මේ චිත්‍රපටය රෝල්ඩ් ඩාල්ගේ The Witches නම් ළමා නවකතාව ඇසුරින් නිපදවනු ලැබූ අපුර්ව චිත්‍රපටයක්. Nicolas Roeg ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.8/10 ක අගයක් ලබාගැනීමට සමත් වුණා. මුල්වරට තිරගත වුණේ 1990 මැයි 25 වැනිදා. The Witches චිත්‍රපටයේ මුල් කොටස තිරගත කෙරුණේ නොර්වේ වල. අනෙක් ජවනිකා…

මේ චිත්‍රපටය රෝල්ඩ් ඩාල්ගේ The Witches නම් ළමා නවකතාව ඇසුරින් නිපදවනු ලැබූ අපුර්ව චිත්‍රපටයක්. Nicolas Roeg ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.8/10 ක අගයක් ලබාගැනීමට සමත් වුණා. මුල්වරට තිරගත වුණේ 1990 මැයි 25 වැනිදා. The Witches චිත්‍රපටයේ මුල් කොටස තිරගත කෙරුණේ නොර්වේ වල. අනෙක් ජවනිකා වලින් බොහෝමයක් කොන්වෝල් හි වෙරළබඩ පිහිටි Headland හෝටලයේ රූගත කෙරුණා. රෝල්ඩ් ඩාල්ට අවශ්‍ය වුණේ අති උත්තම මායාකාරිය සඳහා Cherilyn Sarkisian නම් ඇමෙරිකානු නිළිය යොදාගැනිමටයි. එහෙත් ඇය එකල වෙනත් චිත්‍රපටයක් නිසා කාර්යබහුලව සිටි නිසා පසුව ඒ සඳහා Anjelica Huston ව යොදා ගැනුණා. කෙසේ වෙතත් ඇයගේ රංගනය ගැන රෝල්ඩ් ඩාල් සෑහීමට පත්වුණා. ඇයගේ රංගනයේ විශිෂ්ඨත්වය නිසා ඇයට හොඳම නිළියට හිමි සම්මාන තුනක් දිනාගැනීමට හැකි වුණා. නොමඳ විචාරක පැසසුමට ලක්වුණු මෙම චිත්‍රපටය හොඳම වේශ නිරුපණය, හොඳම ළමා නළුවා, හොඳම සංගීතය ඇතුළු තවත් සම්මාන හතක් සඳහා නිර්දේශ කෙරුණා. මේ රසවත් නවකතාව සමරසිංහ ගුණසේකර මහතා අතින් ‘මායාකාරියෝ’ නමින් සිංහලයට ද පරිවර්තනය කෙරුණා.
ලූක් කියන්නේ දෙමවුපියන් අනතුරක් නිසා මියගිය පසු තමන්ගේ ආත්තම්මා, හෙල්ගා එක්ක ජීවත්වෙන පුංචි ළමයෙක්. ආත්තම්මාගේ අසනීප තත්වය නිසා ඇයට වෙරළබඩ ප්‍රදේශයක විවේක ගැනීමට දොස්තර නියම කරනවා. ඒ අනුව ඔවුන් ස්ට්‍රින්ගර් මහත්මයාට අයත් හෝටලයක නවාතැන් ගන්නවා. මේ හෝටලයේ නවාතැන් ගන්නා නපුරු මායාකාරියන් පිරිසක් ගැන ලූක්ටයි එයාගේ ආත්තම්මාටයි අහම්බෙන් දැනගන්න ලැබෙනවා. මේ අතරින් අති උත්තම මායාකාරිය, නැත්නම් ප්‍රධාන මායාකාරිය එංගලන්තයේ සියලුම ළමයින් මියන් බවට හරවන බෙහෙත් වට්ටෝරුවක් හොයා ගන්නවා. මේ ගැන අනෙක් මායකාරියන්ට දැනුම්දෙන රහසිගත උත්සවයේදී ලූක් හොරෙන් අහගෙන හිටපු නිසා, ප්‍රධාන මායාකාරිය ඔහුව මීයෙක් බවට පත් කරනවා. ඉන් පස්සේ ලූක් තමන්ගේ මහළු ආත්තම්මා එක්ක එකතුවෙලා නපුරු මායාකාරියන්ව පරද්දන්න මෙහෙයුමක් අරඹනවා. පුංචි මීයෙක් බවට හැරුණු ලූක්ට, මීයෙක් බවට හැරුණු බෘනෝ සහ හෙල්ගා ආච්චි එක්ක එකතුවෙලා මේ අභියෝගය ජයගැනීමට හැකි වෙයි ද? මේ රසවත් කතාන්දරයේ ඉතුරු ටික චිත්‍රපටය නරඹලාම දැනගන්න. රෝල්ඩ් ඩාල්ගේ තවත් නවකතාවක් ඇසුරින් නිපැයුණු James and the Giant Peach චිත්‍රපටය සඳහා ද සිංහල උපසිරැසි ඉදිරියේදී ඔබ වෙත ලබාදෙන්න අපේක්ෂා කරනවා.
රංගන ශිල්පින්:
Anjelica Huston – ඊවා අර්නස්ට් මෙනවිය/ අති උත්තම මායාකාරිය
Mai Zetterling – හෙල්ගා (ආත්තම්මා)
Jasen Fisher – ලූක්
Rowan Atkinson – ස්ට්‍රින්ගර් මහත්මයා
Bill Patterson – ජෙන්කින්ස් මහත්මයා
Brenda Blethyn – ජෙන්කින්ස් මහත්මිය
Charlie Potter – බෘනෝ ජෙන්කින්ස්
Anne Lambton – කළු හැඳගත් ගැහැණිය
Jane Horrocks – අර්වින් මෙනවිය
Jim Carter – ප්‍රධාන සුපවේදී
Roberta Taylor – සුපවේදී මායාකාරිය
Darcy Flynn – ලූක්ගේ මව
Vincent Marzello – ලූක්ගේ පියා
Serena Harragin – දොස්තර
Greta Nordra – නෝර්වීජියානු මායාකාරිය
Elsie Eide – එරිකා
Kristin Steinsland – ළමා එරිකා
Merete Armand – එරිකාගේ මව
Ola Otnes – එරිකාගේ පියා
මේ උපසිරැසි ලබාදී ඇත්තේ The.Witches.1990.WEBRip.x264-RARBG [801 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
The.Witches.1990.WEBRip.x264-RARBG [801 MB]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
16 comments
Kasun Ravi Janaka
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Udara Damith Dissanayaka
maru
Thsithaprasad
Niyamai
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් හමු වෙමු
ජයපුලුවන්නම් American Crime Story සීසන් 2 ටත් සබ් දෙන්න සහෝ...
කොටස් 9ක් වගේ තියෙන්නේ...jstar
brilliant work bro thanks a lot
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
AsithaDilruwan
ela ela saho thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.
ජයෙන් ජය.Isurujay
Thank you
M.D.P.Fernando
Thanks***
Anonymous
The witches 2020 sub ekath denna saho thsnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks, keep it up