Watch Trailer

Scream (2022) Sinhala Subtitles | මිතුරු වෙස් ගත් මාරයෝ [සිංහල උපසිරැසි]

එහෙනම් ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු ලස්සනම ලස්සන හොරර් සහ ත්‍රිලර් කාණ්ඩ වලට වැටෙන චිත්‍රපටයක් තමයි මම මගේ 41 වෙනි උපසිරැසිය විදිහට අද අරන් එන්නේ. බලාගෙන හිටියා කිව්වට පරක්කු උන නිසා බැලුවද දන්නෙත් නෑ. පරක්කු උන එකට සොරි වෙන්න ඕන ඉතින් පහු ගිය ටිකේ වැඩ ගොඩක හිටියේ. ඇඩ්මින් විමා සමාවෙයන් හොඳේ. ඒ වගේ…

එහෙනම් ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු ලස්සනම ලස්සන හොරර් සහ ත්‍රිලර් කාණ්ඩ වලට වැටෙන චිත්‍රපටයක් තමයි මම මගේ 41 වෙනි උපසිරැසිය විදිහට අද අරන් එන්නේ. බලාගෙන හිටියා කිව්වට පරක්කු උන නිසා බැලුවද දන්නෙත් නෑ. පරක්කු උන එකට සොරි වෙන්න ඕන ඉතින් පහු ගිය ටිකේ වැඩ ගොඩක හිටියේ. ඇඩ්මින් විමා සමාවෙයන් හොඳේ. ඒ වගේම රවිඳු මල්ලි, චිත්‍රපටය මට යෝජනා කරාට ඔයාට ස්තූතියි.

වැඩි විස්තර අවශ්‍ය වෙන එකක් නැති වෙයි Scream කියන්නේ ඉතින් ප්‍රසිද්ධ Franchise එකක් නේ. TV series එකකුත් ඇවිල්ල තියෙනෝ. චිතපටය තමයි හැබැයි ගොඩක්ම මිනිස්සු අතරට ගියේ. සරලවම කියන්න තියෙන්නේ චිතපටයේ මුල් කොටස් 4 බලපු නැති අය ඉන්නවා නම් කරුණාකරලා ඒවා බලලම මේක බලන්න කියන එකයි. මොකද මේ කතා අතර සම්බන්ධයක් තියෙන නිසා. කියන්න සතුටුයි Scream (2022) චිත්‍රපටය, පස් වෙනි කොටස විදිහට කලින් ඒවටත් වඩා සෑහෙන්න ඉස්සරහට ආවා. ඒ නිසාම ඔන්න හය වෙනි එකකුත් එන්නයි හදන්නේ.

Scream (2022) පටන් ගන්නෙ සුපිරි විදිහකට. ටේරා (Jenna Ortega) තනියම ගෙදර ඉන්න කොට මිනී මරුවගෙන් එයාට ආපු කෝල් එකක් එක්ක බැඳුනු බිහිසුණු, මාරක සිද්ධියකින් තමයි ඒ.

මැරුම් නොකා අනූ නමයෙන් බේරෙන ටේරා ට ඇති ජීවිත අවදානම නිසා එයාගෙ අක්කා සෑම් (Melissa Barrera) තමන්ගේ පෙම්වතා රිචී (Jack Quaid) එක්ක යනවා ඩුවී (David Arquette) ව හම්බ වෙලා එයාගෙන් උදවු ගන්න. ඩුවීට මේ මිනී මැරුම් වලට සම්බන්ධ වෙන්න වැඩි කැමැත්තක් නැති උනත් එයා තමන්ට හිතවත් සිඩ්නි (Neve Campbell) ටත් මේ ගැන කියලා, සෑම්ට උදව් කරන්න කැමති වෙනවා. ඩුවී සහ සිඩ්නි (Neve Campbell) කියන්නේ ඉතින් Scream එකට නැතුවම බැරි චරිත දෙකක් තමයි.

Scream මිනී මරුවන් සාමාන්‍යයෙන් බිහි වෙන්නේ අවුරුදු 10 කට විතර සැරයක්. ඒ වගේම Scream මිනී මරුවන්ගෙ විශේෂත්වය තමයි උන් ඉලක්ක කරන්නේ තමන්ගෙම යාළුවන් වීම. එකට ඉඳලා පිහි පාරවල් වලින් යාළුවන්ව පරලොව යවන එක තමයි උන්ගෙ සතුට. ඉතින් ටේරා බේරුණාට මේ ඛේදවාචකයට ටේරාගෙ යාළුවන් කිහිප දෙනෙකුට නම් මුහුණ දෙන්න වෙනවා.

අඩුවෙන යාළුවන් අතරින් ඉතුරු වෙන යාළුවන්, එහෙම නැත්නම් යාළුවෝ වගේ ඉන්න මිනී මරුවන් කවුද? මිනී මරුවන් එක්කෙනාද ඉන්නේ? මිනී මරුවන්ට අන්තිමට මොකද වෙන්නේ? එතකොට ඩුවී සහ සිඩ්නි මොනවද මේ සමබන්ධයෙන් කරන්නේ? ඔය ඔක්කොටම උත්තර පැය 1 ක් සහ විනාඩි 54 ක් දුවන මේ චිත්‍රපටයේ තියනවා. උඩින් කියපු නළු නිළියන්ට අතිරේකව ඇම්බර් (Mikey Madison), වෙස් (Dylan Minnette), චැඩ් (Mason Gooding), ලිව් (Sonia Ammar), මින්ඩි (Jasmin Savoy Brown) සහ ගේල් (Courteney Cox) මේ චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත වෙනවා.

Matt Bettinelli-Olpin සහ Tyler Gillett අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටයේ බෙදාහැරීම් අයිතිය තියෙන්නේ Paramount Pictures Studios සහ Spyglass Entertainment ආයතන වලට. චිත්‍රපටයේ IMDb අගය 6.7ක් වගේම Rotten Tomatoes අගය 77% ක්. ආයෙ කියන්න දෙයක් නෑ සුපිරියක් තමයි ඉතින්.

එහෙනම් මේක නිවාඩු පාඩුවේ රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ආපහු දවසක හමු වෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

12,398 downloadsDownload Scream-2022-Blu-Ray.zip148 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

12,398 downloadsDownload Subtitles148 KB

48 comments

  1. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Ruksnan

      සබ් එකට බොහොම ස්තූතියි....

      පුළුවන් නම් මේ ටිකටත් සබ් දෙන්න...
      1.The House of Gucci' (2021)
      2.King Richard (2021)
      3.The tragedy of Macbeth (2021)
      4.The pilot (2021)

  3. මිනුල

    බලාගෙන ඉදලා ඉදලා ගොන් සබ් එකකින් බැලුවා බන්
    සරල කතාවක් නිසා ලොකු අවුලක් වුනේ නෑ සංකීර්න තේමාවක් තියන ෆිලුමක් නම් එපාවෙනෝ ඒ සබ් එක්ක බැලුවොත්
    පුලුවන් නම් අලුතින් එන ෆිල්ම් ඉක්මනින් දෙමු බයිස්කෝප්
    ඔයාලගේ සබ් වල කොලිටිය වෙන කාගාවවත් නෑ ඉස්සරහට තියෙන එකකුත් නෑ

    1. තිවංක

      ඉතින් දිගටම බලන් හිටියනම් ඉවරනේ හෑලි ලියන්නැතුව..

    2. IDK

      ඇත්ත බන්, මාත් වෙන මගුලකින් බැලුවේ. එ රෙද්ද මෙලෝ රහක් නැ. බයස්කෝප් තමය් කොලිට්

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. පියත්

    ඕක ඇයි දැන් දුන්නෙ? තියාගෙන මලවගෙන කන්න තිබුනානෙ.
    රිලීස් වෙන්නෙ ලොකු ෆිලුමක් කියමුකෝ. ඒත් දවස් දෙක තුනෙන්වත් දෙන්න බැරිනම් ඇයි මේවා බාරගන්නෙ?
    මෙච්චර කාලේ කන අය සබ් කරන්න බාරගද්දී ඇඩ්මින්ලා උඩ බලාගෙනද ඉන්නෙ?

    දැන් බයිස්කෝප් සිංහලෙන් කියන සයිට් එකත් නිකන් ලංකාවේ ආණ්ඩුව වගෙ.

    1. Chamikara Vidanage

      ඊළඟ පාර ඔයා අරගෙන ඉක්මනට කරල දෙන්න කෝ

    2. IDK

      ඇත්ත කතාව බන්, රෙද්ද මලවාගෙන කන්න තිබ්බේ, Movie එක ඇවිල්ල මාස ගානක්

    3. IDK

      ව්හිළුවක් කරේ සබ් එකට තැන්ක්ස් සහෝ , දිගටම මේ වගේ සබ් දෙන්න , ජයවේවා !!

    4. පියත්

      අමෝ අමෝ මෙන්න ඇවීස්සිලා
      මම සබ කරන්න මමද උපසිරසිකරුවා නැත්තම් ඔයාද?
      අනික දැන් ඔය මට කරන්න කිව්වා වගෙ මෙච්චර කල් මරපු එකෙ වෙන එකෙක්ට දෙන්න තිබ්බනෙ

    5. Chamikara Vidanage

      නිකං දෙන දේ අගය කරන්න දන්නේ නැත්නං, ඉක්මනට දෙන සයිට් එකකින් අරන් බලපන් මචං. මොකද මම ගත්ත sub එකක් මම ද කරන්නේ වෙන කෙනෙක්ට ද දෙන්නේ කියන එක තිරණය කරන්නේ මම සහ admin එක මිසක් මේ වැඩේට සම්බන්ධ නැති අය නෙමේ.. තේරෙන්න ඇති කියලා හිතනවා. තේරුනේ නැති උනත් කමක් නෑ.

  6. Anonymous

    බොහොම ස්තුතියි

  7. Kushan

    Sub akta thanks

  8. විමා

    පුදුම කොන්දක්, පුදුම හයියක්නේ කට්ටියට තියෙන්නේ. :)

    තමන්ගේ මහන්සියෙන්, නොමිලේ අනිත් උන්ට බලන්න සබ් එකක් කරන එකාට,
    ඒ සබ් එක දෙන්න පරක්කු උනහම උගෙන් අහන දේවල්, තමන්ගේ සල්ලි වලින්
    ආතල් අරගන්න, රට කන උන්ගෙන්, අපිට ලෙසටම කෙලවපු උන්ගෙන් අහන්න බැහැනේ මෙහෙම. පුදම කොන්දක්. :)

    1. පියත්

      ඔයත් ඇඩ්මින් කෙනෙක් නේද? නිකන් දෙනවා කියලා කල් මරලා දෙන සබද වටින්නෙ නැත්තම් ටිකක් වේලාසන දෙන සබ් එකද වටින්නෙ කියලා තේරුම් ගන්නවත් මොලයක් නැද්ද? රොයිලිලා සබ් ගහද්දි මෙහෙම කල් මරලා පෙරහැර ගියාට පස්සෙ සබ් දීලා නැහැ නේද?

      අනික හැමදේම පොසිටිව් විදිහට බලාපොරොත්තු වෙන්න එපා. වැරදි අඩුපාඩු කිව්වම පිළිගන්න නැත්තම් ඉතින් මොන ජරාවක් දුන්නත් අනික් උන් වගෙ සිංහල උපසිරසියට ස්තුතියි විතරක් කෙම්න්ට්වල ඉතුරු වෙයි. වැරැද්දක් කිව්වම රෙද්ද උස්සන් එන ඔයාලට ඕනත් ඒ දේමයි කියලා මේ වෙලාවට නොතේරෙනවාත් නෙවෙයි ඉතින්

    2. විමා

      මට, මගේ සබ් වලට නම් ස්තුතියි කියල ඕනත් නැහැ.
      මුල් කාලේ එහෙම ආසාවක් තිබ්බ, කමෙන්ට් ගොඩක් එක්ක පොස්ට් එකක් තියෙනකොට ආසාවේ බැහැ. දැන් නම් එහෙම කිසිම බලාපොරොත්තුවකින් නෙමෙයි මම සබ් කරන්නෙ.

      ඔයාල ෆිල්ම් බලනවා, eක ඔයාලගේ ජොබ් එක නෙමෙයිනේ. විනෝදාංශයක්.

      අපිත් ෆිල්ම් බලනවා, ඊට අමතරව හිතට අල්ලන ෆිල්ම් වලට සබ් කරනවා, ඒ තව කාටහරි ඒක බලන්න උදව්වක් වෙන්න. අපේ විනෝදෙ eක. එහෙම නැතුව ජොබ් එක නෙමෙයි. :)

      ධනාත්විමක වේචන බොහොම සතුටින් බාරගන්නවා, දැනටමත් ගොඩක් අය ටීවී වලට සබ් කිරීම අතරල තියෙනව. හේතුව අසාධාරණ විවේචන. පෞද්ගලික අපහාසය. ධනාත්මක විවේචන කියන ඩේ බොහොම සතුටින් බාරගන්න නිසා තමයි එදා මෙදාතුර තාම නොනැසී අවුරුදු දහයකට එහා කාලයක් මේක කරගෙන යන්නෙ. :)

    3. Lasith

      Ane ballo puluwan welawakata sub eka denne thot ochchr amarunm tho dipiyko

    4. විමා

      අනිත් කාරණේ ෆිල්ම් එකක් ආව ගමන් කවුරුහරි කෙනෙක් තමන්ගේ වැඩ සේරම පාලු කරගෙන පහුවදාම ෆිල්ම් එකට සබ් එක දෙන්න ඕන කියල හිතන්නෙ ඇයි ඔයා ? සබ් කරන අය ඔයාට බැඳිලා ඉන්නවද ඒකට? ඒ වෙනුවෙන් එයාලට මොනාහරි දෙනවද ඔයා?

      පුළුවන්කමක් තියෙනව නම් දෙනවා, නැත්නම් තමන්ගේ වැඩ ටික එක්ක බැලන්ස් කරගෙන මේ විධියට දෙනවා. වෙන කවුරුත් සබ් කරන අයගේ වැඩ කරලා දීල යන්න එන්නේ නැහැනේ?

      සබ් කරන කිසිම කෙනෙක් හිතා මතා මේවා පරක්කු කරන්නේ නැහැ, කොහෙවත් කාටවත් නැති ඇම්මක් තමා සබ් කරන උන්ට තියෙන්නේ. ඒ නිසයි හොඳා කාරවම ෆිල්ම් එක ඉංග්‍රීසි සබත් එක්ක බලල නිකම් ඉන්න පුළුවන්කමක් තියෙනකොට කොහෙඅත් ඉන්න අයට බලන්න සබ් එකකුත් කරන්නේ.

    5. thisal

      vima bng ma sub eka aluth orginal webrip ekta gala panna na bng ekata hadala damuda

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Sachinda Dissanayake

    Thank You

  11. Vidu

    ඔය පියත් කියන එකා අනිවාර්යයෙන්ම ගොබ්බ සයිට් එකකට සම්බන්ද එකෙක්, ඌ අර පහල මිනුල ගේ කමෙන්ට් එක දැකලා ඒක බොක්කටම වැදිච්ච නිසා මෙතන කමෙන්ට් සෙට් එක ජරා කරනවා, ඒ නිසා උපසිරසි දුන් සහෝ, විමා සහෝ ඔය බල්ල බුරන ඒවා ගනන් ගන්න එපා(දැන් මෙතන එක එක නම් වලින් උගේ නිරුවත පෙන්නාවි සමහරවිට)
    පුලුවන්නම් බයිස්කෝප් යාලුවෝ අදාල ගූ සබ් එකයි බයිස්කෝප් සබ් එකයි විනාඩි 10 ක් දාගෙන බලන්න,එතකොට තෙරෙනවා මූ මෙච්චර කෑගහන්නේ මොකද කියලා........
    බොහොම ස්තුතියි චාමිකර සහෝ සබ් එකට ඉදිරියටත් අලුත් ෆිල්ම් වලට සබ් ඕන..ජය වේවා ..

    1. Chamikara Vidanage

      බොහොම ස්තුතියි සහෝ

  12. Naveen

    උපසිරසියට තුති

  13. Redrux

    Thnkz bro

  14. thusitha

    ස්තුතියි සහොදරයා.....නිකන් ඉන්න හාල්පාරුවන්ගෙ කතා වලට සිතනොරිද්දා......සතුටින් සුවෙන් සිටිත්වා....ඔයලා ඔය කරන උපසිරැසි අපිට නම් බොහොම වටිනවා....

    1. Chamikara Vidanage

      බොහොම ස්තුතියි සහෝ

  15. Anonymous

    Thanks mcho

  16. Anonymous

    No Exit - 2022 sub plz

  17. thisal

    ado aluth webrip copy ekata sub danoooppo

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Janith

    Guillermo del toro ge Nightmare Alley filumata sub demu mchn
    Site eke thynnama ona filumak

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. Malith samarawickrama

    Thanks saho sub ekata.

  22. indika 75

    thanks..

  23. Malin Anjana

    Appreciate the effort but subs are really bad sometimes

  24. rasika

    thnks sub ekata.

  25. Hansana

    Thanks for the subtitles, Death on nile 2022 movie ekt sub ekk please

  26. Dewadithya

    Thanks for Sub!

  27. kavinda gamage

    බොහොම ස්තුතියි

  28. Pahasara

    Godak sthuuthi saho....

  29. malith madhushan

    බොහොම ස්තුතියි අයියේ සබ් එකට මේක බලන්න කලින් අනිත් 4 බලල ඉන්නම්

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. viraj

    thanks...........

  32. දනුල

    මේ Subtitle එක Bluray එකත් එක්ක වැඩ කරන්නෙ නැහැ.

  33. Anonymous

    Thank you