ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ Horror කැටගරි එකට අයත් චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක Horror කිව්වට ගොඩක්ම අයිති වෙන්නෙ Psychological Horror යන කාණ්ඩයට. ඇත්තටම කිව්වොත් මේක 2020 වර්ෂයෙදී Sundance Film Festival තිරගත වුණු එකක්. නමුත් හොඳ කොපියක් නිකුත් වුණේ මේ ළඟදි වගේ. ඒකත් මේ හැලොවින් කාලෙම. කොහොමහ…

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ Horror කැටගරි එකට අයත් චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක Horror කිව්වට ගොඩක්ම අයිති වෙන්නෙ Psychological Horror යන කාණ්ඩයට. ඇත්තටම කිව්වොත් මේක 2020 වර්ෂයෙදී Sundance Film Festival තිරගත වුණු එකක්. නමුත් හොඳ කොපියක් නිකුත් වුණේ මේ ළඟදි වගේ. ඒකත් මේ හැලොවින් කාලෙම. කොහොමහරි මේ වෙද්දී IMDb අගය 6.6 ක අගයක් සහ කුණු තක්කාලි අගය 86% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ David Bruckner විසින්. ඒවගේම රංගනයෙන් Rebecca Hall l Sarah Goldberg l Evan Jonigkeit l Stacy Martin l Vondie Curtis-Hall දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ඕවන් කියන කෙනාගෙ දිවි නසාගැනීමත් සමඟ. මොහුගෙ බිරිඳ තමයි බෙත්. මේ ජෝඩුව මේ සිදුවීම වෙන්න කලින් හරිම සතුටින් තමයි ජීවත් වෙන්නෙ. කාටවත් හිතාගන්න බැරි වෙනවා ඇයි ඔහු මේ වගේ දෙයක් කරේ කියලා. කොහොමහරි බෙත් ආපහු පරණ ජීවිතයටම යනවා. හැබැයි ඇය තවමත් ඉන්නෙ ඕවන් එහෙම නැත්තම් ඇයගෙ සැමියා මැරුණු නිවස තුළයි. ඇයට ඔහුව කොයිවෙලෙත් මතක් වෙනවා. හැබැයි දවසක් මෙයාට ඇමතුමක් එනවා ඕවන්ගෙන්. ඔව්, ඒ මැරුණු කෙනාගෙන් තමයි. ඇයටත් විශ්වාස කරන්න බැරිවෙනවා. හැබැයි මේ ගොඩක් කොඳුරනවා වගේ දෙයක්. ඒවගේම තමයි ඇයට මේ ගෙදර ඉද්දි ඕවන් ළඟ ඉන්නවා වගේ දැනෙනවා. ඉතින් මේ ගැන යහළුවොන්ට කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. එයාලා කියන්නෙ අවුරුදු ගාණක් ඒ ගෙදර ඉඳලා ඉන්න නිසා එහෙම හැඟීමක් ඇතිවෙනවා කියලා. ඔන්න දවසක් බෙත් ඕවන්ගෙ බඩුමුට්ටු එහෙම අවුස්සනවා. එවෙලේ මෙයා ඔහුගෙ ෆෝන් එක වගේම ගෙදර හදපු සැළැස්ම හොයාගන්නවා. හැබැයි මේ සැළැස්ම නම් ටිකක් අමුතුයි. ඇයට හිතාගන්න බැහැ ඒ මොකක්ද කියලා. ඒවගේම තමයි ඇය හොයාගන්නවා ෆෝන් එකේ තිබිලා වෙන ගැහැණු අයගෙ පොටෝ වගයක්. ඒවගේම තමයි ඔහුට වැව එහා පැත්තට වෙන්න තවත් නිවසකුත් තියෙන බව. ඒත් ඇයි ඒ? කොහොමද ඔහු මෙච්චර කාලයක් බොරුවක් කරේ? ඒ ගැහැණු අය කවුද? මේ ගෙදර අමුතු සැළැස්ම මොකක්ද? මේ ගෙදර තියෙන අවුලක්ද? කියන ප්‍රශ්ණ තමයි බෙත්ගෙ හිතේ ඇතිවෙන්න ගන්නෙ. එහෙනම් අවසානය වෙනකම් බලන්නකෝ. හිතන්නෙ නැති දෙයක් තමයි සිද්ධ වෙන්නෙ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,130 downloadsDownload The-Night-House-2020-Blu-Ray.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2020
- #Christina Jackson
- #David Abeles
- #Evan Jonigkeit
- #Must Watch
- #Offbeat
- #Patrick Klein
- #Rebecca Hall
- #Sarah Goldberg
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Stacy Martin
- #Subs
- #Vondie Curtis-Hall
- #You Decide
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
Kushan
Anonymous
නියමයි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Patta
ශාමල් මනෝජන්
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ Midsommar Director's Cut එකට සබ් එක අප්ඩේට් කකරහංකො මචං
charith
සබ් එකට ස්තුතියි..ජය වේවා
Bimsara Yashan
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
දැන් එන ඉංග්‍රිසී හොරර් ෆිල්ම් නම් මොලෝ රහක් නෑ
රෑ 12ට බැලුවත් බය හිතෙන්නේ නෑRavindu Rukshan
ඒ කතාව නම් ඇත්ත, නමුත් මේක ගොඩක්ම අයිති වෙන්නෙ හොරර් ගණයට නෙමේ.
Anthony Morningstar
උපසිරැසියට බොහෝම ස්තිතියි,
ජයෙන් ජයම වේවා...!!Naveen
උපසිරසියට තුති
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pradeep Kumara
Palm springs sub denako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika 75
thanks..
lakshan
thanks ......................
Dewadithya
Thanks for Sub!
දහරා මුතු අමා
බොහොම ස්තූතියි උපසිරැසියට
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith samarawickrama
Thanks saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks