The Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala Subtitles ” අපි දිව්‍ය ලෝකෙටද යන්නෙ ? ඔව්, අපි හැමෝම.. ජේසු අපි එනකන් බලාගෙන ඉන්නවද ? ඔව්, අනිවාර්‍යෙන්ම..” සුභ දවසක් හැමෝටම.. අද මම ඔයාලට අරගෙන එන්නෙ 2021 ඔක්තෝම්බර් 28 NETFLIX ඔස්සේ නිකුත් කෙරුනු The Shadow In My Eye නැතහොත් the bombardment 20…
The Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala Subtitles
” අපි දිව්‍ය ලෝකෙටද යන්නෙ ?
ඔව්, අපි හැමෝම..
ජේසු අපි එනකන් බලාගෙන ඉන්නවද ?
ඔව්, අනිවාර්‍යෙන්ම..”
සුභ දවසක් හැමෝටම.. අද මම ඔයාලට අරගෙන එන්නෙ 2021 ඔක්තෝම්බර් 28 NETFLIX ඔස්සේ නිකුත් කෙරුනු The Shadow In My Eye නැතහොත් the bombardment 2021 නම් ඩෙන්මාර්ක් චිත්‍රපටයයි. 1945 මාර්තු 21 වන දින බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන්හි ගෙස්ටාපෝ මූලස්ථානයට බෝම්බ හෙලීමේ මෙහෙයුම වටා ගෙතුනු ඛේදනීය සත්‍යය කතාවක් මෙම චිත්‍රපටයට පසුබිම් වී තිබෙනවා.. IMDb Rating 7.3 ක් වගේම Rotten tomatoes අගය 100% ක් ලෙස වාර්තා කර තිබෙන මෙම චිත්‍රපටයේ කැමරාකරනය, රංගනය, අධ්‍යක්ෂණය හා සංගීතය පිළිබදව ඉතා ඉහලින් වර්ණනා කල හැකි බව නරඹන ඔබටත් ක්ෂණිකව අවබෝධ වේවි..
චිත්‍රපටයේ කතා නායකයා වන කුඩා හෙන්රි දිනක් වෙළදපොලට ගොස් ආපසු නිවසට එනවිට වෙඩි වැදී විනාශයට පත්වූ කාර් රථයක් දකිනවා. එහි ඇතුලත සිටි පිරිස මියගොස් සිටින අයුරු දැක දැඩිලෙස භීතියට පත්වන ඔහුට ඔහුගේ කටහඩද අහිමිව යනවා.. හෙන්රිට ප්‍රතිකාර කිරීමට අනේක විධ දුක්විදින ඔහුගේ මව අවසානයේදී කෝපන්හේගන් නුවර සිටින ඇයගේ සහෝදරියගේ නිවසේ හෙන්රිව නවත්වනවා.. එම නිවසේ සිටින කුඩා දැරියක් වන රිග්මෝර් සමග ඉතා ඉක්මනින් කුලුපඟ වන හෙන්රි, රිග්මෝර් හා ඇයගේ හොදම යෙහෙලිය වන ඊවා සමග ප්‍රංශ පාසලකට යන්නේ අධ්‍යාපනය හැදෑරීමටයි. ඩෙන්මාර්කය දෙවන ලෝක යුද්ධයට දරුණුවට මැදිවී තිබෙන මෙම කාලවකවානුවේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන් නුවර ෂෙල් හවුස්හි, ගෙස්ටාපෝ මූලස්ථානය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටිනවා..
මෙම මෙහෙයුමේ පරමාර්ථය වන්නේ එම ගොඩනැගිල්ලේ රැදී සිටින නාසි හිතවාදීන් විනාශ කිරීමයි.. කෙසේ වෙතත් මෙම වැටලීම අතරතුර, බ්‍රිතාන්‍ය බෝම්බකරුවන්ගේ එක් ගුවන් යානයක් ඉහත ප්‍රංශ පාසලට කඩා වැටෙනවා.. මෙම අනතුරෙන් පාසලට කුමකින් කුමක් සිදුවෙයිද.. ? හෙන්රි, රිග්මෝර්, ඊවා මෙම අනතුරට කෙසේ මුහුන දෙයිද.. ?
වැඩි දෙයක් නොකියා, ලොමු දැහැගන්වන දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන සිදුවූ මෙම අනුවේදනීය සත්‍ය කතාව නැරඹීමට ඔබටත් ආරාධනා කරමින් මා සමුගන්නවා.. ඒ වගේම සුලු දෙයටත් බියට පත්වන කම්පන දරාගත නොහැකි පුද්ගලයින් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
1,768 downloadsDownload The-Shadow-in-My-Eye-2021-AKA-Skyggen-i-mit-oje-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala SubtitlesSubtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Alban Lendorf
- #Alex Figueiredo
- #Alex Høgh Andersen
- #Andela Jirotkova
- #Anita Mihalová
- #Anna Ctvrtnícková
- #Antonín Hardt
- #Bertram Bisgaard Enevoldsen
- #Caspar Phillipson
- #Casper Kjær Jensen
- #Danica Curcic
- #Ella Josephine Lund Nilsson
- #Ester Birch
- #Fanny Leander Bornedal
- #Henrik Noël Olesen
- #Ida Procter
- #Inge Sofie Skovbo
- #James Tarpey
- #Jens Sætter-Lassen
- #Joen Højerslev
- #Kristian Ibler
- #Kristýna Petráková
- #Lukás Borik
- #Mads Riisom
- #Magdaléna Chrzová
- #Malena Lucia Lodahl
- #Malene Beltoft Olsen
- #Malthe Jagd Miehe-Renard
- #Maria Rossing
- #Marie Stripkova
- #Mathias Flint
- #Michael Pitthan
- #Morten Suurballe
- #Must Watch
- #Nicklas Søderberg Lundstrøm
- #Olaf Johannessen
- #Ole Neiman
- #Patricia Schumann
- #Petr Meissel
- #Rikke Louise Andersson
- #Sebastian Jacques
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Skyggen i mit øje
- #Skyggen i mit øje (2021)
- #Skyggen i mit øje (2021) Sinhala Subtitles
- #Stepánka Fingerhutová
- #Stepanka Furychova
- #Sub
- #Subs
- #Susse Wold
- #Tereza Danihlíková
- #The Shadow in My Eye
- #The Shadow in My Eye (2021)
- #The Shadow in My Eye (2021) Sinhala Subtitles
- #The Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala Sub
- #The Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala Subtitles
- #You Decide
- #Zbysek Humpolec
- #Zdenek Pecha
- #Zdenek Pechácek
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
10 comments
Buddhika laKMal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඉෂූ ....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Chaminda Priyanga
Thanks bro sub 1ta❣️❣️❣️
Anonymous
Thank you for the sub. Appreciated bro
syd
persian lessons 2020 sub please
Anonymous
Thank you so much
හිරාන් ශාරංග
සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
ජයවේවා.෴Anonymous
Thanks.....................
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි ඉශාන් සහෝ උපිසිරැසියට