කලින් පලවූ ලිපිය.. කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉ…

කලින් පලවූ ලිපිය..
කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉතිහාසය එහි ආරම්භය සහ වර්තමානය දක්වා මේ චිත්‍රපටයේ කථාවෙන් කියවෙනවා. ඇත්තටම කියනවනම් හරිම රසවත්. ඇසිපිය නොහෙළා කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්.
අවුරුද්ද 2003… මතක තියා ගන්න ඒවන විටත් myspace.com, friendster.com වගේ කෝටිපතියන්ගේ සමාජ අඩවි ලෝකයේ තිබුණා. මේ අතර Mark Zuckerberg කියන්නෙ ලෝකයේ හොඳම සරසවියවන Harvard සරසවියේ ඉගනුම ලබන බොහොම දක්ෂ සිසුවෙක්. කතාව පටන් ගන්නෙ ,එහෙමත් නැත්තන් facebook හි ආරම්භක අඩිතාලම වෙන්නෙ, මේ Zuckerberg, ඔහුගේ පෙම්වතිය සමඟ ඇති කරගන්නා බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙසයි. Zuckerberg ට ඇතිවෙනවා පෙම්වතියගෙන් පළිගැනීමේ අදහසක්. ඉතින් මේ දෙදෙනා අතර ඇතිකර ගන්නා රණ්ඩුවෙන් පස්සෙ, රාත්‍රියේ Zuckerberg තමාගේ පරිගණකය ඉදිරියට ගිහිල්ලා බ්ලොග් එක ලියන්න පටාන් ගන්නවා. බ්ලොග් එකේ ලිපියෙන් තම පෙම්වතියට පලු යන්න බනිනවා. මේ අතරම ඔහුට අදහසක් එනවා. ඒ තමයි Harvard සරසවියේ ඉගනුම ලබන සිසුවියන්ගේ රූප දෙකක් ගළපලා පුංචි සයිට් එකක් හදන්න. ඒකට ඔහු facematch.com කියලා නමක් ලබාදෙනවා. මේ සඳහා එන Algorithm එක එහෙම නැත්තන් ගණිත ක්‍රම සහ විශේෂ සහය ලැබෙන්නෙ Eduardo Saverin ගෙන්. මෙහි සාර්ථකත්වය කියන්නෙ එක් රැයකින් මෙය මුළු Harvard සරසවියේම ජාලය තුළ ට්‍රැෆික් එකක් ඇති කරන්න සමත් වෙනවා.
ඔන්න ඕක තමයි කතාවෙ මූලාරම්භය. Mark Zuckerberg සහ Eduardo Saverin තමයි මේ දැවැන්ත වු මුළු ලෝකයේම එක හා ප්‍රසිද්ධ වි තිබෙන facebook හි නිර්මාණ කරුවන් දෙදෙනා. තව ඉතින් මේ වැඩේට Zuckerbergගේ නේවාසිකාගාරයේ එකට ඉන්න සහයකයො දෙන්නගෙත් උදවු ලැබෙනවා. මේ සිද්ධිය Harvard සරසවියේ ඉගනුම ලබන ජේෂ්ඨ සහ ටිකක් සල්ලි තියන සිසුන් තිදෙනෙකුගේ අවධානයට ලක්වෙනවා. ඔවුන් Zuckerberg ගෙන් වැඩ අරගෙන මුදල් සොයාගැනීමේ අදහසින් Zuckerberg ට ඔවුන් සමඟ වැඩ කරන්න ඇරයුම් කරනවා. මෙයට Zuckerberg සහය දෙනවා කියුවත් ඔහු තනියම මේ වැඩේ යාළුවොත් එක්ක කරගෙන යනවා. මේ අතර මේක ඔවුන් දිනෙන් දින වර්ධනය කරනවා. මේ පිළිබඳව පුවත්පත්වල පවා යන්න පටන් ගන්නවා. මේ නිවුස් එක , දැනට ජනප්‍රිය තාව පොඩ්ඩක් අඩු වෙලා තියෙන 2003 , 2004 වසර වලදී ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබුණු ගීත හුවමාඅරු කර ගැනීමේ අඩවියක් වූ Napster.com හි ලොක්ක වන Sean Parker ත් පොඩි ඩැහැ ගැනීමේ අදහසින් සම්බන්ධ වෙන්න හදනවා. මේ Sean Parker ගේ චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ ගායන ශිල්පී Justin Timberlake විසිනුයි. නමුත් මේ අවසානයේ මේ සමාජ අඩවියේ නියම අයිතිය සඳහා Mark Zuckerberg සහ Eduardo Saverin හට සටන්වදින්න වෙනවා.
කාතාව හරිම රසවත්. සත්‍ය කතාවක් නිසා ඉගෙන ගන්න යමකුත් තියෙනවා. එහෙනම් හැම කෙනෙක්ටම චිත්‍රපටිය නරඹලා කමෙන්ටුවක් දාලා යන මෙන් එල්ලනවා. අපි මේ ලබා දීලා තියෙන්නෙ, චිත්‍රපටය සඳහා විචාරකයන් සඳහා ලබාදෙන DVD පිටපත් දෙකක්. ඒ නිසා සමහර තැන්වල පුංචි watermark සඳහන් වෙනවා. නමුත් පිටපත්නම් ඉතා හොඳ තත්වෙක තියෙනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
76f9ce0311c456e7720308659c8120f35cff23ef1.2 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
965554390D50F07B206115A0D6D619D5678AD5A4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,292 downloadsDownload The-Social-Network-2010.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/-යසිත්-e1414519702276.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් යසිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් යසිත්
Subtitles
106 comments
chamath
Kasun.D
Thanx
Hamoma Balanna One Film Ekakchamath
nd saho me pitapath 2m eka wage hodai neda/?
වාසල
පිටපත් දෙකම හොඳයි....බය නැතුව බාන්න... :)
Amila Nishantha
thanks....... 300mb ekakuth thiyana nisa ikmanata balanna piuluwan.............ela ...ela
budhajeewa
එළකිරි! මේක එනකං තමා හිටියේ!
Dar[K]
මැක්සා හොද කොපියක් එනකන්ම තමා හිටියේ ! බාගන්න දැම්මා
තැන්ක්ස්
අමල් ප්‍රසාද් සමරවීර
apith ithin facebook daruwone!!!! aniva balanawa!! thnxxxxxxx
AL1717
Thanks Machan Meka gena Kiwwata
Onna Henam DVDRip Ekak Enakan ma Balagena Innawa..
Jaya Wewa....chamila
නවතම බයිස්කෝප් මුලින්ම !
කිව්වට ටොයි ස්ටෝරි, හවුස් ෆුල් දැන් පරණ වේගෙනන එන්නේ....
ඇයි සබ් දෙන්න පරක්කු හොද කොපි අවුට් වෙලත් දැන් සෑහෙන කල්... :(T♥U
මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ! අසාවෙන් හිටියේ මෙක බලන්න
Udaya
thanks saho...
Thusitha Sampath
ගොඩාක් ස්තුතියි........
විකියා
මරු ආ..පට්ට ෆිල්ම් එකක් ...අනිවා ෆේස් බුක් එකේ ඉතිං නැති කෙනෙක් හොයන්න අමාරුයි නේ,ඒක නිසා අනිවා හැමෝම බැලිය යුතු නිර්මණයක්...
ජය වේවා බයිස්කෝප්!!!Dhanushka
මම හරිම පාලුවෙන් හිටියෙ ෆිල්ම් 1ක් බාන්න නැතුව. දැන් ඔක්කොම හරි වගේ.තෑන්කූ වේවා.
නවීන්
මාත් ඔන්න ප්‍රථම වතාවට baiscopelk එකෙන් ඩොවුන් ලෝඩ් වෙන්න දැම්ම විනාඩි 10 බාල ඉවරයි..
Tharindudoo
බයිස්කෝප් ආපහු වෑඩේට බෑහෑලා.
හරි සතුටුයි..
බධක බිදගෙන ඉදිරියටම යමු.........
Good Luck Baiscopelk.....Tharindu
thank you wewooooooooo
වා.මු. නිලන්ත පියසිරි
බයිස්කෝප් අඩවිය නැවත පණගසා ආපු එක ගැන සතුටුයි.
Rumesh (HBK)
niyamayi machan good luck
Malith
ගොඩාක් ස්තුතියි...
මේකෙ Eng subtitle තියෙනවදRandi
මොකද වුනේ මචන්ලා? කමක් නැහැ වැඩේ ආපසු නැගල යන එක ගැනනම් සතුටුයි. keep it up guys!
අසංක
අපිත් ඉතින් අනිවා බනව කියල දන්නව ඇතිනේ. මම බයිස් කොප් එකේන් බාන 16 වෙනි ෆිල්ම් එක.
බයිස් කොප් එකට ජය වේවාසහන්
හලේ මම කෝමැයි මේ වන්නියේ මේක බාන්නේ..........
rasikaneth
math banna damma thanks sahola
Deezter
Thanx.I'm Downloading
සසීන්ද්‍ර
ඔන්න මං බෑවෝ..........
ගයාන් තාරක
දෙකම එක නං මොකටද බං අඩු වැඩි දෙකක්. ඔන්න වැඩියෙන් තියෙන එක බාන්න දැම්මා.
nk
ane bolaata mokai une
Akalanka Yapa
thank u
sahan
thanx
Tharindu Chat
තැන්කූ මචන්..... Eng Sub තියෙනවනම් දාපන්....
ජයවේවා....
navo
tnx 4 the film brother!
hope all technical issues are solved!
v missed biscope in last few days!Anonymous
මේ ෆිල්ම් 1ක හෙන ගේමක් දීල හොයන්න වෙයි කියල හිතුවෙ. මෙන්න බොලේ දෙය්යො ගෙදරටම ගෙනල්ල දීල
apple malli
මේ ෆිල්ම් 1ක හෙන ගේමක් දීල හොයන්න වෙයි කියල හිතුවෙ. මෙන්න බොලේ දෙය්යො ගෙදරටම ගෙනල්ල දීල
madusanka gayan
thanxxxxxxxxxx.....bro...........
Amila
dwnload karanne nathuwa puluwanaaa... meka dakkama
cjdilanka
Machan puluwannam sinhala subtitle dapanko mekata.
Akalanka Yapa
kawuruhari gawa thiyenawa nam meke english subtitle link eka danna.. thanx
nishantha
maxxa ma film ekak
Gaminda
Elaz :D
casc
300 1ka hodai kiwwa nisa onna banawo.... tankz
ykani
මම 350Mb එක බෑව.. ඒත් ඒක එච්චර හරි නෑ.. මම හෙට 900Mb එකම බාලම බලන්නම්.. ස්තූතී ඔබට!
Ramraj
බානවද නැද්ද?
NuwanHunter
Tnx, මමත් හොද කොපියක් හොය හොය හිටියේ... Tnx :-)
saman kalubovila
wooooooww... ela...elama ela... thankxx.... denma bannadala...kohoma hari adama balanawa....ela.... thankxxxxxxxxxx
ravi shammi
එල එල මමත් බාමි.සින්හල සබ් තීබ්බානම් මරු
mahathun
thank u weeewaaa.... :)
Lakshitha Ranasinghe
Sinhala sub dammanam maru.. Niyamai guys... Maxa work...
asitha
ela machoo Udara. aniva balanava...
Gangster
Ade 900 MB unata eka quality nane ban...anyway thx....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

amme goda kalekin.mokadda ban meka ta wela thibune ah.man pissuwen wage ban rokiya hitiye meka nathiw aathi yanathan.any way thanks rokiya.