Watch Trailer

The Normal Heart (2014) | වෛරසයක් නිසා… (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. අද අරන් ආවේ නම් වෙනස්ම කතාවක්. මේක රීලිස් වුනේ නම් මැයි 25, වුනාට අධික කාර්‍ය බහුලත්වය නිසාම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න වුනා. ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා, අපේ සමීර කරුණාරත්න සහෝට, මාව මේ නිර්මාණය ගැන දැනුවත් කලාට.කෙසේ වෙතත්, මම මේ ආකාරයට, මේ සලරුව ඔබට හදුන්වා දෙන්නම්… සමලිංගිකත්වය, ලං…

The normal heart (2014)

කොහොමද හැමෝටම. අද අරන් ආවේ නම් වෙනස්ම කතාවක්. මේක රීලිස් වුනේ නම් මැයි 25, වුනාට අධික කාර්‍ය බහුලත්වය නිසාම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න වුනා. ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා, අපේ සමීර කරුණාරත්න සහෝට, මාව මේ නිර්මාණය ගැන දැනුවත් කලාට.කෙසේ වෙතත්, මම මේ ආකාරයට, මේ සලරුව ඔබට හදුන්වා දෙන්නම්…

සමලිංගිකත්වය, ලංකාවේ අපට නම් ආගන්තුග වචනයක් වුනාට, ලෝකයේ ඇතැම් රටවලට මේ මාතෘකාව සාමාන්‍ය වචනයක් පමණයි. කාන්තාවකට, පුරුෂයෙක් කෙරෙහි ආදරයක් ඇති වීම මෙන්ම, පුරුෂයෙකුට, කාන්තාවක් කෙරෙහි ආදරයක් ඇති වීම සාමාන්‍ය ස්වභාවික කාරණයක්. එහෙත් පුරුෂයෙකුට, තවත් පුරුෂයෙක් කෙරෙහි ආදරයක් ඇතිවීම මෙන්ම, කාන්තාවකට, තවත් කාන්තාවක් කෙරෙහි ආදරයක් ඇතිවීම සමාන්‍ය ක්‍රමයෙන් බැහැර වූ කාරණයක්. ලෝකයේ විවිධ දාර්ශනිකයන් මෙන්ම, විශේෂඥයින් පවසන්නේ, පුරුෂයෙකුට කාන්තාවක් කෙරෙහි ආදරයක් ඇති වන්නා සේම, පුරුෂයෙකුට තවත් පුරුෂයෙක් කෙරෙහි, ආදරයක් ඇති විය හැකි බවයි. එකිනෙකාගේ මානසික ක්‍රියාකාරීත්වය මෙන්ම, හෝමෝන වල බලපෑම් නිසා එසේ සමලිංගිකයන් කෙරෙහි ආකර්ශනයක් ඇති වීම පමණක් මිස, මානසික ආසාත්මික තාවයක් නොවන බව ඔවුන් පෙන්වා දෙයි. මේ පිළිබදව ඔබට මෙතනින් තව දුරටත් කරුණු අධ්‍යනය කිරීමට පුළුවන. 

1985 දී Larry Kramer විසින් රචිත The Normal Heart නම් ග්‍රන්ථය මුල් කරගනිමින්, Ryan Murphy විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය, සමලිංගිතාව මුල් කරගනිමින් යම් කිසි රෝගයක ව්‍යාප්තියක් කියා පෑමට උත්සහ දරන්නක් වශයෙන් කෙටියෙන් හැදින්වීමට පුළුවන. මේ රෝගය අන් කිසිවක් නොව, වර්තමානයේ, මුළු ලෝකයම බියට පත්වන HIV/AIDS වෛරසයයි. 1985 යන කාලය තුල, මෙය ලෝකයට ක්‍රම ක්‍රමයෙන් ආගමනය සිදු වු කාලය ලෙස හදුන්වන්න පුළුවන්. නිව්යෝක් නගරය වටා ගෙතෙන මේ කතාව, පැති දෙකක් ඔස්සේ ලෝකයට නිරාවරණය කරනවා. ඉහත සදහන් කල පරිදි, සමලිංගිකතාව එක කරුණක් ලෙසත්, HIV වෛරසය කොපමණ දරුණු බවකින් යුක්තයි ද, යන බවත් එම ප්‍රධාන අංශයන් ලෙස දක්වන්න පුළුවන්.රංගනය ගැන විමසා බලන විට, අති තාත්වික රංගනයක් දැක ගත හැකියි. රංගනයෙන් දායක වන්නන් ලෙස, Mark Ruffalo (ඇවෙන්ජර් චිත්‍රපටය තුළ, හල්ක් චරිතය), Julia Roberts, Jonathan Groff වගේ ප්‍රබල නළු, නිළියන් පිරිසක් දැක ගත හැකියි. සාර්ථක, ආදර්ශමත් නිර්මාණයක් වන මෙයට 8.0 IMDB අගයක් ලබා ගැනීමට සමත් වූවා. එමෙන්ම පසු ගිය එමි සම්මාණ උළෙලදී, වසරේ හොදම ටෙලි චිත්‍රපටය ලෙස සම්මාණයට පාත්‍ර වූවා සේම, වසරේ හොදම නළුවා, වසරේ හොදම සහය නළුවා ආදී වශයෙන්, නිර්දේශ වූ චිත්‍රපටයක් ලෙස දක්වන්න පුළුවන. ප්‍රධාන මාතෘකාවට අමතරව, කණ්ඩායමක් විදිහට ක්‍රියා කල යුතු ආකාරය, ප්‍රශ්ණයක් හමුවේ මුහුණ දිය යුතු ආකාරය වගේ, ආදාර්ශ ‍රැසක් ඔබට මේ චිත්‍රපටයෙන් දැකගත හැකියි.

වෙනස් ආරයක කතාවක් නිසා, බලන්න කියලා ඔයාලට ඇරයුම් කරනවා. තව දෙයක්, සාමාන්‍යයෙන් අපට මෙහි විමසන මාතෘකාව නුහුරු නිසාම, පෞද්ගලිකව මට, ඇතැම් දර්ශන පිළිකුල් සහගත බවක් දැනුනා. මෙහි විමසීමට ලක් කරන මාතෘකාව බරපතළ නිසා, අනිවාර්‍යන් අවුරුදු 18 වැඩි අය පමණක් මේ චිත්‍රපටය නැරඹීමට වග බලා ගත යුතු බව අවසානයට කියන්න කැමතියි. වෙනස්ම මාතෘකාවක් නිසා කැමති අය විතරක්, බලන්න කියලා, ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නම්.තවත් නැවුම්, ආදර්ශවත් සලරුවක් ‍රැගෙන එන තෙක් ඔබ සැමට ජය..!

The Normal Heart (2014) on IMDb

 

 

877 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

74C22111920CE574B47730A6DFF4B2C0DA943048

1.95 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

DDEDD42208BA1730A00C41497AC01EE1BEF71035 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,479 downloadsDownload The-Normal-Heart-2014.zip135 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රනිල් ශ්‍රීමාල්

Subtitles

2,479 downloadsDownload Subtitles135 KB

30 comments

  1. widuranga

    thanx shooooooooooo 1nma

  2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි කොල්ලෝ...
    ආදර්ශමත් ෆිල්ම් එකක් නම් තමා කියලා තියෙන විදියට නම්..
    ඒත් අනේ මන්දා..
    බොහෝ දුරට ගන්න නම් හිතෙන්නේ නැහැ මේ වගේ එව්වා...
    ඒත් කෝකටත් කියලා බාලා තියාගන්නවා...
    අනික සුපිරි නළුවෝ දෙන්නෙක් ඉන්නෙත් නේද?..
    බලමුකෝ..
    ජය වේවා!!

  3. නලින් පෙරේරා

    ස්තුතියි රනිල් සහෝ!

    ජය වේවා!

  4. Kulanjana Maduranga

    wenasma storyak.subata thanks RANIL saho.digatama sub denn.jaya wewa...............

  5. SomE OnE

    Thanx for the sub bro.. keep it up.. (Y)

  6. sanjeewa

    thanks

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. දමිත්

    ස්තුතිය සහෝ ..
    මේක 8.ක් අරන් තියෙනවා IMDB එකේ.
    මේ වගේ එකක් දුන්නට ගොඩක් සිතුතියි.
    ජයෙන් ජය

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි රනිල් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. Udara Sanka Gamage

    uhjkhjk

  12. indika

    thnq :)

  13. Tharindu

    I think another important fact is missing in this article regarding the movie. That is; almost all the actors in this movie are gay.

    1. Ranil Srimal

      Yeah, buddy. I think so. But they are actor. I respect them, because awesome act in this movie.
      But, aniway, thanks for you comment.
      Thanks for catch up another important fact, in this movie. :) :)

  14. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ .
    දිගටම උපසිරැසි දෙමු .
    ජය !
    :D

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. wasantha

    r thanks

  18. “චූටී මල්ලි”

    එල
    එකක් වගෙ
    මාත් සෙට් උනොත් බලන්න ඔනි
    එල රනිල්
    සබට තුති
    ඔබට ජය...........

  19. Kuma

    හැමෝම කතා කරන්නෙ නැති මාතෘකා වෙනුවෙන් ලබාදුන් සලෙරුවට ස්තුතියි
    රනිල් සහෝ ...

    Down වෙන්න අපිත් දානව ඔන්න...

  20. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    පට්ට වගේ
    බාන්න ඕනි
    ජය

  21. Chami

    thanks....

  22. Chami

    Thanks...

  23. amila

    ko bn meka down krnna torrent link eka denne nane

  24. amila

    i want fast solution for this

    1. Ranil srimal

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  25. nidi

    thanks Ranil, honda wedak.

  26. ashan lankanath

    thanks ........................

  27. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  28. Dewadithya

    Thanks for sub!