සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනවා. මුලින්ම මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහ…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනවා. මුලින්ම මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් රවිදු හේෂාන් සොයුරාට විශේෂ ස්තුතියි පිරිනමනවා. වැඩි අටුවාටීකා නැතුව ඉක්මණින්ම සිනමාපටයේ අනෙකුත් තොරතුරු දෙස අවදානය යොමුකරමු.

මේ වසරේ අප්‍රේල් මස 14 දින තිරගත කල මෙම චිත්‍රපටය දමිළ නළු Arulnithi සහ Bharathiraja, යන දෙපල විසින් ප්‍රධාන චරිත හොබවන Harish Prabhu ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු Lyca Productions යටතේ නිර්මාණය වුනු psychological සහ action thriller වර්ගීකරණයට අයත් වන සිනමාපටයක් ලෙස Thiruvin Kural (තිරුගේ හඬ) හඳුන්වා දෙන්න පුළුවන්. සිනමාපටයේ විශේෂයෙන්ම කතා කල යුතු දෙයක් නම් මෙහි ප්‍රධාන චරිතය හොබවන Arulnithi ගේ මීට පෙර නොදුටු අපූරු රංගනය සහ අනෙකුත් සෙසු නළුවන්ගේ රංගන ප්‍රතිභාව ගැනය. Arulnithi විසින් සැමදා මෙන් ඔහුටම ආවේනික වූ තිරපිටපතක් තෝරාගෙන ඇති බවද පෙනි යන අතරම මෙම චිත්‍රපටයේ දුෂ්ඨ චරිතයන් හොබවන නළුවන් විශේෂයෙන් තමන්ගේ කර්තෘව්‍ය ඉතාමත් හොඳින් ඉටුකර ඇති බව සිනමාපටය නරඹන විට ඔබටත් පසක් වේවි.

චිත්‍රපටය නැරඹීමට ඉහත ඡේදයේ ඇති තොරතුරු ප්‍රමාණවත් යැයි කියා මා සිතනවා. සිනමාපටය නරඹන ලෙසට ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි  HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,370 downloadsDownload Thiruvin-Kural-2023.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

4,370 downloadsDownload Subtitles30 KB

20 comments

  1. මයුර

    සබට බොහොම තුති අයියෙ

  2. Anonymous

    Ela ela mtr

  3. Naveen Mbr

    පුදුමෙනුත් පුදුමයක්. බොහොම ස්තූතියි තරිඳු අයියේ!

  4. Ravindu_Heshan

    බොහොම ස්තූති අයියේ මගේ මේ සබ් එකට

  5. Kushan

    Sub akta thanks

  6. යුරාන් ධනුක (දනුවා)

    කාලෙකින් සුපිරියක් ගෙනල්ලා..
    බොහෝම ස්තූතියි තරිදු අයියේ.

  7. Ravindra

    Thanks sub ekata

  8. බොබී

    උපසිරැසිකරයේ සෑහෙන මතක නමක් බ්‍රෝ... , ඒ කාලෙ ඉදන් උපසිරැසි දුන්න එකට ස්තුතියි කියන්න මේක අවස්ථාවක් කරගන්නව. යෝ යෝ ස්තුතියි බ්‍රෝ...

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Anonymous

    Patta

  12. Naveen

    උපසිරසියට තුති

  13. Sujith

    Thanks for sub machoo..

  14. Anonymous

    thanks brother

  15. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  17. dulan

    ස්තුතියි !

  18. Idunil Weerasinghe

    Thanks brother

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. බණ්ඩා

    සුපිරියක්