Seeing the Beginning of Time (2017) Sinhala Subtitles කොහොමද මිත්‍රවරුනි, අද මං අරගෙන ආවා විශ්වය ගැන තවත් අපූරු වාර්තා වැඩසටහනක් සිංහල උපසිරැසි සමඟින්. ඒ තමයි Seeing the Beginning of Time (2017). IMDb දර්ශකයේ 7.2/10 ක අගයක් ලබාගත් Seeing the Beginning of Time (2017) ගැඹුරු අභයාවකශය හා කාලය හරහා දෘශ…
Seeing the Beginning of Time (2017) Sinhala Subtitles
කොහොමද මිත්‍රවරුනි, අද මං අරගෙන ආවා විශ්වය ගැන තවත් අපූරු වාර්තා වැඩසටහනක් සිංහල උපසිරැසි සමඟින්. ඒ තමයි Seeing the Beginning of Time (2017). IMDb දර්ශකයේ 7.2/10 ක අගයක් ලබාගත් Seeing the Beginning of Time (2017) ගැඹුරු අභයාවකශය හා කාලය හරහා දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය ගමනකට නරඹන්නන් රැගෙන යන, විශ්ව ගවේෂණ ලෝලීන් සහ ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයින් යන දෙපාර්ශවයටම රසවිඳිය හැකි පරිදි දර්ශනීය ලෙස සංස්කරණය කරන ලද වාර්තා චිත්‍රපටයක්. මිනිත්තු 50 ක ධාවන කාලයක් සහිත මේ විද්‍යාත්මක 4K වාර්තා චිත්‍රපටය, ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජාතික සුපිරි පරිගණක යෙදුම් මධ්‍යස්ථානය (NCSA) සහ තෝමස් ලූකස් ප්‍රොඩක්ෂන්ස් විසින් සම-නිෂ්පාදනය කරන ලද අතර, ජාතික විද්‍යා පදනමේ සහාය ලබන CADENS (Centrality of Advanced Digitally Enabled Science) නම් ව්‍යාපෘතියක කොටසක් ලෙස සිදු කරන ලදී. පරිගණක විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමට උපකාර කිරීම සඳහා NCSA හි උසස් දෘශ්‍යකරණ රසායනාගාරයේ (AVL) අධ්‍යක්ෂ ඩොනා කොක්ස්, CADENS ව්‍යාපෘතියට නායකත්වය දෙනවා.
අපි මේ වාර්තා වැඩසටහන නිපදවන්නට මූලික වුණු විශ්ව නිරීක්ෂණ වැඩසටහන මෙම වාර්තා චිත්‍රපටයේ NCSA පර්යේෂණ විද්‍යාඥ සහ තාරකා විද්‍යා පර්යේෂණ මහාචාර්ය ෆෙලිපේ මෙනන්ටෝ සහ ඔහුගේ සගයන් අපේ විශ්වයේ ප්‍රසාරණය ප්‍රස්ථාරගත කිරීම සඳහාම වෙන්වූ ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන ‘අඳුරු ශක්ති සමීක්ෂණයේ’ (Dark Energy Survey) යෙදී සිටිනවා. NCSA, ෆර්මිලැබ් සහ ජාතික දෘශ්‍ය තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය යන ආයතන අඳුරු ශක්ති සමීක්ෂණයේ ආරම්භක ආයතන වෙනවා. මෙනන්ටෝ සහ සගයන් විශ්වයේ පදාර්ථ ව්‍යාප්තිය අධ්‍යයනය කරන්නේ දුරස්ථ මන්දාකිණිවලින් ලැබෙන ආලෝකය භාවිතා කරමිනුයි. “අපි අභ්‍යවකාශයේ ගැඹුර දෙස බලන විට, අපි අත්‍යවශ්‍යයෙන්ම හැරී බලන්නේ කාලය දෙසයි. අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය වැනි අද්භූත නොපෙනෙන බලවේගවල බලපෑම සොයා ගැනීමට අපි දුරස්ථ මන්දාකිණිවල ආලෝකය භාවිතා කරනවා, ඒවා මොනවාද යන්න පිළිබඳ හෝඩුවාවන් සෙවීමට,” ෆෙලිපේ මෙනන්ටෝ අදහස් දක්වනවා. NCSA ආයතනය DES ව්‍යාපෘතිය සඳහා දත්ත කළමනාකරණය මෙහෙයවන අතර, චිලී දුරේක්ෂයෙන් අධිවේගී ජාල හරහා විශාල නිරීක්ෂණ ප්‍රමාණයක් ලබා ගැනේ. එම දත්ත නිෂ්පාදන සමාලෝචනය කිරීමට, සැකසීමට සහ නිකුත් කිරීමට බ්ලූ වෝටර්ස් සුපිරි පරිගණකය සහ ඉලිනොයිස් විශ්ව දිව්යාල පරිගණක පොකුරු වැඩසටහන භාවිතා කරනවා. දැනට චිලී හි ඉදිවෙමින් පවතින LSST දුරේක්ෂය, පූර්ණ චන්ද්‍රයාගේ ප්‍රමාණය මෙන් 40 ගුණයක් පමණ විශාල දර්ශන ක්ෂේත්‍රයක් සමඟින් සෑම සති දෙකකට වරක් මුළු රාත්‍රී අහසම වේගයෙන් සමීක්ෂණය සිදු කරනවා. මෙම මහා පරිමාණ කොස්මික් සමීක්ෂණ ලොව පුරා බෙදා ගත හැකි අතර තාරකා විද්‍යාවේ විප්ලවීය වෙනසක් කිරීමට මුල් වී තිබෙනවා.
මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ
Seeing.The.Beginning.Of.Time.2017.720p.WEBRip.x264.AAC-[YTS.MX][442 MB] පිටපතටයි.
මේක මගේ එකසිය හතළිස් අට වැනි සිංහල උපසිරැසියයි.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Seeing the Beginning of Time (2017) Sinhala Subtitles
![]()

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
1,204 downloadsDownload Seeing-The-Beginning-Of-Time-2017.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Seeing the Beginning of Time (2017) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
5 comments
Buddhika laKMal
Sajith Karunarathna
mekanam patta wedak bro.. documentry tikak karanna wedipura
rkkasun
thanx
Kevin D...
Thanks...
Dulshan
Cosmos S02 Dennako Saho <3
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි ප්‍රබුද්ද කේසර සහෝ මේ වටිනා ඩොකියුමන්ට්‍රියට සබ් දුන්නට