Dragon (2025) Sinhala Subtitle සාදරයෙන් පිළිගන්නව තවත් අළුත් ෆිල්ම් එකකට. අද අරන් ආවෙ අද රිලීස් උන ගොඩ දෙනෙක් එනකන් බලන් හිටපු සුපිරි ෆිල්ම් එකක් ඉතින් ඔයාල 2022 ආපු ප්‍රදීප් ගෙම Love Today ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා. ඒකට පස්සෙ ආව ප්‍රදීප්ගෙ අලුත්ම ෆිල්ම් එක තමයි Dragon එක. ප්‍රදීප්ගෙ Love Tod…

සාදරයෙන් පිළිගන්නව තවත් අළුත් ෆිල්ම් එකකට. අද අරන් ආවෙ අද රිලීස් උන ගොඩ දෙනෙක් එනකන් බලන් හිටපු සුපිරි ෆිල්ම් එකක් ඉතින් ඔයාල 2022 ආපු ප්‍රදීප් ගෙම Love Today ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා. ඒකට පස්සෙ ආව ප්‍රදීප්ගෙ අලුත්ම ෆිල්ම් එක තමයි Dragon එක. ප්‍රදීප්ගෙ Love Today ෆිල්ම් එකත් කිසිම ගේමක් නැතුව ඉන්දියන් රුපියල් කෝටි 100 කඩයිම පසු කරා වගේම මේකත් ලබපු ආදායම ඉන්දියන් රුපියල් කෝටි 150ට අධික මුදලක් ඉපයූවා. ප්‍රේක්ශක ප්‍රතිචාර ගොඩක් ලැබුනු ෆිල්ම් එකක්. ප්‍රදීගෙ මේ ෆිල්ම් දෙකම බ්ලොක්බ්ලාස්ටර් තමයි. ඒ වගේම ප්‍රදීප් ගැන කියනවනම් ෆිල්ම් ඩිරෙක්ට් කරන්න කලින් මේ ෆීල්ඩ් එකට එන්න ලොකු කට්ටක් කාපු කොල්ලෙක්. ඒ වගේම ඔහු මේ ෆීල්ඩ් එකට එන්න කලින් කරපු කෙටි චිත්‍රපට තාමත් යූ ටියුබ් එකේ බලාගන්න පුළුවන්.
ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත් මේක තිර රචනය සහ අද්‍යක්ෂණය කරන්නේ Ashwath Marimuthu විසින්. ඒ වගේම කලින් කීව විදියට මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ ප්‍රදීප් (රාඝවන් ලෙසින්) ඒ වගේම අනුපමා පරමේෂ්වරම් (කීර්ති ලෙසින්). Kayadu Lohar ( පල්ලවී ලෙසත්) Gautham Vasudev Menon ( කුමාර් ලෙසත් ) රන්ගනයෙන් දායක වෙනවා. මීට අමතරව, Indumathy Manikandan , VJ Siddhu , Harshath Khan වගේ අපි දන්න ගොඩක් නළු නිළියො මෙහි රංගනයෙන් දායක වෙනවා.ඉතින් කතාව පැත්තට ගියොත්,
“ හොදට ඉගනගෙන හොද කොල්ලෙක් උනොත් තමයි කෙල්ලො කැමති වෙන්නෙ කියල කියනව නේද? ඒ ඔක්කොම පට්ටපල් බොරුනේ” මේක තමයි රාඝවන්ගෙ ප්‍රශ්නේ. 12 වසර විභාගයෙන් 96% ප්‍රතිශතයක් අරන් ලොකුම කොලේජ් එකකට යන්න ලැබෙන D. රාඝවන් එහෙදි ඩ්‍රැගන් කියල එයාටම ආවේනික නමකුත් හදාගෙන කොලේජ් එකේ අපේ බාශාවෙන් කිව්වොත් කාලකන්ණියෙක් වගේ හැසිරෙන්නේ. මේ වැඩ නිසාම රාඝවන් කෙල්ලෙකුත් කොලේජ් එකෙන් දාගන්න පුළුවන් වෙනව. ඒත් කොලේජ් එකේ අන්තිම සෙමෙස්ටර් එකෙන් රාඝවන් ඇරියස් පේපර් 48 ක් තියල මේකෙන් අයින් වෙනව. එතකොට තමයි කොලේජ් එකේදි යාලු උන කෙල්ලත් මෙයාව දාල යන්නෙ.මීට එහා මොකුත්ම කියන්න යන්නෙ නෑ මෙතනින් එහාට තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ.ඉතින් රාඝවන් කියන්නෙ කවුද? ඊට පස්සෙ මෙයා මොනවද කරන්න යන්නේ? මේ හැමදේම දැනගන්න ඔයාලට මේ පට්ට ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
5,249 downloadsDownload Dragon-2025-1.zip83 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dragon (2025) Sinhala Subtitle
Subtitles by
චතුර සංදීප
Subtitles
1 comment
Tharidu Sagara
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤