සුබ දවසක් වේවා බයිස්කොප් හිතමිතුරන්ට!!!! ඔන්න උපසිරසියක් ගෙනාවා ලස්සන 2018 නිකුත් උනු Animation චිත්‍රපටයකට. සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මම Animation එකකට සබ් කරන්න ආසාවෙන් හිටියේ. ඉතින් Anime එකක් හොයද්දී තමයි මේ ෆිල්ම් එක මට හම්බවුනේ. ඉතින් මේක මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ English ෆිල්ම් එකක…

සුබ දවසක් වේවා බයිස්කොප් හිතමිතුරන්ට!!!! ඔන්න උපසිරසියක් ගෙනාවා ලස්සන 2018 නිකුත් උනු Animation චිත්‍රපටයකට. සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මම Animation එකකට සබ් කරන්න ආසාවෙන් හිටියේ. ඉතින් Anime එකක් හොයද්දී තමයි මේ ෆිල්ම් එක මට හම්බවුනේ. ඉතින් මේක මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ English ෆිල්ම් එකක් විදිහට නෙවේ. පස්සේ මේක භාෂා ගණනාවකින් නිකුත් වෙලා තියනවා. මම සබ් කලේ English ෆිල්ම් එකට එ්ත් සබ් කරද්දි තේරුනා මම අරන් තියන English සබ් එකේ තියන ගොඩක් දෙබස් නෙවේ ෆිල්ම් එකේ තියෙන්නේ කියලා. ඒකට ගැලපෙන English සබ් එකක් හොයාගන්න තිබ්බේ නෑ. ඉතින් ඒ නිසා මට සබ් කරන්න සිද්ධඋනේ අහගෙන ඉදලා. ඒකත් ඉතින් වෙනසකට හොදයිනේ.
ඉතින් චිත්‍රපටය පැත්තට හැරුනොත් සිසිර ඍතුවට පස්සේ සංක්‍රමික කුරුල්ලෝ වන රෑන වටුවන් වසන්තය ගත කරන්න ඔවුන්ගේ නිවසට එනවා එහෙදී තමයි අපේ කතාවේ වීරයා ප්ලොයි ඉපදෙන්නේ. ඉතින් ප්ලොයි ඉපදිලා ලොකු වෙනකොට පියාඹන්න ඉගෙනගන්න කාලයත් එනවනේ. ඉතින් ප්ලොයි පියාඔන පලවෙනි දවසේම කතාවේ නපුරා වන ෂැඩෝ කියන රාජාලියෙක් ප්ලොයිව අරගෙන යනවා. ඉතින් ප්ලොයිගේ තාත්තා ෂැඩෝගෙන් ප්ලොයිව බේරගත්තත් තාත්තාව ෂැඩෝ මරනවා. ඉතින් ප්ලොයි ඊටපස්සේ දුකින් තමයි ඉන්නේ. ප්ලොයි ආය පියාඔන්න හදන්නෙත් නෑ මොකද තාත්තා මැරුනේ ඔහු පියාඔන්න හදපු නිසා කියලා ප්ලොයිට හිතෙන නිසා.
ඉතින් ආයෙත් සිසිර ඍතුව ළංවෙන නිසා කුරුල්ලෝ ආපහු ගෙදර දාලා යන්න තමයි හදන්නේ. ඒත් ඊට කලින් ප්ලොයි ඇවිදින්න යද්දී පූසෙක්ට අහුවෙනවා. ඒ අතරතුර ඔහුගේ රංචුව ප්ලොයිව දාලා යනවා. ප්ලොයි කොහොමහරි බේරිලා ආවත් ඒ වෙද්දී රංචුව ගිහිල්ලා ඉන්නේ. ඉතින් ප්ලොයි සිසිර ඍතුවේ බේරිලා ඉන්න නිම්නයක තියන පාරාදීසය කියන තැන හොයාගෙන යනවා. ඒ අතරතුර ෂැඩෝ ප්ලොයි පස්සෙන් එනවා. ඔහුට මේ පාරාදීසයට යන ගමනේදී ගයිගර් කියලා යාළුවෙක් හමුවෙනවා. ගයිගර්ගේ පවුලම ෂැඩෝ මරලා දාලා තියෙන්නේ. ඉතින් ගයිගර්ගේ එකම අරමුණ තමයි තමන්ගේ පළිය ගන්න එක. ඉතින් ප්ලොයිට සිසිර ඍතුවේ බේරිලා ඉන්න පුළුවන් වෙයිද. ගයිගර් තමන්ගේ පළිය ගනියිද. ප්ලොයිට ආය තමන්ගේ රංචුව ආය හම්බවෙන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්න. සබ් එක බාගද්දී පහළින් අදහසකුත් කොටාගෙනම යන්න. එහෙනම් හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
5,198 downloadsDownload PLOEY.You_.Never_.Fly_.Alone_.2018.Baiscopelk.com_.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු දේශාන්
Subtitles
33 comments
bgiprasad
pulasthima
මේක එනකං බලන් හිටියෙ,තැන්කූ බ්‍රෝ..️
ranga1984
Niyamai.. onna download kara.. thanks .. bro ..
Malinda
hamme. cartoon ekak
Kl
meke gnn web ekk dannvnm kiynnkoo
Nishantha jayalath
Thanks bro. Man aaaaaaaaasai.
eagleeye
Ela kiri.. thanx hamotama
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!123gayanMAJI
thnks bro niyamai enkm htye meka <
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයUdara Damith Dissanayaka
කාටුන් නම් කොහොම අතහරින්ඩද
sapumal123
tnx bro
Kulanjana Maduranga
subata thanks saho....
Tharaka
THANKS.....................
TeshanB
Sthuthi sahoo.. wenas honda lassana wadak.. jayama wewa..
බොබී
නියමයි සහෝ. බොහොම ස්තූතියි සබ් එකට.
Dewadithya
Thanks for Sub!
AyeshDushmantha
Thank you bro. Good job
Haritha245
Thank you
THdasun
thanks you bro
sanjeewakbg
Thanks bro...
upulnishantha
tnx mcn sub walata oyalage watina kalaya kapa karan apita sub denawata oyalata godak pin
Samith Suranga
Supiri a.. Thanks for sub
Pulindu8
Pattai aiye
geethkamal
tnx bro sub ekata.....jaya wewa
dilsku
Thanks saho ela...
AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Deepani
pasidu bro oyata godaaak tnx. biscope ekata jayen jaya pathanawa !!!!!!
MAALnath
Thanks ....................good luck ..........................
Sarathabbowa
Thank u
Danuka0522
Thanks subata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thnx bro. Digatama sub demu. Bad cat the movie ekata sub denn puluwannam.