ඉතින් යාලුවනේ මම මේ සබ් කලාවට අලුතෙන් එකතු වුනේ. ඒක නිසා ගොඩක් වැරදි අඩු පාඩු තියෙන්නේ පුළුවන්. බලපු ලස්ස ලස්සන ෆිල්ම් ඔයාලත් එක්කත් බෙදාගන්න ඕන නිසයි මම මේක කරන්න ගත්තේ. ඉතින් මේ වගේ සබ් එකක් හදන්න ගත්තම තමයි තේරෙන්නේ මේ සයිට් ඒකෙ ඉන්න සබ් හදන හැම කෙනාම කොයි තරම් මහන්සි වෙනවද කියලා. අනික එයාලා එකෙ…

ඉතින් යාලුවනේ මම මේ සබ් කලාවට අලුතෙන් එකතු වුනේ. ඒක නිසා ගොඩක් වැරදි අඩු පාඩු තියෙන්නේ පුළුවන්. බලපු ලස්ස ලස්සන ෆිල්ම් ඔයාලත් එක්කත් බෙදාගන්න ඕන නිසයි මම මේක කරන්න ගත්තේ. ඉතින් මේ වගේ සබ් එකක් හදන්න ගත්තම තමයි තේරෙන්නේ මේ සයිට් ඒකෙ ඉන්න සබ් හදන හැම කෙනාම කොයි තරම් මහන්සි වෙනවද කියලා. අනික එයාලා එකෙන් ලාභයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම ඒ අය අපිට ලොකු සේවයක් කරන්නේ. ඒ නිසාම මාත් වැඩේට බහින්න ගත්තා. ෆිල්ම් බලනකොට කීයටවත් හිතෙන්නේ නෑ මේක හදන්න මෙච්චර මහන්සි වෙන්න ඕනේද කියලා., අනික සබ් හදන්න භාෂා දැනුම තිබිලා විතරක්ම මදි, හොඳ ටයිප් කිරීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ. ටිකක් හයියෙන් ටයිප් කලේ නැත්නම් සබ් එක ඉවර කරන්න ගොඩක් වෙලා යනවා. මම නම් මට පට්ට වේගෙන් ටයිප් කරන්න පුළුවන්, හැබැයි ගහන වචන වලින් 90% වැරදියි 🙂 සබ් හදල විතරක් හරියන්නේ නැහැ. අන්න වෙච්ච අඩු පාඩු බලන්න ආයේ ෆිල්ම් එක බලන්න වෙනවා අපිම හදපු සබ් එක දාලා. කොච්චර හොඳ ෆිල්ම් එකක් වුනත් එපා වෙනවා සුපිරියටම ඔහොම කරද්දී නම්. ඒත් මදියි කියහන්කෝ. සබ් එකේ පේළි කඩ කඩ ලියන්න ඕනේ. දෙබස කඩෙන තැනින් කඩන්නත් ඕනේ. නැත්නම් සබ් ඒක දෙබස් එක්ක සමමුහුර්ත වෙන්නේ නෑ. හරි හරි. දැන් කතාව පැත්තට හැරෙමු.
Surrogate කෙනෙක් කියලා කියන්නේ දරුවන් හදන්න බැරි කාන්තාවකට, දරුවෙක් බඩේ තියාගෙන ඉඳලා උපදවන්න තරම් උතුම් කාන්තාවකට.එයා තමන්ගේ ශරීරය දන් දෙනවා, තව කෙනෙක් විඳින වේදනාව අරගන්නවා. ඉතින් මේක කරනවට සල්ලි ගෙවනද කියලා මම දන්නේ නෑ. මේ ෆිල්ම් එකේ එහෙම සල්ලි ගෙවන කතාවක් කියන්නේ නැහැ. සල්ලි අරන් කලත් කියලා නිම කරන්න බැරි හොඳ වැඩක්. ඔයිට වඩා කතාව ගැන කියන්න බැහැ. කතාව ස්පොයිල් වෙනවා

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip / WEB-DL / WEBRip පිටපත් සඳහා අදාළ වේ.
2,729 downloadsDownload Together-Together-2021.zip133 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චිරත් ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දේශාන් චිරත් ලියනගේ
Subtitles
16 comments
malith madhushan
BLA©K TIGE®
පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! ඉදිරියට කොරියන් Movies වලටත් සබ් දෙමු සහෝ!
charitha
පලවෙනි වැඩේට සුභ පැතුම්..ඉස්සරහට ෆිල්ම් එකේ වට පිටාව, ඒ කියන්නෙ රඟපාන නළු නිලියො, ඩිරෙක්ටර්, රේටින්ග්ස්, බජට් එක වගේ දෙවලුත් ලිපියට ඇඩ් කරමු..දිගටම යුරෝපියන් පැත්තට බර ඉංග්‍රීසි ෆිල්ම් වලටම සබ් දෙමු..සබ් එකටත් ස්තූතියි.ඔබට ජය.
දිල්ශාන් සචින්ත
ලස්පසන කතාවකින්නේ වැඩේට අත ගහලා තියෙන්නේ අනිවා බලන්නම්,
පළවෙනි වැඩේට සුභපැතුම් සහෝ, දිටම සබ් දෙමු ජය වේවා...No name
Thanks for the sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!tharidu16
ස්තුතියි. මිතුර
එල්. සී. දමැල්
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා චිරත් සහෝ!
පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ලිපියනම් තව ටිකක් දීර්ඝ කළානම් හොඳයි කියලා හිතෙනවා. අර පහළ කෙනෙක් කියලා තියෙනවත් වගේ රේටින්ස් ගැන සහ තව විස්තර එක්කහු කරමු ඉදිරි ලිපිවල.
ජය ✌Gayana Thathsara
Thank you bro සබ් එකට & congratulations දිගටම කරගෙන යන්න . ❤️❤️
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සහෝ සබ් එකට පටන් ගත්ත ගමන දිගටම ඔහොම යමු