේට, අජිත්ට, ප්‍රශාන්ත්ට, ප්‍රභූ දේවාට, සූරියාට, වික්‍රම්ට, ධනුෂ්ට, සිම්බුට… ආදී සිනමාවේ නළුවන් අතරෙ තරඟකාරීත්වයන් කොහොම වුණත් තමන්ගේ උපරිම සාධාරණය ඉටු කරලා ලෝකයේම නමක් දිනා ගත් සංගීත අධ්‍යක්ෂක වරයෙක් විදියට ඉසෛ පුයල් ඒ. ආර්. රහුමාන්ව හඳුන්වන්න පුළුවන්. චිත්‍රපටය තෘප්තිමත් කරේ නැතත් රහුමාන් සංගීතයෙන් ප්‍රේක්ෂකයන් කලකීරිමට පත් කරලා නැහැ. Indian (1996) චිත්‍රපටයට කොඳු නාරටිය බඳු වූ සංගීතය Indian 2 (2024) චිත්‍රපටයට නොලැබීමෙන් ප්‍රේක්ෂකයින් කණස්සල්ලට පත් වුණා. ඉදිරියේදී කමල් හාසන්ගේ Thug Life, රාම් චරන්ගේ RC 16, ජෙයම් රවීගේ Genie, Kadhalikka Neramillai, රන්නබීර් සහ යෂ් රඟන Ramayana චිත්‍රපට රහුමාන්ගේ සංගීතයෙන් හැඩ ගැන්වීමට සූදානම්.
ධනුෂ්ගේ චිත්‍රපට පෙළගැස්ම බැලුවොත් මීළඟට ශේකර් කම්මුලා අධ්‍යක්ෂණය කරන Kubera චිත්‍රපටය නිකුත් වීමට සූදානමින් තිබෙනවා. බොහෝ විට ලබන වසරේ මුල් භාගයේදී තිරගත වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ත්‍රිත්ව භාෂා(තෙළිඟු, දෙමළ සහ හින්දි) චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය වන මේ චිත්‍රපටයේ ධනුෂ් සමඟින් කිං(King) නාගර්ජුනා කරට කර රඟපානවා. රෂ්මිකා මන්දනා ප්‍රධාන නිළි චරිතය නිරූපනය කරනවා. මේ වෙද්දි මේ තුන් දෙනාගෙම චරිතවල ෆස්ට් ලූක් පෝස්ටර් නිකුත් කරලා තියෙන්නේ.
ඊළඟට ඉසෙඥානි ඉලෛයරාජාගේ ජීවන වෘත්තාන්තය රැගත් Ilaiyaraja චිත්‍රපටයේ රඟපෑමට නියමිතව තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Captain Miller චිත්‍රපටයේ අධ්‍යක්ෂක අරුන් මාදේශ්වරන්. ඉලෛයරාජාගේ පිළිගත නොහැකි හැසිරීම නිසා මෑත කාලීනව බොහෝ මතභේදයන්ට ලක් වෙලා ඉන්නවා. ඉස්සරහට මොන වගේ ප්‍රශ්න ඇති වේවිද, නැත්නම් ප්‍රශ්නයක් නැතුව ඔහුගේ ජීව කෘතිය එළි දක්වන්න පුළුවන් වේවිද කියලා බලමු.
ධනුෂ් තුන්වැනි වරටත් ආනන්ද් එල් රායි සමඟින් Tere Ishk Mein චිත්‍රපයෙන් එක් වීමට නියමිතයි. ධනුෂ් ප්‍රධාන චරිතය රඟ දක්වන බවට නිළ නිවේදනය කිරීම් නිකුත් කර තිබුණත් අනෙකුත් චරිත පිළිබඳව හෙළි කර නැහැ. කොහොම වුණත් සමාජ මාධ්‍යයේ ඇති වන දූසමාන ආරංචි වලින් දැන ගන්න ලැබුණේ ක්‍රිති සැනොන් මේ චිත්‍රපටයේ ධනුෂ් සමඟින් රඟපානවා කියලයි. මේ Tere Ishk Mein චිත්‍රපටයටත් සංගීතය සපයන්නේ ඒ. ආර්. රහුමාන්. ඒ අනුව පස්වැනි වතාවටත් රහුමාන් සහ ධනුෂ් සුසංයෝජනය වෙනවා.
සූරියාගේ Vaadivaasal චිත්‍රපටය අවසන් කිරීමෙන් පසුව Vada Chennai 2 චිත්‍රපටය බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොම වුණත් Viduthalai Part 2 චිත්‍රපටය අවසන් කිරීමෙන් පසුව තමයි වාඩිවාසල් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරනවා කියලා අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් කියන්නේ. ඒ වගේම කෝලාර් ගෝල්ඩ් ෆීල්ඩ් පසුබිම සම්බන්ධ කතාවක ධනුෂ් සමඟින් රඟපෑමට ජූනියර් NTRට ආරාධනාවක් කර තිබෙන බවත් සඳහන් වෙනවා. ජූනියර් NTR දැනට Devara Part 1 සහ 2, NTRNeel චිත්‍රපට වල රූගත කිරීම් වලට සම්බන්ධ වෙමින් ඉන්නවා.
ඒ වගේම Por Thozhil චිත්‍රපටයේ අධ්‍යක්ෂක විග්නේෂ් රාජා සමඟින් චිත්‍රපටයක් කිරීමටද සූදානමක් තිබෙනවා. කොහොම වුණත් මේ ආරංචිය තවම පිළිගත හැකි මාධ්‍යයකින් තහවුරු කරලා නැහැ.
ධනුෂ්ගේ තුන්වැනි සිනමා අධ්‍යක්ෂණය Nilavukku En Mel Ennadi Kobam චිත්‍රපටය බොහෝ විට මේ වසරේදී තිරගත විය හැකියි. ධනුෂ්ගේ ඥාති පුත් පවිෂ් සමඟ අනිඛා සුරේන්ද්‍රන්, ප්‍රියා ප්‍රකාෂ් වොරියර්, මැතිව් තෝමස් යන අය මෙහි රඟපානවා. NEEK මේ වසරේ දෙසැම්බරයේ 21 දින තිරගත කිරීමට දින යොදාගෙන තිබෙනවා. මේ NEEK නමින්ම චිත්‍රපටයක් ධනුෂ්ගේ නෑනා සෞන්දර්යා රජිණිකාන්ත් ධනුෂ්, කාජල් අග්‍රවාල්, මන්ජිමා මෝහන්, සෝනම් කපූර් එක් කරගෙන නිර්මාණය කිරීමට සූදානමින් සිටියා. පසුව එම ව්‍යාපෘතිය අතහැර දමා සෞන්දර්‍යා Velaiilla Pattadhari 2 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.
NEEK චිත්‍රපටයෙන් පසුව ධනුෂ් සිව්වැනි සිනමා අධ්‍යක්ෂණය විදියට ප්‍රකාෂ් රාජ් සහ නිත්‍යා මෙනන් යොදාගෙන චිත්‍රපටයක් කිරීමට සූදානම් බව ප්‍රකාෂ් රාජ් රායන් චිත්‍රපටයේ Pre Release Event එකේදී සඳහන් කළා.
සමස්තයක් වශයෙන් මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා. ධනුෂ්ගේ රංගනයට, තිර රචනයට, කැමරාකරණයට සහ සංගීතයට බොහෝ ප්‍රසංසා කිරීම් හිමි වුණා. විවේක කාලයට පෙර දර්ශනය සහ “අඩංගාද අසුරන්” ගීතය ඇතුලත් උත්සව අවස්ථාව වඩා අද්විතීය ලෙසින් කැපී පෙනුණා. අනිවාර්යයෙන්ම ඔයාලටත් Goosebumps එකක්(ඇඟේ මයිල් කෙලින් වෙන හැඟීමක්) ගෙනත් දෙනවා නොඅනුමානයි. එම අවස්ථාවන් ප්‍රේක්ෂකයන් අතරේ වඩාත් කතා බහට ද ලක් වුණා. ඒ අතරම කතාවේ පෙරළි(Plot Twist) ගැන දැඩි විවේචන එල්ල වුණා. දුර්වල රචනා කිරීම නිසා යම් අවස්ථාවකදී කතාව සම්පූර්ණයෙන්ම වෙනතකට හරවන්නේ විශ්වාස කරන්න බැරි විධියේ හේතු කාරණා දක්වමින්.
ගොඩක් උපසිරසි අරගෙන චිත්‍රපටි බැලුවත් හදිසිය නිසා Comment එකක් දාලා ස්තුති නොකර ගිය වෙලාවන් බොහොමයක් තියෙන නිසා ඒ වෙනුවෙන් කෘතගුණ සැළකීමක් විදියටයි මම උපසිරසි නිර්මාණය කරන්න බයිස්කෝප් සිංහලෙන් එක්ක එක් වුණේ. කොහොම හරි මේ අරගෙන ආවේ මම වෘත්තාන්ත චිත්‍රපටයකට නිර්මාණය කළ 100 වැනි සිංහල උපසිරසිය. මම දුන්න උපසිරසි සියල්ලක්ම මිල මුදලක් නොලබා කාලය වැය කරගෙන උපසිරසි සපයන අපේ බයිස්කෝප් සිංහලෙන් සහෝදර සහෝදරියන් සැමට උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආසාවට උපසිරසි කරන්න අරගෙන දැන් බයිස්කෝප් සිංහලෙන් එක්ක ගොඩක් දුර ඇවිත් මේ වෙද්දි, බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමෙන් මට ලැබිලා තිබෙන තැන ගැන මම ගොඩක්ම තෘප්තිමත්. මම සම්බන්ධ වුණ කාලයේ උපසිරසි නිර්මාපකවරුන් බොහෝමයක් හිටියත් මේ වෙද්දි ඒ අයගෙන් අධික ප්‍රමාණයක් අධ්‍යාපනික, වෘත්තීමය හෝ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙලා. වර්ථමානයේ උපසිරසි ගෙන එන උපසිරසි කරුවන් දිරිමත් කරන්න මේක අහම්බෙන් දකින අයත් ඔයාලාගේ යුතුකම විදියට තම තමන්ගේ ස්තූතිය කමෙන්ටුවකින් සඳහන් කරන්න කියලා ඉල්ලනවා. මොකද සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න හෝ කමෙන්ට් එකක් දාන්න සල්ලි ගෙවන්න ඕන වෙන්නෙ නැහැ.
අන්තිමට හැමදාම වගේ එකම තැටිය තමා ගහන්න තියෙන්නෙ. ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Raayan (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP/ WEB DL පිටපත් සඳහා ගැළපේ.
32,983 downloadsDownload Raayan-2024-Sinhala-Subtitles-WEB-Update.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raayan (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2024
- #Anbhu Mayilsamy
- #Aparna Balamurali
- #Aranthangi Nisha
- #Cell Murugan
- #Devadarshini Chetan
- #Dhanush
- #Dileepan
- #Divya Pillai
- #Dushara Vijayan
- #Editor's Pick
- #Indian Box Office Hits
- #K. Selvaraghavan
- #Kalidas Jayaram
- #Kichcha Ravi
- #Must Watch
- #Namo Narayanan
- #Prakash Raj
- #Raayan
- #Raayan (2024)
- #Raayan (2024) Sinhala Sub
- #Raayan (2024) Sinhala Subtitles
- #S.J. Suryah
- #Saravanan
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Sundeep Kishan
- #Varalaxmi Sarathkumar
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
Buddhika laKMal
Gagan pabasara
බොහොම ස්තුතියි ර්
Waruna Mithu
Thanks vewa sago ❤️❤️❤️ download link ekak denna kauru hari
Dinesh
Jaya weewa saho digatama sub denna
Waruna Mithu
Thanks vewa sago. download link ekak denna kauru hari
Max
Thanks Bro
lakmal
thanks sub ekta bro
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි ...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!අයේෂ්
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Hashan
Thanx for the sub broo ❤️
Malith samarawickrama
Thanks saho sub ekata
Buddhika laKMal
අප්ඩේට් එකට තෑන්ක්ස් සහෝ
Chaminda
මගේ අම්මෝ ඒ ලිපියතෑන්ක්ස් bro සබ් 1ට❣️❣️❣️❣️
naveen vidusha
supiri..
Umesh Randheer
❤️
Sandeep Madushan
Thanx saho.. good sub
pasindu
thanks
Vima
Thanks machan. Supiri :D
Hashan
Thank you mcn
syd
magnet link walin movie download karana widiya danna kenek innawanm kiyannako plz
Shane Nilusha de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
අම්මෝ බං.... වෙනද වගේම මූවිඑකට පට්ට ලිපියක් දීලා තියෙනවා............
ඒ මහන්සියට රොම්බ තෑන්ක්ස් මචෝ...............
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ.......
සබට ස්තූතියි මචං