The Mehta Boys (2025) Sinhala Subtitles ආයුබෝවන්. පෙබරවාරි 7 වෙනිදා Amazon Prime Video හරහා නිකුත් උන නවතම හිංදි චිත්‍රපටයක් තමයි අද දින ඔබට ගෙන එන්නෙ. පියෙකුගෙයි පුතෙකුගෙයි අතර අති අපූරු සම්බන්ධයක් තමයි මේ කතාවට පාදක වෙන්නෙ. බෝමන් ඉරානි කියන්නෙ හිංදි සිනමාවෙ ප්‍රධාන වශයෙන් විකට චරිත වලට ජනප්‍රිය ඒ…

The Mehta Boys (2025) Sinhala Subtitles

ආයුබෝවන්. පෙබරවාරි 7 වෙනිදා Amazon Prime Video හරහා නිකුත් උන නවතම හිංදි චිත්‍රපටයක් තමයි අද දින ඔබට ගෙන එන්නෙ. පියෙකුගෙයි පුතෙකුගෙයි අතර අති අපූරු සම්බන්ධයක් තමයි මේ කතාවට පාදක වෙන්නෙ.

බෝමන් ඉරානි කියන්නෙ හිංදි සිනමාවෙ ප්‍රධාන වශයෙන් විකට චරිත වලට ජනප්‍රිය ඒ වගේම ඉතාමත් දක්ෂ චරිතාංග නළුවෙක්. මට නම් මතක තියෙන්නෙ 3 Idiots චිත්‍රපටියෙ ප්‍රොෆේසර් වරයව. Dunki (2023) එකත් මත්ක් කර ගන්න .ඉතිං මේ සම්මානනීය නළුවා රචනාව සහ අධ්‍යක්ෂනය කරල නිශ්පාදනයත් කරන මේ චිත්‍රපටය ඉතා සංවේදී කතාවක් රැගෙන එනවා.

ඉරානි මේ චිත්‍රපටයෙ සිය බිරිඳගේ අධිකාරී බලයට යටත් වැඩි වග කීමක් නොමැති වයෝවෘද්ධ තාත්ත කෙනෙක්. දියණිය ඇමරිකාවෙත් පුත්‍රයා මුම්බායි වල ගෘහ නිර්මාණ ශිල්පියෙක් හැටියටත් වැඩ කරනවා. තාත්තයි පුතයි අතර එතරම් හොඳ සම්බන්ධයක් තිබිලම නෑ.වාසනාවකට ඔවුන් දෙදෙනා දුරස්ථව තමයි වාසය කලේ. ඒත් තම ආදරණීය බිරිඳගේ හදිසි අභාවයත් සමග තනි වන ඔහුට සිය බිරිඳගේ සොඳුරු මතකයන් රැගත් නිවස ඇතුළු සියල්ල හැර දමා දියණිය සමග ඇමරිකාවට යාමට අකැමත්තෙන් හෝ සිදු වෙනවා. කෙසේ වෙතත් තමන්ගේ ගුවන් ගමන් දින දෙකක් ප්‍රමාද වීම නිසා ඔහුට සිදුවන්නේ තම පුත්‍රයා සමග දින දෙකක් ගත කිරීමට. සිය රැකියාවේ ගැටළුත් සමග මුම්බායේ ඔහුගේ කුඩා මහල් නිවාසයේ පියා සමග ගත කරන පැය 48 කෙසේ වෙයිද කියල නරඹන්න.

ඉරානි සමග අවිනාශ් තිවාරි, ශ්‍රෙයා චවුද්‍රි සහ පූජා සරුප් මෙහි ඉතිරි ප්‍රධාන චරිත රඟපානවා.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

The Mehta Boys (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,404 downloadsDownload The-Mehta-Boys-2025.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Mehta Boys (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,404 downloadsDownload Subtitles39 KB

3 comments

  1. Anonymous

    Thank You, Dr. Fauci sinhala sub danna puluwanda

  2. Buddhika laKMal

    ස්තූථියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට....

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤