සුබ දවසක් වේවා ! ඔන්න The Covenant ෆිල්ම් එකෙන් පස්සේ ගයි රිචී මහත්මයගගෙම තවත් ෆිල්ම් එකක් අරන් ආවා. හැබයි මේකනම් ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණයි කිව්වේ මේ වසරේ මුල ආපු ෆිල්ම් එකක් නිසා. මේ චිත්‍රපටය උපසිරසි ගන්වන්න කවුරුත් බාර අරන් තිබිලත් නෑ. අපේ රවිදු හේෂාන් සහෝ ඒ ගැන මට කිව්වම ටිකක් පරක්කු උනත් මේ…

සුබ දවසක් වේවා ! ඔන්න The Covenant ෆිල්ම් එකෙන් පස්සේ ගයි රිචී මහත්මයගගෙම තවත් ෆිල්ම් එකක් අරන් ආවා. හැබයි මේකනම් ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණයි කිව්වේ මේ වසරේ මුල ආපු ෆිල්ම් එකක් නිසා. මේ චිත්‍රපටය උපසිරසි ගන්වන්න කවුරුත් බාර අරන් තිබිලත් නෑ. අපේ රවිදු හේෂාන් සහෝ ඒ ගැන මට කිව්වම ටිකක් පරක්කු උනත් මේක දුන්නනම් හොඳයි කියලා හිතුනා. ඒ වගේම මේ චිත්‍රපටියට හරිහමන් ගුණාත්මක උපසිරසියක් නිකුත් වෙලත් නැති නිසා ඔයාලා මේක ආපහු බැලුවත් පාඩුවක් නෑ. හරි එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.
Operation Fortune : Ruse de Guerre චිත්‍රපටය මේ වෙද්දි IMDb හි 6.3ක ඉතා හොඳ අගයකුත් 52% කුණු තක්කාලි අගයකුත්, 71% ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ජනවාරි 13 වෙනිදා සිනමා ශාලවන්ට නිකුත් උන මේ චිත්‍රපටය ලොකු බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් ලබන්න්නේ නෑ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙත් ගයි රිචී මහත්මයා තමයි. රංග ශිල්පීන් ගැන බැලුවොත් ප්‍රධාන චරිතය වෙන ඔර්සන් ෆෝචූන් ලෙස සුපිරි ක්‍රියාදාම නළු Jason Statham එක් වෙනවා. ඊට අමතරව Aubrey Plaza සාරා ලෙසත්, Hugh Grant ග්‍රෙග් සිමන්ඩ්ස් ලෙසත්, Josh Hartnett ඩැනී ෆ්රැන්සෙස්කෝ ලෙසත්, Bugzy Malone ජේජේ ලෙසත්, Saw චිත්‍රපට මාලාවේ ජනප්‍රිය චරිතයක් වු Cary Elwes නේතන් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
ලෝකයේ ගොඩක් රටවලට ත්‍රස්ථවාදී තර්ජන කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. අපේ රටත් දශක ගාණක් ත්‍රස්තවාදයෙන් බැට කෑවනේ. ගොඩක් රටවල් මේ තර්ජන ගැන රහසිගතව ලොකු අවධානෙකින් ඉන්නවා. මේ අතර යුක්‍රේනයේ ඔඩෙසා වල පරීක්ෂනාගාරයකින් “ද හැන්ඩ්ල්” කියලා අධි තාක්ෂණික අවියක් කොල්ලකාපු බවට බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට වාර්තා වෙනවා. ඒ වගේම යම් පිරිසක් මේ ආයුධය විකුණන්න හදනවා වගේම ඒක මිලදී ගන්න රහස් ගැණුම්කාරයෙක් ඉන්න බවත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය සොයාගන්නවා. ඒත් මේ “ද හැන්ඩ්ල්” කියන්නේ මොන වගේ ආයුධයක්ද කියලවත් බ්‍රිතාන්‍ය රජයට කිසි අදහසක් නෑ. ඉතිං මේ වගේ තොරතුරක් ලේසියෙන් අහක දාන්න බැරි නිසා බ්‍රිතාන්‍ය බුද්ධි අංශයෙන් මේ වැඩේ නේදන් ජැස්මින් කියන පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙක්ට භාර දෙනවා. ඉතිං මේ වැඩේට නායකත්වය දෙන්න නේතන් තෝරන්නේ ඔර්සන් ෆෝචූන් කියන නාහෙට අහන්නේ නැති, මුරණ්ඩු නියෝජිතයවයි.
ඉතිං වැඩි විස්තර කියන්නේ නෑ. ඔර්සන් තවත් කීපදෙනෙක් එකතු කරන් මේ රහස් මෙහෙයුම කරගෙන යද්දි වෙන අකරතැබ්බයන් ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිලුම උපසිරසි ගන්වන්න වෙන් කරලා දුන්න රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූති වන්ත වෙනවා. එහෙනම් ඔයාලා මේක බලලා ගුණදොස් කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
29,189 downloadsDownload Operation-Fortune-Ruse-de-Guerre-2023.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2023
- #Aubrey Plaza
- #Cary Elwes
- #Editor's Pick
- #Guy Ritchie
- #Ivan Atkinson
- #Jason Statham
- #Marn Davies
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #You Decide
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Sumudu
මිලින්ද ප්‍රියලාල්
◾සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි◾
☑️☑️☑️✅✅✅✔️යුරාන් ධනුක ✔️✅✅✅☑️☑️☑️Nava
ඔයාලගේ සබ් පරක්කු නිසා අකුරු 3 සයිට් එකක සබ් එකකින් බලන්න ගත්තා , පැයක් විතර බලලා ෆිල්ම් එකත් එක්කම ඩිලීට් කරලා දැම්මා , ඒතරමටම අජූතයි ඒ සබ් එක
Dilshan
Ptt Film ek
නුවන්
ෆිල්ම් එකේ සවුන්ඩ් නැනේ
Deyya
Sub ekata thanks
Mahesh
Sub ekata thanks bro( request- carnival raw last 3 episode
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ..
හැකි නම් Carnival Row එකේ ඉතිරි එපි 3 ට සබ් දෙන්න බලන්න
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තාම ෆිල්ම් එක බලන්න බැරි උනා. බලන්න ඕනෙ දැං. ජයවේවා!
Nuwan
සබ් එකට ස්තුතියි සහො carnivala raw එකට සබ් දෙමුකෝ
Sahan Gayantha
thanks a lot saho sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි යුරාන් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!සාරංග J ලියනගම
Thankz
Udaya Fdo
Thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thnx bro
Ruchira
Thanks for the sub!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank You for sub....
Air (2023) film ekathath sub ekak denna..