සරවනන්ගෙ පස්සෙන් කෙල්ලෙක් ඇවිත් සරවනන්ට කැමතියි කියනවා. මදිවට දැකලා පොඩි වෙලාවයි ගත වුණේ. සරවනන්ට හාදුවක් දෙනවා. ඊටත් අයියර් කෙල්ලෙක්. අයියර්ලා හින්දු බ්‍රහ්මචාරී ජන කොට්ඨාසයක්. කොහොමින් හරි සරවනන් අයියර් කෙල්ල දිව්‍යාගේ තාත්තා හමුවෙලා කසාදෙට කැමැත්ත ඉල්ලනවා. අයියර් සරවනන්ට ලැජ්ජා කරලා ගෙදරින් යන්න…

සරවනන්ගෙ පස්සෙන් කෙල්ලෙක් ඇවිත් සරවනන්ට කැමතියි කියනවා. මදිවට දැකලා පොඩි වෙලාවයි ගත වුණේ. සරවනන්ට හාදුවක් දෙනවා. ඊටත් අයියර් කෙල්ලෙක්. අයියර්ලා හින්දු බ්‍රහ්මචාරී ජන කොට්ඨාසයක්. කොහොමින් හරි සරවනන් අයියර් කෙල්ල දිව්‍යාගේ තාත්තා හමුවෙලා කසාදෙට කැමැත්ත ඉල්ලනවා. අයියර් සරවනන්ට ලැජ්ජා කරලා ගෙදරින් යන්න කියනවා. තාත්තා හරස් වන නිසා දිව්‍යාත් සරවනන්ගෙන් වෙන් වෙනවා. හොඳටම බීලා ඉඳපු සරවනන් හිතා ගන්නවා අයියර්ව මරලා දාන්න. ඔව්, සරවනන් එලිවෙන පාන්දරම වැඩේ කරනවා. මේක ‘චූදිත අංක 01’ගෙ කතාව.

මේ චිත්‍රපටය ජොන්සන් K. කියන අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණයක්. ජොන්සන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය මේ චිත්‍රපටය වනවා වගේම මින් පෙර සහය අධ්‍යක්ෂණයෙන් හෝ කිසිම අධ්‍යක්ෂකවරයෙක් යටතේ කටයුතු කර නැහැ. ජොන්සන් 2021දී සන්තානම් හා නැවත Parris Jeyaraj (2021) අධ්‍යක්ෂණයෙන් නැවත එකතු වනවා. කොහොම වුණත් පැරිස් ජයරාජ් චිත්‍රපටයේ මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂක වරයා සිත් තැවුලකිනුයි කතා කලේ.

මේ චිත්‍රපටය පුරාවටම හාස්‍යට පමණක් අවධානය යොමු කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටයක්. සන්තානම් හා අනෙකුත් පෙනෙන චරිත හැරුණු විට සුළු චරිත පවා හාස්‍යෝත්පානයට මනාව දායක කරගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් චිත්‍රපටයේ කතාවක් නැති තරම්. ඒත් අනිවාර්යයෙන්ම හිනාවට නම් විවේකයක් නැති වෙයි. මේක තනිවම කියාගෙන තනිවම හිනාවෙන චිත්‍රපටය නම් නෙවෙයි. සන්තානම්ගේ ටයිමින් පන්ච් කොමඩි ගැන කලින් චිත්‍රපටවල ලිපි වලදි මම සඳහන් කලා. විශේෂයෙන්ම චිත්‍රපටයේ දෙවන භාගය සන්තානම් හා කල්ලිය Slapstick හාස්‍ය රංගනයෙන් වඩාත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කලා.

සන්තානම් සමඟින් තාරා අලීෂා, මාරන්, රෙඩින් කින්ග්ස්ලි, එම්. එස්. බාස්කර්, සයි කුමාර්, රාජේන්ද්‍රන්, මනෝහර්, උමා පද්මනාබන් යන අය රංගනයෙන් දායක වනවා.

සංගීතයෙන් Kaalaa (2018), Kabali (2016), Jagame Thanthiram (2021), Karnan (2021) ආදි චිත්‍රපට වලට සංගීතය සැපයූ සන්තෝෂ් නාරායන් සම්බන්ධ වනවා. “මාලෙයි නේරම් මල්ලිපූ” සින්දුව යූටියුබ්, ෆේස්බුක් වල නිතරම අහන්න පුළුවන් සින්දුවක්. ගොඩක් වෙලාවට ‘Thug Life’ මීම් වීඩියෝ වලට අරගන්න සින්දුවක්. සන්තෝෂ් නාරායන් ගනා සංගීතය ජ්‍යාත්‍යන්තරයට ගෙන යන්න දායක වුණ කෙනෙක්. මේ මැඩ්‍රාස් භාෂාවෙන් එන ගීත රචනයෙ රොකේෂ් වගේම සීන් රෝල්ඩන්ගේ. රොකේෂ් තනි මැඩ්‍රාස් භාෂාවෙන් ගීත රචනාවෙන් හුඟක් ප්‍රසිද්ධියට පත් වුණා.

සන්තානම් මීලඟට Agent Sai Srinivasa Athreya (2019) චිත්‍රපටයේ රීමේක් එකක් විදිහට Agent Kanayiram චිත්‍රපටය පැමිණීමට නියමිතයි. තවත් විශේෂ දෙයක්, මේ චිත්‍රපටයේ සංගීතය යුවන් ශංකර් රාජාගෙ. සන්තානම්ගේ විහිළු එක්ක වෙනස කොහොමද කියලා බලමු.

නිකුත් වීමෙන් පසු ප්‍රේක්ෂකයින්ගේ ධනාත්මක විචාර ලබාගන්නට හැකි වුණා. විචාරකයන් සඳහන් කලේ ආතතිය සම්පූර්ණයෙන්ම මඟහැර ගන්න මේ චිත්‍රපටයෙන් හැකි කියායි. කලින් චිත්‍රපට වගේම විහිළු හැරෙන්නට කතාවක් නැහැ කියලත් කියා තිබුණා.

විශේෂ අවස්ථාවක් විදිහට, පැය තුනක් කියන්නෙ කොච්චර වෙලාවක්ද? චිත්‍රපටය බැලුවොත් හරියට තේරුම් ගන්න බැරි වෙයි. චිත්‍රපටිය හරියට බැලුවොතින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසයි කියන්නේ සන්තානම් චිත්‍රපටියක් බලද්දි ඒවා මතක් වෙන්නෙ නැහැ කියලා.

කතාවේ වන් ලයින් එක “මේ ලෝකයේ වැරදි කරන්නෙ නැති මිනිස්සු නැහැ. එහෙම වැරදි නොකරන කෙනා දෙවියොයි.” කියන එකයි. මේක හරි හෝ බොහෝ විට වැරදි වෙන්න පුළුවන්. දෙවියෝ පවා වැරදි කරනවා හින්දු දේව කතා වල සඳහන් වෙනවා. පොදුවේ තර්ක ගැන හිතන්න්නෙ නැතුව චිත්‍රපටිය බලන්න.

ගිය අවුරුද්දෙ සිසිල අයියගෙ තල්ලුවත් එක්ක හුඟක් උපසිරැසි කරගන්න පුළුවන් වුණා. මේ අවුරුද්දෙ වැඩත් එක්ක 5ක් වගේ තමයි කරගන්න පුළුවන් වුණේ. සිසිල අයියත් නැති නිසා මමම තෝරගෙන චිත්‍රපටි කරන්න ගත්තා. අනිවාර්යයෙන්ම යෝජනා චෝදනා අදහස් සඳහන් කරන්න. බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු! ස්තූතියි!

බුදු සරණයි! සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,854 downloadsDownload A1_Accused_No_1_2019.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

3,854 downloadsDownload Subtitles72 KB

15 comments

  1. Anonymous

    Mchn tamilmv ekata poddak gihin balapn
    Meeta wadya hoda kannada,tamil,malayalam film set ekakma thynow
    Ewata sub dunna nm niyamai bn
    Mkuth hitanna epa bn , ube time ekath nathikaran krana wade prayojanayak naneh

    1. Naveen Mbr

      ඔයාගේ අදහසට බොහොම ස්තූතියි. මම දෙමළ තමයි දන්නෙ. තෙළිඟු ටිකක් වගේ දන්නවා. මේ ටිකේ දෙමළ වලින් කරගෙන යනවා. තෙළිඟු වලින් නියම අදහස ගොඩක් දුරට ගන්න පුළුවන් කියලා හිතෙන කාලෙට තෙළිඟු වලින් කරනවා. මොකද මම ඉංග්‍රීසි දන්නෙ නැහැ. හොඳ දෙමළ චිත්‍රපටි තිබුණොත් මට නිර්දේශ කරන්නකෝ. ස්තූතියි!

    2. Anonymous

      Reply ekata thanks bn kaztya karanne nathi wadak...
      Uda kiyapu set eke tamil* newei telugu...
      Tamil nm thynne JAIL(2021) tmai

    3. Naveen Mbr

      මම පොඩ්ඩක් කල්පනා කරලා බලලා වෙන කෙනෙක් නැත්නම් වැඩේට බහින්නම්. මම කලිනුත් Jail එක කරනවද කියලා කල්පනා කරන් හිටියෙ. බලමුකෝ. ස්තූතියි

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Thanks for sub

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. අසේල

    බොහොම ස්තූතියි සහෝදරයා

  7. Jevan

    Thanks brother

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Ravindra

    Thanks