කස්ටියටම ආයුබෝවන් ..! දීර්ඝ කාලයකට පස්සෙ(මාස එකහමාරකට වඩා තිබුණ 3rd year 2nd semester විභාගයෙන් අනතුරුව ) සතියක විතර පොඩි නිවාඩුවක් ලැබුණ නිසා තවත් සලරුවකට සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්න හිතුණා.. අලුතින්ම නිකුත්වෙන ෆිල්ම් වලට උණු උණුවෙම සබ අපේ සහෝලා ඉක්මනින්ම ලබා දෙන නිසා, මම තීරණේ කළා ටිකක් විතර…
කස්ටියටම ආයුබෝවන් ..! දීර්ඝ කාලයකට පස්සෙ(මාස එකහමාරකට වඩා තිබුණ 3rd year 2nd semester විභාගයෙන් අනතුරුව ) සතියක විතර පොඩි නිවාඩුවක් ලැබුණ නිසා තවත් සලරුවකට සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්න හිතුණා.. අලුතින්ම නිකුත්වෙන ෆිල්ම් වලට උණු උණුවෙම සබ අපේ සහෝලා ඉක්මනින්ම ලබා දෙන නිසා, මම තීරණේ කළා ටිකක් විතර පරණ ෆිල්ම් එකකට උපසිරැසි ලබා දෙන්න. මේ ෆිල්ම් එක තමයි “The Quest”. මේකෙ රඟපාන්නෙ මම ආසම කරන නළුවෙක් වන, Hard Target, Universal soldier, Kick Boxer, Blood Sports, Knock Off වැනි චිත්‍රපට වල ප්‍රධාන නළුවා ලෙස රඟපෑ .. ” වෑන් ඩෑම්”.. මේ සලරුව ලොකු කුඩා කාටත් තනි තනිව නොව එකට සිට බැලිය හැකි චිත්‍රපටයක්..මෙය ආරම්භයේ සිට අවසානය දක්වාම කම්ම්මැලි කමකින් තොරව බැලිය හැකි සටන් ජවනිකා පිරුණු Kick Boxer, Blood Sports, Lion Heart (කේබල් යොදාගෙන නැති නියම සටන් ශිල්පීය ක්‍රම සහිත)වැනිම සලරුවක්.
හරි, දැන් පොඩ්ඩක් කතාව දෙසට හැරෙමු…ක්‍රිස්ටෝපර් ඩුබුවා හෙවත් “ක්‍රිස් ” වීදියක අනාථ දරුවන් පිරිසක් රැකබලා ගන්නා වැඩිමහල් තරුණයෙක්..දිනක් ඔහු විසින් කරන සොරකමක් නිසා ඔහුට එම වීදියෙන් පලා යෑමට සිදුවෙනවා..එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඔහු මූ තායි දූපතට ළඟාවෙනවා.. එහිදී ඔහු මූ තායි සටන් ශිල්ප ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙනවා… මේ අතරේ “සැඟවුන නගරය” ලෙස හැදින්වෙන ඓතිහාසික නගරයකට ලෝකයේ විවිධ රටවල ඉන්න විශිෂ්ට සටන් කරුවන්වට ආරාධනාවක් ලැබෙනවා එකිනෙකා එක්ක සටන් වඳින්න. ඉන් ජයග්‍රාහකයාට ලැබෙනවා “දඹ රනින් සෑදූ රන් මකරෙක්”.. ඉතින් කොහොම හරි අපේ ක්‍රිසුත් මේ නගරයට රිංඟ ගන්නවා …. ඒ මේ අස්සෙ මකරව උස්සන්නත් කට්ටියක් ප්ලෑන ගහනවා. ඉතින් මේ රන් මකරට මොකද වෙන්නෙ.. ක්‍රිස් ටත් තරඟවදින්න සිද්ධවෙයිද?
මේ හැමදෙයක්ම දැන ගන්න ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.. තවත් උපසිරැසියකින් මුණ ගැසෙනතුරු ඔබ සැමට ජය…..
7dd875198d63bdb0ee37f97e25e4286f47c6917d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,316 downloadsDownload The-Quest-1996.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් කාංචන(UWU)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන් කාංචන
Subtitles
23 comments
weera
Kulanjana Maduranga
niyamai....subata thanks NUWAN saho.....digatama sub denn.jaya wewa..............
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........ඉසු ඩිපි (Isu DP)
නියමයි නුවන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!dilshan
ela macan,katawa poddak mortal combat ekata samanai wage
Amal Mallawaarachchi
24 wala sub mokada Dianne battle.
Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.නලින් පෙරේරා
ස්තුතියි නුවනා.. ජය වේවා!
sriyan
thank you,,,,,,,,,,,
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ela buwa
meka kalin balala thiyenawa...maxxama filuma..aye balanda one....thanxxx...
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
දිගටම උපසිරැසි දෙන්න
සුභ පතනවා !
:Dහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින්ත
බලමු බලමු. එලට ඇති.....☺
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!tharindu
thx bro...jaya wea kiwwa...
Chamindalakruwan
Tnz bro sub ekata
Chamindalakruwan
Puluwannam blurry 720 ekata upload karanawada sinhala sub eka
tharindu dilshan
Meke sub eka nane danna puluwanda?
Ravindu Heshan - Admin
Dan wada saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Quest (1996) | රන් මකරෙකු සොයා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/the-quest-1996.jpg)

ela mcn...supiri