“සතෙක් උනත් රැඳෙන්නෙ සැබෑ ආදරය ගාව” මං හිතන්නෙ ඔයාල හැමෝම ඒ කතාවට එකඟ ඇති කියල මම හිතනව. මොකද,ආදරය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. ඒකෙ තියෙන්නෙ අකුරු හතරක් වුනාට, ඒකෙන් කියවෙන අර්ථය වචන හාරදාහකින් වත් කියල නිම කරන්න අමාරුයි. ආදරේ කියන්නෙ එක පැතිකඩකට සීමා වුනු දෙයක් නෙවෙයි. ආදරය කියල කියන්නෙ, අම්ම කෙනෙ…

“සතෙක් උනත් රැඳෙන්නෙ සැබෑ ආදරය ගාව”
මං හිතන්නෙ ඔයාල හැමෝම ඒ කතාවට එකඟ ඇති කියල මම හිතනව. මොකද,ආදරය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. ඒකෙ තියෙන්නෙ අකුරු හතරක් වුනාට, ඒකෙන් කියවෙන අර්ථය වචන හාරදාහකින් වත් කියල නිම කරන්න අමාරුයි. ආදරේ කියන්නෙ එක පැතිකඩකට සීමා වුනු දෙයක් නෙවෙයි. ආදරය කියල කියන්නෙ,
අම්ම කෙනෙක් ගෙ හිතේ පුතෙක් වෙනුවෙන් ඇති වෙන ආදරයට වෙන්න පුළුවන්..
පුතෙකුගෙ හිතේ අම්ම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන ආදරයක් ඇති වෙන්න පුළුවන්..
එක් කාන්තාවක ගෙ හිතේ තවත් පිරිමියෙකු ගැන ඇති වෙන ආදරේ වෙන්න පුළුවන්…
තවත් පිරිමියෙක්ගෙ හිතේ තවත් කාන්තාවක් ගැන ඇති වෙන ආදරයක් වෙන්න පුළුවන්.
මෙන්න මේ විදියට ආදරය කියන දේ අපිට විවිධාකාර පැතිකඩයන් ඔස්සෙ දැනෙන්න පුළුවන්. ඒ කොහොම වුනත්, ඒ හැම දෙයක් ම අයත් වෙන්නෙ එකම නිවහනකට, ඒ තමයි, ආදරය. අද සමාජයේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට, මේ ආදරේ කියන දේ මොකද්ද කියල තේරුම් ගන්න තරම් දියුනු බුද්ධියක් නැති වෙන තරමටම සමාජය පිරිහිලා ඉවරයි. තමංගෙ අම්ම තාත්ත කවුද කියල අදුන ගන්න බැරි වෙන තරමටම ආදරේ කියන්නෙ මොකද්ද කියල තේරුම් බැරි තත්වෙකට අද සමාජය වැටිලා! කොච්චර සෝචනීය ද?
සමහරුන්ට ආදරය කියන්නෙ සෙල්ලමක්. මම කියන්නෙ ඔය කොල්ලො කෙල්ලො අතර ඇතිවන ආදරය. අද සමාජයේ ගොඩක් ඈයෝ තවත් පිරිමියෙකුට එහෙමත් නැත්තම් ගැහැණියකට ආදරේ කියන්නෙ සල්ලි වලට. සල්ලි තියෙන හිතක් ඇතුලෙ ලැගුම් ගන්න තමයි අදකාලෙ ඕන කෙනෙක් බලන්නෙ. පස්සෙ ඉතින් “මගෙ වස්තුව” “මගෙ පණ” ගගා ඇගේ එල්ලිලා ඉන්නව. ඒත්, කවදහරි ඒ සල්ලි වලට ආදරේ කරන අයට ඒ සල්ලි කියන දේ ඒ ආදරේ කරන කෙනාගෙ අතින් ගිලිහිලා ගිය දවසට, අර ගැහැනිය හෝ පිරිමියා, ඒ කෙනාව අතහරිනවා. එතකම් ඒ ගොල්ලො ආදරේ කරල තියෙන්නෙ ඒ කෙනාට
නෙවෙයි,සල්ලි වලට.
දෙමව්පියො කියල කියන්නෙ,අපිව පොඩි කාලෙ ඉදන් කැත කුනු අත ගාල, දුක් මන්සියෙක් අපිව හදා වඩා ගත්ත
මිහිපිට ඉන්න දෙවිවරු කොට්ටාශයක්. ඒත්,අපේ මිනිස්සුන්ට මත් පැන් බෝතලය හරි තමංගෙ ජීවිතේට ලං වෙන වෙනිං කවුරු හරි ” සුදු අම්මියෙක්” නිසා හරි ” සුදු තාත්තියෙක්” නිසා හරි, තමංගෙ දරඳඩු උස්මහත් වෙනකම් තමාව හදාවඩාගත්ත ඒ උතුම් මනුශ්‍ය යුවල අමතක කරලා දාන්නෙ බොහොම අමානුශික සහ සාහසික විදියට. එක්කො අම්මවයි තාත්තවයි කැලේකට ගෙනිහින් මරල දායි. නැත්තම් වෙන කොයෙ හරි පාළු මිටියාවතක අතරමං කරල යාවි. අන්න එහෙමයි අද සාමාජ වාතාවරණය සැකසිලා තියෙන්නෙ. බොහොම කණගාටුයි! සෝචනීයයි!! විලි ලැජ්ජයි!!! යන්නෙ මහ ලොකු කාර් බාර් වලින්. බොන්නෙ හැම් බේකන් එක්ක ශැම්පේන්. අදින්නෙ හොදම හම් වර්ග වලින් මහපු කබා. ඒත් උංගෙ අම්මල තාත්තල හෑම එකාම ඉන්නෙ, එක්කො මහළු මඩම් වල නැත්නම් කාත් කවුරුවත් නැතිව තනියම පාලු කුඩා නිවසක. හරියට කන්න බොන්න දෙයක් වත් නොමැතිව බොහොම අසරණ විදියට.
අද ධනපති කුලේ ඉන්න ගොඩක් නෝනල මහත්තෙයල ගෙ දෙමව්පියන් ට අත්වෙලා තියෙන ඉරණම තමයි ඕක. ඒ අතර තමංගෙ අම්මවති තාත්තවයි දෙවිවරු දෙන්නෙක් වගේ රැක බලාගන්න උතුම් මානූශීය ගුණධර්ම තියෙන සත් ගුණවත් මත්වරුත් ඒ අතර නැතුවාම නෙවෙයි.
ඔය සුදාම්මිල සුදාත්තිල කියන්නෙ නම් ශාපයක්! 😒 අම්ම පල්ල ලෝකෝත්තර ශාපයක්!! 💥
මම දන්නව. මම පොඩියි. ඒක ඇත්ත. ඒත් ඔයාලත් දන්න අපිත් දන්න මාත් දන්න දෙයක් තමයි මේ දවස් වල රැල්ලට යන බාල වයස් කාර ප්‍රේම සබදතා.අයෙක් ට ඒව විහිළු වෙන්න පුළුවන්.තවත් අයෙක් ට ඒවා වෙනම විදියක රස වින්දනයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත්, ඔය බාල වයස් කාර ප්‍රේම සම්බන්ධතා කියන්නෙ, එක්කො ඒ දෙන්නට දෙන්නගෙ රූපයට වහ වැටිල කරන ආදරයක්. එහෙමත් නැත්නම්, රැල්ලට කරන ආදරයක්.
නමුත් ඒ ගොල්ලො හිතනව ඇති එයාල අවංකෙම් ම දෙන්නට දෙන්න ආදරේ කරනව කියල. ඒක ඇත්ත! එහෙම හිතෙන්න පුළුවන්. නමුත්. ඒ ගොල්ලො එයාලගෙ හදවතට අවංකෙම්ම තට්ටු කරල බැලුවොත්, එයාලටම තේරෙයි එයාල මොකද්ද මේ නටන නාඩගම කියල.ආදරය කියල කියන්නෙ බොහොම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. ඇටෙන් පොත්තෙන් එලියට වයසෙම ඒකේ බේසික් ලෙසන්ස් ටික ඉගෙන ගත්ත පළියට ෆීල්ඩ් එකේ ප්‍රවීණයෙක් වෙන්න අමාරුයි. 🙂
ඉතිං ඔය වගේ කයි කතන්දර ගොඩක් අස්සෙ ඇතිවෙන තවත් ආදරයක් තමා සුරතල් සතුන් අතර ඇති වන ආදරය කියල කියන්නෙ. මෙහෙම හිතන්න. ඔයාලගෙ ගෙදරට බලු පැටියෙක් ගේනවා. ඔයා නිතරම ඒ බල්ලව සුරතල් කරමින් එයා එක්ක සෙල්ලම් කරමින් එයාට කන්න බොන්න දෙමින් එයාව ආදරෙන් රැක බලාගන්නව. තාත්තල ඉතින් කොහොමත් වසයිනේ.😁 තාත්ත ඔන්න බලු පැටියව දැක්ක හැටියෙ “දුප්..බල්ලා!” කියල පයින් දෙකක් දීල එළවනව.
ඒ බලු පැටියගෙ ප්‍රතිචාරය මොකද්ද? තාත්තව දැක්ක හැටියෙ කඩාගෙන බිඳගෙන දුවනව නේ? එතකොට ඔයාව දැක්කම?? බලන්න එයා කොච්චර සෙනෙහසක් හිතේ පුරවගෙන ද එයාගෙ නගුට වන වන ඔයා ලඟට ඇවිත් ඔයාගෙ ඇගේ නැඟල ඔයාගෙ මුහුණ ලෙවකන්නෙ? ඒ සිදුවීම දිහා බලන් ඉන්න කෙනෙක් ගෙ වුනත් කොච්චර හිතට නිවක් කියල ද ඔයා හිතන්නෙ? පොඩ්ඩක් හිතන්න.😇
ඉතින් ඔන්න අද මම අරගෙන ආවෙ ඒ වගේ සුරතල් සතුන් ට ආදරේ කරන මගෙ බයිස්කෝප් වාසින් ඔයාල හැමෝටම ගැලපෙන විදියෙ ෆිලුමක්.😁 ඒ වගේම තමා දෙයක් කියන්න ඕන. මම ෆිල්ම් එකට සබ් කරන්න තෝරගත්තේ මේ ෆිල්ම් එකේ spanish බසින් හඬ කවන ලද චිත්‍රපට පිටපත. ඒ වගේම තමයි මේ වෙනකොට ෆිලුමට තාම හරි හැටි සබ් එකක් පිටවෙලා තියෙන්නෙත් spanish හඬකවන ලද පිටපතටම තමා. අප්ඩේට් ආ ගමන් දෙන්නම් බය වෙන්න එපා.🤗 ඉතිං, ඉංග්‍රිසි පිටපත බාගත කරගෙන බලන අයට පොඩ්ඩක් ඒකේ කියන දෙබස් අතරයි සබ් එක අතරයි පොඩි පොඩි වෙනස් කම් පෙන්න පුළුවන්. ඒත් කතාවෙ එක අර්ථයට වැඩිය හානියක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඉතින් ඒකත් ඔන්න කලින් ම මතක් කරා. දැන් එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන කියල ඉන්නම්.
ඇල්මා කියල කියන්නෙ සංගීතියට බොහොම ලැදි දැරිවියක්. වයස ඕනනම් 17 විතර ඇති වැඩිම උනොත්. ඉතින් එයාගෙ සීයා හදිසියේම මේ ලෝකෙන් සමුගන්නව. ඒ අතරෙ අපේ මේ ඇල්ම විශාල සංගීත වැඩසටහනක් සදහා සූදානම් වෙනවා. ඉතිං එයා ඒ වැඩසටනට යන අතරමඟති එයාගෙ නැවතුපොළ වෙන්නෙ එයාගෙ සීයගෙ පරණ ගෙදර.ඉතින් එයාට එහෙදි අහම්බෙන් වගේ හම්බ වෙනවා අමුතු යාලුවෝ දෙන්නෙක්.ඒ තමා වෘක පැටියෙකුයි සිංහ පැටියෙකුයි. ඒත් අපේ ඇල්මා එයාලව බොහොම ආදරෙන් රැකබලා ගන්නවා. ඉතින් අර යාලුවො දෙන්නත් ඒ හා සමානව අපේ ඇල්මට ආදරේ කරනවා. ඒත් එකපාරටම ඒ යාලුවෝ දෙන්න ඇල්මගෙ ජීවිතෙන් ඈ වෙන්නෙ බොහොම අවාසනාවන්ත විදියට. ඉන් පස්සෙ අපේ ඇල්මා එයාලව හොයාගෙන යන ආදරය සෙනෙහස කැටිකරගත්ත චිත්‍රපටයක් තමා the lion and the wolf කියන්නෙ.
ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මේ චිත්‍රපට පිට වෙන්න තිබිල තියෙන්නෙ ගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ 2021 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ විතර. ඒත් ඉතින් අවාසනාවට විතර ඒක මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙට කල් ගිහිල්ල තියෙනවා. ඒ නිසා ගූගල් දර්ශකයෙ තියෙන්නෙ මේ චිත්‍රපටය 2021 වසරේ නිකුත් වුන චිත්‍රපටයක් විදියට.
ඉතින්,මම අර උඩදි මොකද ආදරේ ගැන කියවන්න ගත්තෙ කියල ඔයාලට චිත්‍රපටය බලාගෙන්න යද්දි තේරේවි. ඒ නිසා, හැමෝටම ච්ත්‍රපටය බලන්න කියල ආරාධනා කරමින් අදට මම සමු ගන්නවා. තවත් ෆිලුමකින් ටික කාලෙකින් හමු වෙමු හොදේ. 🙂 ඕ ලෙවල් වලට පාඩම් කරන නිසා මේ දවස් වල උපසිරැසි කරන්න වෙලාවක් නැති තරම්. ඒ නිසා, ඉඩක් ලැබුන වෙලාවක ඔයාල වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ඉක්මනින් ම ආපහු එන්නම්. 😊 හැමෝටම සුභ දවසක්! ජය වීවා!!🤜🤛

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,962 downloadsDownload The.Wolf_.and_.the_.Lion_.2021.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
23 comments
Dulaj Manjula Gunawardhana
DJSHAVEEN
Machan how to download the Fime brother Baiscopedownload site eka wada nene
Anonymous
Thanks mchn subata
O/l goda dagamu ekenmaAnonymous
සබ් එකට ස්තූතියි සහෝ.. සබ් එකට වඩා
ලිපියට හුඟක් ස්තූතියි. ඕ ලෙවල් ගොඩ දා ගමු එකෙන් ම.DJSHAVEEN
Machan how to download films without Baiscopedownload site eka dan wada nene
Anonymous
Yts eken gnin bn
Anonymous
Ogollo web site eka nawathannada yanne.mokadda karanna hadanne
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kushan
Sub akta thanks
M A A L I K
2010 දි Release වුන Super (James Gunn ගේ) ෆිලුමෙ සබත් දාහම්කො බ්‍රෝ...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
indika 75
Thanks..
Chathuranga
ඇයි ඔයාලගෙ download සයිට් එක lock කරලා තියෙන්නේ? අපි ඒකට යන්නෙ කොහොමද ?
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thanks for sub
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
lakshan
thanks
....................................Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Naveen
උපසිරසියට තුති
Prageeth
ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරන්න බෑනේ..ඩවුන්ලොඩ් වෙබ් සයිට් එක වැඩ නෑනේ
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි.. සබ් එකට තුති