අද බයිස්කෝප්එල්කේ වෙබ් අඩවියට මගේ නිල 7වන (හැබැයි මගේ කලින් BluRay upgrade එකක් එක්ක ගැන්නොත් නම් 8වන) උපසිරැසිය විදිහට මම අරගෙන එන්නෙ පුදුමයකට වගේ අංක 7 ගැන දෛවයේම ලියැවුණු කතාවක්. මම ඒතරම් ඉතිහාසකාරයෙක් වත් ආදිකාලීන ඉංග්‍රීසි සාහිත්‍ය විශාරදයෙකුත් නෙමෙයි නිසා මෙතන නොදන්න දීගෙක ගොහින් වරිගෙ නහගන්…

අද බයිස්කෝප්එල්කේ වෙබ් අඩවියට මගේ නිල 7වන (හැබැයි මගේ කලින් BluRay upgrade එකක් එක්ක ගැන්නොත් නම් 8වන) උපසිරැසිය විදිහට මම අරගෙන එන්නෙ පුදුමයකට වගේ අංක 7 ගැන දෛවයේම ලියැවුණු කතාවක්. මම ඒතරම් ඉතිහාසකාරයෙක් වත් ආදිකාලීන ඉංග්‍රීසි සාහිත්‍ය විශාරදයෙකුත් නෙමෙයි නිසා මෙතන නොදන්න දීගෙක ගොහින් වරිගෙ නහගන්නෙ නැතුව, මේ කතාවේ සිද්ධ වෙන දේ ගැන ඉන්සයිට් එකක් දීම අද මට යම්තාක් දුරකට ගැටලුවක්, නමුත් මම උත්සාහයක් දරන්නම්, මම වගේම අද මෙතනට ආපු ඔයාත් මේ කතාවට අලුත් නම්, වැරදි ඇතොත් සමාවෙන්න. හැබැයි එක අතකට ඔයා මේ නමින් මීට පෙරාතුව නිකුත්වුණු කතාමාලාව (සීරීස් එක) බලලා තියෙනවානම් මම හිතන්නේ එහෙමට හැඳින්වීමක් උවමනා වෙන්නෙ නැතිවෙයි. කොහොම හරි, ඇත්තටම මෙතුවක් කාලෙකට බයිස්කෝප්එල්කේ සහෝදර කැළ මට අභියෝගයක් එල්ලකරන්න උත්සහ කළා නම්, අන්න ඒ වෑයම මෙතුවක් කාලෙකට සාර්ථකවම් සිද්ධවුණේ මේ සලරුවෙන් කියලා මුලින්ම කියා හිටින්න කැමතියි.
ක්‍රිස්තු වර්ෂ 9-10 ශතවර්ෂවල පූර්ව-මධ්‍යතන එංගලන්තයේ ආරම්භය ආශ්‍රිත පසුබිම අළලා Bernard Cornwell අතින් ලියවුණූ The Saxon Stories කියන නවකතා පෙළ තමයි The Last Kingdom හැටියට පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් කරළියට එන්නේ. ස්කොටියාව (ස්කොට් වරු), අයර්ලන්තය (වයිකිංවරු) වගේ විවිධ විවිධ පැතිවල අය මහා බ්‍රිතාන්‍යයේ බිම් පෙදෙස් අල්ලගත්ත මහ නිකං කලවම් මැල්ලුම් යුගයක්. ඉතිං, ක්‍රිස්තුවර්ෂ 924 දී ඇංග්ලෝ-සැක්සන්වරුන්ගේ පාලකයා වුණු මහා එඩ්වර්ඩ් රජතුමන්ගේ මරණින් මතු ඇතිවුණු අර්බුදකාරී තත්වය මැද, වෙසෙක්ස්, ඇංග්ලියාව, මර්ෂියාව, නෝතම්බ්‍රියාව වගේ කෑලිවලට කැඩිල තිබුණු බ්‍රිතාන්‍යය එකට එකතු කරලා එක කොඩියක් යටට ගේන්න, නෝතම්බ්‍රියාවේ බෙබන්බර්ග්හි Uhtred Uhtredson කියන ප්‍රභූවරයා පෙරටු කරගත්තු කණ්ඩායමක් එකලාසයක් වුණු හැටි ගැන තමයි මේ කතාවේ කියවෙන්නෙ. අපේ ප්‍රධාන චරිතය වෙන මේ ඌත්‍රඩ් කියන්නේ ඇත්තටම බර්නාඩ් ගොතපු චරිතයක්, නමුත් එ් චරිතය, ක්‍රි. ව. 1006 සිට 1016 දක්වා බැම්බර්ග් නගරයේ Earl පදවිය දරාපු Uhtred the Bold චරිතය ඇතුළු තවත් වැදගත් චරිත කිහිපයක සමමිශ්‍රණයක් හැටියට තමයි චිත්‍රපටයේ රචකයෝ අර්ථ දක්වන්නේ. කොහොමින්හරි ඒ නිසා තමයි මං හිතන විදිහට මේ ඌත්‍රඩ්ම කියන්නෙ තමන්ට වංශකතාවල ලියැවෙන්න ආසාවක් නැති බව.
එඩ්වඩ් රජතුමාගේ ඇවෑමෙන් සිංහාසනය උරුම කරගන්න ඉන්න ඇතල්ස්ටන් කියන කුමාරයා මේ වෙලාවේ තමන්ගේ “පෙම්වතා” වෙන (ඔව්, සමරිසි සම්බන්ධයක්… චැහ්!) ඉංග්ලිමන්ඩර් කියන සාමිවරයාගේ මායම් වැලකට අහුවෙලා ඉන්නෙ, තනිකරම ඇතල්ස්ටන්ගේ වගේම තමන් ඉදිරියට ඉස්සරහට මුණගැහෙන තවත් කීප දෙනෙකුගේ නිසැකයෙන්ම පිහිටලා තියෙන, “ඔයාට එහෙදි මෙහෙම වෙයි, ඒ නිසා මෙහෙම කරන්න” කිව්වොත් ඕන දහබලු වැඩක් කරන විදිහෙන් තියෙන අමූලිකා ශ්‍රද්ධාව සහ මෝහය තමයි මේ ඉංග්ලිමන්ඩර්ගේ ආයුධය. ඔහු මහා ජන සංහාරයකට මුල පුරන්නේ මේ විදිහට ඇතල්ස්ටන්ව බ්‍රේන්වොෂ් කරලා…
ඉතිං, මොනවයින් මොනවා වෙයිද, අන්තිමට අල්ලපු අත්තත් පයගහපු අත්තත් නැති වෙයිද, එංගලන්තයම සොහොන් පිටියක් වෙයි ද, එහෙමත් වුණා නම් අද එංගලන්තය කියල තියෙන්නෙ මොකක්ද?
නිකං කරකෝලා අත ඇරියා වගේ නම් සමාවෙන්න, දැනටම පාන්දර දෙකයි වෙලාව. කාගෙන සබ් එක ඇදන් යද්දි දවල් රෑ තේරුමකුත් නෑ නෙවැ. ඉතිං, Alexander Dreymon, Elaine Cassidy, Agnes Born, Harry Gilby, Zak Sutcliffe, Ewan Horrocks, Mark Rowley, Pekka Strang සහ Cavan Clerkin ප්‍රමුඛ ශක්තිමත් පාත්‍රවර්ගයක එකතුවෙන්, මේ අවුරුද්දේ, අපේ විදිහට ගත්තොත් අලුත් අවුරුද්ද දවසේ නෙට්ෆ්ලික්ස් වෙතින් දොරට වැඩුණු මේ සලරුව IMDb මාපකයේ ලකුණු 10න් 7කත්, තක්කලිමීටරේ 88%කත්, Audience Score 73%කත් ඉහළ ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. පුරා හෝරාවන් දෙකක් පුරාවට ප්‍රේක්ෂකයා ලොමුදැහැ ගැන්වෙන මේ සලරුවේ තිර රචනයට එකතුවෙන්නේ Martha Hillier සහ Bernard Cornwell. අධ්‍යක්ෂණය කළේ Edward Bazalgette. නිෂ්පාදනය කානිවල් ෆිල්ම්ස්. වෙතින්. අහිතක් හිතන්න එපා, අමෙරිකානු MPAA ආයතනයෙන් මේක ශ්‍රේණිගත කරල තියෙන්නේ Mature Audiences (TV-MA) කැටගරියට.
එහෙනම්, නෝට්පෑඩ් එකයි KMPlayer එකයි ඕපන් කරගෙන SubRip Text syntaxes ඇතුළාන්තයෙන්ම වල උඩ ඉඳන් පහළට බඩගගා, Trial-and-error ශෛලියකින් ටයිමිනුයි ටෙක්ස්ට් කලර්සුයි කාල්ගගා, ප්ලේයර් එකට සබ් එක මැනුවල්ම ලෝඩ් කරකර, මොන දහංගැටෙන් හරි වීඩියෝ එකට හරියටම ගැලපෙන්න සබ ගහන්න දතකාපු ඒ අතීතයට (පොඩ්ඩක්) සමු දීලා, සිරාවටම උපසිරැසිකරණයේ යෙදෙන්න SubtitleEdit කියන open source ප්‍රෝග්‍රෑම් එක මට හොයලා දුන්නු Kan Fernando අයියටත්, මට බයිස්කෝප් එල්කේ සමූහයෙන් මුලින්ම සෙට්වුණු Lashane Demel සොයුරාටත්, මේ චිත්‍රපපටයත්, මගේ හයවන නිල උපසිරැසිය වශයෙන් John S. Baird ගේ Tetris චිත්‍රපටයත් යෝජනා කරපු Shan Vimukthi (විමා) අයියටත්, Harvey Obrien සොයුරාටත්, Sisila Prasad සොයුරාටත් නැවත වරක් මගේ ප්‍රණාමය පුද කරමින් අදට මම සමුගන්නම්, තවත් අලුත් උපසිරැසියකින් (නැත්තන් අප්ඩේට් එකකින් හරි) ඔබව හමුවෙන බලාපොරොත්තු ඇතුව… මගෙ… මේ… මෙහෙ… ගෙදර වැඩත්… බැලන්ස් කරගන්න බලන්, ඈ. 😛
සහෝදරයා කියන වචනේ දිග වැඩි නිසා ඇල්ෆ්වෙර්ඩ් ඇතල්ස්ටන්ගේ අයියද මල්ලිද කියලා හොයාගන්නත්, මම විකිපීඩියා එකේ කරක්ගහලා හොයාගත්ත, ඇතල්ස්ටන් ක්‍රි.ව. 894දීත්, ඇල්ෆ්වෙර්ඩ් ක්‍රි.ව. 902දීත් ඉපදුනු බව.
තව, බ්‍රිතාන්‍යයේ හැටි සොබාව ගැන වැඩිදුරටත් හදාරන්න ආසාවක් තියෙනවා නම් මෙන්න මේ චැනල් එහෙමත් ඔයාලට වැදගත් වේවි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
20,822 downloadsDownload The.Last_.Kingdom.Seven_.Kings_.Must_.Die_.2023.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ දුවිඳු තරින්ද පෙරේරා
Subtitles
29 comments
Sameera Shan Dias
Anonymous
Sub eka download karanne kohamadha
Anonymous
Thanks jayawewa....!
මිනුල
ලිපිය කියෙව්වොත් දැනුමට ගොඩක් දේවල් එකතුකරගන්න පුලුවන්
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට වගේම ලිපිය වෙනුවෙනුත්K.R.P.Nirmana Kalugalla
සුපිරි
Anonymous
Elma air 2023 movie ekata sub ona
Ashan
ගොඩාක් ස්තූතියි සහෝ එනකන් බලන් හිටපු එකක්
❤❤❤❤
pasindu pabasara
Thanks brothers hoya hoya hitiya sub ekak ❤️❤️❤️
vilana
super
Anonymous
Thank You So much
Anonymous
Enakam balan hitiye meka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sujith
Superb sahooo...
මිලින්ද
☑️☑️සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි ☑️☑️✅✅✅දුවිදු තරින්ද✅✅✅❤️❤️❤️
Anonymous
Asterix.Obelix.The.Middle.Kingdom.2023 sub denna
tharindu16
mahansiyata sthuti
අශාන්
Last kindom සීරීස් එකේ 5 වෙනි අන්තිම සීසන් එකට සබ් කරන්නකෝ .සීසන් 4 විතරයි දුන්නෙ.උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Naveen Vidusha
sub eka supiri kollo
Anonymous
Last kingdom last season ekata sub dennko pulwnm nm
Roshan
Thnx bro...Great job...Good luck...
max payne
Thank you... puluwannam season 05 ekatath sub eka dennko
Anjana
Subtitles download karanna be
Rukshan
can't download the subtitle file.
A P THARUKA MADUSANKA
Sub eka download karannabane
Nishan
Thanx bro
nilanka
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amal Ishantha
thanks buddy
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elzz