කොහොමද හැමෝටම? අදත් ගොඩක් ලස්සන ඇනිමේ movie එකකට තමයි මේ උපසිරසිය ලබා දෙන්නේ. ඉතින් මේ මගේ හතරවෙනි උපසිරසිය. අන්තිමට උපසිරසිය ලබා දුන් Sword of the Stranger එකට සතුටු වෙන්න පුලුවන් විදිහෙ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ගොඩක් ස්තූතියි ඔයාලට. ඉතින් මේ ඇනිමේ එකට MAL එහෙමත් නැත්නම් MyAnimeList වල 7.5 ක අ…

කොහොමද හැමෝටම? අදත් ගොඩක් ලස්සන ඇනිමේ movie එකකට තමයි මේ උපසිරසිය ලබා දෙන්නේ. ඉතින් මේ මගේ හතරවෙනි උපසිරසිය. අන්තිමට උපසිරසිය ලබා දුන් Sword of the Stranger එකට සතුටු වෙන්න පුලුවන් විදිහෙ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ගොඩක් ස්තූතියි ඔයාලට.
ඉතින් මේ ඇනිමේ එකට MAL එහෙමත් නැත්නම් MyAnimeList වල 7.5 ක අගයකුත්, Imdb 6.8 ක අගයකුත් ලැබිලා තියෙනවා. මේක Music, Romance, Slice of life කියන Genres වලට තමා වැටෙන්නේ. වැදගත්ම දේ මේක Netflix ඇනිමේ එකක්. පසුගිය කාලය තුල Netflix වල ඇනිමේ වලට තියෙන ඉල්ලුම වැඩිවෙලා නිසා ඉදිරියේදී Netflix හරහා ගොඩක් ඇනිමේ බලන්න අපිට අවස්ථාව ලැබේවී.
ඉතින් මේකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, මේකේ main characters ලා වෙන්නේ “චෙරී” කියන කොල්ලයි “ස්මයිල්” කියන කෙල්ලයි. (ඇත්තටම මේවා nickname 😆) ඉතින් මේ “ස්මයිල්”කියන කෙල්ල online video කරන කෙනෙක්. කොල්ලා හයිකූ ලියලා ඒවා internet එකට දානවා. කෙල්ලගේ likes, followers ලා වැඩි වෙනකොට කොල්ලගෙ තත්ත්වෙ නම් අන්තිමයි. 😪 ඉතින් මේ කොල්ලයි කෙල්ලයි අහම්බෙන් හමුවෙනවා. ඒක හැබැයි එසේ මෙසේ හමුවීමක් නෙමේ.🤣 මෙන්න මෙතන ඉදලා මේ දෙන්නගේ ලස්සන කතාව අපිට දකින්න ලැබෙනවා.ඒක මොනවගේ එකක්ද කියලා බලන එක ඉතින් ඔයාලට බාරයි. 😊👍
සුපුරුදු පරිදි මේ උපසිරසියත් japanese audio එකෙන් තියෙන පිටපත් ඉලක්ක කරලා නිකුත් කරපු එකක්.
ඒ වගේම කියන්න ඕනේ ගොඩක් අය ඇනිමේ සීරීස් වලටත් සබ් දෙන්න කියලා මගෙන් ඉල්ලීම් කරලා තිබ්බා. ඇත්තම කිව්වොත් මම දැන් ඇනිමේ සීරිස් එකකට සබ් දෙන්න පුලුවන් තත්ත්වෙක නෙමේ ඉන්නේ. හේතුව තව මාස හයකින් හතකින් exam එක තියෙන නිසා. ඉතින් නිතරම පන්ති වැටෙනවා, Assignment වැටෙනවා, පාඩම් කරන්න වෙනවා. මේ දේවල් එක්ක සීරීස් එකකට සබ් එකක් කරන එක හරිම අමාරුයි. movie එකක් නම් ප්‍රශ්නයක් නෑ වෙලාව ලැබෙන විදිහට ලයින් 10 15 ගහල හිමින් ඉවර කරන්න පුලුවන් නිසා. ඒ විදිහට සීරිස් එකකට සබ් එකක් කරන්න ගියොත් එපියෙන් එපියට සබ් දෙන්න වෙන්නේ ගොඩක් පරක්කු වෙලා. ඔයාලම තමා ඒකෙන් අපහසුතාවට පත් වෙන්නේ. අනිතිමේදී ඔයාලගෙන් එන rude comments නිසා බයිස්කෝප් සයිට් එකත් ගොඩක් අපහසුතාවට පත්වෙනවා. ඒ නිසයි දැන්මම ඇනිමේ සීරිස් වලට අතගහන්නේ නැත්තේ. මගේ තත්ත්වය ඔයාලට තේරෙනවා ඇති කියලා හිතනවා. සබ් කරන්න තිබ්බ ආසාව නිසා තමා මෙහෙම හරි movie හතරකට සබ් දුන්නේ. ඉතින් මගෙ තත්ත්වය පිළිවෙළක් උනාට පස්සේ ඇනිමේ සීරිස් ගැනත් සලකා බලන්නම්. සබ් නැතුව නැවතිලා තියන ඇනිමේ සීරීස් දෙක තුනකුත් තියෙන එකේ, ඉදිරියට ඒවට සබ් දෙන්න මම උත්සහ කරන්නම්.🙂
එහෙනම් අද ගෙනාපු මේ ඇනිමේ එකත් රසවිඳින්න. හැමෝටම සුභ දවසක් වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,872 downloadsDownload Words.Bubble.Up_.Like_.Soda_.Pop_.2020.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
18 comments
thisal
Pavith Wijesooriya
ඇඩ්මින්වරුන්ව දැනුවත් කරන්නම්.ඉදිරියේදී ඉක්මනින් උපසිරසිය ලැබේවී.
thevinu
muu kiwwa eka hari bn.sub ekata thnx.but peaky blinders sub eka godak parakkuyi,umbatawath puluwannm eka sub karala diyan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Luffy
Bubble movie 2022 එකටත් ඕන
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
අලුතෙන් ආපු bubble movie එකටත් sub දෙන්නකෝ
Pavith Wijesooriya
Bubble එකටත් ඉතා ඉක්මනින් උපසිරසිය දෙනවා.දැන් වැඩේ යන ගමන්...
kaushika chathura
sub එකට බොහොම ස්තූතියි.
DOTA Dragons blood එකටත් පුලුවන් නම් දෙන්න.ace
thanks....
Anonymous
thanks....
Anonymous
anthem of the heart ekatath sub dennako
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Black clover එකට සබ් දියන් කො
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
monada bn me wadakata nathi sub,plz udawwk karapan,peaky blinders eke last epiya sub karala diyan.mekata giyapu welawa ekata yodawanna thibba bn.pavith wijesuriya bokka tharaha wenna epa bn.