මේ ලෝකෙට බිහි වෙන මිනිසුන් වේවා, සතුන් වේවා, සෑම සියලු දෙනාටම තමන්ගේ අම්මා එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. කලාතුරකින් අහන්න දකින්න වෙන සමහර සිද්ධීන් ඇරුනාම, මම හිතන්නේ මේ ලෝකේ පූජනීයම පදවියක් විදිහට මව් පදවිය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි පියවරුන්ට වඩා මව් වරුන් ගැන කවි, ගී ලියැවෙන්නේ. සිනමාව අති…

මේ ලෝකෙට බිහි වෙන මිනිසුන් වේවා, සතුන් වේවා, සෑම සියලු දෙනාටම තමන්ගේ අම්මා එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. කලාතුරකින් අහන්න දකින්න වෙන සමහර සිද්ධීන් ඇරුනාම, මම හිතන්නේ මේ ලෝකේ පූජනීයම පදවියක් විදිහට මව් පදවිය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි පියවරුන්ට වඩා මව් වරුන් ගැන කවි, ගී ලියැවෙන්නේ. සිනමාව අතින් ගත්තමත් ඉතින් ලොකු වෙනසක් නැහැ. ඒකට තවත් එක උදාහරණයක් තමයි මම මේ අද ඔයාලට අරන් එන්නේ.
චිත්‍රපටයේ නම The Mother (2023). සිංහල තේරුම ඉතින් කියනන් දෙයක් නැහැ නේ. මැයි 12 වෙනිදා නිකුත් වූ මේ චිත්‍රපටය මගේ 53 වෙනි උපසිරැසිය විදිහට මං ඔයාලට අරන් එන්නේ මැයි 14 වෙනිදා, ඒ කියන්නේ ලෝක මව්වරුන්ගේ දිනය දවසේ. ඒකත් පොඩි වෙනසක් නේද?
කතාව ගැන ලොකු දෙයක් කියන්න අදහසක් නැහැ. කෙටියෙන් කිව්වොත් තමන්ට දාව ඉපදුන, වෙන කෙනෙක් ළඟ හැදෙන වැඩෙන දුවෙක්ව, ඒ ඇත්ත අම්මා පරිස්සම් කරන්න ගන්න උත්සාහය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. Mystery/Adventure කාණ්ඩයන්ට වැටුනත් මට නම් මේක මුල ඉඳන්ම ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන්. මම දන්නවා ගොඩක් අය ආසයි කියලා ක්‍රියාදාම චිත්‍රපට බලන්න.
ඉතින් මේ කතාවේ අම්මාට ඉන්නේ අපි හැමෝම දන්නා සරාගී නිලි Jennifer Lopez. අතිශය සටන්කාමී සහ සංවේදී චරිතයක් ඇය විසින් මේ චිත්‍රපටයේ නිරූපණය කරනවා. එතකොට දුවට (සෝයි) ඉන්නේ Lucy Paez. මීට අතිරේකව විලියම්ගේ චරිතය Omari Hardwick විසින් සහ ඒඩ්‍රියන්ගේ චරිතය Joseph Fiennes විසින් රඟපානු ලබනවා.
Jennifer Lopez අපරාධකරුවෙක්ට පහර දෙන අන්දම රූගත කිරීමක් පහලින් දාලා තියනවා.

චිත්‍රපටය එළි දැක්වෙන්නේ Netflix හරහායි. චිත්‍රපටයේ IMDb අගය 5.4 ක් සහ Rotten Tomatoes අගය 45% ක් විදිහට මේ වෙනකොට වාර්තා වෙනවා. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Niki Caro විසින්. විශේෂයෙන් කියන්න ඕන මේක නිෂ්පාදනය කරන්න ප්‍රධාන චරිතය රඟපාන Jennifer Lopez දායක වෙලා තියනවා. එහෙනම් වැඩි කතා ඕන නැහැ. චිත්‍රපටය බලලා comment එකකුත් දාගෙනම යන්නකෝ.
හැමෝටම ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා!
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දී ඇත
11,162 downloadsDownload The.Mother.2023.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
- #2023
- #Andrea Berloff
- #Editor's Pick
- #Jennifer Lopez
- #Lucy Paez
- #MaxxA
- #Misha Green
- #Must Watch
- #Niki Caro
- #Offbeat
- #Omari Hardwick
- #Peter Craig
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #The Mother (2023) Sinhala Sub
- #The Mother (2023) Sinhala Subtitles
- #The Mother Sinhala Sub
- #The Mother Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
සංජන චමෝද්
Bimsara Yashan(ඔලිව)
ෆිල්ම් එක බලන්න කියාපුම දවසෙ සබ් එකත් දීලා උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Roshan Shameera
Thank you saho...
යුරාන් ධනුක (දනුවා)
හොඳ ෆිලුමක් ගැලපෙනම දවසේ දීලා.
උපසිරසියට බොහෝම ස්තූතියි චාමි අයියා.Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝ!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි චාමි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Kushan
Sub akta thanks
Anonymous
Air 2023 subtitles plz
Ruchira
Thanks for the sub!!!!!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ස්තූතියි අයියෙ. ❤️
ෆ්‍රී වෙලාවක බලනෝ මේකත්.