ආයුබෝවන් යාළුවනේ ඔන්න කලින් බාර ගත්ත චිත්‍රපටයකට උපසිරැසි ඉවරකරන්න වෙලාවක් ආවා. ජනප්‍රිය නළු චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, නර්තන ශිල්පී, යන භූමිකා වලින් දමිළ සිනමාවට විශාල සේවයක්, දායකත්වයක් දුන් Prabhu Deva තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. Samyuktha Hegde, Easwari Rao,Yogi Babu ඇතුළු පිරිසක්…

ආයුබෝවන් යාළුවනේ ඔන්න කලින් බාර ගත්ත චිත්‍රපටයකට උපසිරැසි ඉවරකරන්න වෙලාවක් ආවා. ජනප්‍රිය නළු චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, නර්තන ශිල්පී, යන භූමිකා වලින් දමිළ සිනමාවට විශාල සේවයක්, දායකත්වයක් දුන් Prabhu Deva තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. Samyuktha Hegde, Easwari Rao,Yogi Babu ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. 2022 ජනවාරි මස 14 වන දින තමයි තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ. පැයකුත් විනාඩි 53ක් පුරා දිවෙන Action වර්ගීකරණය යටතේ IMDb අගය 3.6ක් තමයි ලැබිල තියෙන්නෙ. කොහොම වුණත් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.
දුරෙයි කියන්නෙ අනාතයෙක්. මාකට් එකේ සල්ලි පොලියට දෙන ලොකු සල්ලි කාරයෙක් වන පෝල්රාජ් යටතේ තමයි වැඩ කරේ. වැඩ කිව්වට මැරකම්. පෝල්රාජ් මාකට් එකේ උදේට දෙන පොලියට දෙන සල්ලි හවස් වෙනකොට ලැබුණේ නැතිනම් දුරෙයි ලවා ගහල කොහොමින් හරි ඒ සල්ලි එකතු කරගන්නවා. සල්ලි ගෙවාගන්න බැරුව අසරණ වෙන අයගෙ අසරණ කමවත් බලන්නෙ නැතුව අත පය වුණත් කපල දාන තරම් නරුමයෙක් තමයි දුරෙයි. ඔහොම මැරකම් කරගෙන ඉන්න දුරෙයිගේ කාමරේට ඒ කියන්නෙ පොඩි ගෙයක් වගේ එකක් තියෙන්නෙ, එයාගෙ අම්මා කියාගත්ත ගෑණු කෙනෙක් එනවා. නමුත් දුරෙයි ඒක විශ්වාස කරන්නෙ නැතුව ඒ කාන්තාවට ගහල පන්නනවා. කොහොම වුණත් මේ කාන්තාවත් කොහොම හරි දුරෙයිගේ විශ්වාසය දිනාගෙන තමන්ගේ අම්මා කියල පිළිගන්නවා. ඒ අම්මගෙ සෙනෙහසත් එක්ක දුරෙයි සියලූම මැරකම් අතාරින්න පටන් ගන්නවා. නමුත් හදිසියේම වෙන සිද්ධියක් නිසා දුරෙයිගේ ජීවිතේම කණපිට පෙරලෙනවා. ඉතින් ඒ ගැන බලන්න ඔයාලට බාරයි.
හැමෝටම තෙරුවන් සරණයි !

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ HD පිටපත් සඳහා අදාළ වේ.
5,929 downloadsDownload Theal-2022.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
12 comments
Supun Kaushalya
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
thisal
thnx bro.peaky blinders eke last epiyath denna kiyannko.danata sathi 3k wenawa
රසික
මෙච්චර අලුතින් ආපු හොද දකුනු ඉන්දියන් ෆිල්ම් තොගයක්ම තියෙද්දි, මේලෝකේ රහක් නැති හද්ද ගොබ්බ ෆිල්ම් එකක් දෙනෝ
අනේ මන්දා බයිස්කෝප් ඔයාලත්??
අරෙහෙ එහෙන් සිනෙරු කියලා පීචං සයිට් එකකින් සබ් දෙනෝ වෙඩි වගේ හැබැයි උන්ගේ සිංහල සබ් එකත් එක්ක මේලෝකේ මිනිහෙකුට ෆිලුම බලන්න බෑ, ඒතරමටම හද්ද ගූ සබ් උන් දෙන්නේ..
ඉතින් කොලිටියට සබ් දෙන ඔයාලත් මේ වගේ මගුල් දෙද්දී අපි මොනවද බලන්නේ??oshanda
malli oyath sapith ekka ekathuwela sub karanna patan gamuko...
indika 75
thanks..
tharindujp
බොහොම ස්තුති සහෝ ප්‍රබු දෙවා ඉන්නවා නේ නොබලා ඉන්නේ නැ
Eranda
Thanks brother
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Samith
Thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට සහෝ