Watch Trailer

Lego DC Batman: Family Matters (2019) Sinhala Subtitles | බැට්මෑන්ට තියෙන ප්‍රශ්න [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. මේ පාර මම අරන් ආවේ LEGO DC විශ්වයේ අලුත්ම ෆිල්ම් එක. අපි අද කතාව පැත්තට හැරෙමුකෝ. මේ චිත්‍රපටය රිලීස් කරලා තියෙන්නේ 2019 වර්ෂයේ. ඒ San Diego Comic- Con එකේදී. නමුත් මේක ඩිජිටල්, Blu-Ray රිලීස් වෙලා තියෙන්නේ 2019 අගෝස්තු 20. The LEGO Group, DC…

කොහොමද? ඔන්න තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. මේ පාර මම අරන් ආවේ LEGO DC විශ්වයේ අලුත්ම ෆිල්ම් එක. අපි අද කතාව පැත්තට හැරෙමුකෝ.

මේ චිත්‍රපටය රිලීස් කරලා තියෙන්නේ 2019 වර්ෂයේ. ඒ San Diego Comic- Con එකේදී. නමුත් මේක ඩිජිටල්, Blu-Ray රිලීස් වෙලා තියෙන්නේ 2019 අගෝස්තු 20. The LEGO Group, DC Entertainment, Warner Bros. Animation නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය Warner Bros. Home Entertainment බෙදාහැරීමක්. මෙය Matt Peters විසින් කළ අධ්‍යක්ෂණයක්. Direct-to-Video චිත්‍රපටයක් නිසා මේක සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරලා නැහැ. Troy Baker, Steve Blum, Zach Callison, Cam Clarke, Will Friendie වැනි පිරිසක් හඬ දායකත්වය ලබා දී තියෙනවා. ඒ වගේම මේ සලරුව සම්මානයකුත් දිනා තිබෙනවා. Animation | Action | Comedy | Family | Sci-Fi ලෙස වර්ගීකරණය අයත් වෙන මේ LEGO චිත්‍රපටය DC LEGO චිත්‍රපට මාලාවේ නවවෙනි චිත්‍රපටයයි. ඒ වගේම මේකට IMDB දර්ශකයේ 6.0 ක අගයක් සටහන් කර තියෙනවා. ධාවන කාලය පැයකුත් විනාඩි 18 ක් ලෙසයි.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ. කතාව සිද්ද වෙන්නේ මෙහෙමයි. බෲස් හිතන්නේ අපරාධවලට එරෙහිව තමන් බැට්මෑන් ලෙසින් ගෙන යන කර්තව්‍යයට බෲස් වේන් සහ වේන් ආයතනය බාධාවක් කියලයි. මොකද ඔහු හිතන විදිහට ඒ කාලය අපරාධවලට එරෙහි වීමට ඇති කාලය නාස්ති කිරීමක්. ඒ නිසා බෲස් වේන් ආයතනය විකුණන්න තීරණය කරනවා. කොහොම හරි ඒ දවසෙම රෑ ඔහුට බැට්කේව් එකේ තිබිලා පනිවිඩයක් ලැබෙනවා. ඒකෙ තියෙන විදිහට ඔහු ස්ථානයකට යනවා. බැලින්නම් නයිට්වින්ග්, බැට්ගර්ල්, බැට්වුමන් ඇතුලු බැට්ෆැමිලි එකටම මේ පනිවිඩය ලැබිලා. කොහොම හරි රෙඩ්හුඩ් කියලා කෙනෙක් මේ කට්ටියට නගරයේ අටවපු බෝම්බ හතරක් පැයක් ඇතුලත හොයාගන්න අභියෝග කරනවා. (කොමික් ෆෑන්ලා දන්නවා ඇතිනේ ඇත්තටම රෙඩ්හුඩ් කියන්නේ කවුද කියලා.) මේ වැඩේදී රෙඩ්හුඩ්ට ටූ- ෆේස්ගේ උදවුවත් ලැබෙනවා. මේකෙදී ටූ- ෆේස් ගහන්නේ වෙනම ගේම් එකක්. ඇත්තටම අපේ වීරයොන්ට බෝම්බ හොයාගන්න පුලුවන් වෙයිද? රෙඩ්හුඩ්ගේ සැබෑ අරමුණ මොකක්ද? ටූ‍- ෆේස්ගේ යටිකූට්ටු වැඩේ මොකක්ද? මේ ප්‍රශ්න කොහොම විසඳෙයිද? කියලා දැනගන්න නම් මේ ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ.

මේ කතාව තුළ DC විශ්වයේ හුඟක් දේවල් ගැන කතාවෙනවා. හතුරෝ, වෙනත් චරිත ගැන එහෙම. කවුරු හරි කොමික් ගැන නොදැන මේක බලනවා නම්, එයාලට ඒ ගැන දැනගන්න කරුණුත් ඇතුලත් කරලා තමයි මම මේ සබ් එක කළේ. සබ් එක උපරිම සරලව අදහස පලවෙන විදිහට කළා. ඒ වගේම මේ චිත්‍රපටය සාම්ප්‍රදායික බැට්මෑන් ෆිල්ම්වලින් බැහැරව යන්නේ. ඒ මොකද මේක LEGO චිත්‍රපටයක් නිසා. ඒ නිසා මරු කොමඩි කෑලි ටිකකුත් තියෙනවා. ඒ වගේම ආදර්ශමත් අවසානයකින් ලස්සන වෙනවා.

මේ දවස්වල බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට හොඳ කාලයක්. මේ දවස්වල සයිට් එකෙත් දිගටම සබ් පල වෙන නිසා වගේම වෙලාවත් තියෙන නිසා නිවාඩු පාඩුවේ ෆිල්ම් එක බලන්න තියෙන්නේ. ඉතිං ඔයාලට මේ චිත්‍රපටයත් බලන්න ආරාධනා කරනවා. අවසානයේදී බයිස්කෝප් වෙනුවෙන් මාව සම්බන්ද කරගත් ශාන් අයියටත්, බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරන්න කැමතියි. අදහසකුත් පල කරන් යන්නකෝ. තවත් මෙවැනි නිර්මාණයකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

෴සුබ දවසක්!෴෴

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,808 downloadsDownload Lego.DC_.Batman.Family.Matters.2019.Baiscopelk.com_.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

1,808 downloadsDownload Subtitles45 KB

11 comments

  1. rockz2020

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! ✌❤

    Request»
    Mosley (2019)
    Checkered Ninja (2018)
    StarDog and TurboCat (2019)
    Trolls Holiday (TV Short 2017)

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. madhubashana bandara

    thanks malli !!

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Download කරලා තිබ්බේ...
    දැන් සබ් එක්කම බලන්න පුළුවන්...

  5. Mama

    Thanks bro sub ekata pluwanman stardog and turbocat 2019 Trolls 2020 sub dennko please

  6. indika75

    thanks..

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chaminda1996

    Thanks for sub

  10. Hiran Eranda

    thanks for sub

  11. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.