අද මට සෑහෙන සතුටුයි මොකද අද මං මේ උපසිරැසි දෙන Tom & Jerry The Fast And The Furry (2005) ෆිල්ම් එකත් එක්ක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ටොම් ඇන්ඩ් ජෙරී කලෙක්ෂන් එක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නෙ මෙච්චර කල් ආපු හැම ටොම් ඇන්ඩ් ජෙරී ෆිල්ම් එකකටම අපේ අඩවියෙන් සිංහල උපසිරැසි දීලා තියෙන්නේ. මට ගොඩක්ම සතුටු ඒ ටොම්…

අද මට සෑහෙන සතුටුයි මොකද අද මං මේ උපසිරැසි දෙන Tom & Jerry The Fast And The Furry (2005) ෆිල්ම් එකත් එක්ක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ටොම් ඇන්ඩ් ජෙරී කලෙක්ෂන් එක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නෙ මෙච්චර කල් ආපු හැම ටොම් ඇන්ඩ් ජෙරී ෆිල්ම් එකකටම අපේ අඩවියෙන් සිංහල උපසිරැසි දීලා තියෙන්නේ. මට ගොඩක්ම සතුටු ඒ ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපට වලින් වැඩිම ප්‍රමාණයක් උපසිරැසි ගන්වපු කෙනා මම හින්දා.
IMDB අගය 6.5 ක් දිනාගෙන තියෙන මේකෙ කතාව ගැන කිව්වොත්, ෆැබියුලස් සුපර් රේස් කියලා කාර් රේස් එකකට ටොම් සහ ජෙරී දෙන්නා සහභාගී වෙන කතාවක් තමයි මේකෙ තියෙන්නේ. එයාලා දෙන්නා විතරක් නෙමෙයි තරඟ වදින්න තවත් අය ඉන්නවා. මේ රේස් එකේ ජයග්‍රාහකයට හම්‌බෙන්නේ සුවිශාල මන්දිරයක්. ඉතින් එ්ක දිනාගන්න තමයි ටොහ් සහ ජෙරී දෙන්නා තරඟ කරන්නෙ මොකද කලින් හිටපු ගේ ටොම්ගෙයි, ජෙරීගෙයි දැඟලිල්ල හින්දා බිමට සමතලා වුන හින්දා. එහෙනම් මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ.
මං මෙච්චර කාලෙකට කරපු උපසිරැසි වලින් විකාරම භාශාවක් තියෙන්නේ මේ ෆිල්ම් එකේ. ටොම් ඇන්ඩ් ජෙරී, ස්කූබි ඩූ ෆිල්ම්වල භාෂාව කොහොමත් විකාරයි තමයි. ඒත් මේ ෆිල්ම් එකේ සිය ගුණේකින් විකාර භෂාවක් තමයි තියෙන්නේ. ඒ භාෂාව සිංහලට හරවන්න හරිම අමාරුයි. අරීසෙන් අහුබුදුගේ සිංහල පාඩමක් වගේ වෙයි එහෙම වුනොත්. බලන අයට ෆිල්ම් එක එපා වෙයි. ඒ හින්දා දෙබසේ තියෙන තේරුම පුළුවන් තරම් සරල විදිහට සිංහලට හරවලා ඇති. ඒ හින්දා අනේ කරුණාකරලා ඉංග්‍රීසි භාෂාව ගැන කෙළ පැමිණි අය නම් මේ සබ් එක බලන්නෙපා. එහෙම කෙළ පැමිණි අය සිංහල සබ් බලලා ෆේස්බුක් එකේ පොර වෙන්න හදන සිදුවීම් වලින් කළකිරීමක් විතරයි ඇති වෙන්නේ. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙනකම් ( බොහෝවිට Deep Blue Sea 2 (2018) ) හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,791 downloadsDownload Tom-Jerry-The-Fast-And-The-Furry-2005.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
16 comments
Pcvenom
thilina
Tom And Jerry blast of to mars 2005 eka download wenne.
Sohan Jayasooriya
සහෝ එහෙම අවුලක් නෑනේ ඩව්න්ලෝඩ් වෙනවා.. මං දැන් චෙක් කලා.. ආයෙ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
Pasindu Hashan
Tom and jerry blast of to mars ekne downlord wenne
Sohan Jayasooriya
දැන් පොඩ්ඩක් බලන්න සහෝ
indika75
thanks..
Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්....
rockz2020
වැඩේනම් සුපිරියි සහෝ! tom and jerry movie collection එක complete කිරීම ගැන සුබ පැතුම්! ✌❤
තව තවත් කාටූන් ඕනෙ හොඳේ ✌ ;) උපසිරැසියට වෙනුවෙන් බොහොම ස්තූතියි ජය වේවා! ✌❤StarDog and TurboCat (2019)
Vic the Viking and the Magic Sword (2019)Sohan Jayasooriya
අනිවා සහෝ ස්කූබි ඩූ කලෙක්ෂන් එකත් කම්ප්ලීට් කරලා දෙන්නම්
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Madhawab
Thank you....!!!
D.Chamara
bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PahasaraDv
Thankz....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks