ඔන්න කිහිප දවසකට පස්සේ ගෙනාවා ටිකක් පරන ෆිල්ම් එකක්.සේරටම කලින් බයිස්කෝප් අඩවියට සුභ පතනවා ලිපි 2000 ජයග්‍රහනය වෙනුවෙන්. මෙහි දෙවැන්නත් සාර්ථක ලෙස තිරගත වෙන හින්ද මම හිතුවා දෙවෙනි එකට කලින් පලවෙනි එක සබ් එකත් එක්ක දුන්නොත් හොඳයි කියලා. කතාව ගැනනම් කියන්න දෙයක් නෑනෙ. හැමෝම දන්නවනේ. මට හොඳට ලිපියක්නම…

ඔන්න කිහිප දවසකට පස්සේ ගෙනාවා ටිකක් පරන ෆිල්ම් එකක්.සේරටම කලින් බයිස්කෝප් අඩවියට සුභ පතනවා ලිපි 2000 ජයග්‍රහනය වෙනුවෙන්. මෙහි දෙවැන්නත් සාර්ථක ලෙස තිරගත වෙන හින්ද මම හිතුවා දෙවෙනි එකට කලින් පලවෙනි එක සබ් එකත් එක්ක දුන්නොත් හොඳයි කියලා. කතාව ගැනනම් කියන්න දෙයක් නෑනෙ. හැමෝම දන්නවනේ. මට හොඳට ලිපියක්නම් ලියන්න තේරෙන්නේ නෑ. ඒ හින්දා එච්චර ගනන් ගන්න එපා.
මීට කලින් ලිපියක් විතරයිනේ දාලා තිබ්බේ. ඉතින් සමීර අයියා තමයි මට මේ ගැන කිවුවේ ලිපිය විතරක් තියෙන හින්දා සබ් එක හදන්න කිවුවේ එයා. දෙවෙනි එකෙත් හොඳ කොපියක් ආව ගමන් අපි දෙනව කියල දන්නවනේ. එහෙනම් සමීර අයියට ස්තූතියි කියන ගමන් මම යනවා. අනිවාරෙන්ම බලන්න. ලස්සන ෆිල්ම් එකක්.ඔන්න එහෙනම් දෙවෙනි එක එනකන් ඉන්න එනවා.
මම ගොහින් එන්නම්. බයිස්කෝප් අඩවියට සුභ පැතුම්.
මීට කලින් පළකල ලිපිය.
බයිස්කොප් කට්ටියටම ආයුබෝවන් කිව්වා ඕන්.මගේ පලවෙනි චිත්‍රපටය හෑටියට හින්දි එකක් දීලා අද දෙන්න හදන්නෙ ඉoග්‍රිසි එකක්.පළවෙනි එක ඔයාලා රසවින්දා කියලා හිතනවා.මම බලලා තියෙන ඈනිමේශන් වලින් හොඳම හොඳ එකක් තමා මේක.මේක රිලීස් උනේ 2011 ජූලි 29 වෙනිදා.මේක අද ඊයේ චිත්‍රපටයක් හැටියට එලිදැක්වුනාට ඇත්තටම මේක මුලින්ම ආවේ කාටූන් එකක් හැටියට.
මේක හැදුන හැටි ගැනත් රස කතාවක් තියෙනවා.මෙහෙම කතාවක් ගැන මුලින්ම අදහස ඇවිත් තියෙන්නෙ බෙල්ජියම් ජාතික Pierre Culliford ට. මෙයාට ආදරේට කියන්නෙ Peyo කියලා. මෙයා කාටූන් ශිල්පියෙක්.මෙයාගෙ යාලුවෙක් ඉදල තියෙනවා André Franquin කියලා. දවසක් මේ දෙන්නා කන්ඩ ගිහින් Peyo ට අමතක උනාලු ලුනු වලට කියන ඉංග්‍රීසි නම. ඉතින් මෙයා ප්‍රංශ භාශාවෙන් schtroumpf කියලා ඉල්ලලා තියෙනවා ලුනු. අනේ අනේ… මේ දෙන්නට මෙක අල්ලලා ගිහින් තියෙනවා. ඉතින් මේ යාලුවො දෙන්නා එදා දවසම කතා කරලා තියෙන්නෙ schtroumpf භාශාවෙන්. කට්ටියට තේරෙනවනේ මේ අපේ ලංකාවෙත් තියෙන්නේ සීනී භාශාව. ඉතින් මෙයා මේ භාශාව ටිකක් මොඩ් කරලා දාලා කාටූන් එකක් හෑදුවා The Smurfs කියලා. ඒ 1981 සෑප්තෑම්බර් 12 දී. මටත් මේක පොඩි කාලේ ලැබිලා බලලා තියෙනවා. කොහොම හරි මේක මෙයා කවදාවත් හිතපු නැති තරම් ජනප්‍රිය උනා. මේ චරිත ටික අරන් චිත්‍රපටය කරල තියෙන්නෙ Raja Gosnell කියන අධ්‍යක්ෂවරයා. ඔය ගොල්ලො දන්නවනේ Scooby-Doo (2002) සහ Scooby Doo 2: Monsters Unleashed (2004) කියන චිත්‍රපට. එව්වාත් මෙයාගෙම තමයි. අර කාටූන් එකේ තියෙන චරිත ටික ඔක්කොම මේකෙත් ඉන්නවා. ඒ වගේම ඒ පිස්සු වැඩ ඔක්කොමත් මේකෙ තියෙනවා. මේකෙ නිශ්පාදනය Columbia Pictures, Sony Pictures Animation, Kerner Entertainment Company කියන සමාගම් වලින්. මේක හදන්න අමෙරිකානු ඩොලර් $110,000,000 විතර ගිහින් තියෙනවා. ඒ උනාට සෑප්තෑම්බර් 18 වෙනකොට $137,593,881ක ආදායමක් උපයලත් තියෙනවා. මේකට Imdb රේටින් වල 5/10ක් ලෑබිලා තිබුනත් පෞද්ගලිකව මම නම් ඒක ගෑන සෑහීමකට පත් වෙන්නේ නම් නෑ. මේකෙ Hank Azaria (Gargamel), Neil Patrick Harris (Patrick Winslow), Jayma Mays (Grace Winslow) වගේ අය චරිත නිරූපනය කරනවා වගේම Katy Perry වගේ අය හඩ කෑවීමෙන් එකතු වෙලා තියෙනවා.
කතාව කෙටියෙන් මෙහෙමයි. කට්ටිය ජීවත් වෙන්නෙ ඈත කැලෑවක තියෙන අදෘශ්‍යමාන ගමක. මේක එලියෙන් ඉන්න අයට පේන්නෙ නෑ. මෙයාලට නිල් පාට කියන්නෙ හරියට පූජනීය දෙයක්. මෙයාලාගෙ පස්සෙන් පන්නනවා Gargamel කියලා මන්ත්‍රකාරයෙක්, මිනිහට ඉන්නවා මරු පූසෙකුත්. මිනිහට ඕනේ මේ Smurf ලාගෙ තියෙන බලයෙන් මුලු ලෝකෙම අල්ලන්ඩ. දවසක් එක Smurf කෙනෙක්ගෙ වැරදීමකින් Gargamel, Smurf ලා ඉන්න ගම තියෙන තැන දෑනගන්නවා. Gargamel ගමට පැනපු ගමන් මේ කට්ටිය සී සී කඩ දුවනවා.. ගමේ ඉන්න නායකයායි තව 5 දෙනෙකුයි ගුහාවක තියෙන රහස් මාර්ගයකින් ඇතුලට යනවා.. මතු වෙන්නෙ කොහෙන්ද,එහෙදි මොකද වෙන්නේ, මුන ගැහෙන්නෙ කව්ද, Gargamel ට මොකද උනේ, ආපහු යන්නේ කොහොමද වගේ එවා දෑනගන්න නම් බලන්නම වෙනවා….
බලලා හොඳ නම් කොමෙන්ට් එකකුත් දාලම යන්න. මේ විදිය අවස්තාවක් මට ලබා දුන්න බයිස්කෝප් සහෝලට හද පිරි ස්තූතිය පිරිනමනවා. වැරදි අඩු පාඩු ඇති. සමාව භජනය කොරන්ඩෝ…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය madushkad (මදුශ්ක පෙරේරා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
10672ab8f2cc55147d3bcfb8907191c4e5e62a16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,972 downloadsDownload The-Smurfs-2011.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
94 comments
Djwathila
රමේෂ් නානයක්කාර
සිංහල උපසිරැසි නැත :(
DSN
සහෝදරයා සිංහල උපසිරැසි නැතිව දාන්නට එපා,,සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් ඕනෑම බයිස්කෝප් එකක් සොයාගන්නට ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනවානේ...ඉතින් සාමාන්‍යය බයිස්කෝප් එකක ලින්ක් දැම්මම මේ බයිස්කෝප් සිංහලෙන් කියන නමට ගැලපෙන්නෙත් නෑ නෙව,,(තරහකට කීවා නෙවේ හොඳේ )
නිෂූ
සිංහල ටිකකුත් තිබුනනම් එළකිරී ..... !
AL1717
Ela Ela macgan BDrip Out Una gaman Bagena Beluwa
Thanks Machan
Patta movie EkaKoliya Harshanath
@ DSN
මචන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සිංහල සබ් නොදාපු ෆිල්ම් ඕන තරම් තියෙනවා
හැබැයි මචන් ඒ එක ෆිල්ම් එකකවත් සිංහල සබ් නැහැ කියල බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ඒවා දන්නා එපා කියල කියන්න බැහැ.... මොකද සිංහල සබ් නොදැම්මත් ඒ ඒ ෆිල්ම් බොහොම අපූරුවට මෙම වෙබ් අඩවියෙන් වර්ගීකරණය කරලා තියෙනවා..අනිත් එක ඒ ෆිල්ම් වල තොරතුරු ගැන අපිට සිංහලෙන්ම දැනගැනීමේ හැකියාවත් අපට ලබා දීල තියෙනවා.. අපිට ඕනෑම ෆිල්ම් එකක් අන්තර්ජාලයෙන් බාගත කරන්න පුළුවන්.. නමුත් අපි කිසිම දෙයක් නොදැන සමහර ෆිල්ම් බාගත කරන්න අත තියනවට වඩා ඒවා ගැන දැනගෙන බාගත කිරීම කරනකොට එම වැඩේ බොහොම සාර්ථකයි...ඉන්ග්ලිෂ් වලින් ෆිල්ම් ගැන විස්තර කරන සයිට් ඕන තරම් තියෙනවා වගේ සිංහලෙනුත් බයිස්කෝප් විස්තර කරන වෙබ් අඩවි තිබීම පිලිබදව අපි අපේ හදවතින්ම සතුටු වෙන්න ඕන..ඇත්තෙන්ම සහෝ මම ඔබේ විචාරයට පොඩ්ඩක්වත් කැමති නැහැ..nu
sinhala subs natinam me bambu site 1ka mokatada? link dena 1ka oya tharam amaruda?
lakshan
maru film aka thanxxxxxx machan :*
ru
@ koliya
okama english walinuth brief karala tiyanawa.............sinhala briefe1th ekka subs dunnanao watinwa neda.kammalinao subs hadanna mokuth noda inna.mahen
me aluthen apu ewunta mole amaruwak thiyenawada sinhala nathuwa mita issara kochchara films dila thiyenawada oyala kiyanawa witharai ne sinhala sub dana miniha thamai danne sinhala sub hadana eke amaruwa
ධනුෂ්ක ලක්මාල් (ධනා)
hmmm meka pereda baluwa.. patta film eka. thnx sahooo
අනුරාධ
ඔච්චරම සිංහල සබ්ස් ඕන අය ඉන්නවනම් එයාලටම ඒවා හදලා මේකට දාන්න පුලුවන්නෙ. අනිත් එක සිංහල සබ්ස් නැතුව ෆිල්ම්ස් අකමැති අය මේකට නෑවිත් හිටියනම් ඉවරනෙ දාලා තියෙන ඒවට බැන බැන ලේ පුච්ච ගන්නවට වඩා. ඔය ලින්ක් ඕන තරම් හොයගන්න පුලුවන් කියන්නෙ. එහෙම හොයාගෙන බලහල්ලකො.
chamila
thanks.......
MDS
@ Mahen
මචන් උබ කියන කතාව සම්පූර්ණ ඇත්ත
මේ සයිට් එකේ වැදගත්කම අලුතෙන් ආපු එවුන්ට තේරෙන්නේ නැහැ@ ru
මචන් උබ කියන එක මට තේරෙන් නැතුව නෙමේ
ඒ උනාට ගවයෝ මේ සයිට් එකේ ඉස්සර ඉදලම සිංහල සබ් නොදාපු ෆිල්ම් ඕන තරම් තියෙනවා
දැන්ද උබලට මේක පෙන්න ගත්තේ ?? එකෙන්ම පේනවා මචන්ලා උබල මේ සයිට් එකට අලුතෙන් ආපු එවුන් බව
එක පාරක් ෆිල්ම් එකකට සිංහල සබ් දන්නා ට්‍රයි කරලා බලපන් එක බාගත කරගන්නව වගේ ලේසි වැඩක්ද කියලා සබ් දාන එක
සිංහල සබ් නොදාපු ෆිල්ම් දකිනකොට ඔච්චර නලියනවානම් මේ සයිට් එකට අවේ නැති උනාට කමක් නැහැ@ nu
උබට වැඩක් නැත්නම් ගොන් මී හරකෝ මේ සයිට් එක ලගින්වත් යන්නේ නැතුව පැත්තකට වෙලා පාඩුවේ හිටපන්
Saranga
ඇනිමේෂන් එකක්. ගොඩක් ස්තුතියි සහෝ...
අපි මේ සයිට් එකට එන්නේ හොඳ film 1 බාගෙන බලන්න.ඒකෙ සිංහල සබ් තිබුනත් නැතත් ඒක කාටවත් මෙච්චර කල් ප්‍රශ්නයක් වුනේ නැහැ.අකමැති අය නොබල හිටියනම් ඉවරනේ....Koliya Harshanath
අලුතෙන් මේ සයිට් එකට ජෝඉන් වුන සහෝලට මේක පිළිවෙලකට පැහැදිලි කරලා දුන්නනම් මේ වගේ ප්‍රශ්න නැවතත් ඇතිවෙන එකක් නැහැ
මොකද මෙම වෙබ් අඩවිය අකර්මන්‍ය වෙලා තිබ්බ දවස්වල මේක නැති එකේ පාඩුව අපිට සැහෙන්න දැනුනා
මෙම සයිට් එකේ අගයක් නැති අය ඉන්නවනම් කරුණාකරලා මෙතන නිකන් කෝලාහල ඇතිකරගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක කාටත් හොදයිmahen
@ MDS usas film ekak hariyata rasawidinna danne nathi hati
film wala ada hoyanna thamayi dannemahen
@ Koliya Harshanath
aniwarenma sahodarayaAir Bender
ela ela machan,,,,,Thaankzzzz 4da movie,,ela ela
Anonymous
thanx u very much..machan is there any different between 710MB MB copy and 565 MB..?
තීර්ථ යාත්‍රිකයා
සිංහල සබ් නැතිව සද්දෙ දාන මහත්වරුන්ට
මේ සයිට් එක ඇති වෙච්චි හැටි ආපු හැටි ගැන දන්නවනම් ඔබතුමන්ලා ඔබතුමන්ලගෙ වචනයක් ගානේ කම්පා වෙයි. මම මේ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් නෙවෙයි.හැබැයි බයිස්කෝප් සිංහලෙන් සයිට් එක මුලින්ම පටන්ගත්ත දවසේ සිට අද දක්වාම සයිට් එකට ගොඩවදින කෙනෙක්. ඒක මේකෙ ඉන්න සහෝදරවරු අමාරුවෙන් ගොඩනගපු හැටි දැකපු කෙනෙක්. මේක පොතේ ගුරා සහෝදරයා මුලින්ම බ්ලොග් එකක් විදිහට පටන් අරං පස්සේ ගෝලයා සහෝ, වාසල සහෝ,රොයිලි සහෝ ඇතුලු තවත් බොහෝ පිරිසක් බොහොම කැපවීමෙන් මේ දක්වා අරං ආපු එකක්.
ඒ මිනිස්සු මේ සයිට් එක ඩොමේන් රී නිව් කර කර , සර්වර් වලට ගෙවාගන සයිට් එක මේන්ටේන් කරගන යන්නේ සත පහක් වත් හොයලද? නෑ තනිකරම ආත්මතෘප්තිය. ඒක නොතේරෙන අමනයන් වගේ ගොං කොමෙන්ට් දාන්න එපා කියලා ඉල්ලා සිටිනවා බොහොම කරුණාවෙන්. ෆිල්ම් එකකට සබ් දාන නොදාන එක ෆිල්ම් එක දෙන මනුස්සයගෙ වැඩක්. මේ සයිට් එක බයස්කෝප් සිංහලෙන් කියලා දාල තියෙන්නේ සිංහල සබ් ටයිටල් එක්ක ෆිල්ම් දෙන හින්දා නෙවෙයි. සිංහල බ්ලොග් අවකාශයේ මුලින්ම ෆිල්ම්ස් ගැන සිංහලෙන් කතාකරන්න හදපු සයිට් එක නිසයි. අනික ඕනෑ සයිට් එකකින් ෆිල්ම් බාගන්න පුලුවන් නම් වද නොදී එකෙන් බාගන්නවකෝ, මේකට එනනේ මොකටද? කවද හරි ෆිල්ම් එකකට සිංහල සබ් දාල තියනවද?
කියන්න තියෙන්නේ මෙච්චරයි,
“කුහක වෙන්න එපා මහත්තයෝ“kasun
ela kollooo pattama patta . sub oneeda bun movie balannaa.. anika sub danna kana katta api dannwaaa :D
Shashi Fernando
ela ela me wage Animation films walata man godak asai, thanx bro, but sunuth tibbanam gindara!!!!
chanaka
Thanks machoo...meeka mama podi kale asawen balapu cartoon series ekk...elz...keep doing the good work,,,
dazithkj
ලින්ක් දෙන ඵක නම් අමාරැ නෑ තමා යාළුවා ඵ්ත් මේ සයිට් ඵකෙන් අපිට අලුතෙන් ඵන රිලීස් කරන ෆිල්ම් හදුන්වල දෙන ඵකම කොච්චර ලොකු දෙයක්ද.කථාවෙ සාරාංශය සිංහලෙන් දාන්න ලේසි වැඩක්ද?සිංහල සබ් දාන ඵක හිතන තරන් ලේසි වැඩක් නෙමේ.නිකන් කට තිබ්බ පලියට කොමෙන්ට් දාන්න ඵපා ගොන් ජෝක් දාලා.මේක නැත්නම් ඉතින් අලුතෙන් ආව ෆිල්ම් මොනවද කියලවත් දන්නෙ නැතුව බිම බලන් ඉන්නවා.ආතක් පාතක් නෑනේ.මේකෙන්ම අරන් මේකට ගරහන්න ඵපා.මේකෙ වෙලෙද දැන්වීමක්වත් දාන්නෙ නැතුව අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරල හොස්ටින් අරන් උඹලට ෆිල්ම් පෙන්නන අයට තමා සහෝදරයා ඔහොම කථාකලේ.වචනෙකින්වත් උදව්වක් කරන්න බලන්න.ඔයා වගේ හැමෝටම අන්තර්ජාල දැනුම බහුශ්‍රෑත නෑ.ආයෙ ගොන් ජෝක් දාන්න ඵපා.උඹලට ෆිල්ම් බලන්න උගැන්නුවෙ බයිස්කෝප් එක වටා එකතුවෙලා ඉන්න අපි තමා සිංහල උපසිරැසි ඵක්ක.ඵහෙව් ඵකේ පොඩ්ඩක් ඉවසලා හිටපන්. උඹ සබ් දාන අපිට කන්න අදින්න සල්ලි දුන්නත් හැම ඵකටම සබ් දදා ඉන්න බැරිවෙයි.හිතන් ඉන්නෙ ලේසි වැඩක් කියලා මැට්ටා
sad
ganan ganna epa machanzla.
iye pereda awith me comment danna gaththa buruwo tika denek thamai oya NATTA PAGAGENA KAGAHANNE.sad
ahme habai eng.sub link eke sub file upload ekkakma link karala nane.
chamath
patta saho onnna math banna dammma.balalama coment ekka aith danamko
ඉ-කොළම
නියම ෆිල්ම් එකක් ... ඔන්න මාත් බාන්න දැම්මා....
ඔබ කරගෙන යන් අමේ මෙහෙවරට අපෙන් උපහාරය.... ඔය අලුතෙන් ආපු ගොන් ජෝක් කාරයෝ කියන දේවල් ගනන් නොගෙන සිටිමයි වැදගත් වන්නේ...ජය වේවා!
hare :-)
මට මතකයි මේක ඉස්සර රූපවාහිනියෙ බලනවා. එක එක වර්ගයේ චරිත ගොඩක් එක්ක හෙන පිස්සු තිබුණ කාටුන් සීරීස් එකක්. මේක ගැන දැනගන්න ලැබුණ වෙලේ ඉඳන් හොඳ කොපියක් එනකල් හිටියේ. අර ග්නොමියෝ ජුලියට් කතාව මේකට පටලවගෙනනෙ.
මධුෂ්ක සහෝට ස්තූතියි මේක හොයල දුන්නට!
Madushanka Gamage
කාලෙකින් මට කමෙන්ටුවක් දාන්නත් බැරි උනා බලපු ෆිල්ම් ටිකට කමෙන්ට් කරන්නත් ඕනේ නිවාඩු පාඩුවේ...මදුශ්ක පෙරේරා ලොක්කා තැන්ක්ස් හරියැ...මමනම් මේකට එන්නේ හොද ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න..නොමිලේ කරන මේ දේ ගැන සමහර සහෝදරයෝ කතාකරලා තියෙන එක ගැන ඇත්තටම කල කිරෙනවා... :( :( එවැනි අයව මදුශ්ක සොයුරා සමාව භජනය කොරයි කියලා හිතනවා... :D :P :P ඒ වගේම මදුශ්ක මචෝ තවත් හොඩ ෆිල්ම්ස් ගොඩක් ඔයගෙන් අපිට ඕනේ හරිද... :)
රාම් රාජ්
පොඩි කාලේ පිස්සුවෙන් වගේ බලපු කාටුන් එකක්නේ මේක.මම හිතන්නේ 85 86 වගේ කාලේ වෙන්න ඕන.
Ranga
මම මේ සයිට් එකේ කමෙන්ට් එකක් දාන පල වෙනි වතාව නමුත් මම ඉස්සර ඉදලම ෆිල්ම්ස් බෑව. මම මේ සයිට් එකේ දාන ඒව බාන්න 2 ක් හිතන්නේ නෑ මොකද දුන්නොත් එලම එකක් කියන එක අත්දැකීමෙන් දන්නව. මම අද මේ කමෙන්ට් එක දාන ප්‍රදාන හෙතුව මේතරම් කැපවීමක් සේවයක් කරන අපේ බයිස් කෝප් එකේ සහෝදරයන්ට එල්ලවු චෝදනා නිසයි. අපේ බයිස් කෝප් සහෝදරයන්ට සදා ජය.
kasun
අපේ බයිස් කෝප් සහෝදරයන්ට සදා ජය.
pm
මම නම් ෆිල්ම් බලන්නේ එන්ග්ලිෂ් sub එක්ක. සිංහල sub එක්ක නම් බලන්න කැමති නැහැ. එත් මේ site එකට නිතරම එන්නේ හොද ෆිල්ම්ස් ගැන දැන ගන්නත් හොද ෆිල්ම්ස් download කර ගන්නත්. නැත්නම් හොද ෆිල්ම්ස් මොනවද කියල ලෝකේ පුරා හොයන්න එපාය. ඉල්ලීමක් කරනවා පුළුවන් නම් හැම වෙලාවේම සිංහල වගේම එන්ග්ලිෂ් sub වලටත් ලින්ක් එකක් දාන්න කියල. සමහර එන්ග්ලිෂ් sub ඒවා ෆිල්ම්ස් එක්ක match වෙන්නේ නැහැ. වචන එක්ක එක ස්පීඩ් එකට සෙට් වෙන්නේ නැහැ. ඉතින් ගැලපෙනම එක බලල දාන්න පුළුවන් නම් වටිනවා. ෆිල්ම්ස් දානකොට නිතරම හොදම ෆිල්ම්ස් විතරක් දාන්න කියල ඉල්ලීමකුත් කරනවා. එතකොට අපට හොදම එක විතරක් බලන්න පුළුවන් මහන්සි නොවී. වැඩත් එක්ක ෆිල්ම්ස් හොයන්නවත් තියෙන ෆිල්ම්ස් ඔක්කොම බලන්නවත් අපට වෙලාව නැහැ නේ. අවසාන වශයෙන් වැඩේට බොහොම ස්තුතියි කිව්වා. එල කිරි වැඩක් !
navo
බොහෝම ස්තුතියි සහෝ ෆිල්ම් 1කට!
තමන්ගෙ වෙලාව කෑප කරලා තමන් බලපු හොද ෆිල්ම් 1ක් අනිත් අය එක්ක බෙදා ගන්න එක,ඒකට සිoහලෙන් ලිපියක් ලියන එක,තව කෙනෙක් දාපු ෆිල්ම් 1ක් සද්ද නෑතුව download නොකර එ කෑපවීම අගය කරල comment 1ක් දන එක කියන එකක් වත් ලේසි නෑ ඔය sub නෑ කියලා කෑ ගහනවා වගේ.ඒ නිසා කරුනාකරල මෙච්චර කෑපවීමක් කරන මිනිස්සුනගේ හිත රිදවන්න එපා!!!!!!!asiri
ekane kiyanne.. sinhala sub thibunath ekay nathath ekay... maxxaa thankx mchn..
banda
antho pubbo p*** dena ibbo..
sinhala sub naha kiyala film eka rasawindinna bari ibbo innawanam boruwata comments daala meeka karagena yana kollanta wala kapanne nathuwa film nobala hitiyanam godak pin.
oya boruwata kaagahanne podi podi blog karana ibbo wennath puluwan. irisiyawa hithata poddak hari enawa me wage ela kiri no1 site ekak dakkahama, sinhala sub naha kiyala boruwata sadde danne thamange blog ekata upload karanna film ekak download karanna nathi nisa wenna athi ne.. mamath dakka raumak dekak yanakota me site eken gaththa film daagena thamange wage pus paat daana ibbekwa adath.. sinhala sub daapu films tika me piliwelatama thamange blog eke daagena innawa.. pau me ibbo tika.. boru kaiyai padei witharai.. wadak karaganna baha..
baiscope sinhalen karagena yana kollo tikata jaya wewaa... wala kapana eka kahuththa honda nathi unge purudda hithanna epa.. apita mona unath aluth films denna ee hondatama athi.. jayen jaya..
piliyandalin banda...Koliya Harshanath
මම පටන් ගත්ත විරෝදයට අනිත් සහෝලත් සැප එක දීපු එක මට මාර හයියක් ජය වේවා
Maya
Thanx...
dinnu
romba thanks wewa saho me film eka dunnata.
me site 1 aluthen ena wikara karayanta winasa karanna denna baa.baiscope api hamadamath oba samagai.
jayawewa!!!madushka perera
අයියලා ඔක්කොටම ගොඩාක් ස්තූතියි කොමෙන්ට් දෑම්මටත්.ඒ වගෙම තමයි ආපු ගල් මුල් වලට තනි වෙන්ඩ ඉඩ නොදී මගෙත් එක්ක හිටියට.මීට කලිනුත් සිoහල නෑතුව ෆිල්ම්ස් ඕන තරම් මේ සයිට් එකේ දීල තියෙනව.අනික මම හිතන්නෙ අපි කවුරුත් මේ සයිට් එකට එන්නෙ ෆිල්ම් එකක තියෙන හොද නරක,කතාව කෙටියෙන් වගේම ෆිල්ම් එකේ හොද කොපියක් යන දේවල් බලාපොරොත්තුවෙන්.ඒ වගේම තමා මම හිතනව අපෙත් යුතුකමක් තමයි අපිට ලෑබෙන ෆිල්ම් එකක හොද කොපියක් අනිත් අයටත් දෙන එක.මේක මගේ දෙවනි ලිපිය.මෙච්චර ඉක්මනට සිoහල සබ් හදන්ඩත් මට බෑ.අනික මම හදන්ඩ දන්නෙත් නෑ..ඉතින් මම උත්සහ කරන්නම්.එත් එතකන් මට ලෑබෙන ෆිල්ම් එකක හොද කොපියක් ලෑබුන හමන් බයිස්කෝප් එකට දෙන එක මගෙ යුතුකමක් කියලා මම හිතනවා.මොකද අපි මේ වෙබ් එකේ අය්යලාගෙ ලිපි බලලා ඒ ෆිල්ම් බාගන්නව නම් අපිට ලෑබෙන එකක් දෙන එක අපෙත් වගකීමක්.කවෘ මොනවා කිව්වත් මම මට ලෑබෙන ෆිල්ම් වල හොද කොපි මේ හෑමෝටම දෙනවා.ජය වේවා.........
රොයිලි
බල්ලෙක් බිරුවට කඳු කඩාපාත් වෙන්නෙ නෑ කියලා කතාවක් අහලා තියෙනවනෙ.. එක අමනුස්සයෙක් වෙන වෙන නම් වලින් කමෙන්ට් කරලා එකම දේ කියද්දි අපේ සහයට කතා කරපු හැමෝටම ගොඩක් පිං. ගොඩක් ස්තූතියි..... :P :P
Arjuna
madushka perera u r right Koliya u r right
M.D.A Pradeep (අමිල මනනදේව)
ඔව් හැබැයි රොයිලි සහෝගේ කථාව ඇත්ත. සිංහල සබ් නැතුව සයිට් එකේ දැම්ම මුල්ම ලිපිය මේක නෙමෙයි නේ.වැඩක් කරනකොට අකුල් හෙලන්න අය ඉන්නවා මදුශංක සහෝ ඕනේ තරම්.ඒත් ඔය චෝදනා කරන කිසිම කෙනෙක් නිකමටවත් මේකේ ලිපියක් දාලා නැති අය වෙන්න ඕනේ.එහෙම එකට ඉන්න අපේ බයිස්කෝප් සහෝලට කුහක හිත් නෑ කියලා මම හොදටම දන්නවා.ඉතින් මේ වගේ තවත් චිත්‍රපටි අපිත් එක්ක බෙදා ගන්න මදුශංක සහෝ...ඵල ඇති රුකට ගල් වදිනවා..ගනන් ගන්න එපා
ජය වේවා!!\
565 MB copy eka nan pattama chaaaa.. 700 MB eka nan kohomada danne naaa.. Poddak parakku unata kamak na honda copy ekak awama link ekak post kara nan thama age... naththan meka down karanna yana kalaya aparadee nee.. moko da me site eke meeta kalin dala thibuna links wala print eka supriyatama thibuna..
kohoma unath biscope team ekata thanx..
Uraj Deemantha
ෆිල්ම් එක නම් බාගෙන බලලත් ඉවර වෙලා තමා අද කමෙන්ට් කරන්න උනේ... :) ෆිල්ම් එක නම් කියලා වැඩක් නෑ.... උපරිමයි..... :D
haris
Thanks..
madushka perera
machan mama wasala sahota yawwe 1.5 gb copy ekak.eka nan prnt eka hoda.bt eka loku wadi nisa wenda athi me wena link 2k damme.
udaya isuru
sub tibunat netat api film baaaanneea me site eken .mage kematima film dena ekama site ekat meeka ... api hemadaama royli aiyala ekka inna wa ... sub neti unata kamak na film eka maxxxaaaa ... thanks brooooo...
සපුන්
Sinhala sub thibunoth wada
hodai.
awu lak na.
api dannawa sin: sub hadanna thiyena amaruwa.
Thanks.
It`s good
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

අදත් මම එක...