“ ඉතිහාසය පුනරාවර්තනය වේ. පළමුව දුක්ඛාන්තයක් ලෙසත්, දෙවනුව ප්‍රහසනයක් ලෙසත්ය. “ “ History repeats itself. First as tragedy, Second as farce. “ මිනිසෙක් ඉපදීම කලාතුරකින් සිදු වන්නක් නොවන මුත්, ලොවක් වෙනස් කළ හැකි මිනිසුන් ඉපදෙන්නේ කලාතුරකිනි. 1818 මැයි මැයි 5 වන දා ප්‍රශියාවේ (වර්තමාන ජර්මනිය,පෝලන්ත…

“ ඉතිහාසය පුනරාවර්තනය වේ. පළමුව දුක්ඛාන්තයක් ලෙසත්,
දෙවනුව ප්‍රහසනයක් ලෙසත්ය. “
“ History repeats itself. First as tragedy,
Second as farce. “
මිනිසෙක් ඉපදීම කලාතුරකින් සිදු වන්නක් නොවන මුත්, ලොවක් වෙනස් කළ හැකි මිනිසුන් ඉපදෙන්නේ කලාතුරකිනි. 1818 මැයි මැයි 5 වන දා ප්‍රශියාවේ (වර්තමාන ජර්මනිය,පෝලන්තය හා ස්වීඩනය යන රටවල් වලින් සමන්විත වූ විශාල වැඩවසම් රාජධානියකි) රයින්ලන්තයේ ට්‍රයර් නගරයේදී යුදෙව් ජාතික හර්ෂල් මාක්ස්ටත්, හෙන්රිඒටා ප්‍රෙස්බර්ග්ටත් දාව උපත ලැබුයේද එවැනි අසමසම වීරයෙකි. හෙතෙම නමින් Karl Heinrich Marx නොහොත් කාල් මාක්ස් ය. ලෝක දේශපාලනයේ මෙතෙක් ඉතිහාසය තුළ ඍජුව හෝ වක්‍රව වැඩිම බලපෑමක් පුද්ගලයා ය. විප්ලවයේ නාමයෙන් මුලු මහත් තම ශක්තියම කැප කළ විප්ලවකරුවා ය. මිය ගියද, කිසිදා මිය නොයන අමරණීය මිනිසා ය.

(කාල් හෙන්රිච් මාක්ස් සැබෑ ජීවිතයේදී)
දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලේ තුන් වැනියා ලෙස උපත ලැබූ කාල් මාක්ස් 1830දී ට්‍රයර් හි උසස් පාසලට ඇතුළත් වූයේ තම ද්වීතික අධ්‍යයන කටයුතු සඳහා ය. එකල ට්‍රයර් උසස් පාසලේ ගුරුවරු බොහොමයක් නිදහස් මතදාරී මානවවාදීන් වූහ. එනිසා පාසල් සිසුන්ද සාම්ප්‍රදායික මතයේ නොසිට නිදහස් චින්තනයකට පෙළඹුණි. මේ බව ආරංචි වූ එකල පාලක පක්ෂය වූ කන්සර්වේටිව් ආණ්ඩුව 1832දී එක්වරම පාසලට කඩා වැද, පොලීසිය ලවා මුලු පාසලම සෝදිසියකට භාජනය කළ හ. එහි ප්‍රතිඵලය වූයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් විශාල ප්‍රමාණයකට පාසලෙන් ඉවත් වීමට සිදු වීමයි. කෙසේ නමුත්, මෙකල පවා කාල් ප්‍රබල නිර්මාණාත්මක බුද්ධියකින් හෙබි දරුවෙක් විය. පාසල් ජීවිතයෙන් පසු දාහත් වියැති මාක්ස් බොන් විශ්ව විද්‍යාලයට ඇතුල් වන්නේ තම පියාගේ අඩිපාරේ යමින් නීතිඥයෙක් බවට පත් වීමටයි. 1835දී නීති ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වුවද පසුකාලීන විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාව තුළ මාක්ස්ගේ හිත ඇදී යන්නේ ඉතිහාසය සහ දර්ශනයටයි. බොන් හි රැඩිකල්වාදී කවීන්ගෙන් සමන්විත සංගමයක සාමාජිකත්වය ගන්නා හෙතෙම ඉගෙනුම් කටයුතු සඳහා ද එතරම් උනන්දුවක් දක්වා නැත. තම පුතාගේ මෙම කඩාකප්පල්කාරී ඉගෙනුම් රටාව නොඉවසූ හර්ශල් මාක්ස් ඔහුව බර්ලින් සරසවියට මාරු කරන්නේ එහිදීවත් කාල්ගේ වෙනසක් දැකීමේ පරමාර්ථයෙනි.
මාක්ස්ගේ ශාස්ත්‍රීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ද මෙම බර්ලින් සරසවියේ ගත කළ කාලයයි. බර්ලින් සරසවියට හෙගල්වාදී චින්තනය සම්බන්ධව කීර්ති නාමයක් හිමිව තිබිණි. ඒ මහාචාර්ය ජෝර්ජ් විල්හෙල්ම් ෆෙඩ්රිච් හෙගල් නිසා ය. අනෙකුත් සිසුන් මෙන්ම මාක්ස්ද මුල කාලයේදී හෙගල්ගේ ප්‍රබල අනුගාමිකයෙක්ව සිට ඇත. හෙගල් වූ කලී එකල විසූ විශිෂ්ටතම දාර්ශනිකයා ලෙස අවිවාදයෙන්ම පිළි ගැණිනි. ඔහුගේ දර්ශනය ද අති සංකීර්ණ විය.
ඔහුගේ විශ්වාසයට අනුව සමාජ ප්‍රගමනයට හේතුව හේතුවාදීතාවයයි. එය සීමා රහිත වර්ධනයකට ලක් වී ඇති බවත්, ප්‍රශියානු රාජ්‍ය සමය තුළ එහි පරම ප්‍රගතියට පැමිණ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. අපෝහකවාදය හෙවත් ද්වීඝට්ටනාත්මකවාදය ඉදිරිපත් කළේද ඔහු විසිනි. විඥානය හේතු කොටගෙන වෙනස්කම් සිදුවන බව හේගල්ගේ අදහස විය. ඔහුට අනුව විඥානය තුළ
- ප්‍රවාදය
- ප්‍රතිවාදය
- සහවාදය යනුවෙන් කොටස් තුනකි.මතය යනු ප්‍රවාදයයි. එම මතයට ප්‍රතිවිරුද්ධව ඇතිවන මතය ප්‍රතිවාදයයි. මෙම මත දෙක ගැටීම තුළින් ඇතිවන නව මතය සහවාදයයි. මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය රාජ්‍යය වන බව හේගල් දැක්වීය. මාක්ස් ද මුල් කාලීනව හෙගල්ගේ අනුගාමිකයෙක් වුවත් පසුකාලීනව එම සාම්ප්‍රදායික මතය වෙනුවට විකල්පයක් රැගෙන ආවේය. මාක්ස් අපෝහකවාදය පිළිගත්තද එයට විඥානයේ බලපෑමක් වන බව පිලිගත්තේ නැත. මාක්ස්ගේ අදහස වූයේ එය භෞතික ක්‍රියාවලියක් බවයි. මාක්ස්ට අනුව අපෝහකවාදය ක්‍රියාත්මක වන්නේ විඥානය තුළ නොව භෞතිකත්වය තුළයි. මාක්ස් වරක් පැවසුවේ තම ගුරුවරයා වූ හෙගල් ඔළුවෙන් සිටගෙන ලෝකය දෙස බැලූ බවත්, තමන් ඔහු දෙපසින් සිට වූ බවත් ය.
මෙම තරුණ හෙගල්වාදීන් නැමැති සංවිධානයේ උත්තේජනයත් සමඟ මාක්ස්, නීතියත් දර්ශනයත් ඒකාබද්ධ කිරීමට මඟක් සෙවී ය. කෙසේ වෙතත් මාක්ස්ගේ මේ විප්ලවකාරී මිත්‍ර ආශ්‍රයේ ප්‍රතිඵලය වූයේ ඔහුගේ ආචාර්ය නිබන්ධනය බර්ලින් සරසවිය මඟින් ප්‍රතික්ෂේප කිරීමයි. නමුත් ඊට ටික කාලයකට පසු 1841දී ජෙනා විශ්ව විද්‍යාලය මඟින් එම නිබන්ධනය පිළිගන්නා ලදී. සරසවි සමයේදී සාහිත්‍ය කෘතීන් ද රචනා කළ මාක්ස් Oulanem නැමැති නාට්‍යයක් ලියූ බව ද සඳහන්ව ඇත.
1841 දී ජෙනා සරසවියෙන් උපාධිය ලබාගන්නා මාක්ස් 1843දී Rheinische Zeitung පුවත්පත හා සම්බන්ධ විය. මාක්ස්ගේ විප්ලවකාරී රචනා සමඟින් අතිමහත් ජනප්‍රියත්වයට පත් වූ එම පුවත්පතට කණ කොකා හැඬුයේද මාක්ස්ගේ රචනා නිසාවෙන්මයි. ධනපතීන්ගේ ඉඩම්වල දර ඇහිදූ ගොවි ජනයාව බරපතල අපරාධකාරයින් ලෙස හංවඩු ගසා අමානුෂික දඬුවම් දීමට එරෙහි වූ හෙතෙම ඒ වෙනුවෙන් තම පෑන හැසිරවීමටද බිය නොවී ය. මාක්ස් ඔවුන්ට එරෙහිව ප්‍රහාරාත්මක ලිපි දියත් කළේය. ඇතැම් දක්ෂිනාංශ ආණ්ඩු සහ අසාර්ථක සමාජ ව්‍යාපාරද ඔහුගේ විවේචනයට බදුන් විය. මේ නිසාම සෑම සඟරා කලාපයක්ම මුද්‍රණයට පෙර පරීක්ෂා කිරීමට ප්‍රශියානු රජය පියවර ගත් හ. කැරලිකාර, නිදහස් අදහසක් දුටු සැනින් එම කලාපය තහනම් කිරීමටද රජය කටයුතු කළ හ.
“අපේ පත්තරේ හැම කලාපයක්ම පොලීසිය පරීක්ශා කරන්නන ගත්තා.විප්ලවකාරී අදහසක් දුටු ගමන්ම පත්තරය මුද්‍රණය කිරීම නැවැත්තුවා.”
ප්‍රශියාවේ කොලොන්ග් නගරයේ සිට ක්‍රියාත්මක වූ Rheinische Zeitung පුවත්පත තහනම් වූයේ ද රුසියානු රාජාණ්ඩුවේ නිකල්ස් රජුට එරෙහිව එහි ගෙනගිය දැඩි මතවාදී විවේචනය නිසාවෙන්මයි.
මාක්ස්ගේ විවාහය සිදු වූයේ ද මෙම කාලය තුළදීමයි. විවාහ ගිවිසගෙන වසර 7කට පසු, එනම් 1843 ජුනි 19 දින කටස්නැච් ප්‍රදේශයේ පල්ලියකදී ඔහු විවාහ දිවියට ඇතුළත් විය. ඒ ප්‍රශියන් ධනවත් පැලැන්තියේ වංශාධිපතිනියක වූ ජෙනී වොන් වෙස්ට්ෆාලන් ( Jenny Von Westphalen) නැමැති තරුණිය සමඟයි. මාක්ස්ගේ මෙන්ම ජෙනීගේ ද උපන්ගම වූයේ ට්‍රයර් නගරය වූ නිසා කුඩා කළ සිටම ඔවුන් එකිනෙකාව දැනන් සිටියහ. මාක්ස් නැමැති විප්ලවීය චරිතය පිටුපසින් සිටි යෝධ ශක්තිය වූයේ මැයයි.

(ජෙනී වොන් වෙස්ට්ෆාලන්)
තමන් සතු සියලුම ධනය හැරදමා මාක්ස් සමඟ එක් වූ ජෙනී මාක්ස්ගේ විප්ලවීය ජීවිතයේ ප්‍රධානම සාධකයක් වූ බවද නොරහසකි. ඔවුන් හමුවට ආ අභියෝග ද සුලුපටු ඒවා නොවේ. ධනය නොමැතිව විරැකියාවෙන් පීඩිතව සිටින විටද, ගෙවල් කුලී ගෙවීමට නොහැකිව අසරණ වූ විටද, සියලු දුක් කම්කටොලු ඉවසමින් මාක්ස් සමඟ එකට දිවි ගෙවූ මැය මාක්ස්ට දාව දරුවන් 7 දෙනෙකු මෙලොවට බිහි කළාය.
- ජෙනී (1844)
- ලෝරා (1845)
- එඩ්ගාර් (1847)
- ගුයිඩෝ (1849)
- ෆ්‍රැන්සිස්කා (1851)
- එලනෝර් (1856)
කෙසේ නමුත්, මාක්ස්ට දාව ජෙනී බිහි කළ එක් දරුවෙකු නම තබන්නටත් පෙර මිය ගොස් ඇති බව පිළිගැනේ. මීට අමතරව මාක්ස්ගේ නිවසේ පාලිකාව වූ හෙලේන් දෙමුත් හෙවත් ලෙන්චන්ගේ පුතෙක් වූ ෆෙඩ්රික් දෙමුත්ද කාල් මාක්ස්ගේම දරුවෙක් බවට ඇතමුන් චෝදනා කරති.
ප්‍රශියාවේ දැඩි පීඩනය හා ඒකාධිපති කුරිරුව හමුවේ 1943දී මාක්ස් තම බිරිඳත් රැගෙන ප්‍රංශයේ පැරීසියට සංක්‍රමණය විය. ඔහුට තම අතිජාත මිත්‍රයා වූ ෆෙඩ්රික් එංගල්ස්ව මුණ ගැසෙන්නේ ද මේ අතරවාරයේදී ය. ෆෙඩ්රික් එංගල්ස් යනු කාල් මාක්ස් සමඟ මාක්ස්වාදය නිර්මාණය කළ අනෙක් තැනැත්තා ය. 1820 නොවැම්බර් මස 28 වෙනි දින උපත ලැබූ හෙතෙම 1845දී The Conditions of the Working Class in England හෙවත් “එංගලන්ත කම්කරු පන්තියේ තතු” නැමැති කෘතිය ප්‍රකාශයට පත් කළේය. 1848දී මාක්ස්ට කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීමට උනන්දු කළේද එහි සම කතෘවරයා වූයේ ද මොහුයි. Das Kapital හෙවත් “ප්‍රාග්ධනය” සම්පාදනය කිරීමෙහිලා එංගල්ස්ගේ දායකත්වය අති මහත් ය. රජයේ බලපෑම නිසා 1845දී මාක්ස්ට නැවත වරක් රටින් පිට වීමට සිදු විය. එම වාරයේ ඔහු තෝරාගත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරයි. බ්‍රසල්ස් නුවර ගත කාලය තුළ මාක්ස් තම විප්ලවකාරී දේශපාලනය අත් හැරිය නමුදු 1845දී සමාජවාදී ව්‍යාපාරයේ නායකයින් හමුවීමට තම අතිජාත මිතුරා වූ ෆෙඩ්රික් එංගල්ස් සමඟින් හෙතෙම එංගලන්තයට පැමිණියහ.

(මාක්ස්වාදයේ පියවරුන් ලෙස හඳුන්වන කාල් මාක්ස් දකුණු පසින්ද, ෆෙඩ්රික් එංගල්ස් වම් පසින්ද සිටී)
මාක්ස් සහ එංගල්ස් පසුව සාධාරණත්වයේ ලීගය(League of the Just) නැමැති බහුතර ජර්මන් සාමාජිකත්වයක් ඇති රහස් රැඩිකල් සංගමයක සාමාජිකත්වය ලබාගත්හ. මේ පිරිස මෙහෙයවනු ලැබුයේ ප්‍රංශ ආන්තිකවාදියෙකු වූ ඔගස්ටස් බ්ලැන්කුයි හා ජර්මන් ජාතික මහන්නෙකු වූ විල්හෙල්ම් වෙයිට්ලින්ග් විසිනි.
වෙයිට්ලින්ග් විශ්වාස කළේ කොමියුනිස්ට්වාදයේ ඉදිරි පැවැත්ම හා කොමියුනිස්ට්වාදී රජයක් උදෙසා…එසේත් නැත්නම්, බහුතරයක් උදෙසා..නිර්ධන පන්තියේ සන්නද්ධ සුලුතර කණ්ඩායමක් විසින් රජයේ බලය පැහැර ගත යුතු බවයි. නමුත් මෙම ලීගය අභ්‍යන්තරයේද ගැටුම් හා මතවාදී බෙදීම් උත්සන්නව පැවතිණි. එක් කොටසක් වෙයිට්ලින්ග්ට පක්ෂපාතී වූ අතර තවත් කොටසක් වෙයිට්ලින්ග්ට පක්ෂපාතී නොවීය. මතවාදී වශයෙන් ඔවුන් අනුගමනය කළේ අන්ත දෙකක මාර්ග දෙකකි. එක් කොටසක් සුලුතරකගේ බලය පැහැර ගැනීම අනුමත කළ අතර අනෙත් කොටස මෙම ප්‍රචණ්ඩකාරී බලය පැහැරගැනීමේ ක්‍රියාවලිය අනුමත කළේ නැත.

(රුසියානු අරාජිකවාදියෙකු වූ මිකාහිල් ඇලෙක්සැන්ඩ්‍රෝව්ච් බකුනින්)
මෙවැනි අර්බුදකාරී තත්වයන් මධ්‍යයේ 1847දී මාක්ස් සහ එංගල්ස් මෙම රහස් ලීගය තමන් යටතට ගැනීමට සමත් විය. මාක්ස්ගේ හැඟීම වූයේ යුරෝපයේ කම්කරු පන්ති විප්ලවයක් සංවිධානය කිරීමෙහි ලා මෙම ලීගය වැදගත් ය යන්නයි. ඔවුන්ට තමන් අපේක්ෂා කළ බහුජන ව්‍යාපාරය ගොඩ නැඟීමට නම් මෙය රහසිගත කල්ලියක තත්වයේ සිට විවෘත සංවිධානයක් දක්වා වර්ධනය කළ යුතු විය. එහි ප්‍රතිඵලය වූයේ රහස් දේශපාලන සංගමයක් වූ සාධාරණත්වයේ ලීගය, 1847 ජුනි මාසයේ කොමියුනිස්ට් ලීගය ලෙස ප්‍රතිසංවිධානගත වීමයි. කොමියුනිස් ලීගයේ අරමුණ වූයේ මධ්‍යම පාන්තික ධනවාදී සමාජය පලවා හැරීමයි. එනිසා ඔවුන්ගේ අරමුණ හා ප්‍රවණතාව ප්‍රකාශ වන ආකාරයේ මතවාදී ලියැවිල්ලක් රචනා කරන්නට ලීගය විසින් මාක්ස්ට භාර දුණි. මාක්ස් මේ පිළිබඳ උනන්දු නොවූවත් ලීගය විසින් මාක්ස්ට විරුද්ධව පියවර ගන්නා බවට සිහි කැඳවීමේ ලිපියක් එවූ පසු ඔහු එම ලියැවිල්ල නිම කිරීමට උනන්දු වෙන ලදී. එම ලියවිල්ල නම් කවුරුත් හොඳින් දන්නා කොමියුන්ස්ට් ප්‍රකාශනය යි. සියලුම මිනිසුන් සහෝදරයන් ය: ලෙස භාවිතා වූ ලීගයේ ආදර්ශ පාඨයද වෙනස් විය.
” සියලු රටවල වැඩ කරන ජනතාවනි, එක් වවු! “

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,791 downloadsDownload The.Young_.Karl_.Marx_.2017.Baiscopelk.com_.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
25 comments
Kamal Liberty
Kamal Liberty
ෆිල්ම් එකට එහා ගිය දෙයක් වටිනව සහෝ
wijenayaka nayana
mata comment ekak danna hithune oyage lipiya gena sthuthi karanna.godak watina lipiyak.kochchara hadisi welavaka sub ekak download karanna avath me wage lipiyaknam kiyavanne nethiva yanne ne.thanks malli
damindabg
mewa thamai balannama ona films ban.oya eka eka kunuhabba balanawata wada mewa balana eken deyak igena ganna hari puluwan.thawath me wagea ewa karapan machan.jayawewa..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sahasra
නියමයිනෙ. කාල් මාක්ස් ගැන තියෙන සලෙරුවක්. අනිවාර්යයෙන්ම බලන්නම්. බොහොම ස්තූතියි. ජය වේවා!
jagannatha
අගනා ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූති.
Kulanjana Maduranga
filuma wagema lipiyath watinawa....subata thanks saho.....
jagath55
Thanks
charithbaiscope
bohoma stutie machan, man me film aka danagan hitiye... ubata pin
සාෂා
බොහොම ස්තුතියි. film එකට වගේම ලිපියටත්.
මාක්ස් කියපු අදහස් එදාට වගේම අදටත් ඒ විදිහමයි කියලා තේරෙන්න කාලෙක බලන්න වටිනාම film එකක්බොබී
ලිපියට ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ, සහෝ. ඉදිරි ගමනට සුභපැතුම්.
jstar
brilliant work bro thanks a lot
perad9
නියම ලිපියක්! Thanks, sub එකට.
benukanimsena
සබ් එකට බොහොම ස්තූතියි සහෝ ,
ලිපියත් නියමයි ,
දිගටම සබ් කරගෙන යමුbmlt
filumata wada lipiya top machan............ jayaa
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
NUWAN24
thanx............!
namal kumara
tanks!!!
warunasg
boho de igenagaththa ,sthuthi saho
AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Waruna Kamalawansha
නියමයි සහෝ... බොහෝම ස්තූතියි උපසිරැසියට
Anonymous
සකල දේශවාසී නිර්ධනයනි, එක්වව්. කියලා අන්තිමට තියෙන පාඨය වෙනස් උනානම් හොඳයි. ස්තූතියි.
Enika Malshani
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela