Watch Trailer

Longlegs (2024) Sinhala Subtitles | අත්භූත ඝාතකයා! [සිංහල උපසිරසි] (18+)

Longlegs (2024) Sinhala Subtitles -පහුගිය අවුරුදු තිහ ඇතුලත පවුල් දහයක් නිවස තුලදී ඝාතනය කරලා තියෙනවා. -ඒ හැම අපරාධ ස්ථානයකින්ම අපිට ලෝන්ග්ලෙග්ස් නමින් අත්සන් කරපු ලිපි දහයක් හම්බුණා. -ඒ ලිපි නැති නම් ලෝන්ග්ලෙග්ස් නිවසේ හිටියයි කියන්න කිසිම සාක්ෂියක් නෑ. මොන වගේ කෙනෙක් වෙන්න ඇතිද මේ අභිරහස් ඝාතකයා…

Longlegs (2024) Sinhala SubtitlesLonglegs (2024) Sinhala Subtitles

-පහුගිය අවුරුදු තිහ ඇතුලත පවුල් දහයක් නිවස තුලදී ඝාතනය කරලා තියෙනවා.
-ඒ හැම අපරාධ ස්ථානයකින්ම අපිට ලෝන්ග්ලෙග්ස් නමින් අත්සන් කරපු ලිපි දහයක් හම්බුණා.
-ඒ ලිපි නැති නම් ලෝන්ග්ලෙග්ස් නිවසේ හිටියයි කියන්න කිසිම සාක්ෂියක් නෑ.

මොන වගේ කෙනෙක් වෙන්න ඇතිද මේ අභිරහස් ඝාතකයා ලෝන්ග්ලෙග්ස්? FBI එක කියන විදිහට ඔහු පවුල් දහයක් ඝාතනේ කරලා තියෙනවා ඒ නිවසට යන්නෙවත් නැතුව අඩුගානෙ ඔහු ඔවුන්ව ඝාතනේ කරා කියන්නත් කිසිම සාක්ෂියක් නෑ අර ලිපි නැත්තම්. ඒ ලිපි ලියල තියෙන්නෙත් කේතාත්මක අක්ෂර වලින් එකම අත්තකුරින්, ඒ ලෝන්ග්ලෙන්ග්ස්ගේ. ඒ කොහොම හරි ඔහු ඔවුන්ව ඝාතනේ කරා හැබැයි තමා විසින්ම නෙමේ. කොහොමද එහෙම වෙන්නේ?

ඔන්න ඔය වගේ කතාවක් තමයි මේකෙ යන්නේ. ඒ වගේම මේ නඩුවෙ බොහොම පොඩි රසවත් කොටසක් විතරයි මම උඩ කිව්වේ. තව සවිස්තරාත්මකව ෆිල්ම් එකේදි මේක ගැන විස්තර කෙරෙනවා. ඒ වගේම කියන්න ඕනෙ මේක අපරාධ විමර්ශන චිත්‍රපටයක් වගේම හොල්මන් චිත්‍රපටයක් ලෙසත් වර්ග කරලා තියෙනවා ඔයාල දකින්න ඇති. ඉතින් එහෙම වර්ග කරල තියෙන්නෙත් යම් යම් හේතූන් නිසයි, ඉතිං මේ වර්ගයේ චිත්‍රපට බලන්න කැමති අය විශේෂයෙන් Zodiac (2007) වගේ චිත්‍රපටයක් Horror වයිබ් එකෙන් බලන්න ආස අය අනිවාරෙන් මේක බලන්න කියලා මං බය නැතුව නිර්දේශ කරනවා.

Longlegs (2024) Image 02.jpgLonglegs (2024) Image 02.jpg

එහෙම බය නැතුව නිර්දේශ කරන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි මේක මේ වෙනකොට IMDb දර්ෂකේ මනාප 65,000 අධික ප්‍රමානයකින් 6.9 ඉතාම ඉහල අගයක් ගන්නත් කුණු තක්කාලි 86% ගන්නත් සමත් වෙලා තියෙනවා. ඊට අමතරව මේකට හැකි වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 100 අධික ප්‍රමානයක් උපයා ගන්නත්. මෙච්චර හොඳ පැසසුම් ලැබෙන්න හේතුවක් තියෙන්නම එපැයිනේ?

මේක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ මැයි 31 වෙනිදා Neon ආයතනය හරහා, නිකුත් වූවත් එක්කම ප්‍රේක්ෂකයො අතරේ සෑහෙන්න ආන්දෝලනයක් මේ චිත්‍රපටය ඇති කරනවා. ගොඩක් අය කිව්වේ අවුරුදු ගානකින් ආපු හොඳම Horror ෆිල්ම් එකක් කියලා මේක, සමාජ මාධ්‍යවල ෆිල්ම් ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම් ඒ බව දන්නවා ඇති. කොහොම හරි දැං ඒක ඔයාලම බලලා තීරණේ කරන්නකෝ.

මේක අධ්‍යක්ෂණය කරන්නේ Oz Perkins මහතා විසින් තවද ඔහුම තමා ඉදිරියේදී නිකුත් වීමට නියමිත The Monkey චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. මේකට රංගනයෙන් එකතු වෙන අය ගැන කිව්වොත් ඔයාල නම කිව්වත් අඳුරන Nicolas Cage තමයි මේකෙ ලෝන්ග්ලෙග්ස්ගේ චරිතය හරි අපූරුවට පණ පොවන්නේ. ඊට අමතරව Watcher (2022) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ Maika Monroe මේ චිත්‍රපටයේදිත් ප්‍රධාන චරිතය රඟපානවා ලී හාකර් නමින්. තවද Blair Underwood / Alicia Witt / Kiernan Shipka / Dakota Daulby වැනි අයත් මීට එකතු වෙලා තියෙනවා.

Horror චිත්‍රපට රසිකයෙකුට නම් තව මොනාද ඉතිං නේ? සුපිරිම කාස්ට් එකක්, කවුරුත් දන්න සුපිරිම වෙනස්ම ෆිල්ම් ගේන Neon ආයතනයේ වැඩක්, ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම දිනාගත්තු සුපිරිම බාන්ඩයක්. බලන එක ඔයාලගෙ අතේ!

චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් වුණේ අගෝස්තු 23 වෙනිදා. උපසිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු වුණා වැඩත් එක්ක, ඉස්සර වගේ කොපි ආපු ගමන් උපසිරැසි දෙන්න හැකියාවක් දැං ගොඩක් වෙලාවට නෑ. ඇත්තම කිව්වොත් මේකෙ වෙබ් එන්න තිබුණෙත් අගෝස්තු 27 වෙනිදා. කලින් ආපු නිසා කැමරා කොපියකටවත් සබ් එක හදාගන්න බැරි වුණා. හැබැයි ඉතිං කොච්චර වැඩ තිබුණත් එහෙන් මෙහෙන් අටවලා ගුණාත්මක බාවෙ නැති කරන් දෙන්නම් වාලෙ ඉක්මන්ට උපසිරැසි දෙන පුරුද්දක් නම් නෑ. දෙන එක හරියට සරලව බලන කෙනාට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට සබ් දෙන්නයි බයිස්කෝප් අපිට ඕනෙ, ඒක ඉස්සරහටත් එහෙමයි. එහෙනම් මීට වඩා මුකුත් කියන්න යන්නෑ ඔයාල හැමෝටම මේක බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා, ජයවේවා!

Longlegs (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA / WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,717 downloadsDownload Longlegs-2024-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Longlegs (2024) Sinhala Subtitles

Subtitles

11,717 downloadsDownload Subtitles30 KB

18 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට
    සබ දෙනකම්ම බලාගෙන හිටපු ෆිලුමක්

  2. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මේක දෙනකන් බලන් හිටපු එකක්
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව ...............
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Kavindu Nethmina

    Sub Ekata Thanks

  5. dilanka

    thank you

  6. ඔලිව

    පට්ට සබක්. කාලෙකින් බලපු නියම හොරර් එකක්

  7. lakmal

    sub ekta godak thanks bro

  8. මයුර

    සබ් එක මරු ෆිල්ම් එකට වඩා

  9. Viraj

    Thanks

  10. Hashan

    Thanx for the sub bro..❤️

  11. Tharindu

    Thanks ..

  12. රුක්ෂාන් ඛාන් (රුකා)

    ඉල්ලුවා වගේම සබ ගෙනාපු එකට බොහොම ස්තූතියි සහෝ! දැන් මේ බලන ගමන්! ❤️

  13. Malith samarawickrama

    Thanks sub ekata

  14. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  17. Nishan Sameera

    බොහෝම ස්තුතියි උපසිරසියට...

  18. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.