Watch Trailer

The Hunted (2003) Sinhala Subtitles | ගුරු ගෝල දඩයම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. William Friedkin විසින් අධ්‍යක්ෂනය කරපු Tommy Lee Jones සහ Benicio del Toro රගපාපු 2003 වසරේ තිරගත වුන තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් තමය…

ආයුබෝවන්! නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. William Friedkin විසින් අධ්‍යක්ෂනය කරපු Tommy Lee Jones සහ Benicio del Toro රගපාපු 2003 වසරේ තිරගත වුන තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි The Hunted කියන්නේ. මේ චිත්‍රපටය ගැන මං මුලින්ම දැක්කේ ලක්බිම පත්තරේ රිද්ම අතිරේකයෙන්. ඒ දවස් වල මං ඒ කෑලි එකතු කලා. ඊට පස්සේ මං මේ චිත්‍රපටයේ සීඩී එක පිටකොටුවෙන් අරන් ඇවිත් තමයි ඉස්සෙල්ලම බැලුවේ.

ඉතින් මේ චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවනම්, හමුදාවක විශේෂ කණ්ඩායමක් පුහුණු කරනවා සිවිල් මනුස්සයෙක්. එයාගේ නම බොන්හැම්. එයාගෙන් ඉගෙන ගත්ත කෙනෙක් තමයි හැල්ම්. මේ කණ්ඩායම බොහොම මිලේච්ඡ කණ්ඩායමක්. කිසිම වාර්ථාවක මෙයාල නැහැ. මෙයාලගේ මෙහෙයුම් වෙන්නේ බොහොම හොර රහසේ. එක මෙහෙයුමකින් පස්සේ මේ හැල්ම් අතුරුදහන් වෙනවා. ඒ අතරේ මිනිස්සු එක්කෙනා දෙන්නා මැරෙනවා දරුණු කැපුම් වලට ලක්වෙලා අභිරහස් විදියට. හොයාගෙන යද්දි හැල්ම් තමයි එහෙම කරන්නේ. මෙයාව අල්ලගන්නම බැරි තැන එයාගේ ගුරාගේ සහය පතනවා. ඊට පස්සේ දිග හැරෙන්නේ ගුරු ගෝල සටනයි. මිලේච්ඡ, සංවේදී අවස්ථා එමටයි. ඔයාලත් රස විදින්න. චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2003 මාර්තු 14 වනදා එක්සත් ජනපදයේදී. David Griffiths, Peter Griffiths සහ Art Monterastelli විසින් රචනා කල මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Ricardo Mestres සහ James Jacks විසින්. සංගීතය Brian Tyler විසිනි. කැමරාකරණය Caleb Deschanel වන අතර සංස්කරණය Augie Hess විසිනි. මෙහි ගුරා එහෙමත් නැත්නම් එල්.ටී. බොන්හැම් ලෙස Tommy Lee Jones, ආරොන් හැල්ම් ලෙස Benicio del Toro සහ විශේෂ FBI නියෝජිත ඇබී ඩුරෙල් ලෙස Connie Nielsen රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය පෝට්ලන්ඩ් සහ ඔරිගන් යන ප්‍රදේශ වලයි රූගත කරලා තියෙන්නේ. චිත්‍රපටයේ දකින අතින් කරන සටන් සහ පිහි සටන් පිලිපීන සටන් කලාවකි. Sayoc Kali යන පිහි සටන් කලාවෙන් චිත්‍රපටය සදහා Thomas Kier සහ Rafael Kayanan යන දෙදෙනා අරන් ඇවිත් තියෙන්නේ Benicio del Toro විසින්මයි.

ආදායම් අතින් මෙම චිත්‍රපටය අසාර්ථක විය. 2003 මාර්තු 14 වන දා ඇමරිකාවේ සිනමාහල් 2516ක මෙම චිත්‍රපටය තිරගතකිරීම ඇරඹුවත් ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 13.18 කි. ලොවපුරා ආදායම ලෙස ලබාගත හැකිවූයේ ඩොලර් මිලියන 45.5 ක් පමණි. නමුත් චිත්‍රපටයේ නිෂ්පාදක වියදම ඩොලර් මිලියන 55 කි. චිත්‍රපටයේ විචාර නම් එතරම් සුභදායී විදියට නැහැ. බොහෝ විචාරකයින් කියලා තියෙන්නේ මේ චිත්‍රපටය First Blood චිත්‍රපටයට සමාන බවයි. වරක් Rolling Stone නම් ඇමරිකානු මාසික සගරාවක් ප්‍රකාශ කරන්නේ මෙය “Just a Rambo rehash” ලෙසයි. නිව්යොර්ක් ඔබ්සර්වර් හි Rex Reed සදහන් කරන්නේ මෙය “හාස්‍යජනක, කුමන්ත්‍රණකාරී, හාස්‍යජනක ගැටුමක කතාවක්” ලෙසයි. එසේ වුවත් මෙම චිත්‍රපටය අනෙකුත් ඉහළ පෙලේ විචාරකයින්ගේ පැසසුමට ලක්විය. ඒ අතර Roger Ebert පවසා ඇත්තේ “මෑත කාලීන චිත්‍රපටවල අපූරු අධි තාක්‍ෂණික පරිගණක ආධාරක සටන් දර්ශන අප දැක ඇති අතර, සටන්කරුවන්ට පියාසර කරන්න පුලුවන් කියලයි අපි හිතුව‍ෙ. ඔවුන් ජීවත් වන්නේ ගුරුත්වාකර්ෂණයෙන් තොර වේගවත් ලෝකයක ය.ෆ්‍රීඩ්කින්ගේ චරිත එහෙම නැහැ ” යන්නයි. කොහොම නමුත් විනාඩි 94ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IMDb 6.1 ක අගයක් ලැබිලා තියනවා.

එහෙනම් කොවිඩ් 19, නව කොරෝනා වෛරස් ව්‍යසනය මැද්දේ නිවෙස් වලට වෙලා බොහොම පරිස්සමෙන් ඉන්න බයිස්කෝප් යහළු යෙහෙලියන්ට තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනවා කියලා දන්වන ගමන් අදට මම නවතින්නම්. ඔයාලා හැමෝටම ආරක්ෂිත, නිරෝගිමත් සුබ දවසක් වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,090 downloadsDownload The.Hunted.2003.Baiscopelk.com_.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

2,090 downloadsDownload Subtitles28 KB

13 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Thilina Jayarathna

    thq bro.

    menna meka miss vela sub denne zombi ktavak

    Little Monsters 2019

  3. malithmadhushan45

    ස්තුතියි සහෝ උපසිරසට

  4. indika75

    thanks..

    1. Avindu Umesh Gunasinghe

      Karthi ge film ekk paruthiveeran 2007 sub denna bro

  5. Rukshan37

    Ela

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. රොෂාන් ශමීර

      බොහොම ස්තූතියි..

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. punsara

    old hit ekak genawata tnx

  9. ruchiralakmal

    Thanks for the sub!!!!

  10. Anonymous

    මෙම චිත්‍රපටය මා සතු චිත්‍රපට එකතුවේ ඇති මගේ ප්‍රියතම නිර්මාණ අතරින් එකකි. මෙම නිර්මාණය ඉංග්‍රීසි උපසිරස සහිතව දහ වතාවක් පමණ නරඹා ඇත. මෙම ආදයම් අතින් අසාර්ථක වීම ගැන විකීපීඩියා තුළ ඇති සටහනෙහි ද දැකීමෙන් මවිතයට පත්විමි. මට නම් මෙම නිර්මාණය විශිෂ්ඨ නිර්මාණයකි.
    මෙම නිර්මාණයට සිංහල උපසිරස ලබා දීම සම්බන්ධව ඔබ ට සහ බයිස්කෝප් සමූහට හද පිරි ප්‍රණාම පළ කරමි.
    දිගු කලක සිට සිටිසන් කේන් , කිස් ද ගර්ල් , වැනි නිර්මාණ වලටද උපසිරස ලබා දීමට කාරුණික වනු ඇතැයි සිතමි.

  11. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !