Swimfan (2002) Sinhala Subtitles මේ වතාවේ මං සිංහල උපසිරැසි අරගෙන ආවේ ජනප්‍රිය වාර්තා චිත්‍රපටයකටයි. ඒ තමයි මං විසින්ම සිංහල උපසිරැසි ගැන්වූ Monsters: The Lyle and Erik Menendez Story ටෙලිනාට්‍යයට පසුබිම් වන බිහිසුණු වගේම ඛේදජනක කතාන්දරය ගැන නිර්මාණය කෙරුණු වාර්තා වැඩසටහනක් වන The Menendez Brothers…
Swimfan (2002) Sinhala Subtitles
මේ වතාවේ මං සිංහල උපසිරැසි අරගෙන ආවේ ජනප්‍රිය වාර්තා චිත්‍රපටයකටයි. ඒ තමයි මං විසින්ම සිංහල උපසිරැසි ගැන්වූ Monsters: The Lyle and Erik Menendez Story ටෙලිනාට්‍යයට පසුබිම් වන බිහිසුණු වගේම ඛේදජනක කතාන්දරය ගැන නිර්මාණය කෙරුණු වාර්තා වැඩසටහනක් වන The Menendez Brothers (2024). මේ වාර්තා චිත්‍රපටය 2024 සැප්තැම්බර් මස අවසානයේදී Netflix සමාගම විසින් නිවේදනය කෙරුණේ, Netflix විසින් ද නිෂ්පාදනය කරන ලද Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාව ප්‍රදර්ශනය කිරීමෙන් දින කිහිපයකට පසුව යි. 2024 ඔක්තෝම්බර් 07 වැනිදා Netflix ඔස්සේ මුල්වරට නිකුත් කෙරුණු මේ වැඩසටහන IMDb දර්ශකයේ 7/10ක ඉහළ අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. නිකුත් කිරිමත් සමඟ පළමු සතියේම නැරඹුම් වාර මිලියන 22.7ක් ලබාගන්නට මේ වැඩසටහන සමත් වෙලා තිබෙනවා. Lejandro Hartmann විසින් අධ්‍යක්ෂණය කෙරුණු The Menendez Brothers (2024) වැඩසටහන, කැම්ප්ෆයර් ස්ටූඩියෝ වෙනුවෙන් රොස් එම්. ඩයිනර්ස්ටයින් සහ රෙබෙකා එවන්ස් විසින් නිෂ්පාදනය කරනු ලැබුවා.
එරික් සහ ලයිල් මෙනෙන්ඩස්
පැය එකකුත් මිනිත්තු පනස් හතක් පුරා ගවේෂණය කරන්නේ, බෙවර්ලි හිල්ස් මන්දිරයේ සිය දෙමව්පියන් ඝාතනය කළ සුප්‍රකට එරික් සහ ලයිල් මෙනෙන්ඩස් සහෝදරයන්ගේ කතාන්දරයයි. තිස් වසරකට අධික කාලයක් මුළුල්ලේ ලෝකයේම දැඩි ආන්දෝලනයට ලක් වුණු ඝාතන සිදුවීමට අදාළ සියලුම දෙනා නැවත සාකච්ඡාවට ලක් කරන්නේ මිනීමැරුම් වලට තුඩුදුන් හේතුන් ගැන ආවර්ජනයක යෙදෙමින්. වසර තිහකට පමණ පසු පළමු වතාවට, සහෝදරයන්ම හරියටම සිදුවූයේ කුමක්ද සහ ඔවුන් එය කළේ ඇයිද යන්න ගැන කතා කරනවා, ඔවුන් තවමත් සිරගත කර ඇති බන්ධනාගාරයේ සිට ශ්‍රව්‍ය සම්මුඛ සාකච්ඡා මඟිනුයි. සහෝදරයන්ට අමතරව, පවුලේ අය, නීතිඥයින්, ජූරි සභිකයින්, වාර්තාකරණ මාධ්‍යවේදීන් සහ ප්‍රධාන නඩු පවරන්නා වන පැමෙලා බොසානිච් මේ වාර්තා වැඩසටහනට සාකච්චා මඟින් දායකත්වය ලබා දී තිබෙනවා.
Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ ඉදිරිපත් කෙරෙන කතාන්දරයේ සත්‍ය කතාවට වඩා වෙනස් සිදුවීම් කිහිපයක් තිබුණා. විශේෂයෙන්ම එහි මෙනෙන්ඩස් සහෝදරයන්ව නිරූපණය වුණේ සමලිංගික වයාභිචාරී සබඳතාවයක් තිබුණු දෙන්නෙක් විධියටයි. එහෙත් සත්‍ය වශයෙන්ම වාර්තා වන කරුණු අනුව ඔවුන් අතර එවැනි ලිංගික සම්බන්ධයක් තිබුණේ නැහැ. සත්‍ය චරිත පසුබිම් කරගනිමින් බිහිවන සිනමා හෝ ටෙලිනාට්‍ය නිර්මාණ වලින් ඒ සත්‍ය චරිත වලට යම් අසාධාරණයක් විය හැකියි, හුදෙක් නිර්මාණ කරුවන්ගේ ප්‍රබන්ධයන් ඇසුරින් සත්‍යයට වෙනස් අර්ථකතන ඉදිරිපත් කරද්දී. නිර්මාණ කරුවන්ට අවශ්‍ය විධියට එවැනි අර්ථකතන දෙනවා නම් වඩාත් සාධාරණ වෙන්නේ පුද්ගල නාම වෙනස් කර යොදා ගැනීමයි. එවිට නිර්මාණකරුවාටත් නිදහසක් ලැබෙනවා අවශ්‍ය පරිදි චරිත සහා සිදුවීම් නිර්මාණය කරගන්නට. කෙසේ වෙතත්, මේ වාර්තා වැඩසටහනෙන් විශ්ලේෂණය කරනවා ඇත්තෙන්ම මේ මිනීමැරුම් වලට හේතු වුණු කරුණු ගැන. ඒ වගේම පැවැත්වුණු නඩු විභාග දෙකේදී විත්තිකරුවන්ට සාධාරණ විනිශ්චයක් ලැබුණාද යන වග ගැනත්. ඇත්තටම ලයිල් සහ එරික් කුඩා කාලයේදී දෙමව්පියන් අතින් අතවරයට ලක් වුණාද? ඒ සඳහා ඇති සාක්ෂි මොනවාද? නොඑසේ නම් ඔවුන් දෙමව්පියන්ව මැරුවේ හුදෙක්ම ඔවුන්ගේ ධනස්කන්ධය සහ රක්ෂණ වන්දි ලබාගන්නද? මෙනෙන්ඩස් යුවළ ඝාතනය නොකෙරුවා නම් ඔවුන්ගේ ධනය පුතුන්ට නොලැබීමට ඉඩක් තිබුණාද? එහෙනම් එරික් සිය පෞද්ගලික මනෝ උපදේශකයා හමුවේ පාපොච්චාරණය කළේ ඇයි? අද වන විට ලයිල් සහ එරික් සිටින්නේ කොහෙද? ඔවුන්ට කවදා හෝ නිදහසක් ලැබේද? මේ වාර්තා වැඩසටහන බලලම මේ දේවල් දැනගන්න එහෙනම්.
මේක මගේ එකසිය තිස් පස්වැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Swimfan (2002) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
631 downloadsDownload The-Menendez-Brothers-2024.zip151 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Swimfan (2002) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
2 comments
Buddhika laKMal
Supun Thiwanka
සුපිරි මෙ වගෙ කතා වලට සබ් දෙන්න ඉතින් ඔයා විතරනෙ. තෑන්ක්ස් බ්‍රො. True Detective, Fargo ඔය දෙකෙත් අන්තිම සීසන් එකට සබ් දෙන්නකො. ඔයා කරන ටයිප් එකෙම ඒවනෙ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි ප්‍රබුද්ද කේසර සහෝ මේ වාර්තාවැඩසටහනට සබ් දුන්නට...
මම මේකේ සීරිස්එකත් බැලුවා ඔයා සබ් දීල තිබ්බ හින්ද...
මේකත් බලනවා ඉතිං.......