The Old Gun (1975) Sinhala Subtitles ‘ආයුබෝවන් සුබ දවසක් හැමෝටම.. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න සුපුරුදු විදිහට සුපුරුදු රටාවෙන් සිංහල උපසිරසියක් අරන් ආවා. ඉඩක් ලැබෙන විදිහට අළුත් චිත්‍රපට බලන ගමන් අඩවිය පැත්තටත් ඔලුව දාගෙන යනවා. ඒ නැතත් චැට් එකෙන් නම් නිතරම අඩවියේ අනික් සහෝදරයින් එක්ක සම්බන්ධ වෙනවා. මේ…

The Old Gun (1975) Sinhala Subtitles

‘ආයුබෝවන් සුබ දවසක් හැමෝටම..
සෑහෙන කාලෙකට පස්සේ ඔන්න සුපුරුදු විදිහට සුපුරුදු රටාවෙන් සිංහල උපසිරසියක් අරන් ආවා. ඉඩක් ලැබෙන විදිහට අළුත් චිත්‍රපට බලන ගමන් අඩවිය පැත්තටත් ඔලුව දාගෙන යනවා. ඒ නැතත් චැට් එකෙන් නම් නිතරම අඩවියේ අනික් සහෝදරයින් එක්ක සම්බන්ධ වෙනවා. මේ චිත්‍රපටයත් අහම්බෙන් වගේ බලන්න සෙට් වුන චිත්‍රපටයක්.

Le Vieux Fusil නැත්නම්  The Old Gun.

1944 දී සිදුවූ Oradour-sur-Glane නම් සංහාරය මත පදනම්ව 1975 දී තිරලත කෙරුණ ප්‍රංශ චිත්‍රපටයක්.

ජුලියන් ඩැන්ඩියු යනු 1944 දී  නෝමන්ඩි ආක්‍රමණය අතරතුර මොන්ටොබාන් වල රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහුගේ බිරිඳ සහ පෙර විවාහයේ දියණිය සමඟ ඔහු සාමකාමී ලෙස ජීවත් වේ. ඩැන්ඩියු ජර්මන් ආක්‍රමණයට බෙහෙවින් විරුද්ධය. එනිසාම ඔහු තුවාල ලත් ප්‍රංශ විප්ලවකාරී පාක්ෂිකයින්ට ප්‍රතිකාර කරයි. මෙනිසාම ඔහුට නිතිපතා තර්ජනද ඇතිවේ. මොන්ටොබාන් වලට ඇතුළු වන ජර්මානුවන්ගේ වර්ධනයත් ඔහුට එල්ලවන තර්ජනත් සමඟ ඔහු සිය පවුලේ අය ඔහුගේ ළඟම යාළුවා මාර්ගයෙන් ඈත ගමකට පිටත් කර හරියි. වැඩි පරිස්සමට පවුලේ ආරක්ෂාව ගැන හිතන ඩැන්ඩියුට තමන්ගේ සමීපතමයන් අහිමි වෙන්නේ එතැන් සිටයි..

1975 දී රොබට් එන්රිකෝ විසින් අධ්‍යක්ෂණය කල Le Vieux Fusil නැත්නම්  The Old Gun චිත්‍රපටය තමයි මේ. මෙහි  ජුලියන් ඩැන්ඩියු ලෙස පිලිප් නොයිරෙට්, ක්ලාරා ලෙස රෝමි ෂ්නයිඩර් සහ ෆ්‍රැන්කොයිස් ලෙස ජීන් බෝයිස් රංගනයෙන් දායක වේ.

මෙම චිත්‍රපටය වෙනුවෙන් 1976 දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම සංගීතය වෙනුවෙන් සීසර් සම්මානය දිනා ගත් අතර හොඳම අධ්‍යක්ෂණය, සහාය නළුවා, රචනය, කැමරාකරණය, සංස්කරණය සහ ශබ්දය වෙනුවෙන් නම් කර ඇත.

1975 අගෝස්තු 22 තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය විනාඩ් 103ක ධාවන කාලයකින් යුක්ත වන අතර මෙහි IMDb අගය 7.5/10 වේ.

එහෙනම් අදට මං සමුගන්නම්.. හැමෝටම සුබ දවසක්..
ජය වේවා..

The Old Gun (1975) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

679 downloadsDownload The-Old-Gun-1975.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Old Gun (1975) Sinhala Subtitles

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

679 downloadsDownload Subtitles37 KB

1 comment

  1. Buddhika laKMal

    කාලෙකින් සුපිරිම එහෙකට සබ් ගෙනල්ල තියෙන්නේ....
    තෑන්ක්ස් මචං සබට