Watch Trailer

Tolkien (2019) Sinhala Subtitle | ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ හොබිට් පුරාවතෙහි ශ්‍රේෂ්ඨ නිමැවුම්කරු ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්ත 2013-2014 වගේ කාලේදී නම් අපේ උපසිරැසිකරුවන් තමන්ගේ උපන්දිනේ දවසට උපසිරසක් ලබා දීමේ නොනිල සම්ප්‍රධායක් වගේ දෙයක් තිබ්බ. ඒත් කාලයත් එක්ක ඒක නැතිවෙලා ගියා. ඒ වැඩේ ආයෙත් පටන් ගත්තොත් හොඳයි වගේ කියල හිතුන නිසාම අවුරුදු 27ක් සපිරෙන ( ඔව් ඔව් තවම පොඩියි…

 

කොහොමද හැම කෙනෙක්ටම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්ත 2013-2014 වගේ කාලේදී නම් අපේ උපසිරැසිකරුවන් තමන්ගේ උපන්දිනේ දවසට උපසිරසක් ලබා දීමේ නොනිල සම්ප්‍රධායක් වගේ දෙයක් තිබ්බ. ඒත් කාලයත් එක්ක ඒක නැතිවෙලා ගියා. ඒ වැඩේ ආයෙත් පටන් ගත්තොත් හොඳයි වගේ කියල හිතුන නිසාම අවුරුදු 27ක් සපිරෙන ( ඔව් ඔව් තවම පොඩියි 😀 ) අද වගේ දවසක, සිනමා රසිකයින් වශයෙන් අනිවාර්යෙන්ම බලන්න ඕන වටිනා කියන සිනමාපටයක් මේ විදියට ඔබට තිළිණ කරන්නයි මේ සුදානම.

ඇත්තටම 2019 වසරෙදි උපසිරැසිය කරන්න පටන් ගත්තත් අපේ අයට මේක රහ වැටෙයිද කියන ගැටළුව හිතේ තිබ්බ නිසා උපසිරැසිය බාගෙට කරලා එහෙම්ම කොට උඩ තිබ්බ මම මේක. ඒත් පහුගිය දවස් ටිකේ රූපවාහිනියෙන් ලෝඩ් ඔෆ් ද රිංග්ස් සිංහල හඬ කැවූ සිනමාපට පෙළ පෙන්වනකොට අපේ අයගේ තිබ්බ උද්යෝගය නිසා ආයේ මට හිතුනා අපේ අයට මේ කතාව දෙන්නම ඕන කියල. මොකද මේක ඉතාම විශේෂ කතාවක් නිසා. මේක ඇවිල්ල ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ හොබිට් ග්‍රන්ථ සහ සිනමාපට පෙළෙහි එන කතාව හැදුනේ කොහමද කියල කියන කතාව. ඇත්තටම මේ තියෙන්නේ ටොල්කීන්ගේ කතාව කියල කිව්වොත් මම වැරදි නැහැ.

“ටොල්කීන් සහ බිරිඳ ඊඩිත්”

හොබිට් හෝ ලෝඩ් ඔෆ් ද රිංග්ස් බලනකොට කෙනෙක්ට නිකමට හරි නොහිතුනා නම්, “මනුස්සයෙකුගේ හිතේ මේ තරම් චමත්කාරවත් කතාවක්, වෙනම ලෝකයක්, ගොඩ නැගුනේ කොහොමද” කියල, ඒ කෙනා හරියට ඒ කතා දෙකම බලල නැහැ, ඒ කතාවල ජිවත් වෙලා නැහැ. මේ අරගෙන ආව සිනමාපටය වෙන් වෙන්නේ J. R. R. Tolkien එහෙම නැත්නම්, ජෝන් රොනල්ඩ් රුවෙල් ටොල්කීන් වෙනුවෙන්. ඔහු තමයි මිඩ්ල්-අර්ත් නමැති මනඃකල්පිත ලෝකය තමන්ගේ මනසින් නිමැවුම් කල මිනිසා. මාටිං වික්‍රමසිංහයන් කොග්ගල නොයිපදුනා නම් අපිට ඒ වගේ සාහිත්‍යධරයෙක් මගහැරෙන්න ඉඩ තිබ්බා, එතුමන්ගේ සාහිත්‍යය නිර්මාණ ඇසුරු කරපු ඕනම කෙනෙක්ට අනිවාර්යෙන්ම ඒක හිතිලා ඇති එක මොහොතකට හරි. ඒ වගේම තමයි දකුණු අප්‍රිකාවේ ඉපදෙන ටෝල්කින්, තම පියාගේ අභාවයත්, එංගලන්තයට පැමිණීමත්, සාහිත්‍යය ඇසුරින් තමන්ට අරුම පුදුම ලෝකයක් මවා පෙන්වපු, තමන්ගේ බුද්ධිය පෝෂණය කරපු තමන්ගේ මව නොසිටියා නම්, ඇයද වැඩි කල් නොගොස් මෙලොවින් සමුගෙන ගොස් ටෝල්කින් සහ ඔහුගේ බාල සොයුරා මේ ලෝකේ තනි නොවුනා නම්, කිං එඩ්වර්ඩ් කොලිජියේදී ලෝඩ් ඔෆ් ද රිංග්ස්හි එන සෑම් වැනි මිතුරන් හමු නොවුනා නම්, බියකරු ලෝකය යුද්ධය අඳුරු සෙවනැලි වලින් ඔහුගේ මනස නොපිරෙව්වා නම්, හද ගත් පෙම්බරිය ඊඩිත්ව හමු නොවුනා නම්, අපිට මේ වගේ අපුරු ලෝකයක සැරිසරන්න අවස්ථාව නොලැබෙන්න ඉඩ තිබ්බ. කෙනෙක්ට ඒ තරම් පරිකල්පනයක් ලැබෙන්න මේ දේවල් හේතු වෙන්නෙ කොහොමද කියල හොඳට පැහැදිලි වෙයි සිනමාපටය නරඹමින් ඉදිරියට යනකොට. මේ සිනමාපටය ඇවිල්ලා හදවතින් විඳිමින් නැරඹියයුතුම එකක් නිසාවෙන් මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මොකද සම්පුර්ණ කතාවම විනාඩියක් නෑර ඔයාල බලන්නම ඕන නිසාත්, ටොල්කීන් ගැන හැම දෙයක්ම වගේ සිනමාපටය තුලදී කියැවෙන නිසාත්.

මව්පිය සෙනෙහස අහිමිවෙන ටොල්කීන්ට තරුණ කාලයේදී සුන්දර පෙම්බරියක් හමුවෙනවා, ඇය තමයි ඊඩිත්. මේ දෙන්නම අනාථයින් විදියට එකම ගෙදරක හැදී වැඩෙන්නේ. කාලයත් එක්ක මේ සම්බන්ධය දුරදිග යනවා සහ ටොල්කීන් ඇයව අත්හරින්න තීරණය කරනව, හැබැයි  ජිවිතේ අතරමගදී දෙන්න ආයෙමත් එකතු වෙනව ඒ එකතුවීම මාරයා හමුවේ නිම කරමින් 1971දි ඊඩිත් මිය යනවා, ඊට හරියටම වසර දෙකකට පසුව 1973දි ටොල්කීන් මිය යනව. මේ දෙදෙනාගේ සොහොන් ස්ථම්භයේ විශේෂ නම් දෙකක් සටහන් වෙනව. මිඩ්ල්-අර්ත් සිටි එල්ව්ස් කුමරියක හා පෙමින් වෙළුන අමරණිය මනුෂ්‍යයෙකු පිලිබඳ කතාවක් මේ කතාව ලෝඩ් ඔෆ් ද රිංග්ස් හි සිදුවෙන සිදුවීම් වලට පෙර කාලයට දිවෙනව. නමින් Beren and Lúthien. ඉතිං ඔවුන් දෙදෙනාගේ ළමයි විසින් ඔවුන් දෙදෙනා මරණයෙන් පසුත් එක්ව සැතපීම උදෙසා දෙදෙනාටම පොදු වූ සොහොන් ස්ථම්භයක් සාදනවා.  එහි ඊඩිත්ව, අමරණිය එල්ව්ස් කුල්මරිය ලුතියන් ලෙසත්. ඇය හා පෙමින් වෙළුන අමරණිය නොවන මනුෂ්‍යයා වන බෙරෙන් ලෙසින් ටොල්කීන්වත් සඳහන් කර තිබෙනවා.

ටොල්කීන් සහ ඊඩිත් වෙනුවෙන් තැනු පොදු සොහොන් ස්ථම්භය.

Dome Karukoski නමැති සයිප්‍රස් ජාතික අධ්‍යක්‍ෂකවරයෙකුගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ සිනමාපටය නිමවෙන්නේ. මේක ඔහුගේ පළමු ඉංග්‍රීසි සිනමාපටය. ඒ වගේම තිර පිටපත රචනා වෙන්නේ David Gleeson, Stephen Beresford දෙදෙනා විසින්. ප්‍රධාන චරිතය වෙන ටොල්කීන්ගේ චරිතයට දායක වෙන්නේ, X-Men හි Hank / Beast ලෙසත්, Warm Bodies හි R ලෙසත්, Mad Max: Fury Road හි Nux ලෙසත් රංගනයෙන් දායක වුණ Nicholas Hoult. ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ මට නම් එමා වොට්සන් ඉදිරියේ විතරක් දෙවැනි වෙන, සුරඟන Lily Collins ❤ ඉතිං ප්‍රධාන වශයෙන් මේ පිරිස දායක වෙලා තියෙන මේ සිනමාපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර වශයෙන් imdb 6.8ක අගයක් ලැබෙනව. එහෙම නම් ඉතිං මෙතැන් පටන් මේ සිනමාපටයත් ඔයාලට බාරයි. ආයේ දවසක මුණගැහෙමු. ගිහින් එන්නම්, පරිස්සමින් ගෙදර ඉන්න. ජයෙන් ජය!


“මේක සංචාරයන් ගැන,වික්‍රමයන් ගැන, මායාවන් ගැන,මායාකාරයො ගැන, නිධාන ගැන,
ධෛර්යය ගැන, මිත්‍ර බැඳීම් ගැන, ශරීර ප්‍රමාණයෙන් පොඩි හිතේ හයියෙන් විශාල මිනිස්සු ගැන,
කඳු ගැන, මකරු ගැන, අනිවාර්යෙන්ම ආදරය ගැනත් තියෙන,
හැම ජාතියකම දේවල් ගැන කියවෙන කතාවක්.”

~ ජෝන් රොනල්ඩ් රුවෙල් ටොල්කීන් ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Br පිටපත් සඳහා ලබා දි ඇත.

7,496 downloadsDownload Tolkien.2019-1-1.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,496 downloadsDownload Subtitles52 KB

39 comments

  1. දිල්ශාන් සචින්ත

    විමා අයියා හැපි ජංම දිනයක ඈ. අපිත් බාගත්තා ඔන්. තෑන්කූ වේවා

  2. Praveen

    Happy Birthday විමා... සබ් නැතුව හිටියෙ...අද බලනවා.♥️

  3. රොෂාන් ශමීර

    සුබ උපන් දිනයක් වේවා ශාන් සහෝදරයා...

  4. යුශාන් පියුමාල්

    සුබ උපන්දිනයක් වේවා බොක්ක ඔන්න මමත් බාගත්තා දැන් බලන්න හැදුවේ , තැන්කු වේවා විම්ස්

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් විමුක්ති සහෝ
    ඒවගේම සුභ උපන් දිනයක් වේවා...

  6. hiru

    සුබ උපන්දිනයක් සහෝ...හැමෝම ලස්සන කතා බැලුවට ඒවා ඇතුලේ තියන කතා දන්නේ නෑ...Thanks 4 sub

  7. නිමල් දිසානායක

    ෆිල්ම් එක බාගන්නේ හෙට.
    බලන දවසක් හිතාගන්න බැහැ.
    කමෙන්ට් එක දාන්නේ ඊට පස්සේ නිසා කවුද දන්නේ.....
    ඒ නිසා ඔන්න අදම ඔයාට සුබ පතනවා.

    සිරිකත ඉසුරුත් දෙත්වා
    ගණ දෙවි නුවණත් දෙත්වා
    නිදුක් නිරෝගී වේවා
    ඔබ සතුටින් වැජඹේවා!

  8. UI

    Happy birthday lokka.. jayama wewa

  9. malithmadhushan45

    විමා අයියේ සුබ උපන් දිනයක් හොඳේ

    කතාව පට්ට උපන්දිනේ දවසෙම මේක දුන්න කියන්නේ සුපිරි තමා
    මාත් ගත්තා ඔන්න එහෙනම්

  10. Anonymous

    Happy Birthday...!!!

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
    ඒ වගේම සුබ උපන්දිනක් වේවා...!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  14. Damitha Ranasinghe

    Tnx Brother

  15. Shamal manojan

    ************ස්තූතියි උපසිරැසියට***********

    Request movie...

    Swamp Thing - 1982
    The Return of Swamp Thing - 1989

    1. Shamal manojan

      මඟඇරුණු DC Comic

  16. Isirajanith

    Happy Cake day ban ela

  17. සචින්ත කල්හාර බෙනට්

    සුබ උපන්දිනයක් වේවා, ශාන් අයියේ. මටත් Tolkien ගැන ටිකක් හොයන්න වුවමනා වෙලා හිටියේ. ඒ නිසා මේක හුඟක් වටිනවා. බාගෙන බලන්නම්. ජයෙන් ජයම වේවා!

  18. Rasindu Perera

    සුබ උපන් දිනයක්!!
    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක් මේක...

  19. Anonymous

    happy helukuttan day viimooo

  20. Shaggie

    සනිදුගෙයි සචින්ගෙයි post එක දැක්ක..නිකමට මතක් උන්නෑනෙ බයිස්කෝප් එක පැත්තට එන්න..පරක්කු වෙලා හරි ඔන්න කිවුව සුබ උපන් දිනයක් සහෝ..ඒ වගේම සබටත් බොහොම ස්තූතියි

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    happy birthday

  22. isuru srinath sjs

    පොඩ්ඩක් පරක්කු උනා Comment එකක් දාන්න.. සුබ උපන්දිනයක් විමුක්ති අයියෙ.. ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා..!!!

  23. -චානක ඉඳුනිල්-

    සුබ උපන් දිනයක් සහෝ!
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි!

  24. R_deshan

    මුලින්ම සුබ උපන්දිනයක් කියනව බ්‍රෝ...මෙච්චර නාට්‍යානුසාර,අර්ථවත් ෆිල්ම් එකකට සබ් දුන්නට බොහොම පිං.ෆිල්ම් එක බැලුව නෙමේ හදවතින් වින්දා!!

  25. suranuwan

    thanks bro...

  26. sumudulak

    the best film ever..

  27. Thiwanka

    Awesome

  28. wickrama98

    Happy Birth Day

  29. Ravindu Rukshan

    thx

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. geeganagamage

    බොහොම ස්තුතියි

  32. Pramukmili

    Thanxx bro...............

  33. Dewadithya

    Thanks for sub!

  34. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  35. Harsha

    Thankyou for subtitle ..

  36. vishnuka

    Sira kathaawa.thank u machan.jaya wewa.......

  37. viraj

    thanks......

  38. Chanmidu

    J. R. R Tolkien මහතාගේ 131 වෙනි උපන්දිනයදා මේක එහෙනම් බලනවා. උපසිරසියට ගොඩක් ස්තුතියි අයියේ