හැමෝටම ලබපු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම එක සිතින් ප්‍රර්ථනා කරනවා. කොහොමද ඉතින්? මමත් හිතුවා ලස්සන බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න. මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි නිර්මාණය නිසා වැරදි ඇති. ඒවට ඉතින් සමාවෙන්න ඕනි ඈ. තවත් නොකියාම බැරි දෙයක් ති…
හැමෝටම ලබපු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම එක සිතින් ප්‍රර්ථනා කරනවා. කොහොමද ඉතින්? මමත් හිතුවා ලස්සන බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න. මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි නිර්මාණය නිසා වැරදි ඇති. ඒවට ඉතින් සමාවෙන්න ඕනි ඈ. තවත් නොකියාම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි සබ් හදන අපේ සහෝලා විදින කට්ට මටත් මේක හදද්දී තේරුණා. මට කැම්පස් එකේ වැඩ කෝටියක් අස්සේ මේක හදන්න දවසක්ම නිදි මැරුවා. එහෙම කළේ මේක ඔයාලට දෙන්න ඕනිම කියලා හිතුණ නිසා.
මේ බයිස්කෝප් එක රුසියාවේ නිපද වූ ප්‍රතිභාපූර්ණ සලරුවක්. වැනිස් සිනමා උළෙලේදී මෙය හොඳම සිනමාපටයට හිමි සම්මානය ලබාගත්තා වගේම, හොඳම විදේශ සලරුව ලෙස ගෝල්ඩන් ග්ලොබ් සිනමා උළෙලට නිර්දේශ වෙලා තියෙනවා. මේකේ IMDb අගය 8.1 ක්. මීට අමතරව තවත් සම්මාන රැසක්ම මේ සිනමා කෘතිය දිනාගෙන තියනවා. තවත් කියන්නම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේක සමභාව්‍ය සිනමා කෘතියක්. ඒක නිසා මුලින්ම බලද්දී මේ කථාවෙන් අපිට දෙන නියම අර්ථය ඔයාලට තේරුම් ගන්න අමාරු වෙයි. මේක තියෙන්නේ රුසියන් භාෂාවෙන් නිසා මුලදී නුහුරු ගතියක් දැනේවි. ඒත් මේක ඔයාලා බලන්නම ඕන සංවේදී සිනමා පටයක්.
ඔන්න එහෙනම් මම කතාවට බහින්නම්. මේ කථාවේ දිවෙන්නේ ප්‍රධාන වශයෙන් චරිත තුනක් වටායි. ඒ තමයි ඇන්ඩ්‍රි හා ඉවාන් කියන කුඩා දරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා. මේ ළමයි දෙන්නා ජීවත් වෙන්නේ එයාලගේ අම්මයි, ආත්තම්මයි එක්කලා. අපි පොඩි කාලේ වගේම තමයි මේ දෙන්නත් අයියා මලෝ වුණාට දෙන්නා නිතරම දබර කර ගන්නවා. මල්ලි නම් ටිකක් මුරණ්ඩුයි. කතාව පටන් ගන්නේ මේ දෙන්නා ගහගෙන අම්මට කියන්න ගෙදරට දුවගෙන ඒමෙන්. එවිට මේ දෙන්නට අසන්න ලැබෙන්නේ මේ දෙන්නා නොසිතූ පුවතක්. ඒ තමයි අවුරුදු දොළහකට පස්සේ එයාලගේ තාත්තා ගෙදර ආපු බව. මේ දෙන්නට තාත්තගේ හැඩ රුව වත් මතක නැති නිසා පරණ පොටෝ එකක් බලලා තමයි හරියටම තහවුරු කරගන්නේ මේ තාත්තමද කියලා. හැබැයි මේ තාත්තා නම් ටිකක් සැර කෙනෙක්. ගෙදර පෙරළා පැමිණි තාත්තා තමන්ගේ දරුවන් දෙදෙනත් එක්ක විනෝද සවාරියක් යනවා. අවුරුදු දොළහක් තමා සමග නොසිටි පියා හා ළමයි දෙදෙනා අතර මොන වගේ සම්බන්ධයක් ගොඩනැගේවිද? සිනමා පටය පුරාවටම දිව යන්නේ එයයි. අධ්‍යක්ෂකවරයගේ උපරිම කැපවීම සහ නළු නිළියන්ගේ අති දක්ෂ රඟපෑමත් සමග වෙනස්ම ආකාරයක අපූරු පිය පුතු සම්බන්ධයක් ප්‍රේක්ෂක ඔබ හමුවට රැගෙන ඒවි කියා මම සිතනවා. මේක මගේ පළවෙනි සබ් එක නිසා ඔයාලා හැමෝම කමෙන්ට් එකක් දාලා යාවි කියලා මම හිතනවා. එහෙනම් ඔබට ජය!!!
ප.ලි.
මෙහි ඇන්ඩ්‍රිගේ චරිතයට පණ පොවන Vladimir Garin ෆිල්ම් එක රූගත කර ටික කාලයකට පසු අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.
79033E36672BB6D284827259E333F02A67CC27C6 403615ba9fd2090172052ca6b11795826715f06d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
698 downloadsDownload The-Return.2003.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/sinethG.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් ගමච්චිගේ
Subtitles
32 comments
dilshan
Aditha Praween
නියමයි සහෝ !
දිගටම සබ් කරමු .
ජය වේවා !
:Dනලින්
ස්තුතියි සිනෙත් සහෝ
පළමු උපසිරසියට සුභ පැතුම්! තවත් මෙවැනි අග්‍රගන්‍ය සිනමා කෘති අපි අතර බේදා ගන්න කියලා ඉල්ලනවා!
ජය වේවා!
Isu
Thankzz Sineth Saho Subata...
Magen sua pathum palaweni sub ekta...
Thawa Supiri film ekakta Sub gemu ikmanta...
Obata Jaya !!!Sisira Hegoda
Obata Jaya. Hondama Films Apita Denna. Thanks.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
ඊලග එකත් මේ වගේ සුපිරි එකක් දෙයි කියලා හිතනවා :P :P ජයhansa
ela
නියමයි :)
need for speed eke sub dennko ..........:PJayani
THANK YOUUUU :)
Tharindu Perera
Niyamai machannn....
fatta vadakkk......
supiri filumak vageee bnnnn.....
thanks sub ekatahhh.......Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Sajith Anthony
පළමු උපසිරසියට සුභ පැතුම්!
උපසිරැසියට තුති.....!!Dulanga
ela kiri ohoma yan
jana
තමන්ගෙ වටිනා කාලය අනුන් වෙනුවෙන් වැය කරන කෙනෙක් වීම ගැන සතුටු වෙන්න
Kulanjana Maduranga
1st sub1ka neda SENETH saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks.good work.jaya wewa.....
Global
Aththata Honda Wadak Saho..Me Wage Movies Thamai Mamanam Vadipurama Balanna Kamathi..Me Gana Danuwath Kalata Bohoma Sthuthi..Baiscop Samaga Digu Gamanak Yamata Mage Suba Pathum..!
Global
Aluth Hindi Movie Ekak Thiyenawa. Eke Nama MOKSSH. Sammana 32k Gaththa Hondama Film Ekak. Meke Eng Sub Subscene Eke Thiyenawa. Puluwannam Sinhala Sub Denna....
“චූටී මල්ලි”
පට්ට 1ක් වගෙ
සබට තුති
ඔබට ජය..........Chami
Thanks dear...
Nelson Rodrigo
Good post Friend, Thanks!
gihan
පළමු උපසිරසියට සුභ පතනවා.බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
sheron
Nice movie bro.. පළමු උපසිරසියට සුභ පැතුම්!
උපසිරැසියට තුති…..!!yeshu
thankZ
Pasindu
ස්තූතියි සිනෙත් සහො!!!
පළමු උපසිරසියට සුභ පැතුම්!
ඔබට ජය…!nalaka
thanks bro..
janith
My little brother, however you did it. I'm very pleasure...........Good luck!!!!
Hashan
Congratzzz bro!!!! digatama ela kiri subs karanna labeva....!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, බයිස්කෝප් අඩවියේ collection එකෙ සබ් නොදාපු ෆිල්ම් තියෙනවා ඔයා කැමති ඒවා තියෙනවනම් බලල කරන්න,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Chamith
උපසිරැසියට තුති…..!!
Aravinda
Thanks
Nandana
Thank you Sineth.
nidi
වෙනස් කථාවක්- වෙනස් පසුබිමක්- වෙනස්ම අත්දැකීමක්!
සිනෙත්, හොද තෝරාගැනීමක්- නියම වැඩක්!
ස්තුතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Return (2003) | සසල වුණු මොහොතක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/The-Return-2003.jpg)

ela thanks saho