උපසිරසි සහිතව නව ලිපිය :- තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරැසි අරන් ඔන්න මං ආයෙත් ආවා. මේ දවස්වල කට්ටියම ගෙදරනේ ඉන්නේ. ඒ නිසා පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන පවුලේ චිත්‍රපටයක් තමා මේ පාර අරන් ආවේ. එහෙනම් දැන් අපි වැඩේට බහිමු. මේ චිත්‍රපටයේ නම තමා Space Jam. මේ නම නම් ලංකාවේ හුඟක් අයට හුරු පුරු…

උපසිරසි සහිතව නව ලිපිය :-
තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරැසි අරන් ඔන්න මං ආයෙත් ආවා. මේ දවස්වල කට්ටියම ගෙදරනේ ඉන්නේ. ඒ නිසා පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන පවුලේ චිත්‍රපටයක් තමා මේ පාර අරන් ආවේ. එහෙනම් දැන් අපි වැඩේට බහිමු.
මේ චිත්‍රපටයේ නම තමා Space Jam. මේ නම නම් ලංකාවේ හුඟක් අයට හුරු පුරුදු ඇති. මොකද මේ චිත්‍රපටය ටීවි එකෙත් ගියා. මේ කතාව ගෙතිලා යන්නේ Looney Tunes චරිත වටා. අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් මේ Looney Tunes කියන්නේ මොකක්ද කියලා. Looney Tunes
මේ නම නම් හුඟක් අයට හුරු පුරුදු නැතුව ඇති. නමුත් හරි හාවා, ඩැෆී ඩක්, රෝඩ් රනර්, සිල්වෙස්ටර් වගේ නම් ටික නම් කාටවත් ආගන්තුක වෙන්න බෑ. ලංකාවේ හුඟක් අය අතර ජනප්‍රිය කාටූන් චරිතවලින් කිහිපයක් තමා ඒ. මේ වගේ කාටූන් චරිත රැසක් තිබෙනවා. ඔවුන් සියල්ල හඳුන්වන තනි නම තමා Looney Tunes (ලූනී ටූන්ස්) කියන්නේ. මේ ලූනී ටූන් කියන කාටූන් කතා මාලාව ඇමරිකානූ හාස්‍යජනක කාටූන් වර්ගීකරණයට තමා අයත් වෙන්නේ. මේවාට මූලිකව අයිතිවාසිකම් කියන්නේ අපි කවුරුත් දන්න Warner Bros. ආයතනය මඟින්. මේවා නිර්මාණය වී ඇත්තේ ඇමරිකානූ කාටූන් කාලාවේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වනු ලබන 1930- 1969 කාලය අතරතුර. මේ කාටූන් මාලාව විසින් බග්ස් බනී (හරි හාවා), ඩැෆී ඩක්, පෝර්කි පිග්, එල්මර් ෆඩ්, ට්වීටි, සිල්වෙස්ටර්, ග්‍රැනී, රෝඩ් රනර්, වයිල් ඊ කොයෝට් ඇතුලු ලෝකය තුළ අතිශය ජනප්‍රිය කාටූන් චරිත රැසක් හඳුන්වා දී තිබෙනවා. මෙය Harman- Ising Productions, DePatie- Freleng Enterprises වගේ නිෂ්පාදන ආයතන කිහිපයක්ම මඟින් නිෂ්පාදනය කර තිබෙනවා. නමුත් 1987 සිට වර්තමානය දක්වා මේවා නිෂ්පාදනය කරනු ලබන්නේ Warner Bros. Animation ආයතනයෙන්. කොහොම හරි මේ කාටූන් වැඩසටහන්වල ධාවන කාලය විනාඩි 6- 10 කට සීමා වෙනවා. කාටූන් ඉතිහාසයේ පුනරුදයට හේතු වූ කාටූන් අතර ලූනී ටූන්ස් ඉහළින්ම රැඳි තිබෙනවා. දැන් අපි ලූනී ටූන් චරිත ගැන පොඩ්ඩක් දැන ගමු.
Bugs bunny
ලංකාවේ අයනම් මෙයාව දන්නේ හරි හාවා කියලා. ලූනී ටූන්වල ඉන්න වැඩිම ජනප්‍රියතාවක් අත් පත් කරගත්ත චරිතය බග්ස් බනී කියලා කියන එක වරදක් නෙවේ. මෙයාව ඉස්සෙල්ලම හඳුන්වා දී තිබෙන්නේ 1930 ගණන්වල. පළමු හඩ කැවීම ලාබා දී තිබෙන්නේ Mel Blanc විසිනුයි. පලමු පෙනී සිටීම ලැබෙන්නේ Porky’s Hare hunt (1938) තුළින්. නිර්මාණකරුවන් වෙන්නේ Ben Hardway, Cal Dalton ඇතුලු පිරිසක් විසින්. දිග කන් තියෙන, කැරට් කන්න ආස, කොයිවෙලෙත් විනෝදකාමී, මොලකාර, හැඩකාර චරිතේ තමා බග්ස් බනී. කාලයක් මෙයාව Warner Bros. ලා තමන්ගේ ඉන්ට්‍රෝ එකටත් භාවිතා කළා.
Daffy Duck
තවත් ජනප්‍රිය ලූනී ටූන් චරිතයක් තමයි ඩැෆී ඩක් කියන්නේ. බග්ස් බනීගේ වැඩ ගැන සැකෙන් ඉන්න චරිතේ තමා ඩැෆී ඩක්. Porky’s Duck Hunt වලින් මුලින්ම පෙනී සිටි මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ Tex Avery හා Bob Clampett දෙපල විසින්. බග්ස්ට මුලින්ම හඬ කැවූ Mel Blanc ම තමා මෙයාටත් මුලින්ම හඬ ලබා දී තිබෙන්නේ. මෙයත් ඉතාම ජනප්‍රිය කාටූන් චරිතයක්. Duck Dodgers වැනි කාටූන් මඟින් අතිශය ජනප්‍රියතාවයක් ලබා ගන්න මෙයා සමත් වුණා. ඇමර්කානූ කලු තාරාවෙක් වෙන ඩැෆී ඩක් තවත් හරිම විනෝදකාමී චරිතයක්.
Porky Pig
I Haven’t Got a Hat මඟින් මුලින්ම ලොව හදුනාගත් පෝර්කි පිග්ව මූලිකව නිර්මාණය කර ඇත්තේ Friz Freleng නම් තැනැත්තා විසින්. නමුත් පෝර්කිව Frank Tashlin සහ Tex Avery විසින් නැවත ඩිසයින් කරලා තියෙනවා. Joe Doughety මුලින්ම හඬ ලබා දුන්නු පෝර්කි ලූනී ටූන් මඟින් අතිශය ජනාදරයක් ලබා ගත්තා. ඒ වගේම “That’s All Folks” පාඨය කියන්නත් මෙයා ප්‍රසිද්ධයි.
Wile E. Coyote සහ Road Runner
මතකද අපි ඉස්සර ආසවෙන් බලපු අර පිස්සුවෙන් වගේ උගුල් අටවන නරියයි, ඒ උඟුල්වල ගෑවෙන්නෙවත් නැතු පට්ටම වේගෙන් දුවන පැස්බරයි හිටපු කාටූන් එක. අන්න උන් දෙන්නා ගැන තමා මේ කියන්න හදන්නේ. නරියගේ නම වයිල් ඊ සහ පැස්බරා තමා රෝඩ් රනර්. ලූනී ටූන් මඟින් ගෙතුණු තවත් විනෝදජනක සංකල්පයක් තමා මේ. Fast and Furry-ous වලින් මුලින්ම දැකපු මේ ජෝඩුව Chuck Jones හා Micheal Maltese විසින් වූ නිර්මාණ. සුපුරුදු පරිදි වයිල් ඊට හඬ ලැබෙන්නේ Mal Blanc විසින්. Paul Julian රෝඩ් රනර්ට හඬ සපයා තියෙනවා.
ඔන්න ඉතිං චරිත කිහිපයක් ගන ලිවුවා. මීට වඩා චරිත ගණනාවක්ම තියෙනවා. ඒ ඔක්කොම ලිපියේ ලියන්න අමරුයි. නමුත් අන්තර්ජාලයේ සර්ච් කරලා මෙයාලා ගැන ඕන තරම් තොරතුරු ලබාගන්න පුලුවනි. දැන් යමු කතාවේ ඉන්න තවත් චරිතයක් පැත්තට. ඔහු නමින් මයිකල් ජෝර්ඩන්.
Micheal Jordan
බාස්කට්බෝල් රසිකයෝ නම් මෙයාව නොදන්නවා වෙන්න බෑ. සුප්‍රකට ඇමරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙකු වන මයිකල් ජෝර්ඩන් උපත ලබන්නේ 1963 පෙබරවාරී 17. මීටර් 1.98 ක් උස ඔහු ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ඇමරිකානු බිලියන 2.1 ක් වටින ක්‍රිඩකයෙක්. NBA තුළ අතිශය ජනාදරයක් ලැබූ මයිකල් Air Jordan නම් වන සුප්‍රකට ආයතනයේ නිර්මාණයට මූලික වී තිබෙනවා. 1984 සිට 2003 දක්වා ඔහු ක්‍රීඩාවේ යෙදී තිබෙනවා.
දැන් ඔයාලා බලනවා ඇති කාටූන් චිත්‍රපටයකට කොහෙන්ද බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් ආවේ කියලා. ඒ ගැනත් පස්සෙ කියන්නම්. දැන් යමුකෝ චිත්‍රපටය පැත්තට. Space Jam කියන්නේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්. 1996 නොවෙම්බර් 10 තමා මේක රිලීස් වෙලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණ කර තිබෙන්නේ Joe Pytka විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් වැය කර නිමවා ඇති මේ ෆිලම් එක ඇමරිකානු ඩොලර් මිලියන 230 ක ආදායමක් ලැබුවා. නිෂ්පාදනය කර තිබෙන්නේ අපි හැමෝම දන්න Warner Bros. ආයතනය. PG ඛාණ්ඩයට වැටෙන් ස්පේස් ජෑම් චිත්‍රපටය Live- action/ Animated | Sport | Comedy | Family ගනයට අයත් වෙන්නේ. ඒ වගේම IMDB තුළ 6.4 ක හොඳ අගයක් ලබා තියෙනවා. Micheal Jordan, Wayne Knight, Bill Muray වැනි පිරිසකගේ රංගනයෙන්ද, Billy West, Dee Bardly Baker, Bob Bergen, Kath Soucie ඇතුලු හඬ දායකයින්ගෙන් මෙය රසවත් වී තිබෙනවා. පැයකුත් විනාඩි 40 ක් දිවෙන මේ සලරුව කිසිම කම්මැලි කමක් නැතුව හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන්. ඒ වගේම Looney Tunes ප්‍රේක්ෂකයින්ට කියන්න තවත් සුබ ආරන්චියක් තිබෙනවා. ඒක තමයි 2021 වසරේ මෙහි දෙවැන්න පැමිණෙන බව. ඒ නිසා මේකත් බලලම ඉන්න.
කතාවත් පොඩ්ඩක් කියලම ඉන්නම්. මයිකල් බාස්කට්බෝල් ක්‍රීඩාවෙන් ඉවත් වෙලා බේස්බෝල් ක්‍රීඩා කරන්න යොමු වෙනවා. ඒ තමන්ගේ පොඩි කාලේ ආසාවක් ඉෂ්ට කරගන්න. නමුත් පේන විදිහට ඔහුට බාස්කට්බෝල් තරම් බේස්බෝල් ක්‍රීඩා කරන්න බැහැ වගේ. මේ අතරතුර ඈත පිහිටි මෝරෝන් මවුන්ටන් නම් ලෝකෙක විනෝද උද්‍යානයක් තිබෙනවා. එහෙ පාලනය කරන්නේ හරිම නපුරු ජීවියෙක්. තමන්ගේ ව්‍යාපාරයට පාරිභෝගිකයෝ අකමැති බව තේරුම් ගන්න ඔහු ව්‍යාපාරය දියුණු කරන්න ක්‍රමයක් හොයනවා. එතකොට තමා ඔහු පෘථිවියේ Looney Tunes දකින්නේ. ඉතිං ලූනී ටූන් චරිතවලින් සල්ලි හම්බ කරන්න ඔහු හිතාගන්නවා. ඔහු ඒකට ඒ චරිත ගෙන්වගන්න හිතාගෙන හරිම පුංචි තමන්ට සේවය කරන සේවකයෝ ටිකක් එවනවා. පුංචි වුණාට මොකට බග්ස් බනීටත් තර්ජනය කරලා ඔවුන් අනිත් කාටූන් චරිත රැස් කරනවා. කොහොම හරි කාටූන් චරිත ටික බේරෙන්න හිතාගෙන මේ පිටසක්වළයොන්ට බාස්කට්බෝල් තරඟයකට අභියෝග කරනවා. ඒක පිළිගත්තු මේ ජීවියෝ ටික ගිහින් ලෝකේ හොඳම ක්‍රීඩකයින්ගේ හැකියාවන් හොරකම් කරනවා. දැන් ඉතිං ලූනී සෙට් එකට පට්ටටම භය හිතෙනවා. නමුත් බග්ස්ගේ සැලැස්මට අනුව ඔවුන් උදවු ගන්න හිතන් මයිකල්ව තමන්ගේ කාටූන් ලන්තෙට ඇද ගන්නවා. මේ අස්සේ අනිත් බාස්කට්බෝල් ක්‍රීඩකයෝ තමන්ට ලෙඩක් කියලා හිතාගෙන එක එක පිස්සු නටනවා. කාටූන් චරිතවලට මොනා වෙයිද; මයිකල් කොහොමද උදවු කරන්නේ; හැකියාව අහිමි වුණු ක්‍රීඩකයොන්ට මොනා වෙයිද; මේ ගැන දැනගන්න ඔයාලට ස්පේස් ජෑම් බලන්නම වෙනවා.
මේ චිත්‍රපටය තුළ බහුතරයක් චරිත ඇත්තම ලෝකෙන් අරන් තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය තුළ Looney Tunes පොලොව යට ඇති ඊටම වෙන් වූ ලන්තයක් ලෙස පෙනවනවා. ඒ වගේම බලන්නකෝ මේ ලූනී ටූන් ලන්තේ කවර් වෙලා තියෙන්නේ මොන ආයතනයේ ලාංචනයෙන්ද කියලා.
මේ දවස්වල තිබෙන තත්වය එක්ක කට්ටියම කම්මැලි කමේ ගෙදරට වෙලා ඇතිනේ. ඒ නිසා මේ පවුලේ හැමෝටම කිසිස් බයක් සැකක් නැතුව බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් තමා මේ. ඒ නිසා අනිවාරෙන්ම බලන්න. ඒ වගේම අදහසකුත් පල කරගෙන යන්න අමතක කරන්න එපා. මට සාමාන්‍ය පෙළ නිසා තව එක චිත්‍රපටයක් කරලා තාවකාලිකව උපසිරැසි කරනය නවත්වන්න තමා හිතන් ඉන්නේ. බලමුකෝ ඉතිං. ඒ වගේම මං කලින් දුන්නු The Umbrella Academy සීරීස් එකේ අදහස් පල කරපු හැමෝටම ස්තූතියි. එහෙනම් මං ගියා. ළඟදිම මේ වගේම ලස්සන නිර්මාණයකින් හමුවෙමුකෝ.
සුබ දවසක්!
පෙර ලිපිය :-
ඔන්න දිගටම හින්දි ෆිල්ම් අරගෙන ආපු නිසා මට හිතුනා ඉංග්‍රීසි ෆිල්ම් එකකුත් ඔයාලත් එක්ක බෙදා ගන්න.මේක මම මුලින්ම බැලුවේ මම ඉස්කෝලෙ යන දවස් වල. අපේ ගෙදර අයගේ ඉල්ලීමට මේක ලඟදී ආපහු බාලා බැලුවා. ඇත්තටම මේක බලාගෙන ඉන්න ආස හිතෙන ෆිල්ම් එකක් නිසා මට හිතුනා මේක බයිස්කෝප් එකේ දාන්න ඕන කියලා.
අපි හැමෝම වගේ ජීවිතේ මුල් කාලයෙදි කාටුන් බලලා තියෙනවා.සමහරුන්ට වැඩිවියට පත් උනාට පස්සෙත් ඒ පුරුද්ද නවත්තගන්න බැහැ.බොරු කියන්න ඕන නැහැ මමත් ඒ වගේ එක්කෙනෙක් තමයි.ඉතිං මේකෙ තියෙන්නෙ කාටුන්ම විතරක් නෙමෙයි.නිකමට හිතන්න අපි කාටුන් වල දකින ජනප්‍රිය චරිත අපේ ලෝකෙට ඒ කියන්නේ මේ 3D ලෝකෙට ආවොත් කොහොම තියෙයිද? එහෙම නැත්නම් අපිව එයාලගේ 2D ලෝකෙට එක්කගෙන ගියොත් මොනවා වෙයිදද?ඇත්තටම කියනවනම් මේකෙ වෙන්නෙත් ඒ වගේ වැඩක් තමයි.
මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ ලෝකෙ හිටපු අති දක්ෂතම බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වන මයිකල් ජෝර්ඩන්. ඊට අමතරව කාටුන් ලෝකෙ ඔයාලා දන්න ජනප්‍රිය චරිත රාශියක් මේ චිත්‍රපටයට ඇතුලත්.මේ ෆිල්ම් එක නිකුත් උනේ 1996 වසරේ නෙවැම්බර් මස 15 වැනිදා. මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 80ක් වැය කරලා තියෙනවා.මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 88ක්.මෙහි බෙදාහැරීම් කටයුතු කරලා තියෙන්නේ සුප්‍රකට වෝනර් බ්‍රදර්ස් සමාගමයි.
ඉතිං ඔන්න ගොඩක් විස්තර කිව්වා.දැන් ඉතිං ඔයාලා මේක බලලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න.මම ඔයාලට කියන්නේ මේක බලන්න පොඩි ලොකු කියලා කිසිම භේදයක් නැහැ.හැමෝටම එකවගේ රස විදින්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්. එහෙනම් අනිවාර්යෙන්ම බාගෙන බලන්න. ජය වේවා!
මෙම පෙර ලිපියේ සම්පූර්ණ අයිතිය අකලංක යාපා සොහොයුරා සතුයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
2,319 downloadsDownload Space-Jam-1996.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
55 comments
lakmal
chamath
ela ela saho onna mekath banna damma.thama saw nathi eka thamai duka
sunanda
niyamaine.onna ahenam adath ude pandara banawa.ela ela soho..............
shehan
elakiri me wage ewa digatama danna
Akalanka Yapa
@ lakmal - එල එල..
@ chamath - බොහොම ස්තුතියි.. සහෝ
Ranesh
maru maru thanks wewa machooo
Akalanka Yapa
@ sunanda - බොහොම ස්තුතුයි සහෝ
Akalanka Yapa
@ shehan - ලබාදෙන ධෛර්යයට බොහොම තුති!
Akalanka Yapa
@ Ranesh - තැන්කූ වේවා මචෝ....
විකියා
අප්පා මම කැමතිම ඒවා ඇනිමේශන් කාටුන්...සිරා සිරා...තැන්කූ අකලංක ....
deeps
shook wage...baanna damma eka nisa
Akalanka Yapa
@ විකියා - ඔන්න මචං පිට පිට දෙකක්ම දීලා...
Akalanka Yapa
@ deeps - අනිවා.. ෂෝක් තමයි.. බාලා බලලා කමෙන්ට් එකක් දාල කියන්නකෝ.. ජය!
Supun
onna mamath banawa saho
balala tawa comment ekak dannam isthuthiradi
meaka balala thiyenawa. mata allala giye na...
AL1717
Onna Henam Aniwa Balanawa.
Nikamata Wage issara Meka Beluwa Mathakai WageEth Kokatath Kiyala Onna Apahu banna Demma
Balalama Kiyannam Ko Kohomada kiyala.
Jaya Wewaaaa!!!!
Pasindu
බලන්න ඕනා.... :D
Akalanka Yapa
@ Supun - එල එල.. ජය වේවා සහෝ..
Akalanka Yapa
@ radi - අවුලක් නැහැ, රසයන් විවිධාකරයිනේ නේද? ජය!
Akalanka Yapa
@ AL1717 - නියමයි සහෝ.. ජය වේවා!
Akalanka Yapa
@ Pasindu - බලලා කියන්නකෝ කොහොමද කියලා.. ජය!
Ramraj
කාටුන් නම් ඉතිං නොබලා කොහොමද?
Prasanna
Ela goda kalekin cartoon ekak balanawa thnx akalanka
උදය Salinda
අද පොඩ්ඩක් පරක්කු උනා බයිස්කෝප් පැත්තේ එන්න.. ස්තුතියි අකලංක සහෝ බයිස්කෝප් එකට.
Akalanka Yapa
@ Ramraj - ඒකෙනේ.. ස්තුතියි.. සහෝ
@ Prasanna - එල එල.. සහෝ
Akalanka Yapa
@ උදය Salinda - බොහොම ස්තුතියි සහෝ
buddhika
mmm niyamaithanks
Anonymous
matath cartoon balana purudda atha hera ganna be
monwa karannada mehema ewa deddi nobala kohomada?Akalanka Yapa
@ buddhika - බොහොම ස්තුතියි...
@ Anonymous - ඒක තමයි ඇත්තම කතාව.. ස්තුතියි සහෝ..
Ayesha
ඔන්න මාත් මේ පැත්තේ ආවා.film 1 බාගත්තා. මටත් තියෙනවා cartoon පිස්සුවක්.
Akalanka Yapa
@ Ayesha - බොහොම ස්තුතියි සහෝ..
shal
This was a maxxa film i hau watched some time back
Anonymous
d
lux
loku deyak...
hindi movie ekak nodapu ekaUraj Deemantha
කාටූන් කියලා අපි නොබා ඉදලා නෑ ... :D
ashan kandy
bamitha nobamitha... ane mn da.. 360 damma onna.. thanks bro..
dani
apita aluth cartoon akak denna,animation like"HOW TO TRAIN YOUR DRAGON"
ruchcha
fatta fatta
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
Anonymous
Kohomada ban download karanne
Sub ek පෙන්නන්නැනේ බාගන්න?
Kavi_madushan
Sub ekata bohoma sthuthi,puluwnnm dragon quest animation movie ektath sub dennko,budusaranai,jayawewa
55 yohan
Ko sub aka panne nane
Ravisara Dharmapala
Ko sub eka nne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
Shamal manojan
ස්තූතියි මෙම උපසිරැසියට. මේ චිත්‍රපටයට yts සයිට් එකේ තියන bluray rip එකට සබ් එක වැඩ කරන්නේ නැද්ද?
Request -
Teenage mutant ninja turtles 03 - 1993
Rocky balboa - 2006
Howard the duck - 1986සචින්ත කල්හාර බෙනට්
YTS.MX සයිට් එකේ Bluray නෑ. තිබුණේ මේ HDDVD පිටපත තමයි. ඒකට තමා මේ සබ් දීලා තියෙන්නේ, සහෝ. ඔයා දීලා තියෙන ෆිල්ම් ටික ගැන සලකලා බලන්නම්.
Shamal manojan
ස්තුතියි සහෝ.......
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
Hashan M. Priyadarshana
මචං තාම download කරේ නම් නෑ YTS .MX site එකේ bluray තියනව නේද :) :)
Space Jam (1996) [720p] [BluRay] [YTS.MX].torrentසචින්ත කල්හාර බෙනට්
YTS.MX එකේ Bluray කියලා තිබුණට මේ ෆිල්ම් එකට තියෙන්නේ HDDVD පිටපතක්. නමුත් මේකත් Bluray කොපියක් තරම්ම කොලිටියෙන් තියෙනවා, සහෝ. කොලිටිය හුඟක් හොඳයි. ඒ වගේම අනිත් Bluray පිටපත් සඳහා මේ උපසිරැසිය ගැලපෙන්නේ නෑ. ඒ නිසා බානවනම් HDDVD [YTS] කොපියම අරගන්න.
Gayana Thathsara
Thank uu sub එක්ට පුලුවන් නම් Bluray එකට සබ් එක අප්ඩේට් කරන්න බ්‍රෝ.. ❤️
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Advertisement
![Space Jam (1996) Sinhala Subtitles | ලූනී ටූන් ලන්තේ බාස්කට්බෝල් තරඟය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/space-jam-1996.jpg)
mulinma banne mamaaaaaaaa