ඔන්න 2021 අන්තිමේ තවත් නොර්වේ රටේ නිර්මාණයකට උපසිරැසියක් අරගෙන ආවා. Thelma නමින් 2017 වසරේ තිරගත වුණු Drama, Fantasy, Supernatural වර්ගයේ මේ නිර්මාණය Joachim Trier කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. Eili Harboe, Kaya Wilkins, Henrik Rafaelsen වගේ පිරිසක් රංගනයෙන් සම්බන්ධ වෙන සම්මාන ගණනාවකුත් දිනාගත්ත…

ඔන්න 2021 අන්තිමේ තවත් නොර්වේ රටේ නිර්මාණයකට උපසිරැසියක් අරගෙන ආවා. Thelma නමින් 2017 වසරේ තිරගත වුණු Drama, Fantasy, Supernatural වර්ගයේ මේ නිර්මාණය Joachim Trier කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. Eili Harboe, Kaya Wilkins, Henrik Rafaelsen වගේ පිරිසක් රංගනයෙන් සම්බන්ධ වෙන සම්මාන ගණනාවකුත් දිනාගත්ත මේ නිර්මාණය සඳහා IMDB එකේ ලැබිල තියන අගය 7.0ක්.
මේකෙ කතාව නිර්මාණය වෙන්නේ දැඩි ආගම් භක්තික ක්‍රිස්තියානි පවුලක, තාත්තගෙයි, ඇවිදින්න බැරි ආබාධිත අම්මගෙයි යටතේ හැදුනු තරුණ ගෑණු ළමයෙක් වුණු තෙල්මා වටා. ඒ වයසෙ කෙනෙක් යාළුවො එක්ක පාටි දැමීම, මත්පැන් ටිකක් ගැනීම වගේ ඒවත් බරපතල වැරදි විදියට හිතන දැඩි ආගම් භක්තික පවුලක හැදුනම දැනෙන පීඩනය එක්ක තමයි එයා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න නගරෙට එන්නෙ. එහෙම වෙද්දි එයාගෙ හිත කොල්ලෙකුට නොගිහින් කෙල්ලෙකුට ගියාම ගෙදරින් ඒක කොහොම හිතයිද?
ඒ වගේම මෙයාට සැරින් සැරේට එන වලිප්පුවක් වගේම එක්තරා විදියක අමුතු බලයක් තියනවා. මුලදී ඇගේ පාලනයෙන් තොර ඒ බලය, අවසානයේ ඇගේ පාලනයට නතු කරගන්න පුළුවන් වුණත්, ඒ වෙද්දි මොන මොන දේවල් වෙලාද, ඒ වගේම ඇගේ පවුලේ තියන අඳුරු අතීතය ගැනත් දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න. හැබැයි මේක 18+ අයට විතරයි හොඳේ.
එහෙමනම් ළඟ ළඟම එන 2022 හැමෝටම සුබ නව වසරක් වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,245 downloadsDownload Thelma.2017.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
11 comments
Anonymous
Kushan
Sub akta thanks
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Udara Damith
elaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Malith samarawickrama
Thanks sub ekata.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks jayawewa....!