Watch Trailer

Torbaaz (2020) Sinhala Subtitles | කළු උකුස්සන් [සිංහල උපසිරසි]

සුභ දවසක්ද වේවා. අද මං සිංහල උපසිරැසි අර‌ගෙන ආවේ, 2020 දෙසැම්බර් 11 වෙනි දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වූ ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් අසරණව සරණාගත කඳවුරු වල දුක් විඳින දරුවන්‌ගේ කදුළු කථාව Torbaaz (2020) සිනමා නිර්මාණයටයි. යුද්ධයක ජයග්‍රාහකයන් නොමැත. මක්නිසාද යත් කවුරුන් ජයග්‍රහණය කළත් අහිමි වන්නේ මිනිස්…

සුභ දවසක්ද වේවා. අද මං සිංහල උපසිරැසි අර‌ගෙන ආවේ, 2020 දෙසැම්බර් 11 වෙනි දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වූ ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් අසරණව සරණාගත කඳවුරු වල දුක් විඳින දරුවන්‌ගේ කදුළු කථාව Torbaaz (2020) සිනමා නිර්මාණයටයි.

යුද්ධයක ජයග්‍රාහකයන් නොමැත. මක්නිසාද යත් කවුරුන් ජයග්‍රහණය කළත් අහිමි වන්නේ මිනිස් ජීවිතයි. ඒත් යුද්ධයකින් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ කවුරුන්ද? යුද්ධය හමුවේ අත්විඳින කම්පනයෙන් තමන්ගේ අනාගතය හැඩගස්වා ගන්නා දරුවන් හෝ තමන් අත්විඳින විනාශයට හේතුවක් නොදන්නා අහිිංසක දරුවන්ය.

එතකොට මේ කතාව කා ගැනද? ළමා සොල්දාදුවන් ගැන කියල කිව්වොත් නිවැරදියි. ළමා සොල්දාදුවො, මේ වචනෙ ඔබට මට අහල පුරුදු වචනයක්. ඒත් මේ සිනමා නිර්මාණයෙන් කතා කරන්නේ මීටත් එහා ගිය වැඩිහිටියන්ගේ අනිසි බලපෑම හේතුවෙන් සතුරන් මරණයට පත් කිරීමෙන් තමන්ගේ මරණින් මතු ජීවිතය යහපත් හා බලවත් එකක් යැයි විශ්වාස කර මරාගෙන මැරෙන ළමා සොල්දාදුවන් ගැනයි.

මේ වනවිට 3539 දෙනෙක්ගේ මනාපයෙන් IMDb දර්ශකයේ 6/10 වගේම 70% ක ගූගල් පරිශීලක අගයකුත් ලබා ගන්න මේ සිනමා නිර්මාණය සමත් වෙලා තියෙනවා. Girish Malik ගේ අධ්‍යක්ෂණයක් වන Torbaaz හි Sanjay Dutt, Nargis Fakhri, Rahul Dev, Gavie Chahal, Kuwaarjeet Chopraa, Humayoon Shams Khan, Rahul Mittra වගේ දක්ෂ ළමා නළුවන් පිරිසක් මේ වෙනුවෙන් දායක වෙලා තියෙනවා.

මේ කතාව ගැන කිව්වොත් නසීර් කාන් හමුදාවේ සේවය කළ වෛද්‍යවරයෙක්. ඔහුගේ බිරිඳ මීරා. කුඩා පුතු ආර්යන්. නසීර්ගේ වෘත්තිය නිසා මේ පවුලට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට පදිංචියට එන්න සිද්ධ වෙනවා. නසීර්ගේ බිරිඳට ඇෆ්ගනිස්ථානයේ පවතින යුද්ධයෙන් අසරණ වූ දරුවන් වෙනුවෙන් යමක් කිරීමේ බලාපොරොත්තුවකින් ඉන්න වෙලාවක මරාගෙන මැරෙන ළමා බෝම්බකරුවෙක්ගේ ප්‍රහාරයකින් මීරා හා ආර්යන් මියයනවා. මේ සිද්ධියෙන් කම්පාවට පත්වෙන නසීර් ඉන්දියාව බලා එනවා. ඉන් වසර පහකට පස්සේ කාබුල් නුවරින් නසීර්ට ආරාධනයක් ලැබෙනවා.

මීරා එක්ක ඇෆ්ගනිස්ථාන සරණාගත දරුවන්ගේ අනාගත යහපත් කරන්න සිහින දැකපු අයිෂා, Tomorrow Hopes නමින් සංවිධානයක් පිහිටුවලා මීරාගේ සිහිනය සැබෑවක් කරන මොහොතේ ඒ වෙනුවෙන් නසීර්ට කාබුල් නුවරට පැමිණෙන්න කියල ආරාධනා කරනවා. දැඩි අකමැත්තෙන්, අප්‍රසාදයෙන් කාබුල් නුවරට ගියපු නසීර්ගේ හිත සරණාගත කඳවුරක හිටපු පොඩි කොල්ලො ටිකක් වෙනස් කරනවා. මේ සරණාගත කඳවුරේ සිටිනා දරුවන් ඇෆ්ගනිස්ථාන ජාතිකයන් උනත් විවිධ මුස්ලිම් ජන වර්ග වලට අයිති නිසා මේ දරුවො තමන්ගේ වැඩිහිටියන්ගේ මතයන් දරමින් එකිනෙකා එක්ක රණ්ඩු කරමින් ඉන්න තත්වෙක නසීර් තීරණය කරනවා මේ දරුවන්ගෙන් ක්‍රිකට් කණ්ඩායමක් හදන්න. වැඩේ නම් ලේසි වෙන්නෙ නෑ. මොකද මේ දරුවන් අතර තලේබාන් හමුදාවෙන් සැඟවිලා මේ කඳවුරේ ජීවත් වෙන මරාගෙන මැරෙන සෙබළුන් විදියට පුහුණු කරපු තලේබාන් දරුවන් පිරිසකුත් ඉන්නවා. කවද හරි තමන් වැඩිහිටියෙක් උන දවසට අනිකාව මරා දාලා පලිය ගන්නවා කියලා සපථ කරමින් ඉන්න දරුවන් පිරිසක් එකමුතුව එක කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කරයිද? නසීර්ගේ උත්සාහය සාර්ථක වෙයිද? තලේබාන් ළමා සොල්දාදුවන්ට මොන වගේ ඉරණමක් අත්වෙයිද කියල බලලම දැන ගන්න.

මේ උපසිරැසි ගැන්වීමේ අවස්ථාව මට ලබා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරට ස්තූතිවන්ත වෙනවා. මං මේ උපසිරැසිය බාරගෙන නම් මාසෙකටත් වඩා වැඩියි. වැ‌ඩේ ඉවර කරන්න ටිකක් කල් ගියා. ඒ් ගැන සමාව ඉල්ලනවා. තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. සුබ දවසක් වේවා.

https://en.wikipedia.org/wiki/Gatham

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,065 downloadsDownload Torbaaz-2020.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,065 downloadsDownload Subtitles47 KB

18 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සිස් ...

    Yamla Pagla Deewana: Phir Se - 2018 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  2. මයුර

    බොහෝම ස්තූතියි අක්කේ.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. gihan perera

    ස්තුතියි සහෝදරී.... ලස්සන කතාවක්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා....

  5. Anonymous

    thanks

  6. sumith

    thanks

  7. Nelson Rodrigo

    Good work dear, Thanks for the sub!

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Udaya Fdo

    Thank you

  10. tharidu16

    thanks. aluth hindi tv serious nadda denne? plz

  11. jeewantha

    battalion 609 Hindi me film aka subtile aka kauruth tawama dala nedda

  12. jagath55

    Thanks

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. mindika

    Thanks !!!

  15. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P