The Photographer of Mauthausen (2018) Sinhala Subtitles Mar Targarona ගේ අධ්‍යක්ෂණයෙන් සහ Netflix හී සම ප්‍රචාණයෙන් 2018 වසරේදී විකාශනය වූ The Photograher of Mauthausen දෙවන ලෝක යුද්ධ සමයේ ඔස්ත්‍රියාවේ පැවති Mauthausen සිර ගෙදර සිදුවූ සත්‍ය සිදුවීම් මාලවක් ඇසුරෙන් නිර්මාණය වූ ස්පාඤ්ඤ චිත්‍රපටියක්.…

The Photographer of Mauthausen (2018) Sinhala Subtitles Mar Targarona ගේ අධ්‍යක්ෂණයෙන් සහ Netflix හී සම ප්‍රචාණයෙන් 2018 වසරේදී  විකාශනය  වූ The Photograher of Mauthausen දෙවන ලෝක යුද්ධ සමයේ ඔස්ත්‍රියාවේ පැවති  Mauthausen සිර ගෙදර සිදුවූ සත්‍ය සිදුවීම් මාලවක් ඇසුරෙන් නිර්මාණය වූ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. දේශපාලනික සිරකරුවෙක් වශයෙන් මේ සිරගෙදර ඡායාරූප ගැනීම් සිදුකල ෆැන්සිස් බොශ් mauthausen හී දී නාසී පාලනය විසින් සිදුකරන ලද සාපරාධී සිදුවීම් වල ඡායාරූප විනාශයට පත් නොවී ආරක්ෂා කරගැනීමට දරණ උත්සහයක් තමා මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ. ස්ටාර්ලින්ගාඩ් සෝවියට් හමුදා යටත් කරගැනීමෙන් පසුව මේ ඡායාරූප වල තිබූ සාක්ෂී නාසී හමුදාවන්ට අනතුරක් වූ නිසාවෙන් ඔවුන් ඒවා විනාශ කරන්න උත්සහ කළත්, බොශ් සහ මේ සිරකදවුරේ සිටි ඇතැමුන් ඒ සාක්ෂි විනාශ වීමට නොදී සඟවා ගත් ආකාරයත් ඔවුන්ට ඇති වුණු බාධකත් මේ චිත්‍රපටියේ අන්තර්ගතයි. අවසානයේ  සෝවියට් හා විමුක්ති සටන්කාමින්ගේ ප්‍රහාර හමුවේ ඔස්ත්‍රියාවට නාසී පාලනයෙන් ගැලවීමට හැකියාව ලැබෙනවා. ෆැන්සිස් බොශ්ගේ උත්සහයන් නිසා මේ අදටත් Mauthausen හි සිදු වෙච්ච අදුරු මතකයන් ලෝකයාට දකින්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අධිකරණය හමුවේ නාසීවරුන්ට විරුද්ධව සාක්ෂී හැටියටත් මේ ඡායාරූප වැදගත් වෙලා තියෙනවා.

මේ තියෙන්නේ Boix කැමරාවට හසුකරගත් සත්‍ය චායාරූප

Bioxට ඡායාරූප පටි සැගවීමට උදව් වූ පිරිසෙන් කීපදෙනෙක්

Boixගේ ඡායාරූප පටි
ගුසෙන් වල මරණයේ පඩිපෙළ
Mauthausen සිරගෙදර සෝවියට් හමුදා පලනයට ගත් පසු
SS නිලධාරින් විසින් මරා එල්ලූ සිරකරුවෙක්

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,925 downloadsDownload Photographer-of-Mauthausen-2018.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Photographer of Mauthausen (2018) Sinhala Subtitles

Subtitles by

නදුන් පියුමන්ත

Subtitles

1,925 downloadsDownload Subtitles29 KB

4 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි නදුන් සහෝ උපසිරැසියට....

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Akila Dilhara

    Thanks for Sub..