Watch Trailer

The Way Back (2020) Sinhala Subtitles | නැවත පැමිණීම.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අවුරුදු පහකට විතර පස්සේ ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. හැමදාමත් වගේ හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට ඉල්ලපු ගමන් භාර දුන්නට. 😉 2019 අවුරුද්දේ ඔක්තෝම්බර් 18 වෙනිදා තමා මේක රිලීස් කරන්න මුලින්ම සැලසුම් කරලා තිබ්බේ. ඒත් 2019 අවුරුද්දේ මාර්තු වල වගේ ඒ තීරණය වෙනස් වෙලා ඒක 2020ට කල් ගියා…

 

ඔන්න එහෙනම් අවුරුදු පහකට විතර පස්සේ ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. හැමදාමත් වගේ හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට ඉල්ලපු ගමන් භාර දුන්නට. 😉 2019 අවුරුද්දේ ඔක්තෝම්බර් 18 වෙනිදා තමා මේක රිලීස් කරන්න මුලින්ම සැලසුම් කරලා තිබ්බේ. ඒත් 2019 අවුරුද්දේ මාර්තු වල වගේ ඒ තීරණය වෙනස් වෙලා ඒක 2020ට කල් ගියා. කොහොම හරි මේ අවුරුද්දේ මාර්තු 6 මේක ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්ථාව ලැබුනත්, කොරෝන වයිරස් එක ලෝකේ පුරා පැතිර යන්න පටන් ගද්දිම රිලීස් වෙච්ච නිසාද මන්දා මේකට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය ටිකක් අඩුයි කියලයි මට නම් හිතෙන්නේ.හැබැයි IMDB දර්ශකයේ දැනට 6.8ක අගයකුත්, Rotten Tomatoes මීටරේ 84% කුත් මේකට හිමි වෙලා තියෙනවා. අපි හැමෝම දන්න Batman v Superman: Dawn of Justice (2016), Justice League (2017) වල අපේ බැට්මෑන් විදියට හිටපු සුපිරි නලු Ben Affleck තමා මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

ජීවිතේ කියන්නේ හරිම් පුදුමාකාර දෙයක්.සමහර මිනිස්සුන්ට තමන් උපතින්ම ගෙනාපු දක්ෂතාව, හැකියාවන් නිසා එයාලා පොඩි කාලෙදිම දීප්තිමත් අනාගතේකට පාර හැදුනත් ජීවිතේ එන ඇතැම් ප්‍රශ්න එක්ක මුලදි ඒ අය දැකපු ඒ ලස්සන පාර දිගේ යාගන්න බැරි වෙනවා.සමහර විට ඒ ප්‍රශ්න එන්නේ තමන්ගේ පවුල ඇතුලෙන්ම වෙන්නත් පුලුවන්. ඉතින්මි නිස්සු එක එක විදියට තමන්ගේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න උත්සාහා කරනවා. සමහරු මත්ද්‍රව්‍ය වගේ දේවල් වලටත් පෙළබෙනවා.

ජැක් කනින්ග්හැම් කියන්නෙත් ඒ වගේ උපතින්ම පැසිපන්දුවට දක්ශ දීප්තිමත් අනාගතේකට උරුමකම් කිවුව පුද්ගලයෙක්. හැබැයි පවුලේ ප්‍රශ්න නිසා ඔහු නතර වෙන්නේ මත්පැන් බෝතලේ ලග. ඇන්ජෙලා තමා ඔහුව වෙනස් කරන්නේ.ඔහුව හරිමගට ගන්නේ.දෙන්නා කසාද එහෙම බැදලා සතුටින් ඉන්නකොට එයාලට එයාලගේ පුතාව ලැබෙනවා. ඒ මයිකල්.කොහොමෙන් කොහොම හරි අවුරුදු ගානක් සතුටෙන් හිටපු මේ පවුලට නැවතත් ප්‍රශ්න එන්න ගන්නේ මයිකල්ට පිලිකාවක් වැලදීමත් සමගයි.පුතාගේ මරණයත් සමග පවුලෙන් ඈත් වෙන ජැක් මත්පැන් වලින් ආයෙත් තමන්ගේ දුක නිවාගන්න හදද්දී, ඇන්ජලා පවා ජැක්ව අත ඇරලා වෙනම ජීවත් වෙන්න පටන් ගන්නවා. දවල් වරුවේ ඉදිකිරීම සමාගමක වැඩ කරලා හැමදාම රෑට හොදටම බීල ගෙදර එන ජැක්ට දවසක් තමන්ගේ උසස් පාසලේ ප්‍රධාන පියතුමාගෙන් පණිවිඩයක් ලැබෙනවා.ජැක් හොදට දන්න පැසිපන්දු ක්‍රීඩාවට සම්බන්ධ යෝජනාවක් එක්ක එන මේ පණිවිඩේ ඔහුගේ ජීවිතේ වෙනස් කරන හැටි බලන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වේවි. 😊

” We can’t change the past, Jack.
What we can do is choose how we move forward.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාල වේ

7,827 downloadsDownload The-Way-Back-2020-Blu-Ray.zip158 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු මනුප්‍රිය

Subtitles

7,827 downloadsDownload Subtitles158 KB

39 comments

  1. Sanjaya

    Sub akata thanks saho...
    suba aluth Auruddak weva...
    korona rate thibbath me labanna wu aluth Aurudda gedarata wela samaramu
    Theruwansaranai

  2. rockz2020

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! ✌❤

    Request»
    Mosley (2019)
    Checkered Ninja (2018)
    StarDog and TurboCat (2019)
    Trolls Holiday (TV Short 2017)

  3. Chanuka

    Thank you so much for the sub bro...
    I was waiting for the subtitle of this movie.

  4. indika75

    thanks..

  5. දසිත චාමික

    thanks sub ekata! jaya!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. නිරෝෂ්

    ස්තුතියි තරිඳු සහෝ .ජය !

  8. gihan perera

    ස්තුතියි සහෝ.....sport ෆිලුමක් නිසා නොබලා කොහොමද.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා දෙවි පිහිටයි.....මේ අළුත් අවුරුද්ද අමතක වෙන්නේ නැති අවුරුද්ද ක්....stay home.....

    1. roshen

      වි. 21.41 ඉඳන් මුලු sub එකේම එකම line එකක් යනවා ඒක හදන්න.ස්තූතියි sub එකට..!

  9. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  10. තරිඳු මනුප්‍රිය

    ස්තූතියි හැමෝටම :)
    පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න.

  11. Anonymous

    thanks wimaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Kantha_DLA

    Request :
    Trouble (2019)
    Killerman (2019) - IMDb
    Jay and Silent Bob Reboot (2019) - IMDb
    Ma (2019) - IMDb

  15. තරිඳු මනුප්‍රිය

    අදහස් දැක්වූ හැමෝටම බොහොම ස්තූතියි. :)

  16. sathyajith

    thanks for the sub

  17. Madhawa thiwanka

    Thank you yalu, ඒ වගෙම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  18. suranuwan

    thank you......

    1. Harshaka

      Sub eka patta habai sub line ekak film eka mada idan yanawa eka digata

  19. rangaprabuddha

    Thanks for sub.eka line ekak film eka mada idala yanawa.

    1. තරිඳු

      මට කියන්න පුලුවන්ද කොයි හරියෙද කියලා?

  20. තරිඳු

    අදහස් දැක්වූ හැමෝටම බොහොමත් ස්තූතියි.
    සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම....!

  21. Kalanacosta

    Thank you

  22. nish47

    ස්තූතියි සහෝ

  23. Pramukmili

    thanxx bro....................

  24. Pramukmili

    thanxx bro.............

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  26. තරිඳු

    ස්තූතියි හැමෝටම :)

  27. Anonymous

    Thanks...

  28. Pathmila_kushantha94

    Bluray Update එක තමයි ඕනේ!

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඇෆ්ලෙක්ගේ ෆිල්ම් එකක් කවදාවත් මිස් කරන්නේ නෑ..BR එකක් එනකම් හිටියේ බලන්න...ජය වේවා..බුදුසරණයි..!

  30. Dewadithya

    Thanks for sub!

  31. melinda

    thank you

  32. තරිඳු මනුප්‍රිය

    ස්තූතියි හැමෝටම :)

  33. Anonymous

    thanks

  34. Saranga J. Liyanagama

    Thanks

  35. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  36. ravidu ishan

    සබ්එකට tnx Mchn,,, ✌️✌️ ජය!!