ආයුබෝවන් යාලුවනේ ඔන්න නිවාඩුව අතරේ උපසිරසක් කරන්න දෙමළ ෆිලුමක් එනකම් බලාගෙන ඉදල බැරිම තැන අහුවුණා හොද මලයාලම් ෆිලුමක්. පලමු වතාවට මලයාලම් ෆිලුමකට උපසිරැසිය දෙන්නෙ, වැරදි අඩුපාඩු ඇතොත් සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. ඒකත් මලයාලම් සිනමාවේ ජනප්‍රියම තරුවක් වන Jayasurya ගේ ෆිලුමකටයි අත ගැහැව්වේ. නළුවෙ…

ආයුබෝවන් යාලුවනේ ඔන්න නිවාඩුව අතරේ උපසිරසක් කරන්න දෙමළ ෆිලුමක් එනකම් බලාගෙන ඉදල බැරිම තැන අහුවුණා හොද මලයාලම් ෆිලුමක්. පලමු වතාවට මලයාලම් ෆිලුමකට උපසිරැසිය දෙන්නෙ, වැරදි අඩුපාඩු ඇතොත් සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. ඒකත් මලයාලම් සිනමාවේ ජනප්‍රියම තරුවක් වන Jayasurya ගේ ෆිලුමකටයි අත ගැහැව්වේ. නළුවෙක්, නිෂ්පාදක වරෙයෙක්, පසුබිම් ගායකයෙක් විදියට මලයාලම් සිනමාවට තම දායකත්වය දක්වලා තියෙනවා. Swathi Reddy දමිළ චිත්‍රපට රාශියකට දායක වෙලා ඉන්න නළ දතක් හිමි ඇයත් මේ ෆිලුමට දායක වෙනවා. Action, Drama, Thriller ගණයට අයත්වෙලා තියෙන 2019 දෙසැම්බර් මස 20 වන දින ඉන්දියාවේ තරගත වීම අරඹමින් IMDb අගය 5/10 ගන්න සමත් වෙලා තියෙනවා. පැය 2 කුත් විනාඩි 32 ක් පුරා දිවෙන මෙම කතාංගය දමිළ හා තෙළගු සිනමාවේ දකින්න ලැබෙනවට වඩා අතිශයින්ම තාත්වික ආකාරයට සටන් ජවනිකා නිරූපණය කරපු බවක් දක්නට ලැබෙනවා. වැඩි විස්තරයක් නැතුව කතාව දෙසට පොඩ්ඩක් හැරෙමු.
ගිරි, පොඩි කාලෙදිම තාත්තත් නැතුව අම්මා එක්ක නීතිඥ නෝන කෙනෙක් ළග හැදී වැඩෙන්නේ. දවසක් නීතිඥ නෝනා ළගට එන සල්ලිකාර ව්‍යාපාරිකයෙක් ආපු කාරණාව කියන්නත් නොදීම නීතිඥ නෝනා විසින් ආපහු හරවල යවනවා. මේකට පළිගැනීමක් වශයෙන් නීතිඥවරියව ඝාතනය කරන්න තීරණය කරන එම ව්‍යාපාරිකයා ජේ හින්ද් වෙළද පළේදි කුලී ඝාතයෙක් ලව්වා එතුමියව ඝාතනයට උත්සාහ කරනවා. අම්මයි, නීතිඥ නෝනයි වෙළඳ පළට ගිහිල්ල එළවළු තෝරමින් ඉන්න අතරතුර ගිරි මද වැස්ස නිසා තැනකට වී බලාගෙන ඉන්නවා. නමුත් හදිස්සියේම ගිරි දකිනවා එදා නීතිඥ නෝනගෙ ගෙදරට ආපු මනුස්සයා එක්ක කවුද කතා කරගෙන ඉදලා ඉක්මනින්ම අම්මයි නීතිඥ නෝනයි ඉන්න දිහාවට වේගෙන් යනවා, අතේ පිහියකුත් හංගගෙන. වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුම් ගත්ත ගිරි දුවගෙන ගිහින් නීතිඥ නෝනව පැත්තකට තල්ලු කරනවා පිහි පාර එල්ල වෙනවත් එක්කම. නීතිඥ නෝන බේරෙනවා, නමුත් බැලින්නම් එයාගෙ අම්මා බෙල්ලේ ලේ ගලමින් වැටිල ඉන්නව ඒ අසලම. ඉතින් නීතිඥ නෝනව බේරගන්න උත්සාහ කළාට ගිරිට එයාගෙ අම්මව අහිමි වෙනවා. නීතිඥ නෝනත් ගිරීව තමන්ගේ දරුවෙක් වගේ හදා වඩා ගන්නවා. ඔහොම දවස් කීපයක් යනකොට බලෙට්ටන් මාමා ඇවිල්ල නීතිඥ නෝනට කියනව එඩක්කාඩන් ජෝන් ඇප පිට නිදහස් වෙලා ඇවිත් ඉන්නව කියල. මේක අගහෙන ඉන්න ගිරී පහුවදාම පිහියක් අරගෙන ගිහින් ඔහුට අනින්න තැත් කරනවා. නමුත් ඒකෙන් ඔහුට පොඩි කැපුමක් විතරයි වෙන්නෙ, ගිරීට එකක් ගහල ලොකු වුණාම වරෙන් කියල පන්නගන්නවා. ඒත් ගිරී දවස් 6කට පස්සෙ ඇවිත් ගේට්ටුව ළගදි දින ගැනල හෙට 7 වෙනි දවස උඹ ඉවරයි කියල කියනවා. කිව්වත් වගේම පහුවදා අම්මව මරපු ඝාතකයාව මරුමුවට පත් කරනවා, කොහොමද කරේ කියල බලපුවාම ජලභීතිකාව හැදුන බල්ලෙක්ගෙ කටට පිහිය දාල ඒ පිහියෙන් අර මනුස්සයගෙ අතේ කැපුමක් කරල. මේ සිද්දිය නිසාම පොඩි වයසෙදිම ගිරීට හිර ගෙදරට යන්න සිද්ද වෙනවා. හිර ගෙදරදිත් අහිංසක ළමයෙකුට පහර දුන්න පොරක් කියල හිතාගෙන හිටපු කණ්ඩායමකටම ගිරි පහර දෙනවා. එතනින් ඔහුට පුල්ලුගිරි කියන නමත් පට බැදෙනවා. ඔන්න ඕක තමා ගිරිගේ ළමා කාලය. එහෙනම් හිරෙන් නිදහස් වෙලා පොරක් වගේ වුණ ගිරීගෙ මීලග පරිච්ඡේදය ඔයාලට බාරයි.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
8,769 downloadsDownload Thrissur.Pooram.2019.Baiscopelk.com_.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
18 comments
ROSHEN MALINDA
Ishini_A
Sub 1ta thanks. අනේ කරුණාකර ' Mundasupatti (2014)tamil ' movie එකට සිංහල උපසිරසි ලබා දෙන්න. සබ් එක්ක movie එක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
* Birbal (2019) Kannada
* Valayam (2020) Telugu
මේවටත් සබ් දෙනවදmalithmadhushan45
බොහොම ස්තුතියි සහො සබ් එකට. ඔයාගෙ එකක් නම් සුපිරි තමා
rangika Kariyawasam
නියමයි මචං එල
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
Ishini_A
Sub 1ta thanks. අනේ කරුණාකර ' Mundasupatti (2014)' movie එකට සිංහල උපසිරසි ලබා දෙන්න. සබ් එක්ක movie එක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.
Ishini_A
Sub 1ta thanks. අනේ කරුණාකර ' Mundasupatti (2014)tamil ' movie එකට සිංහල උපසිරසි ලබා දෙන්න. සබ් එක්ක movie එක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.
gihan perera
ස්තුතියි සහෝ..... නියමයි මචන්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි...ජය වේවා.....
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ms dilanka
Thanks broo
Samitha gayan
සබ් එක දුන්නට තෑන්ක්ස් බ්‍රෝ. ඒ උනාට සබ් එක පරිවර්තනේ කල්ලා තියෙන වාක්‍ය අවුල් නේද?
ranganaa
ඔෂධ ධනංජය සහෝදරයා,
මන් මේ කියන දේ නිසා එක්ක තරහ වෙන්න එපා.
ඔයාලා තරගෙට සබ් දානවද මන් දන්නේ නෑ.
එත්, සබ්වල ගොඩක් වැරදි අඩුපාඩු තියනවා.
English translations ගොඩක් තැන් වැරදියි. direct word to word translations තියනවා .
එහෙම කරන එක ගොඩක් වැරදියි. English language ගැන පොඩි හෝ දැනීමක් තියෙන අය මන් මේ කියන්නේ මොකද්ද කියල දන්නවා.
මුලින් English ටිකක් ඉගෙනගෙන ඊට පස්සේ සබ් කරානම් හොදයි නේද
මගේ අදහස නිසා මට බනින එක හෝ හැදෙන එක ඔබට බාරයි.
ස්තුතියි
Achi
ඔන්න හොද දවසකට පස්සේ ෆිල්ම් එකක් බලලා සබ් එකට ස්තුතියි කියන්න ආව...
ඒ වගේම බලපු නැති අය ඉන්නවනම් අනිවා බලන්න කියලා ඉල්ලනවා...
ෆට්ටම ෆිල්ම් එකක්
WA@
Thanks.
Ela.ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
supiri .sinhala upasirasiyata bohoma sthuthi