Watch Trailer

The Malabar Tales (2025) Sinhala Subtitles | මලබාර් කතා පොත

The Malabar Tales (2025) Sinhala Subtitles ආයුබෝවේවා. ඔන්න තවත් අලුත් මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසියක් අරන් අවා. මේක බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවන උපසිරැසි නිර්මාණය. ඉතින් අඩු පාඩු නම් ඇති. මේක කතා 5ක එකතුවක් විදිහට හැදුණු චිත්‍රපටයක්. මේ වගේ චිත්‍රපට කිහිපයක්ම මලයාලම් සිනමාවේ තියෙනවා. උදාහ…

The Malabar Tales (2025) Sinhala Subtitles

ආයුබෝවේවා. ඔන්න තවත් අලුත් මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසියක් අරන් අවා. මේක බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවන උපසිරැසි නිර්මාණය. ඉතින් අඩු පාඩු නම් ඇති. මේක කතා 5ක එකතුවක් විදිහට හැදුණු චිත්‍රපටයක්. මේ වගේ චිත්‍රපට කිහිපයක්ම මලයාලම් සිනමාවේ තියෙනවා. උදාහරණයක් විදිහට 5 Sundarikal (2013) චිත්‍රපටය ඔයාලට මතක ඇති. ඉතින් The Malabar Tales (2025) චිත්‍රපටයත් ඒ විදිහේ ඉන්දීය සමාජයේ සිදුවන සිදුවීම් 5ක එකතුවක්. අධ්‍යක්ෂණය Anil Kunhappan විසින්. IMDb අගය 7.9ක්. චිත්‍රපටයේ කතාව පැත්තට ගියොත් මේකේ තියෙන්නේ එකිනෙකට වෙනස් කෙටි කතා 5ක්. දෙමාපිය ආදරය, සහෝදරත්වය, මිත්‍රත්වය, කාලින සමාජ ගැටළු ඇතුළු අංශ ගණනාවක්ම මේ කතා 5 තුළ ඇතුළත්.  චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ගීත ගැනත් කතා නොකරම බෑ. ගොඩක් ලස්සන ගීත කිහිපයක්ම මේ චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියෙනවා. කෙටි චිත්‍රපට කිහිපයක එකතුවක් නිසා චිත්‍රපටය ගැන වැඩි විස්තර කියන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒ නිසා ඔයාලම ෆිල්ම් එක බලලා චිත්‍රපටය හොඳයිද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් මගේ උපසිරැසි නිර්මාණයේ අඩු පාඩු තියෙනවා නම් ඒ ගැනත් පහලින් comment එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. The Malabar Tales (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,069 downloadsDownload The-Malabar-Tales-2025.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Oppees Chollan Varatte (2022) Sinhala Subtitles

Subtitles by

දේශික ජයන්ත

Subtitles

1,069 downloadsDownload Subtitles76 KB

3 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි මචං

  2. BANDULA K

    Thanks. Welcome to Malayali world. තව තව කරමු.

  3. විමා - Admin

    නියමයි!
    මලයාලම් තමා දිගටම ඕනා :)