Watch Trailer

Control Freak (2025) Sinhala Subtitles | හිස්කබල පෑදෙන මරණීය කැසීම… [සිංහල උපසිරසි] (18+)

Control Freak (2025) Sinhala Subtitles කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ 2025 මාර්තු 13 වෙනිදා Hulu හරහා නිකුත් වුණ, ටිකක් වෙනස් විදියේ හොරර් චිත්‍රපටයක්. විචාරක ප්‍රතිචාර, IMDb අගය: 4.5/10 Rotten Tomatoes: 63% සිනමාපටයේ තොරතුරු, අධ්‍යක්ෂණය : Shal Ngo ප්‍රධාන නළු නිළියන් : Kelly Marie Tran (Valer…

Control Freak (2025) Sinhala Subtitles

කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ  

2025 මාර්තු 13 වෙනිදා Hulu හරහා නිකුත් වුණ, ටිකක් වෙනස් විදියේ හොරර් චිත්‍රපටයක්. 

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 4.5/10
  • Rotten Tomatoes: 63% 

සිනමාපටයේ තොරතුරු,

  • අධ්‍යක්ෂණය : Shal Ngo
  • ප්‍රධාන නළු නිළියන් : 

  1. Kelly Marie Tran (Valerie “Val” Nguyen)
  2. Miles Robbins (Robbie)
  3. Scott Takeda (Dr. Chen)
  4. Kieu Chinh (Thuy)
  • වර්ගය : Horror 
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 44

​කතාව ගැන පොඩ්ඩක්:

​​මෙකේ ප්‍රධාන චරිතය වැලරි. එයා හරිම දක්ෂ, සාර්ථක “Motivational Speaker” කෙනෙක්. හැබැයි මේ සාර්ථකත්වය පිටිපස්සේ කාටවත් කියන්න බැරි භයානක රහසක් වැලරි හංගගෙන ඉන්නවා. ඒ තමයි එයාට නිතරම දැනෙන, පාලනය කරගන්න බැරි ඔළුව කසන්න තියෙන අවශ්‍යතාවය.

​මුලින් පොඩියට පටන් ගන්න මේ කසන පුරුද්ද හෙමින් හෙමින් දරුණු අතට හැරෙනවා. කොච්චරද කියනවා නම්, තමන්ගේම අතින් ඔළුවේ ලොකු තුවාලයක් කරගෙන, හිස්කබල පෑදෙන මට්ටමටම මේක දුරදිග යනවා. 

ඉතිං මේ කැසීමට හේතුව මොකක්ද? ඒක ඇත්තටම ලෙඩක්ද නැත්නම් වෙනත් බලපෑමක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R- Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,

  • නිරුවත් සහ ලිංගික දර්ශන
  • දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම් 
  • අසභ්‍ය වචන

(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ. ඒවගේම මේක Body Horror ෆිල්ම් එකක් නිසා, බලන අයට තමන්ගේ ඇඟ ගැනම බයක්, අප්පිරියාවක් ඇති කරවන්නත් පුලුවන්.)

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා! 

Control Freak (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

602 downloadsDownload Control-Freak-2025.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Control Freak Sinhala Subtitles

Subtitles

602 downloadsDownload Subtitles30 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි නිෂාන් සමීර සහෝ සබ්එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.