Watch Trailer

Time to Hunt (2020) Aka Sanyangeui sigan Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි 26 රිලීස් වෙන්න තිබුණු ෆිල්ම් එකක් තමයි මේ TIME TO HUNT කියන දකුණු කොරියානු ෆිල්ම් එක.ඒත් පවතින තත්වයත් එක්ක මේ ෆිල්ම් එක NETFLIX හරහා අප්‍රේල් 10 වෙනිදා රිලීස් කරනවා. Crime/Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට IMDb 6.2 ක අගයක් සහ Rotten Tomatoes 70% ක අගයකුත් ලැබිල තියෙනවා.අනිත් දේ…

2020 පෙබරවාරි 26 රිලීස් වෙන්න තිබුණු ෆිල්ම් එකක් තමයි මේ TIME TO HUNT කියන දකුණු කොරියානු ෆිල්ම් එක.ඒත් පවතින තත්වයත් එක්ක මේ ෆිල්ම් එක NETFLIX හරහා අප්‍රේල් 10 වෙනිදා රිලීස් කරනවා. Crime/Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට IMDb 6.2 ක අගයක් සහ Rotten Tomatoes 70% ක අගයකුත් ලැබිල තියෙනවා.අනිත් දේ තමයි අනාගතේ දවසක වෙන දෙයක් හැටියටයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ.ඉතින් මං වැඩි දෙයක් කියන් නැතුව කෙලින්ම කතාවෙ සාරාංශය කියන්නම්.

ජුන් සොක් හිරේ ඉඳල එන්නෙ අවුරුදු 3 කට පස්සෙ.මෙයයි මෙයාගෙ යාළුවො දෙනයි කලින් කරපු වැඩක් අවුල් ගිහින් තමයි ජුන් සොක්ට හිරේ යන්න වෙන්නෙ.මේ කාලෙ වෙනකොට සමාජෙ පිරිහිලා ගිහින්, නගර ජරා ජීර්ණ වෙලා ගිහින්.කොරියානු වොන් එකේ වටිනාකම නැති වෙලා ගිහින්.ඩොලර් වලින් තමයි ගනුදෙනු කරන්නෙ.මේ නිසා මේ අය අන්තිමේටම කරපු හොරකමේ සල්ලි වල කිසිම අගයක් නැහැ.ඉතින් ජුන් සොක් මෙයාගෙ හොඳම යාළුවො දෙන්න වෙන කි හුන් සහ ජන්ග් හෝ ට යෝජනා කරනව මේ අපායෙන් ගැලවිලා යන්න තව එකම එක හොරකමක් කරමුයි කියල.මෙයාලගෙ ඉලක්කෙ වෙන්නෙ නීති විරෝධිව කරගෙන යන සූදු පොලක්.සූදු පොලක් කිව්වට මේක තියෙන්නෙ ලොකු බිල්ඩින් එකක.මේකෙ තනිකරම ගනුදෙනු වෙන්නෙ ඇමරිකන් ඩොලර් වලින්.ඉතින් මේ යාළුවො තුන්දෙනා ඒ සූදු පොලේ වේටර් කෙනෙක් හැටියට වැඩකරන සංග් සූවත් හවුල් කරගන්නවා.සුන් සොක් හිරේදි දැනගත්තු යාලුවෙක්ගෙන් ඕනෙ කරන තුවක්කුත් ඉල්ලගෙන හොරකම කරන්න යනවා.වැඩේ ටිකක් අවුල් ගියත් සාර්ථක විදිහට සල්ලිත් අරන් මේ හතර දෙනා එතනින් ගැලවිලා යනවා.මෙයාල සල්ලි විතරක් නෙවෙයි cctv සහ මේ සූදූ පොලේ සිද්ද වෙන ගනුදෙනු හැම දෙයක්ම සටහන් වෙන හාඩ් ඩිස්ක් පවා අරගෙන තමයි එන්නෙ.තමන් ගැන සැක හිතයි කියල සංග් සූ තව මාසයක් සූදු පොලේ රස්සාව කරන්න නවතින්නෙ යාළුවො තුන්දෙනා කි හුන්ගෙ අම්මලගෙ ගෙදර යන අතරෙදියි.

සල්ලි නැතත් නැති වුණු හාඩ් ඩිස්ක් නිසා මේ සූදු පොලේ අයිතිකාරයො කලබල වෙනවා.ඒ නිසා ඒව හොයන්න මේ අය හන් කියන කුලී ඝාතකයව බඳවාගන්නව.හන් මේ අය තුවක්කු ගත්තු තැනට ගිහින් යාළුවො තුන්දෙනා ඉන්න තැන හොයාගන්නවා.එතන ඉඳන් තමයි ජුන් සොක් සහ යාළුවො දෙන්නට නොසෑහෙන කරදර වලට මුහුණ දෙන්න වෙන්නෙ.ඉතින් එතනින් එහාට මං කියන්න යන්නෙ නෑ.ඔයාලම බලන්න.විශේෂයෙන්ම කියන්න ඕනෙ සිසිල සහෝදරය තමයි මට මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ.එහෙනම් තවත් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන එනකල් පරිස්සමෙන් ඉන්න.

ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

6,081 downloadsDownload Time-To-Hunt-2020-1.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

6,081 downloadsDownload Subtitles38 KB

16 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!

  5. indika75

    thanks..

  6. tharindujp

    මේකේ තව කොටසක් එන හැඩක් තියෙන්නේ

  7. HMK MAX

    thanks bro sub ekata.......
    Be With You 2018 Korean movie ekatath sub eka denna puluwannam hodai bro.....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. podda

    thanks macho

  10. lakshan

    THANKS .......................

  11. Udaya Fdo

    thanks bro

  12. thamindu

    ai me korean film wala "AKA" kiyla ekak danne

    1. Anonymous

      also-known-as

  13. Dewadithya

    Thanks for sub!

  14. Harsha

    The Handmaiden movie eke sub eka denna puluwanda, site eke tiyana eka wada na

    1. Nirmal Vimukthi

      ඒ ගැටලුව නිරාකරණය කළා, දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.