The Iron Claw (2023) Sinhala Subtitles ආයුබෝවන්, දිගින් දිගටම මලයාලි සහ හිංදි චිත්‍රපට රැසක් පහු ගිය කාලෙ කලා. ඒ සඳහා ලැබුනු ප්‍රතිචාර අති මහත්. ඔන්න කාලෙකට පස්සෙ ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙන එන්න තීරණය කලා. IMDB 7.7 ක් පවත්වාගෙන ඇති මෙය හොඳ ප්‍රතිචාර ලැබූ ඉතා උණුසුම් ක්‍රීඩාවට සම්බන්ධ චරිතාපදාන ප්‍රබ…

The Iron Claw (2023) Sinhala Subtitles

ආයුබෝවන්, දිගින් දිගටම මලයාලි සහ හිංදි චිත්‍රපට රැසක් පහු ගිය කාලෙ කලා. ඒ සඳහා ලැබුනු ප්‍රතිචාර අති මහත්. ඔන්න කාලෙකට පස්සෙ ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙන එන්න තීරණය කලා. IMDB 7.7 ක් පවත්වාගෙන ඇති මෙය හොඳ ප්‍රතිචාර ලැබූ ඉතා උණුසුම් ක්‍රීඩාවට සම්බන්ධ චරිතාපදාන ප්‍රබන්ධයක්.

වෘත්තීය මල්ලව පොර හෙවත් Professional wrestling යනු ලෝකයේ ඉතා ජනප්‍රිය එහෙත් ක්‍රීඩාවකට වඩා ප්‍රසාංගික කලාවක් ලෙස හැඳින්විය හැකි නරඹන්නන්ට විනෝදාස්වාදය සැපයීම මූලික කර ගත් අංගයක් ලෙස හඳුන් වන්න පුළුවන්.මෙහි සැබෑ මල්ලවපොර සහ සටන් කලාවන්හි අංග ඇතුළත් වුවත් යම් කිසි මෙහෙය වීමකට යටත්ව සැබෑ තරඟ ලෙස නරඹන්නන්ට ඒත්තු ගැන් වෙන සේ සිදු කරන ප්‍රදර්ශනාත්මක තරඟ පවත්වන අතර එහි ක්‍රීඩකයින් හෙවත් නළුවන් රසිකයින් අතර ඉතා ප්‍රසිද්ධ අයිකන බවට පත් වී තිබෙනවා. ඔබද මේ මල්ලව පොර ඕනෑ තරම් නරඹා ඇති අතර ඒවා බොහෝ දෙනෙක් ප්‍රිය කරන බවට සැකයක් නෑ. එමෙන්ම ඒවායේ ජනප්‍රිය ක්‍රීඩකයින් ගැනද ඔබ දන්නා බවට කිසිදු සැකයක් නෑ. එහෙත් ඒ වාගේම මේ තරඟ කොතරම් ව්‍යාජද යන්න බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. ඒ උනත් මේ හා සමගාමීව ශූරතාවන් සඳහා පවත්වන සත්‍ය මල්ලව පොරද තිබෙනවා. මේ ද්විත්වය හරහාම අති විශාල මුදලක් සංසරණය වෙනවා. ඉතිං කෙටි හැඳින් වීමක් කලේ මේ චිත්‍රපටය මල්ලව පොර සම්බන්ධ කතාවක් නිසා

වොන් එරික් පවුල මේ මල්ලවපොර ද්විත්වයටම සහභාගී උන එහි ආදිපත්‍යය රඳවා ගත් එය ඔවුන්ගේ ජීවනෝපාය කරගත් පරම්පරාවක්. මේ වන විට ඔවුන්ගේ තුන් වන පරම්පරාවත් මෙම ක්‍රීඩාවේ යෙදෙනවා. 1950 දශකයේ ෆ්‍රිට්ස් වොන් එරික් ආරම්භ කල මේ ගමන ඔහු ඔහුගේ පුත්‍රයින්ට දායාද කලා. එයින් එක පුතෙකු වූ කෙවින් වොන් එරික්ගෙ චරිතය වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. ඔහු තමයි මේ දෙවන පරම්පරාවෙන් ජීවතුන් අතර සිටින එකම සාමාජිකයා. සිය ජීවනෝපාය සඳහා මල්ලව පොර ක්‍රීඩාවට පිවිසෙන මේ පවුලේ පියාගෙන් පුත්‍රයින්ට මෙම ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට එන බල පෑම අති මහත්.කෙසේ වෙතත් ඔවුන් ඉතා එකමුතුව සිය කාර්‍යය ගෙන ගියත් ඒ තුලින්ම ඔවුන් එකිනෙකාට විවිධ ප්‍රශ්න ගොඩ නැගෙනවා. එහි ප්‍රතිඵල කෙසේ වේද? ජනතාව සඳහන් කරන වොන් එරික් ශාපය ඔවුන්ට කෙසේ බලපායිද?

දැඩිම, ශක්තිමත්ම සහ සාර්ථකව සිටින තෙක් කිසිවකට අපිට රිද්දන්න බෑ. ඒකයි ඔවුන්ගේ පවුලේ පාඨය. එහෙත්…

The Iron Claw, The Iron Claw (2023), The Iron Claw (2023) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,493 downloadsDownload The.Iron_.Claw_.2023.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Iron Claw (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,493 downloadsDownload Subtitles48 KB

5 comments

  1. Buddhika Lakmal

    බොහොම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට....
    ජයවේවා...

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Anonymous

    Thanks Brother

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.