අද මගේ ජීවිතයේ තවත් වැදගත් කඩඉමක් පසු කරන දවසක්. ඒ තමයි මේ ලබා දෙන උපසිරැසියත් සමඟ මගේ “උපසිරැසි 100” හෙවත් උපසිරැසි ශතකය සම්පූර්ණ වීම; රොයිලි සහෝගෙන් පසුව බයිස්කෝප් අඩවියේ ශතකය වාර්තා කළ පළමුවැන්නා වීම. මෙතෙක් දිගු ගමනක් ඒමට මට හැකි වුනේ ඔබ මා ගැන තැබූ අපරිමිත විශ්වාසය නිසා. ඒ විශ්වාසය කොතෙක්ද කිය…
අද මගේ ජීවිතයේ තවත් වැදගත් කඩඉමක් පසු කරන දවසක්. ඒ තමයි මේ ලබා දෙන උපසිරැසියත් සමඟ මගේ “උපසිරැසි 100” හෙවත් උපසිරැසි ශතකය සම්පූර්ණ වීම; රොයිලි සහෝගෙන් පසුව බයිස්කෝප් අඩවියේ ශතකය වාර්තා කළ පළමුවැන්නා වීම. මෙතෙක් දිගු ගමනක් ඒමට මට හැකි වුනේ ඔබ මා ගැන තැබූ අපරිමිත විශ්වාසය නිසා. ඒ විශ්වාසය කොතෙක්ද කියනවා නම් මේ මාස 8 හමාර තුල මම ලබාදුන් “චිත්‍රපට හා ටෙලි නාට්‍ය උපසිරැසි 100” අප වෙබ් අඩවියෙන් බාගත කල ගණන අද වන විට “ලක්ෂ 4” ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අතරින් 10,000ට වැඩි පිරිසක් බාගත කළ උපසිරැසි 8ක්ද වනවා. මේ උපසිරැසි 100ට චිත්‍රපටි 70ක් සහ ටෙලි නාට්‍ය කොටස් 30ක් ඇතුලත් වෙනව. මේ නිසා බයිස්කෝප් වෙබ් අඩවියේ වැඩිම චිත්‍රපටි උපසිරැසි දායකයා වීමටත් මට හැකියාව ලැබී තියනව. මම හුඟක් ප්‍රයෝජන ලබා ගත් වෙබ් අඩවියක් වෙනුවෙන් මේ ආකාරයට කෘතගුණ සැලකීමට හැකිවීම ගැන මම බෙහෙවින්ම තෘප්තිමත්. මේ වෙනුවෙන් මගේ පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතු අතපසු වූ අවස්ථා නම් එමටයි. මෙහීදී පළමුවෙන්ම මම මගේ දෙමාපියන්ට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි. මොකද මේ හැමදේකම බරපැන දරන්න වුනේ මගේ දෙමාපියන්ට.. “විකියා” සහෝ තමයි මේ සඳහා මට ප්‍රධාන වශයෙන්ම දිරි ගැන්වීම් කරේ. ඔහු නොවන්නට මම මෙතෙක් දුර ගමනක් නොඑන්නට ඉඩ තිබුනා.
මෙතෙක් ආ ගමන දෙස ආපසු හැරී බලන විට මුලු උපසිරැසි වලින් 70%ක්ම චිත්‍රපටි තුලින් මේ කාර්යය නිම කිරීමට හැකි වීම ගැන අවංක සතුටක් හිතට නැගෙනව. මොකද සාපේක්ෂව චිත්‍රපටයක් උපසිරැසි ගැන්වීමට වැඩි කාලයක් හා ශ්‍රමයක් දරන්න වෙනව. මේ අතරින් උපසිරැසි 98ක්ම නිමවුනේ මගේ අතින්. ඉතුරු උපසිරැසි 2ම මම 50%ට වඩා දායකත්වයක් දක්වපුව. බොහෝ විට අපේ වෙබ් අඩවියෙන් කීප දෙනෙක් හවුල් වී කරන උපසිරැසි ලබා දෙන්නෙ ඉතාම අඩුවෙන්. සාපේක්ෂව ගතහොත් ලබා නොදෙන තරම්. මොකද එකිනෙකාගෙ භාෂා පරිහරණ ශෛලිය වෙනස්. මේ නිසා උපසිරැසියේ ගුණාත්මක භාවය අඩුවෙනව. ඒ නිසා අපෙන් උපසිරැසි ලබා ගන්න ඔබට චිත්‍රපටය එකම ශෛලියකින් එක දිගට රස විඳිය හැකියි.
අද වන විට අපේ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ අංක (1) Entertainment වෙබ් අඩවිය බවට පත්ව තියෙනවා . මෙයට ප්‍රධානම හේතුව අපේ කාර්ය මණ්ඩලයේ කැපවීම. ඉතා නිහඬව ඒ හැමදෙනාම තමන්ගෙ කාර්යය අකුරට ඉටුකළා. පම්පෝරි නොගසමින් ඉතා නිහඬව ක්‍රියාවෙන් පමණක් තම වගකීම සහ යුතුකම් ඉටුකිරීමට උනන්දුවෙන් කටයුතු කළ විකියා, රොයිලි, පොතේගුරා, උදා, වාසල, යන සියලුම සහෝදරවරුන්ට සහ උපසිරැසි නිර්මාණය කරන සහෝදරයන් හැම කෙනෙක්ටමත් විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි.
අද මම අරගෙන ආව Madras Cafe චිත්‍රපට මේ දිනවල කා අතරත් කතා බහට ලක්වෙන ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. මේ සඳහා මේ වනතෙක් හරි හමන් ඉංග්‍රීසි උපසිරැසියක්වත් නිකුත් වෙලා නෑ. මේ නිසා දෙබස් සියල්ල ශ්‍රවනය කරමින් ටයිම් ලයින් නිර්මාණය කරමින් අලුත්ම උපසිරැසියක් නිර්මාණය කරන්නට සිදු වුනා. එම නිසා මේ ඔබ අතට පත් වන්නේ Madras Cafe 2013 චිත්‍රපටය සඳහා නිකුත් වන පළමු උපසිරැසියයි. මේ සඳහා ටයිම් ලයින් සියල්ල ඉතාම නිවැරදිව මට සාදා දුන් වාසල සහෝටත් බෙහෙවින් ස්තූතිවන්ත වනවා. ඒ නිසා මට තිබුනෙ දෙබස් ටික පරිවර්තනය කරල ටයිප් කරන්න විතරයි. හැම දෙබසක්ම වගේ සිංහලට පරිවර්තනය කරල තියනව. දීර්ඝ කාලයක් යන වැඩක් ඔහු නිසා ඉතා ඉක්මනින් නිම කරන්න මට හැකි වුනා. (මතක ඇතිනෙ මගේ 50 වන උපසිරැසිය වන Thandavam 2012 දෙමළ චිත්‍රපටය, එයටත් මේ විදියටම අලුතෙන්ම උපසිරැසියක් නිර්මාණය කරා.)
දැන් එහෙනම් චිත්‍රපටයේ කතාව දෙසට යොමුවෙමු… අගෝස්තු 23 වනදා තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටයෙන් 80 දශකයේ අග සිදුවූ ශෝකාන්තයකට මුල් වූ කුමන්ත්‍රණයක තතු හෙළි කරනවා. ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ඉන්දීය අගමැති “රජීව් ගාන්ධි” ඝාතනයට ලක් වීම ගැන හැමෝම වගේ අහල ඇතිනෙ. ඉන්දියානු බුද්ධි අංශ දියත් කළ රහස් මෙහෙයුම්, ඉන්දීය බලධාරීන්ගේ කුමන්ත්‍රණ, ඉන්දු ලංකා ගිවිසුම සහ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සාම හමුදාව පැමිණීම, කොටි ත්‍රස්තවාදයේ කුරිරු බව, කොටින්ගේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ ආකාරය, අතීතයේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය වගේ වැදගත් සිදුවීම් රාශියක්ම නාට්‍යමය ස්වරූපයෙන් දැකගැනීමට මෙහිදී ඔබට අවස්ථාව හිමි වෙනවා.. මෙය Shoojit Sircarගේ අධ්‍යක්ෂණයක් වේ. එමෙන්ම මෙය නිශ්පාදනය කර ඇත්තේ ප්‍රධාන චරිතය රඟ දක්වන සුපිරි නළු John Abraham විසින්මයි. මේ ගැන මීට පෙර බයිස්කෝප් මංසලෙත් ලිපියක් පල වුනා.
අවසාන වශයෙන් කිව යුතුමයි; මම මෙතෙක් සිදුකළ කාර්ය ගැන මට අවංකවම සතුටුයි. අපි ලඟ තියන දැනුම තවත් කෙනෙකුට දෙන්න පුලුවන් නම්, ඒ දැනුමෙන් කෙනෙකුගේ විඩාවට පත් වූ සිතට සතුටක් ගෙනදී සහනයක් වෙන්න හැකි නම්.. එයයි වඩාත්ම වටින්නෙ. ඉතින් එයින් ලැබෙන ආත්ම තෘප්තිය මම වගේම අපේ අනෙකුත් සහෘද උපසිරැසි නිර්මාණකරුවනුත් අත් විඳල ඇති… මේ කාර්යය සාර්ථකව කිරීමට මා හට නිරතුරුව දිරිදුන් එකී මෙකී නොකී ඔබ සැමට මගේ හදපිරි ප්‍රණාමය. 101 වන උපසිරැසිය සමඟ හමුවන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. හැමෝටම ආරාධනා කරනවා මගේ “FaceBook page” එකට එකතු වන ලෙස. එමෙන්ම යම් ගැටළුවක් වෙතිත් “මූණු පොතෙන්” මා අමතන්න. හැකි සෑම විටම ප්‍රතිචාරයක් ලබා දෙන්නම්.. ඔබ සැමට ජයම වේවා ~ !!!
DVD පිටපතට උපසිරස සැකසීමේදී සහය දුන් විමා සහෝට සහ කිනා සහෝට ස්තූතී!

450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 404577B1799B4736D386D06A048A08877D87AE14 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 96D55D8BF04E109B0B8C8154AE046AA5D47E5126 700 MB (720p) කොපිය මෙතනින් බාගන්න D62AD7E3071996AA995F11366BF008E62433A653 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
22,514 downloadsDownload Madras-Cafe-2013.zip162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
290 comments
chami
yasas
unsum suba pathum saho thawa 1000 ganak danna labeywa!!!!
kasun viraj
100 වැනි උපසිරස වෙනුවෙන් මගෙන් උණුසුම් සුබ පැතුම් සහෝ :D
සිසිත සමරතුංග(සිසියා)
100ට දීලා තියෙන්නේ ගින්දර පහරක්........... එනකම්මයි හිටියේ........ බොහොම ස්තූතියි සහෝ........... තව හෙන ගානක් දෙමු......... ඉලක්කම්වලින් ගණන් කරන්න බැරි තරමට.
ositha
supiri suba pathum
#ChalinduDeshan (කිනා)
අම්මට සිරි. එල ඈ.
මුලින්ම සුභ පතනවා ශතකයට.
ඊලඟට සුභ පතනවා මතක හිතෙන විදිහේ වැඩක් කරාට අද වගේ විශේෂ දවසක :D
එකෙන්ම අද උදෙත් කොල්ලෙක් එක්ක මම මේ චිත්‍රපටිය ගැන කතා කරා.
බොහොම ස්තූතියි මචං.
ජයවේවා!vee
maxxa maxxa baiscope gindara
tharanga
එළනේ අපි දන්නවා බයිස්කෝප් කොල්ලන් වැඩ විතරයි කතා නෑ
100 ට සුභ පැතුම්
ජයම වේවා!!!!
DDSameera
suba pathum..me film eka ape ratat hodatama balapanawa...kiyala samaharu kiyanne....hugak aya kiwwa.lankawe anduwen me film ekata invest kara kiyala...
NIYAMAI...i miss this film translation ...but i m very proub about you..ranga
all the best didula :)
-HacKrisH-
ස්තූතියි මචන්. නිතර කමෙන්ට් නොදැම්මට සබ් නම් හැම එකම බානවා...:) ඉක්මනට 200ය ගහන්න ලැබේවා...
ස්ක්‍රීන් කොපිය කලින්ම ආසාවට බාලා තිබ්බෙ. ඉන්ග්ලිශ් සබ් වත් තිබ්බෙ නැති නිසා බැලුවෙ නෑ... දැන් සිංහලෙන්ම බලන්න පුලුවන්...:)
thusitha
අඩෝ හැකා උඹ උඹත් එහෙනම් මේකට එන යන එකෙක් ආ එළ එළ හලිම තන්තෝතයි ඕයි :D
wow
WOW,,,MARU :D
SaDuN dAnUsHkA
දිදුල ඔයානම් මාර පොරක් තමා.
ඔයාට ජයෙන් ජයwaruna
katin bathala kola hitawanwata wada wade karala penna akai loku kama,baiscope best oyalage teem aka maru, jaya
shann
උණුසුම් සුභ පැතුම් සහෝ :) සබ් එන්නත් කලින් සබ් දීලා පට්ට
චතුරංග සුරාජ් පෙරේරා
අම්මෝ 100 කියන්නේ පිස්සු හැදෙනව මේ තාක් දුන්න සබ්වලට බොහොම ස්තුතියි ! මම මේක කලින්ම බාගත්ත ඒත් මේකේ ඉංග්‍රිස් සබ් හෙව් වට කව් රුත් දාල තිබ්බේ නැ 100 දි මේවගේ සුපිරි බඩුවක් දුන්න වගේම පලවෙනියටම නිකුත් වෙන්නේ සිංහලෙන් හින්ද ඒක ගැනත් ගොඩක් සන්තෝසයි. ජයවේවා දිදුල සහෝ !
nalin sameera
thanks
ශාන් විමුක්ති [විමා]
හෙහ් හේ
මෙන්න වැඩ
100ට අපේ කොලුවගෙන් රියල් වැඩක්
අලුතින් මොනා කියන්නද මන්ද බන්
හිතාගන්න බෑ
මම බොගේ ඔය ෆිල්ම් හැට හුටාමාරෙන් සෑහෙන ගානක් බලල තියෙනව
බලපු හැම එහෙකටම කමෙන්ට් පාරකුත් අනිවා දානවා
එකෙන්මයි ආ.. ;)
මන්ද බන් හිතාගන්න අබේ
අද උබේ සතුට මටත් බෝවෙලාද කොහෙද
මාස අටහමාරකදි උපසිරසි 100ක්
මාරම වේගයක්
අපේ උපසිරසි කන්ඩායමේ ප්‍රහාරකයා
මට වඩා වසර 20ක් විතර වැඩිමල් වයසක සගයා
හෙහ් හේ
මොනා කියන්නද මම අලුතින් මේ ටිකම තමයි මට කියන්න තියෙන්නෙත්
ජයෙන් ජය දිදුල අයියේ......!
He is Tight... and He is Bright...
Didula KD The Bright One :Dනිපුන්
සුපිරි කඩඉමක් පහු කල දිදුල Kd සිල්වා සහෝදරයට මගේ උණුසුම් සුබ පැතුම්...
ජයෙන් ජයම වේවා...
ශතකය, දිවිත්ව ශතකයක් කරාත්, එයින් නොනැවතී තව තවත් නොදැවී මේ ඉනිම ගෙන යන්නට සුබ පැතුම්...mihin ලංකා
පට්ට පට්ට දිදුල සුපිරි සබ් සුපිරි
අද බාලා දැන්ම බලනව ඩිරෙක්ට් එකක් තියෙන නිසා විනාඩි 20 යි
kalinga
He is Tight… and He is Bright…
Didula KD The Bright One :Dපට්ට ටෝක් එක
අනිවා සුපිරි පොරක් වැඩ විතරයි කතා නෑ
Hirushan Fernando
මුලින්ම සුභ පැතුම්! නියම ෆිල්ම් එකක් .
එනකම් ඉන්න හිටියේ බලන්න. දැන් නම් එකම බලලා දානව .
උපසිරසත් තියෙනවනේ.
උපසිරසට ස්තූතියි.මේකට ඉතින් ජනාධිපති මුදල් යෙදෙව්වා කියලත් කිවවනේ.
හැබැයි එහෙම කරත් මුකුත් කියන්නෙ නැහැ අපිනම්.
අපේ සිනමාකාරුවන්ට කරන්න බැරි වුණ දෙයක් මේ.
ඉන්දියාවෙන් හරි කෙරෙනවනම් ඒක අගය කරන්න ඕනේ.sarath
didula mage suba patum oyata.
gihan
onnna gananwa thx all the best 100 :)
shanuka
100 wana upasirasiyata suba pathum,jaya wewa
thusitha
නියමයි සහෝ බොක්කෙන්ම සුබ පතනවා දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල මේ වැඩේ විතරක් නෙමෙයි කරන කියන හැමදේම හිතන පතන විදියටම සාර්තක වෙන්නයි කියලා
පැතුම් අරෝෂණ වනිගසේකර
මුලින්ම 100වෙනි උපසිරසියට සුබ පතනව මචන් කියල නිමකරන්න බැරි සේවයක් මේක
ඒ වගේම මේ දුන්න ෆිල්ම් එකටත් ගොඩ ඉස්තූති වන්ත වෙනව
මොකද ඉන්දියාවෙන් මේ වගෙ වැදගත් ෆිල්ම් නිපද වෙන්නෙ බොහොමත්ම කළාතුරකින් නිසා
was
සුපිරිම සයිට් එක බයිස්කෝප් එක එකේ කතා 2 කක් නෑ එහෙම වෙන්න හේතුව මේකේ ඉන්න සබ් දෙන කට්ටිය නිසා,අනිවා සුපිරිම පොරවල්,දිදුල ආයේ කියන්න දෙයක් නෑ සබ් දුන්නොත් හොදටම තියෙනවා,නිකන් සබ් එක එක ගොඩේ දාලා අච්චාරු කරගන්නේ නැතුව දෙන එකට හොදම උදාහරණයක් දිදුල,ඔයාට සුභ පතනවා හදවතින්ම
deshan
magen subapathum machan
venura
ALL THE BEST :)
කැලුම් රණවක
මුලින්ම 100 වන උපසිරැසියට මගෙන් උණුසුම් සුබපැතුම් දිදුල සහො...
මම තවත් හොඳ කොපියක් නිකුත්වෙන තුරු ඉන්නයි කල්පනාව..
හැබැයි ඉතින් බලන්නම හිතා ඉන්න ෆිල්ම් එකක්..හිතුනොත් මේක බාගෙන බලනවා ;)
එහෙම වුනොත් ඩිරෙක්ට් ලින්ක් එකෙන් අවුලක් නැතිව බාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා...උපසිරැසියට බොහොම තුති..සහො..සැහේන්න මහන්සි වෙලා කල උපසිරැසියක්..ඉක්මණින්ම 150 කඩයිමටත් ලගාවෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :)උදාර
මම ගාව දැනටම කොපි එක තියෙනවා මචං බය නැතුව බලහං හොදටම තියෙනවා
rusuru | රුසිරු
ආයේ බලන්න දෙයක් නෑ ඔන්න දැම්ම බෑවා
සුභ පැතුම්!!! 1000 ක් දෙන්න ලැබේවා!naleen
මට ගොඩක් සතුටුයි මචෝ..මම බයිස්කෝප් එක එක්ක ගොඩ දවසක් ඉදල ඉන්නවා ඒ වගේම විකියත් මගේ හොද යාළුවෙක්.දිදුල ඔයාගේ sub නම් සුපර්බ්...sub එකක් ලියනවා කියන්නේ ලොකු වගකීමක් ඔයා ඒක හොදටම කරනවා.sub එකක් කියන්නේ ඉංග්‍රීසි සිංහලට translate කරනවා කියන එක විතරක් නෙවෙයි.හොදට sub එකක් දෙන්න පුළුවන් අය ඉන්නේ බොහොම අතලොස්සක්.ඔයා රොයිලි ඒ අතලොස්සෙන් මුලින්ම ඉන්නවා..මගේ සුබපැතුම් සහෝ.....
Rakitha Ranathunga
aiyage wijayagrahanayata magenuth suba paethum!
Dushan
Hats of man.....All the best.....we want more..
උදාර
පට්ට සුභ පැතුම්!!! මම ගාව කොපිය තියෙනවා තව ටිකකින් බලන්න ගන්නවා සුභ පැතුම්! :)
සමීර කරුණාරත්න
"උපසිරැසක් කරනවා කියන්නේ බොහොම පහසු වැඩක්", මෙහෙම හිතන බොහෝ දෙනා ඉන්නවා සමාජයේ. ගොඩක් උදවිය 1ක් 2ක් කරලා නවතින්නේ ඒ කියන පහසුව නිසා නෙමෙයි. කරන්න ගත්තම දැනෙන අපහසුව නිසා. නමුත් නැහැ, බැහැ කියන්නේ නැතිව තමුන්ට කිසිම අද සමාජයේ ප්‍රධානම වචනය වන "ලාභය" ලැබෙන්නේ නැති වැඩක් කරන මිනිසෙක් අද 100 ක කඩ ඉමට ඇවිදින්.මම හිතන්නේ අර කිව්වා චිත්‍රපට 70 තුලත් අඩුම 40% කටත් එහා අසා ලිවීම් ඇති. කිසිදා නොදැක්ක, නොදන්නා මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මේ කරන සේවයට එක සිතින් සුභ පතනවා. ඔබගේ පුද්ගලික ජිවිතයේ අරමුණු ඉලක්ක මේ උපසිරැස 100 වගේ සිය ගුණයකින් සපල වේවායි පතනවා. සදා ජය මචෝ...! මෙතනින් නතර නොවේවි කියලා හිතනවා....
දිදුල Kd සිල්වා
ඔව් මචන්.. අහල සබ් දාපු ෆිල්ම් නම් හුඟක් තිබුන.. අලුත් ෆිල්ම්නෙ හුඟක් කරේ. ඒ නිසා සබ් ඇවිත් තිබුනෙ නෑ
uda
වා...හ්! මේ තියෙන්නෙ දිදුල දිදුල! දිදුලගේ අලුත්ම සබ් එක. ලෝකෙටම එන මුල්ම සබ් එක, අර වතාවක් කෙනෙක් කිව්වත් වගේ දැන් අපේ කොල්ලො හදාපු ටයිම් ලයින් දාගෙන සබ් එක කැමති භාෂාවකින් හදන්ඩ කැමති කෙනෙකුට පුළුවන්. කොටිම්ම හින්දි අයටත් මේ ටයිම් ලයින් අරගෙන සබ් එක හැදුවැකි!
මේක තමා මේ අපේ සයිට් එක අංක 01 වීමේ රහස. කටකයිවාරුවට නෙමෙයි, දත්ත වාර්තා, රෑන්කින් ලිස්ට් වලත් අපි තමා අංක 01. හේතුව? වැඩක් කළොත් දෙයක් ඇති, පුස්ස බින්දා වගේ නැතුව.
අර කතාවක් තියෙන්නේ "රු:10ක් වටින එක බිත්තරයක් දාලා කිකිළියෝ ලෝකෙට ඇහෙන්ඩ කෙකර ගාද්දි, මුතු බෙල්ලෝ කෝටි ගණන් වටින් මුතු ඇට කෙදිරිල්ලක්වත් නැතුව ලෝකෙට දෙනවා" කියලා. මෙතන අපේ කොල්ලො මුතු බෙල්ලන්ටත් වඩා උසස්! සහ වටිනවා! මොකද එක මුතු බෙල්ලෙක් දෙන්නෙ එක මුතු ඇටයයි. අපේ කොල්ලො මුතු වගේ වටින සබ් සිය ගණනක් දීලා...
එක මුතු ඇටයක් හදලා දෙන බෙල්ලාගේ වටිනාකම මුතු ඇටය බෙල්ලාගෙන් වෙන් කළ හැටියේ නැතුව යනවා. ඒත් සබ් දෙන අපේ කොල්ලන්ගේ වටිනාකම සබ් ගාණ වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ තව තවත් ඉහල යනවා. ආන්න ඒකයි මුතු බෙල්ලන්ටත් වඩා අපේ උන්ගේ වටිනාකම වැඩි...
හරිම සතුටුයි දිදුල! මම ඔයා මුල්ම සබ්මුතු එක දෙනවා දුටුවා. අද ඒක එකින් එක ඇමිණුවා වගේ සබ්මුතු 100ක මාලයක් වෙලා. අපිට විශ්වාසයි රොයිලිට අපි කාටත්ම වඩා සතුටක් ඇති. අවංකව වැඩක් කරන පිරිසකට මගපෙන්වන්ඩ ලැබීම ගැන. ඒ හැමෝම ප්‍රමිතියක් රකින උදවිය වීම ගැන. සුබ පැතුම්! ඔයා හරිම වේගෙකින් ආවා 100ට. දැනට අපේ වේගවත්ම ශතකය ඔයාගේ. අපි බලමු තව කවුද ඉන්නේ කියලා ඉදිරියේදි ඔයාගේ වේගෙට අභියෝග කරන්ඩ.
තව තවත් සබ් දීලා රොයිලිත් එක්ක මේ පාර තව තවත් දිගු කරමු. ජයෙන් ජය!
රෙහාන් චානක
මුලු හදවතින්ම සුබපතනව සහෝ 100වෙනි උපසිරැසියට
lasidu
සුපිරි වැඩක් මචෝ ජයම වේවා
සචින්ත
පට්ට මචො
Wishvanath
එළ එළ කොල්ලො
උපසිරසි 100ක්,
බාගත කිරීම් ලක්ෂ 4ක්, සෙල්ලම්ද කිව්වලු.quik
thanks
කැළුම්
මගෙත් හදපිරි සුභ පැතුම් ඔයාල සෙට් එක කොහොමත් කවදත් පට්ටයි
RT ප්‍රමෝද්
එල එල..එකෙන්ම...මේ ෆිල්ම් එක ගැන පත්තර වල දැක්ක...බලන්නමයි හිටියෙයෛතින් බයිස්කෝප් එකේ දෙනකන්ම් හිටියා...අනිවා දෙන බව දන්නවනේ....එකෙන්ම උපසිරසි 100ට සුභ පැතුම්...100 200ක් වෙලා,200 1000ක් වෙන්නෙයි කියලා ප්‍රාර්ථනා කරනවා..
රොයිලි
මාස අටහමාරකට උපසිරැසි සීයක් දාන එක සෑහෙන විශිෂ්ට දෙයක් කියන එක අනිවා ඕනා කෙනෙක් පිළිගනීවී. හැබැයි ඒ වෙනුවෙන් කැපකරපු කාලය කොච්චරක්ද කියලා දන්නෙ දිදුලම තමා. ඉතින් මම මේ මොහොත උපකාර කර ගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට හා අපි සැමදෙනා වෙතම කරපු ඒ සියළු කැපකිරීම් වෙනුවෙන් හෘද්‍යාංගම ස්තූතිය පල කරන්න. ඒ වගේම දිදුලගේ පෞද්ගලික ජීවිතයේ සියළුම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ :P :P
fd
100 ta suba pathum ! kayiwaru nathi wadak karana akama site aka baiscope man one thanaka baya nathuwa kiyanawa
susa
good luck bro...keep it up.
sasanka
patta machan thaks sub eka dunnata kaleka idan balagena hitiye meka enakan jaya veva.
bandula
loweth na only baiscope :) cnrtz didula
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pattama 100 ta suba pathum aniwa adama balanwa