Watch Trailer

Thrash (2026) Sinhala Subtitles | කුණාටුවක් අස්සේ එන මාරක දඩයක්කාරයෝ! [සිංහල උපසිරසි]

Thrash (2026) Sinhala Subtitles සැඟවුණු දියඹ (Thrash 2026): කුණාටුවක් අස්සේ එන මාරක දඩයක්කාරයෝ! ඔන්න guys අද අරගෙන අවේ මේ වසරේ(2026) තිරගත වුන TRASH චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මේ ගැන පොඩි විස්තරයක් අපි බලමු. ඇත්තටම මේක හුදෙක් සටන් චිත්‍රපටයක් නෙවෙයි, සොබාදහමේ දරුණුතම පැත්තයි මිනීමරු මෝරුන්ගේ දඩයමයි…

Thrash (2026) Sinhala Subtitles

සැඟවුණු දියඹ (Thrash 2026): කුණාටුවක් අස්සේ එන මාරක දඩයක්කාරයෝ!

ඔන්න guys අද අරගෙන අවේ මේ වසරේ(2026) තිරගත වුන TRASH චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මේ ගැන පොඩි විස්තරයක් අපි බලමු. ඇත්තටම මේක හුදෙක් සටන් චිත්‍රපටයක් නෙවෙයි, සොබාදහමේ දරුණුතම පැත්තයි මිනීමරු මෝරුන්ගේ දඩයමයි එකට එකතු වුණාම වෙන දේ ගැන කියවෙන සුපිරි නිර්මාණයක්.

මොකක්ද මේ කතාව?

කතාව පටන් ගන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා වෙරළබඩ නගරයකින්. දරුණුම ගණයේ “Category 5” කුණාටුවක් මේ නගරයට කඩා වදින්න නියමිතයි. නගරයේ හැමෝම තමන්ගේ ආරක්ෂාව පතා ඉවත් වෙලා ගියත්, විවිධ හේතූන් මත පිරිසක් නගරයේ හිරවෙනවා. හැබැයි ලොකුම ප්‍රශ්නය කුණාටුව නෙවෙයි. නගරය ජලයෙන් යට වෙද්දී, මුහුදේ ඉන්න මිනීමරු මෝරු රංචුවක් ජල පහරත් එක්ක නගරය ඇතුළට එනවා. ඉතින් මේ ගංවතුර අස්සේ, තමන්ගේ හුස්ම ටික බේරගන්න මේ පිරිස කරන අරගලය තමයි මුළු කතාව පුරාම තියෙන්නේ.

cast:
Phoebe Dynevor: අපි කවුරුත් Bridgerton කතා මාලාවෙන් හඳුනන සුරූපී නිළිය තමයි මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඇය මේ චිත්‍රපටයේ රඟපාන්නේ දරුණු කුණාටුව මැද දරුවෙක් ප්‍රසූත කරන්න ආසන්නව ඉන්න මවකගේ චරිතයක්.

ඇය මීට පෙර Fair Play (2023) වගේ ජනප්‍රිය නිර්මාණ වලත් අපිට දැකගන්න ලැබුණා.

Djimon Hounsou: මෙහි තවත් ප්‍රධාන චරිතයක් කරන්නේ ප්‍රවීණ නළු Djimon Hounsou. ඔයාලට මතක ඇතිනේ Gladiator සහ Blood Diamond චිත්‍රපට? මෙහි ඔහු සාගර පර්යේෂකයෙක් විදියට රඟපානවා.

Whitney Peak: Gossip Girl හරහා ජනප්‍රිය වුණු ඇයත් මෙහි සුවිශේෂී චරිතයකට පණ පොවනවා.

තිරය පිටුපස ඉන්න දැවැන්තයෝ කවුද?

අධ්‍යක්ෂණය සහ තිර රචනය: චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tommy Wirkola. ඔහු මීට කලින් Violent Night සහ Dead Snow වගේ ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කෙනෙක්.

මෙහි තිර රචනයත් ඔහු විසින්මයි කරලා තියෙන්නේ.

නිෂ්පාදනය: මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Adam McKay සහ Kevin Messick කියන ප්‍රවීණයෝ දෙන්නා. ඔවුන් Don’t Look Up වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කළ අයයි.

Creature Feature” එහෙමත් නැත්නම් සත්තුන්ගෙන් සිද්ධ වෙන මාරක අනතුරු ගැන කියවෙන චිත්‍රපට වලට කැමති නම් මේක ඒ අයටම හදපු එකක්. දරුණු වර්ෂාව, අකුණු ගසන කළුවර රාත්‍රිය සහ වතුර යට සැඟවී ඉන්න මෝරුන්ගේ දඩයම චිත්‍රපටය අවසන් වෙනකම්ම හුස්ම හිර කරවන කුතුහලයක තියාගන්නපුළුවන් වෙන නිර්මාණයක් මේක

තවත් මේ වගේම උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම සුබ දවසක්……

සබ් එක ගැන අදහසක් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

Thrash (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,519 downloadsDownload Thrash-2026.zip32 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Thrash (2026) Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

2,519 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Anonymous

    Thanks

    1. තරිදු දිසානායක

      -❤️-

    2. තරිදු දිසානායක

      ❤️

  2. indika 75

    thanks..

  3. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට ඉක්මනටම සබ් එක දුන්නට

    1. තරිදු දිසානායක

      ❤️