කොහොමද යාලුවනේ මගෙ 05වෙනි උපසිරැසියෙන් අව්රැද්දකට විතර පස්සෙ මම ආවේ මගෙ 06වෙනි උපසිරැසියත් එක්ක. නව රැකියාවක් ලැබුනු නිසා උපසිරැසිකරණය යම් පසු බෑමක් ඇතිවුනා. මේ පාර මම අරන් ආවේ චීන ජපන් චිත්‍රපටයක් වගේම මේක ඇවිත් අපි කව්රැත් ආසා කරන ජැකී චෑන් රඟපාන ෆිලුමක්. ජැකීගේ එකක් නම් ඉතින් ආයේ දෙපාරක් හිතන් න…

කොහොමද යාලුවනේ මගෙ 05වෙනි උපසිරැසියෙන් අව්රැද්දකට විතර පස්සෙ මම ආවේ මගෙ 06වෙනි උපසිරැසියත් එක්ක. නව රැකියාවක් ලැබුනු නිසා උපසිරැසිකරණය යම් පසු බෑමක් ඇතිවුනා. මේ පාර මම අරන් ආවේ චීන ජපන් චිත්‍රපටයක් වගේම මේක ඇවිත් අපි කව්රැත් ආසා කරන ජැකී චෑන් රඟපාන ෆිලුමක්. ජැකීගේ එකක් නම් ඉතින් ආයේ දෙපාරක් හිතන් නෑ බලනවනේ, මේ චිත්‍රපටයේ නම වෙන්නේ Shinjuku Incident. 2009 වර්ෂයේ නිකුත්වුන චිත්‍රපටියක් වෙන මේක ගොඩක් අයට අනිවා මිස් වෙලා ඇති. IMDB මීටරේ 07 දක්වා කරකවන්න පුලුවන් වෙලා තියෙනවා. මෙහි අධ්‍යයක්ෂණය Tung-Shing yee වේ. මෙහි ප්‍රධාන චරිතය ජැකී නිරෑපනය කරන අතර ඊට අමතරව Jinglei Xu/ Daniel Wu/ Suet lam වැනි තරමක් ජනප්‍රිය නලු නිලියන්ද මෙහි චරිත නිරෑපනය කරනු ලබනවා.

වැඩි කතා නැතිව චිත්‍රපටය පැත්තට හැරැනොත් චීන නීතිවිරෝධි සංක්‍රමණිකයින් පිරිසක් ජපානයට පැමිණෙනවා. මෙම එන පිරිස අතර Steel Head (ජැකී චෑන්) සිටිනවා. ඔහුගේ ගමේ පෙම්වතිය රැකියාවක සොයා ජපානයේ තම නැන්දා කෙනෙකු සොයා පැමිනි පසු ඇය පිලිබඳ කිසිදු තොරතුරක් නැතිව යනවා. ඇය සොයාගෙන ජපානයට එන ජැකීට සිදුවන්නේ නොදන්නා දේශයක සිදුවීම්මාලාවකට මුහුණ දීමටයි. ඔහුට මුහුණ දීමට සිදුවන සිදුවීම් මොනවාද තම පෙම්වතිය සොයාගැනීමට හැකිවේවිද. අවසානය කුමකින් කුමකට පත් වේවිද යන්න ඔයාලම බලල තීරණය කරන්න. සංක්‍රමණිකයෙක්ට නොදන්නා දේශයකදී මුහුන පෑමට සිදුවිය හැකි සිදුවීම් මොනවාද යන්න ගැන බොක්කටම වැදෙන ෆිලුමක් කීවොත් මම නිවැරදියි.

යන්න කලින් තව දෙයක් කියන්න ඕනි තවමත් රට පුරා කොරෝනා ව්‍යයසනය පහව ගිහින් නැති නිසා අපි හැමෝම අපෙ වගේම අනික් අයගෙ ආරක්ෂාව ගැනද හිතලා අපි සෞඛ්‍යය නීති අකුරටම පිලිපදිමු යන පනිවිඩයත් ඔයාලට දීලා අදට මම යනවා ‍ෆිල්ම් එකයි සබ් එක ගැනයි ලෝබ නැතිව අදහසකුත් පහලින් දාගෙන යන්න කියලා පොඩ්ඩක් ඉල්ලා සිටිනවා. ආයෙත් උපසිරැසියක් සමග හමුවෙන තුරැ ජයවේවා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,301 downloadsDownload Shinjuku.Incident.2009.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිසර ධර්මපාල

Subtitles

2,301 downloadsDownload Subtitles54 KB

13 comments

  1. ශාමල් මනෝජන්

    අම්මෝ හුඟ කාලෙකින් ජැකීගේ ෆිල්ම් එකක් දීලා. ගොඩක්ම ස්තූතියි සහෝ.

    හැකිනම් ජැකීගේ
    Island of Fire - 1990
    Namiya - 2017
    ෆිල්ම් දෙකටත් සබ් දෙන්නකෝ.

    1. Ruchira

      Hari saho idiryedi dennm

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anonymous

    Thanks jayawewa....!

  4. Anonymous

    Elaa mallum ayye

  5. Anonymous

    Mchn chinese , korean aluth set ekakma awith thynow
    Ewata sub dynko

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for Sub!

  10. Sammer

    Meka 1999 Film ekek newei meka 2009 Film ekak

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. dana

    unable to pharse the substittle file.Syntax error at the line 1407 :
    me mokakkd