Watch Trailer

There’s Something About Mary (1998) with Sinhala Subtitles | “මේරි සහ ආදරවන්තයෝ” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ වගේම අපේ සබ් කරන සහෝලට මෙච්චර කාලෙකට අමතක වෙලා ගිය ෆිල්ම්…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ වගේම අපේ සබ් කරන සහෝලට මෙච්චර කාලෙකට අමතක වෙලා ගිය ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක සබ් ලයින් 1700කට එහා තිබ්බ පට්ට අමාරැ සබ් එකක්. ඇත්තටම සාමාන්‍ය චිත්‍රපටයක් වගේ දෙගුණයක් මහන්සි වෙන්න උනා මේ සබ් එක හදන්න.

මෙය තිරගත වී තිබෙන්නෙ 1998 වර්ෂයේදි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Bobby Farrelly සහ Peter Farrelly යන සහෝදරයන් දෙදෙනෙක්. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Cameron Diaz , Matt Dillon, Ben Stiller , Lee Evans, Chris Elliot යන නළු නිළියන්. මෙම චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 370ක ඉහල බොක්ස් ඔෆිස් ආදායමක් උපදවමින් 1998 වර්ෂයේ 4 වෙනියට වැඩිම ආදායම ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ඉතින් මේ චිත්‍රපටයට ලැබුන ජනප්‍රියතාව ගැන ආයි අමුතුවෙන් කතාකරන්න අවශ්‍ය නෑ. එමෙන්ම මෙම චිත්‍රපටය 7.1 ක් වැනි ඉහල IMDB අගයක්ද ලබා තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය සම්මාන 17කින් වර්ණ ගැන්වී තිබෙනවා. තවද විවිධාකාර සඟරා සහ වෙඩ් අඩවි මගින් මෙය නිරතුරැවම එදා මෙදා තුර බිහිවුන හොඳම කොමඩි චිත්‍රපටයක් ලෙස නම් කරන්නක්. එමෙන්ම මෙම චිත්‍රපටය R කාණ්ඩයට අයිති එකක්. මේ චිත්‍රපටයේ භාවිතා වෙන භාෂාව නිසා තමා මෙය R කාණ්ඩයට අයත් ෆිල්ම් එකක් ලෙස වර්ග කර තිබෙන්නෙ.

මං මේකේ කතාව ගැන නම් එච්චර ලොකු විස්තරයක් කරන්න කැමති නෑ. මොකද මේ චිත්‍රපටිය කොමඩි චිත්‍රපටයක්. ඒ නිසා කිසිම දෙයක් නොදැන මෙය නරඹන එක තමා වඩා හොඳ. එතකොට තමා මේ චිත්‍රපටයේ හාස්‍ය රසය උපරිමේටම අරගන්න පුළුවන්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නෙ මේරි නැමැති තරැණියක් (Cameron Diaz). ඇය වටා ගෙතුන හාස්‍යයෙන් පිරැණු ආදර කතාවක් තමා මෙහි අන්තර්ගත වෙන්නෙ. ඉතිං ඔයාලම මෙය නරඹා හොඳ නරක තීරණය කරන්න. ඇත්තටම මේ වගේ පට්ට කොමඩි කතා ලේසියෙන් හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒ හින්දා කොමඩි චිත්‍රපටවලට කැමති හැමෝම මේක අනිවාර්යෙන්ම නරඹන්න. එහෙනම් මේ චිත්‍රපටය නරඹලා හොඳට විනෝද වෙන්න කියන ආරාධනාවත් සමග තවත් චිත්‍රපටයකට ඉක්මනින්ම සබ් එකක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.

ඔබ සැමට ජයෙන් ජය පතමි !

There's Something About Mary (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Theres.Something.About.Mary.EXTENDED.CUT.1998.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,620 downloadsDownload Theres-Something-About-Mary-1998-1.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

James DC

Subtitles

1,620 downloadsDownload Subtitles77 KB

21 comments

  1. lasitha

    ela ahhhh

  2. මේනක...

    thanx

  3. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට....
    බුදුසරණයි..ජය වේවා..

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  5. chandana

    උපසිරසට ස්තුතියි.....
    ඔන්න මාත් බාගත්තා.....
    තවත් ලස්සන film එකකින් හම්බවෙනු..
    **********(The Good Girl/Love Happens/Rumor Has It) මේ film වලටත් sub දෙන්න බලමු*******

  6. James DC

    සබ් එක YIFY 720p / 1080p පිටපත් දෙකටම ගැලපෙනවා.

  7. සචින් කෙවින්

    Elzzzzzzzzz :)

  8. Arjuna

    Baiscope dowload eke download karana link ekath methana dunnanam hodai neda

  9. chalana

    thnx bro...

  10. අසිත

    elama saho thanks

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. thilina

    Rat race (mr bean) inna pattama film ekak mekata sub denna hamoma kamathiwei menna hash eka 236235314C38E4B8DEBFFCB34DB351692FB5DE4E seed hodai. hariyana sub ekakuth thiyanawa.

  14. Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  15. Dulanga

    Thanks

    1. Chan

      Thank you

  16. kent parker

    thanks

  17. Sjnw

    Thanx sub එකට. මෙච්චර කාලෙකට set විච්ච supirima comedy 2න් එකක්.අනිත් එක harnal and kumar go to white castle කියන movie එක.අනිවා බලන්න:-!

  18. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  19. Shehan kavishka

    Sub ekata thanks.♥️

  20. Shehan kavishka

    Sub ekata බොහොම ස්තූති ! ♥️