Watch Trailer

On Your Wedding Day (2018) Sinhala Subtitles | ප්‍රථම ආදරය [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං මේ සිංහල උපසිරැසියක් අරන් එන්නෙ. හිතනවා හැමෝම නිරෝගී සුවයෙන් ඉන්නව කියලා. ඉතින් අද අරන් ආවෙ වෙනද වගේ ගහ මරාගන්න කොටාගන්න කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉවර වෙනකල් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයත් වෙන කතාවක් තමයි මේක. මං හිතනව අපි හැමෝටම මේ කත…

සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං මේ සිංහල උපසිරැසියක් අරන් එන්නෙ. හිතනවා හැමෝම නිරෝගී සුවයෙන් ඉන්නව කියලා. ඉතින් අද අරන් ආවෙ වෙනද වගේ ගහ මරාගන්න කොටාගන්න කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉවර වෙනකල් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයත් වෙන කතාවක් තමයි මේක. මං හිතනව අපි හැමෝටම මේ කතාව සම්බන්ධයි කියල. මොකද මේ ලෝකෙ හැමෝටම තියෙනව ප්‍රථම ආදරයක්. හුඟක් වෙලාවට මේ පලවෙනි ආදරේ මුණ ගැහෙන්නෙ ඉස්කෝලෙදි. මිශ්‍ර පාසලකට ගියපු අයනම් මේ ගැන ඉක්මණටම තේරුම් ගනියි. අනිත් අයටත් වැඩි වෙනසක් වෙන්නෙ නම් නැහැ. ප්‍රථම ආදරේ කියන්නෙ හරිම සුන්දර දෙයක්. තමන් කැමති කෙනාව දකින්න තියෙන ආසාව, ඒ හිනාව දකින්න ඇඟිලි ගැන ගැන ඉන්න එක, තනිවුනු වෙලාවට එයා ගැන හීන මවන එක. ආයෙ කවද දකින්නෙ කොයි වෙලාවටද කියල හිත හිත ඉන්න එක. බැරි වෙලාවත් අහම්බෙන් කොහේදි හරි දැක්කොත් දැනෙන සතුට.

ඒ කතා කරන ඇස් දෙක..මේ වගේ පොඩි පොඩි දේවල් පවා අත් විඳපු කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ වගේම තමයි 90% කටත් වැඩිය මේ ආදරේ සදාකල් පවතින්නෙ නැහැ. ඒකත් සාමාන්‍ය දෙයක්. ජීවිතේ ඉස්සරහට යනකොට ඔයා වයසට යනකොට අළුත් අළුත් අය හම්බෙනකොට, අළුත් ආදරයක් ලැබෙනකොට මේ හැඟීම් ටිකින් ටික අඩුවෙලා යනවා. ඒත් යටි හිතෙන් ඔයා දන්නව ඔයාගෙ හොඳම කාලෙ ගත කලේ කවුරු එක්කද කියල. ඒ ආදරේ වෙන කාගෙන්වත් ලැබෙන්නෙවත්, කාටවත් දෙන්න බැහැ කියලත් ඔයා දන්නවා. ඒක තමයි ප්‍රථම ආදරේ ස්වාභාවය. බැරිවෙලාවත් ඔයා තනිවුණු කෙනෙක් නම් සමහරවෙලාවට ඒ කාලෙ අහපු සිංදුවක් අහගෙන මනෝ පාරක් ගහගෙන ඒ සුන්දර අතීතෙ මතක් කරගෙන තනියම හිනාවෙනව ඇති. සතුටු වෙනව ඇති.. ඒ වගේම තමයි එක තැනකදි වුණු අත් වැරද්දක් නිසා තමන්ට අහිමි වුණු ඒ ආදරේ ගැන පසු තැවෙනවත් ඇති. ආපහු කාලය හරහා අතීතෙට යන්න පුළුවන්නම්, ඒ අත් වැරැද්ද ආපහු හරිගස්සන්න පුළුවන්නම්.. කියල හිතෙන වාර අනන්තවත් ඇති. බැරිවෙලාවත් ඔයා මේ වෙලාවෙ ප්‍රථම ආදරේ අත් විඳිමින් ඉන්න කෙනෙක් නම් මං කියන්නෙ පුළුවන් තරම් ඒක විඳින්න. වැරදි පාරවල් වල යන්න එපා. දවසක පසු තැවෙන විදිහෙ වැඩ කරන්න එපා. මොකද මේ තමයි ඔයාගෙ ජීවිතේ හොඳම කාලෙ.

ඉතින් මේ චිත්‍රපටියත් ඒ වගේ කතාවක් තමයි. මේ කතාවෙ තියෙන්නෙ හ්වන්ග් වූ යොන් කියන කෙනාගෙ ජීවිත කතාව. හ්වන්ග් වූ යොන් කියන්නෙ ඉස්කෝලෙ ටිකක් දඩබ්බර ළමයෙක්. දවසක් සර්ගෙන් ගුටිකාලා ඔෆිස් එකේ ඉන්නකොට ඉස්කෝලෙට අළුත් ළමයෙක් එනවා. ඒ තමයි එයාගෙ ප්‍රථම ආදරය වෙන්නෙ. හ්වන් සුන් හී තමයි එයාගෙ නම. ඉතින් මෙයා හුඟක් ලස්සනයි. ඉස්කෝලෙම ජනප්‍රියයි. ඒ නිසා ඉස්කෝලෙ ඉන්න මැරය වගේ කොල්ලෙක් මෙයා පස්සෙන් එනවා. සුන් හිට කරදර කරනවා. සුන් හිට මේ කරදර වලින් බේරෙන්න නම් වූ යොන් එක්ක යාළු වෙලා ඉන්නෙ කියල බොරුවට කියන්න කියල කියනවා. එහෙම කිව්වොත් වූ යොන් ආයෙ කවදාවත් කොල්ලො එක්ක වලියට යන්නෙත් නෑ කියනවා. ඉතින් මේ දෙන්න ටිකෙන් ටික ලං වෙනකොට දවසක් සුන් හී ඉස්කෝලෙ එන එක නවත්තනවා. එයා ගෙදරිනුත් ගිහින්. කාලය ගත වෙද්දි දවසක් අහම්බෙන් දැනගන්නව සුන් හී නගරෙ සරසවියක ඉගෙනගන්නව කියලා. ඉතින් වූ යොන්ටත් ඒකටම යන්න ඕනෙ වෙනවා. ඉගෙනගන්නෙ නැති කොල්ල හොඳට ඉගෙන ගන්න පටන් ගන්නවා. ඉතින් විභාගෙ ගොඩ දාගෙන ගියාට පස්සෙ තමයි වැඩේ වෙනස් වෙන්නෙ….

ඉතින් මං කතාව ස්පොයිල් කරන්න යන්නෙ නැහැ. imdb 6.8 ක් ලැබිල තියෙන චිත්‍රපටියෙ ඉන්නෙ මං කැමතිම නිලියක් වෙන පාක් බො යොන්ග්. මෙයාව ඔයාල දැකල ඇති මං දීපු ගොඩක් ෆිල්ම් වල. ඉතින් සමාවෙන්න ඕන මේ තරම් පරක්කු වුණාට මේ චිත්‍රපටිය අරන් එන්න. මොකද 2018 තමයි මේ චිත්‍රපටිය ආවෙ. හරි ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. ප්‍රථම ආදරය ගැන තමන්ගෙ අදහසුත් පහලින් ලියාගෙන යන්න කියල තමයි මං ඉල්ලන්නෙ. ඒ වගේම තමයි මේ වගේ කාලෙක පරිස්සමෙන් ඉන්න. ගෙවල් වලට වෙලාවම ඉන්න. හැබැයි සතුටින් ඉන්න! ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

10,982 downloadsDownload On-Your-Wedding-Day-2018.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,982 downloadsDownload Subtitles53 KB

38 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    Keanuගෙ Destination Wedding (2018) එකටත් සබ් දෙන්න පුළුවන් නම්

  2. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    තෙරැවන් සරණයි-

  3. Hasindu Rasanjana

    Thank you very much for the sub bro. Keep it up.

  4. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  5. Anonymous

    සබ් එකට thanx සහෝ පුලුවන්නම් Park bo yung ඉන්න film,tv series වලට සබ් කරන්න.

  6. Darshana89

    ලිපිය නම් නියමයි.
    මනො පාර ගහන එක නම් ඇත්ත.
    මටම ලිවුවා වගෙ

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Lakshansilva18

    Dark figure of crime korean movie ekata sub dennako

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  11. klj

    godak thanks bro...

  12. Anonymous

    ammo goda kalekin sub ekak aragena awith.hamadama awith balanawa chamalgen sub ekak thiyenawada kiyala.thanks bro...

  13. Jayasanka

    නියමයි මචන් උඹනම් දෙයියෙක්. මේ දවස්වල ගෙදර ම ඉන්න නිසා දවසෙන් බාගයක්ම පිල්ලම් වල තමා ඉන්නෙ. හින්දියි,ඉංග්‍රීසි යි වලට වැඩිය ලස්සන කොරියන්,ජපන් පිලුම් කොච්චර තියෙනවාද. තෑන්ක් බං.

  14. Sandaru

    Sub ekata thq ayiya Be with You 2018 sub dennko

  15. Shenal

    අඩේ බලපන් පට්ටම ලස්සනයි ... ආතල් එකේ බලන් ඉන්න පුලුවන් ...
    උපසිරස ට thanks bro ❤️

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Thilee

    බොහොම ස්තූතියී සහෝ... පුලුවන් නම් when the whether is fine.. korean tv series 1ට උපසිරැසි දෙන්නකො... 16 episodes.. tnx

  18. chanu mikhail

    thanks
    jaya..

  19. Sajithlakshan

    thanks ......................

    1. R D Wijerathna

      Thanks....

  20. hiruni himasha

    gaththooo..... tnqqq loku ayya...

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  22. MAALNATH

    Thanks ......................good luck .....................

  23. Shashi

    Thanks for subtitles ...puluwan nm welcome 2 life korean drama ekatath subtitles denna

  24. pushpa

    සුපිරි ආදර කාතාවක්.... මල්ලි

  25. Nadun

    supiri.......... korean subs tawa ona...

  26. HMK MAX

    Be with you 2018 Korean movie eke sub ekath dennakoo

  27. Nilush Angana

    Sub ekata thanx

  28. Anonymous

    meka balala satiyak yankan vira karane puluwan,san endinggggggggggggggggggggg

  29. amal

    sad ending

  30. jagath55

    Thanks

  31. Anonymous

    pattama mchn hina wela adanna puluwan lassana kathawak..

  32. Dewadithya

    Thanks for Sub!

  33. Anonymous

    Ela ela

  34. Anonymous

    Architecture 101 මේක ඕන

  35. Achi

    බොහොම ස්තුතියි සබ් එකට..

  36. Krishani

    Thank you ️

  37. Sanjaya Abeysundara

    2024, Thankz hode Sub ekata.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.