ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. ඇත්තම කිව්වොත් මේකෙ අවසානය ටිකක් සංකීර්ණයි. ”ඒ කිව්වේ මොකක්ද ඒ වුණේ?” කියන වචන පෙළ හිතේ ඇතිවෙන්න අරගනියි. හැබැයි හොඳ අවධානයකින් බැලුවොත් සිද්ධ වෙච්ච දේ පැහැදිලි වෙයි. මේක මේ වසරේ තිරගත වීම ආරම්භ වෙච්ච චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 3.7 ක් සහ…

ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. ඇත්තම කිව්වොත් මේකෙ අවසානය ටිකක් සංකීර්ණයි. ”ඒ කිව්වේ මොකක්ද ඒ වුණේ?” කියන වචන පෙළ හිතේ ඇතිවෙන්න අරගනියි. හැබැයි හොඳ අවධානයකින් බැලුවොත් සිද්ධ වෙච්ච දේ පැහැදිලි වෙයි. මේක මේ වසරේ තිරගත වීම ආරම්භ වෙච්ච චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 3.7 ක් සහ කුණු තක්කාලි අගය 12% තමයි අරගන්න සමත් වෙලා තියෙන්නෙ. ඒවගේම Drama l Horror l Mystery යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 40 ක දාවන කාලයක් පවතිනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Floria Sigismondi විසින්. රංගනයෙන් Finn Wolfhard l Mackenzie Davis l Brooklynn Prince l Joely Richardson l Denna Thomsen l Barbara Marten l Niall Greig Fulton දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
කේට් කියන්නෙ පාසලක ගුරුවරියක්. ඒවගේම තමයි මෙයාගෙ තාත්තා පොඩි කාලෙම දාලා යනවා. පස්සෙ මෙයාගෙ අම්මට පිස්සු හැදෙනවා. එවැනි කටුක ජිවිතයක් ගත කරලා තමයි ඇය මෙවැනි තත්ත්වයකට පත්වෙලා ඉන්නෙ. ඔන්න දවසක් මෙයාට අවස්ථාවක් ලැබෙනවා ගෙයකට ගිහිල්ලා උගන්වන්න. මේ කෙල්ලගෙ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා. ඒවගේම එයාව බලාගත්ත නැනී එකපාරටම වගේ දාලා යනවා. ඉතිං කේට් දෙමව්පියො නැතිව ජිවත් වෙනවා කියන එක මොන වගේද කියලා දන්නා නිසාම ඇය මේ යෝජනාව පිළිගන්නවා. ඒවගේම මෙයා යන්නෙ විශාල මන්දිරයකට. කොහොමහරි පළවෙනි දවසෙ මෙයාට අමුතු සද්ද වගයක් ඇහෙන්න අරගන්නවා. ඊට පස්සෙ මේ පොඩි කෙල්ලගෙ අයිය මයිල්ස් හොරෙන් කාමරේට ඇතුළු වෙනවා. ඒවගේම තමයි මයිල්ස් ටිකක් අමුතු පුද්ගලයෙක්. ඒවගේම මයිල්ස් මෙයාට නපුරු විදියට සළකන්නෙ. ඔන්න ඊළඟ දවසෙත් මෙයාට අමුතු සද්ද ඇහෙන්න අරගත්තා නිසා බලන්න යනවා. එතකොට මෙයා දකින්නෙ ගෙදර මීට කලින් මැරිච්ච කෙනෙක්ව. මෙයා ගොඩක් බය වෙනවා. හැබැයි ගෙදර බලාගන්න කෙනයි ළමයි ටිකයි ඒවා ගණන් ගන්නෙ නැහැ. ඇයි ඒ? ඇත්තටම කවුද මේ කෙනා? ඇයි එයා ගේ ඇතුළෙ හොල්මන් කරන්නෙ? කේට්ට මේ ළමයි ටික මෙහෙම දාලා පිටවෙලා යයිද? අනිත් කෙනා වගේම? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ අන්තිමට වෙන්නෙ ඔබ නොහිතන දෙයක් කියලයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB /Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
6,615 downloadsDownload The-Turning-2020.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
23 comments
Kantha_DLA
dineth999
Mkdda meke wenne තේරෙන්නේ නෑ තේරෙන එකෙක් ennwd
Chamal0101
apita the bride horrer movie ake 2017 sinhala sub ake dinnako please baiscope. lk
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Altered Carbon: Resleeved සබ් දෙනවද?
ජය වේවා.!chathura
tnq............
malithmadhushan45
ඔයාගේ එකක් නම් සුපිරියක් තමා ස්තුතියි සබ් එකට සහො
Shamal manojan
බොහොම ස්තූතියි.......
Request......
Cats - 2019
Silence - 2016lahiru.priyankara
ela bro
indika75
thanks..
rangaprabuddha
Thanks Dude....
Anonymous
ලස්සනයි
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Anonymous
Thanks
isuru srinath sjs
බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Katuwawala
thanks saho sub ekata
Tharindu Katuwawala
van helcing kathawe ithuru tikata sub karala denna puluwanda saho..?
Dewadithya
Thanks for sub!
Anonymous
meke end eke mookakda wenne bro mata taama terune ne eka
MAALNATH
Thanks ...........good luck ............
Chaminda
Niyamai malli thank
Anonymous
THANKS, [720p, 1080p, [WEB\ blu-ray] me wage pahadiliwa saha wena wenama sub daana, me wage aya thamai hariyatama hari.
hasith
umbrella academy season 3 eke sub denna puluvnd plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!